අමුතු සතුටක් දැනුන සිංහලයො

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    මම මීට කලින් ඕන තරම් පිංකම් කරල තියනව
    ඒත් අද වෙච්ච පොඩි දෙයක් නිසා හිතට මාර සතුටුයි..

    අද ඔෆිස් එකේ කරුම වැඩකට කොළඹ ගියපු වෙලාවෙ (ඒක වෙනම කතාවක්. මට දැන් අපා දුක් විඳින්න වෙලා තියෙන්නෙ අළුත් තැනක වැඩට ගිහින්) බොරැල්ලෙ කඩේකින් තෝසෙ දෙකක් අරං එකක් කාල අනිත් එක ඔතල ගත්ත ගෙදර ගේන්න තාත්තට හරි කන්න දෙන්න.. (මේ පැත්තෙ තෝසෙ කොලිටි නෑනෙ..)
    ඉතිං ට්‍රේන් එකට පැය දෙකක් විතර වෙලා තිබුන නිසා පොඩ්ඩක් එහෙමෙහෙ ඇවිදිනකොට අවුරුදු 50ක විතර මහත මෑන්ස් කෙනෙක් පාර අයිනෙ බිම වාඩිවෙලා පුවක් වගේ මොනවද කපනව..
    අර අව්වෙ ෂර්ට් එකක්වත් නෑ.. මම ඇහුව අයියෙ කාලද ඉන්නෙ කියල.. නෑ මහත්තය කිව්ව.
    මම අර ගෙනියන්න ගත්ත තෝසෙ එක පොරට දීල කිව්ව තෝසෙ එකක් විතරයි කියල..
    ඒ අහිංසක මනුස්සය ඒක සතුටෙන් බාර අරං හිනාවෙල කිව්ව අද දවසටම කාල නෙමෙයි හිටියෙ කියල.. :(

    මීට කලින් මම ටවුන් වල ඉන්න හිඟන ආච්චිලට එහෙම බත්මුල් හදාගෙන ගිහින් දීල තියනව..
    ඒත් ඒ මිනිස්සු ඒව බාරගන්නෙ නිකන් අපේ ඕනකමට වගේ.. දවසක් එක්කෙනෙක් මට මූණටම කිව්ව මහත්තයො අපිට කෑමනම් ලැබෙනව සල්ලි තමයි ඕන කියල.. :baffled:
    ඒ අතින් හිඟා කන්නෙ නැතිව බඩගින්නෙ ඉන්න මේ වගේ අහිංසක මිනිස්සු අපි අතරෙ කොච්චර ඇතිද
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    අතපය මහන්සි කරල වැඩ කරන එකෙකුට කෑම වෙලක් දෙන එක පට්ට වටිනව.
    මීට කලින් මම ටවුන් වල ඉන්න හිඟන ආච්චිලට එහෙම බත්මුල් හදාගෙන ගිහින් දීල තියනව..
    අපො පිස්සුද බං කවදවත් හිගන්නන්ට කෑම/සල්ලි දෙන්ඩ යන්නෙපා. උන් කරන්නෙ බිස්නස් එකක්‌ බං.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    මම මීට කලින් ඕන තරම් පිංකම් කරල තියනව
    ඒත් අද වෙච්ච පොඩි දෙයක් නිසා හිතට මාර සතුටුයි..

    අද ඔෆිස් එකේ කරුම වැඩකට කොළඹ ගියපු වෙලාවෙ (ඒක වෙනම කතාවක්. මට දැන් අපා දුක් විඳින්න වෙලා තියෙන්නෙ අළුත් තැනක වැඩට ගිහින්) බොරැල්ලෙ කඩේකින් තෝසෙ දෙකක් අරං එකක් කාල අනිත් එක ඔතල ගත්ත ගෙදර ගේන්න තාත්තට හරි කන්න දෙන්න.. (මේ පැත්තෙ තෝසෙ කොලිටි නෑනෙ..)
    ඉතිං ට්‍රේන් එකට පැය දෙකක් විතර වෙලා තිබුන නිසා පොඩ්ඩක් එහෙමෙහෙ ඇවිදිනකොට අවුරුදු 50ක විතර මහත මෑන්ස් කෙනෙක් පාර අයිනෙ බිම වාඩිවෙලා පුවක් වගේ මොනවද කපනව..
    අර අව්වෙ ෂර්ට් එකක්වත් නෑ.. මම ඇහුව අයියෙ කාලද ඉන්නෙ කියල.. නෑ මහත්තය කිව්ව.
    මම අර ගෙනියන්න ගත්ත තෝසෙ එක පොරට දීල කිව්ව තෝසෙ එකක් විතරයි කියල..
    ඒ අහිංසක මනුස්සය ඒක සතුටෙන් බාර අරං හිනාවෙල කිව්ව අද දවසටම කාල නෙමෙයි හිටියෙ කියල.. :(

    මීට කලින් මම ටවුන් වල ඉන්න හිඟන ආච්චිලට එහෙම බත්මුල් හදාගෙන ගිහින් දීල තියනව..
    ඒත් ඒ මිනිස්සු ඒව බාරගන්නෙ නිකන් අපේ ඕනකමට වගේ.. දවසක් එක්කෙනෙක් මට මූණටම කිව්ව මහත්තයො අපිට කෑමනම් ලැබෙනව සල්ලි තමයි ඕන කියල.. :baffled:
    ඒ අතින් හිඟා කන්නෙ නැතිව බඩගින්නෙ ඉන්න මේ වගේ අහිංසක මිනිස්සු අපි අතරෙ කොච්චර ඇතිද
    උබ ආත්ම 100 ට කන්න ලැබෙන පිනක්
    කරගත්තේ... ඔය සතුට හැමදාම සිහිකරන්න... පින බලවත් වෙනව
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    බොහොම පින් මචන්. ඔය සතුට සල්ලිවලට දීලා ගන්න බෑ.

    මීට කලින් මම ටවුන් වල ඉන්න හිඟන ආච්චිලට එහෙම බත්මුල් හදාගෙන ගිහින් දීල තියනව..
    ඒත් ඒ මිනිස්සු ඒව බාරගන්නෙ නිකන් අපේ ඕනකමට වගේ.. දවසක් එක්කෙනෙක් මට මූණටම කිව්ව මහත්තයො අපිට කෑමනම් ලැබෙනව සල්ලි තමයි ඕන කියල.. :baffled:

    හිඟන මුදලාලිලා රස්සාවට හිඟාකන්න දාපු අය ඉන්නවා. සමහරවිට එහෙම කට්ටිය වෙන්න ඇති.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,073
    34,616
    113
    උඹෙ පිංකමේ සාධනීය ලක්ෂණ ගොඩක් තියෙනවා

    1. තාත්තට ගෙනියන්න ගත්ත දෙයක් තව කෙනෙක්ට දෙනවා කියන්නේ ඒක පුදුම අත්හැරීමේ ගුණයක්. උඹ ඒක කළා.
    2. දෙන්නං වාලේ දෙන්නේ නැතුව උඹ අර මනුස්සයගෙන් කාලද ඉන්නේ කියලා අහපු එක වටිනවා. නැත්තං කලා හිටපු එකෙකුට දුන්නා නම් පස්සේ විසිකරන්න උනත් ඉඩක් තිබුණා.
    3. ඒ මනුස්සයා උඹ දුන්න තොසේ කෑවට පස්සේ කෑමට වියදම් කරන්න තිබුණු තමන්ගේ සල්ලි පොඩි ගානක් හරි ඉතුරු කරගන්නවා.

    අවසාන වශයෙන් තව මිනිසෙක්ගේ බඩගින්න නිවීමෙන් ලැබෙන ආනිසංස ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    දීමේ ආදීනව තියනවා, දෙන ප්‍රමාණය වැදගත් නෑ පොඩියට හරි දෙන්න තමා ඕනි.

    අත් දැකීමෙන් කියන්නේ, මගේ පියයි මවයි දෙන්නම අතපය දිග ඇරලා දෙනවා, ඒ වගේම ඒ දෙන්නට ලැබීම තියනවා.

    මට වැඩිය මේ දූපතේ ඉන්න සෙට් වෙන්නේ නැති නිසා දැන් නම් දානය/දීම කියන දේ කෙරෙනවා අඩුයි, මට කොහොමත් ලැබීම අඩුයි අපේ මව පියා දෙන්නට සාපේක්ෂ්ව බැලුවාම.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,285
    26,769
    113
    Kandy
    බොහොම හොඳ වැඩක් මිත්‍රයා. දුන් දේ සුවඳයි ...... :love2: 🙏

    මාත් ඔය වගේ කරලා තියේ දවල්ට කන්න ගත්ත කෑම එක පාරේ හිටපු කෙනෙක්ට දුන්නා පස්සේ ආයෙම ගිහින් මම තව කෑම එකක් මට කන්න අරන් ආවා