අමුතු සතුටක් දැනුන සිංහලයො

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,757
    23,441
    113
    මූන එල්ල ගන්නෙ නැතුව තෝසෙ බාරගත්ත කියන්නෙ ඇත්තටම කන්න නැති කෙනෙක් වෙන්න ඇති.

    උබ හොද පිනක් කරගත්ත මචන්.

    මට නන් හම්බෙන්නෙම කාලකන්නි.

    මට එකෙක් හම්බුනා දවසක්, පාන් කාලක් අරන් දෙන්නලු.
    හා එහෙනන් යමු කඩෙට කිව්වම, පාන් දැන් කෑවලු, පස්සෙ කන්න සල්ලි දෙන්නලු.


    තව දවසක් එකෙක්ට උදෙ බත් එකක් අරන් දුන්නම, උ කියනව
    'බත් එක ඊයෙ රෑ එකක් ද ? පරනයි වහෙලු'

    මන් කිව නෑ උදෙ ගත්තෙ කියල, එ ඉලගට අහනව ' රුපියල් 50ක් නැද්ද කියල'

    බොහොම ඉස්සර.
    දැන් නන් බල්ලෙක්, පූසෙක් ඇරෙන්න සත 5ක් දෙන්නෙ නෑ, මොකා කොහොම ආවත්
    උබ දීලා ඉවර වෙලා ඒ මිනිස්සුන්ගෙන් උඹට appreciation එකක් බලාපොරොත්තු වෙන්න එපා බන්. එක එක විදිහෙ මිනිස්සුනෙ. ඌ සමහරවිට දුන්න එකේ අඩු පාඩුම කියයි. ඒකට කමක් නෑ. මමනන් මොනා හරි දුන්නම පට ගාලා මාරු වෙනව මුකුත් කියනකන්වත් ඉන්නෙ නෑ. මොකද මං ආස නෑ ඒ මිනිස්සු මට පින් දෙන ඒවා එහෙම අහන්නවත්. මට සෑහෙන අවුල් යනව එහෙම මිනිස්සු බැගෑපත් වෙද්දි. මට මූණවත් නොපෙන්න දෙන්න තියෙනවනන් හොඳයි.

    මනුස්සයෙක් කෑම එකක් අරන් මේක බිත්තරද චිකන්ද කියල අහනවනන් මම කැමතියි. ඌත් සාමාන්‍ය මනුස්සයෙක් අපේ යාලුවෙක් වගේ හැසිරෙනවනන් ඒක මගෙ හිතටත් සහනයක්. ඌට කෑම එකක් ගන්න බෑ, මට පුලුවන්, ඒක හින්ද මම ඒක අරන් දීලා පොඩි උදවුවක් කරනව මිසක් එතන මම ඉහළයි ඒ මනුස්සය පහළයි කියන ෆීලින් එක කොහෙනවත් එන එක මට අවුල්.

    I wish if it was like this in Sri Lanka too

     
    Last edited:

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,227
    769
    113
    සතුටුයි මචන් උඹේ අත්දැකීම ගැන. මටත් අහම්බෙන් ඔයවගේ කරන්න ලැබිල තියෙනවා. ලොකු සතුටක් දැනෙනවා බන්. ඉස්සරහටත් එහෙම ලැබේවි කියල හිතනවා.
     
    • Like
    Reactions: pasansnoop and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,369
    113
    Colombo, Sri Lanka
    දැන් නන් බල්ලෙක්, පූසෙක් ඇරෙන්න සත 5ක් දෙන්නෙ නෑ, මොකා කොහොම ආවත්
    Confused Dog GIF
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,980
    1
    61,054
    113
    Mother Earth
    මෙහෙම කියන එකත් නරක දෙයක් කියල හිතන්න එපා බන්. ඒ මිනිස්සුන්ට කෑම ඇති තරම් හම්බෙනවනන් තව කෑම නිරපරාදෙ ඕනෙ නෑනෙ. තව අවශ්‍යතා තියෙන හින්ද ඒ වෙනුවට සල්ලි ඉල්ලන එක සාධාරණයි.
    මහත්තය මට බඩුවක් ගහන්න සල්ලි කීයක් හරි දෙන්න කිව්වොත් උබ දෙනවද? 🤔
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,757
    23,441
    113
    මහත්තය මට බඩුවක් ගහන්න සල්ලි කීයක් හරි දෙන්න කිව්වොත් උබ දෙනවද? 🤔
    මෙහෙමයි. ඌට කන්න බොන්න ඔක්කොම අඩුවක් නැතුව තිබිල බඩු ගහන්නම නන් සල්ලි ඉල්ලන්නෙ එහෙම දෙන්නෙ නෑ. මොකද ඌ එහෙමනන් මගෙන් උදවු අවශ්‍ය එකෙක් නෙමේනෙ.

    හැබැයි හරියට කන්න බොන්නවත් නැති මනුස්සයෙක් මගේ සල්ලි අරන් ගිහින් බඩුවක් ගැහුවත් කමක් නෑ. එහෙම එකෙක්නන් බඩුවක් ගහන්න කියල ඉල්ලුවත් මම දෙයි සමහරවිට. ඔය සමහරු මට කියනව සල්ලි දෙන්න එපා බන් ඕකුන් ඕවයෙන් බොන එක කරන්නෙ කියල. මම ඒ වෙලේට කියනව කමක් නෑ බන් බොනවනන් බීපුවාවෙ කියල. දුප්පත් උනා කියල කන බොන එක විතරක් කරන්න ඕනෙ නෑනෙ බන්. ආතල් ගන්නත් ඕනෙ මොන මට්ටමේ මනුස්සයෙක් උනත්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,801
    113
    එකමත් එක රටක
    අනුරාධත් දවසක මහ පාරට වැටෙනව

    බූංදි ටිකක් අරන් වරෙල්ල. හිනා වෙලා නෙමේ වැඳල බාර ගන්නං. එවෙලෙම කනව හව් හව් ගාල
    මතක් කරල තුන්මං හන්දියක ඉදපන් :rofl:
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,873
    3,377
    113
    මීට කලින් මම ටවුන් වල ඉන්න හිඟන ආච්චිලට එහෙම බත්මුල් හදාගෙන ගිහින් දීල තියනව..
    ඒත් ඒ මිනිස්සු ඒව බාරගන්නෙ නිකන් අපේ ඕනකමට වගේ.. දවසක් එක්කෙනෙක් මට මූණටම කිව්ව මහත්තයො අපිට කෑමනම් ලැබෙනව සල්ලි තමයි ඕන කියල..
    මම එක පාරක් හයිඩ් පාක් රෝඩ් එකේ පෙට්ටි කඩේකින් කෑම එකක් අරන් ඒ කඩේ ලඟම ඉන්න හිඟන ගෑනියෙක්ට දෙන්න ගියා. පෙට්ටි කඩේ එකා මේක දැකලා මගෙන් ඇහුවා "මහත්තයා අර හිඟන ගෑනිට කන්න දෙන්නද බත් පැකට් එක ගන්නේ?" කියලා. මම ඔව් කිව්වම මූ කිව්වා "ඕක අරන් දුන්නට ඔය ගෑනි ඕක කන්නේ නෑ, ඔයා ගියාම ආයේ මගෙ කඩේටම ඇවිල්ල මටම ඔය බත් පැකට් එක විකුණනවා" කියලා. මූ ආයේ "කමක් නෑ හිත හොඳින් කරන වැඩේනේ ඕවා හිතල වැඩක් නෑ" කියලා පොඩි ගානක් අඩු කරලා බත් පැකට් එක දුන්නා. මූට ඒ කරලත් ලාභ ඇති. මොකද ඔය ගෑනි බත් පැකට් එක අරන් ආවම අනිත් පැත්තට මූ තව අඩු කරලා ඒ ගෑනිට සල්ලි දෙනව ඇත්තේ. බත් එක ගන්න ගියපු නිසා නොගෙන බැරිකමට මමත් ඒක අරන් ඌ කිව්ව වගේම අර ගෑනිට දීලා ආවා. එදා ඉඳන් කිසි හිඟන්නෙක්ට කෑම නම් දෙන්නේ නෑ.
     
    • Like
    Reactions: NRTG