අමුතු_ලන්තය

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ලොව ලොකුම සර්පයා කොලොම්බියාවෙන්


    3.jpg


    එදාත් වෙනදා වගේම කොලොම්බියාවේ සෙරෙජෝන් ගල් අඟුරු පතල් සේවකයින් සුපුරුදු පරිදි ඔවුන්ගේ වැඩ කටයුතු ආරම්භ කළා. යන්ත‍්‍ර යොදාගෙන පස් ඉවත් කරමින් කැණීම් ආරම්භ කළා. ඒත් හිටිහැටියේ ම පොළොවෙන් යමක් මතු වීම නිසා කැණීම් කටයුතු එක්වරම නතර කෙරුණා. පතල් සේවකයින්ට හමුවී තිබුණේ යෝධ ඇට කැබලි වගයක්.

    පුරාවිද්‍යාඥයින් කණ්ඩායමක් වහාම සෙරෙජෝන් ගල් අඟුරු පතලට කැඳවණු ලැබුවා. ඉන්පසු ඔවුන්ගේ අධීක්ෂණය යටතේ පරිස්සමෙන් පස් ඉවත් කිරීම සිදු වුණා. ඒ විද්‍යාඥ කණ්ඩායමට දකින්න ලැබුණේ සද්දන්ත සර්පයකුට අයත් අස්ථි වගයක්. ඒ විතරක් නෙවෙයි, මේ සද්දන්තයාගේ අස්ථි සමඟින් උගේ ගොදුරු බවට පත්වූ සතුන්ගේ අස්ථි කැබලි ද දකින්න ලැබුණා. මේ දැවැන්තයාගේ ගොදුරු බවට පත්වී තිබුණේ කිඹුලන් හා ඉදිඹුවන්ය.

    විද්‍යාඥයින් පවසන්නේ මේ යෝධ සර්පයා බස්රථයක් තරම් විශාල බවයි. මේ සතා දැවැන්ත පිඹුරෙකුට සමානය. වසර මිලියන 60 පමණ පෙර, ඈත අතීතයේ දී සෙරෙජෝන් ගල් අඟුරු පතල පිහිටා ඇති ප‍්‍රදේශය සාරවත් වගුරු බිමක් ලෙස පැවැතුණු බවයි පුරා විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ. විද්‍යාඥයින්ට හමුවූ මේ සද්දන්තයාගේ ඇටසැකිල්ලට අනුව මේ සර්පයා රාත්තල් 1,600 ක් එනම් කිලෝ ග‍්‍රෑම් 730ක් පමණ බරින් යුක්තය. නාසයේ සිට වල්ගය කෙළවරට දිග මීටර් 13 කි. (අඩි 42.7 ක්) මේ වර්ගයේ සර්පයකු මීටර් 10.64ත් 15ත් අතර ප‍්‍රමාණයකට දික් විය හැකියැයි සර්ප විශේෂඥයන් විසින් ඇස්තමේන්තු කර තියෙනවා. සෙරෙජෝන් ගල් අඟුරු පතලෙන් හමුවූ නිසා මේ සර්පයා නම් කර තිබෙන්නේ ‘ටයිටනොබවුව සෙරෙජෝනෙන්සිස්’ යනුවෙනි.
    ”යෝධ සර්පයින් ගැන අප කවුරුත් විශේෂ උනන්දුවක් දක්වනවා. ඒ නිසයි යෝධ සර්පයින් යොදා හොලිවුඞ් චිත‍්‍රපට බිහිවෙන්නේ. ඒත් මේ සතා හැබෑවක්. හොලිවුඞ් මායාවක් එහෙම නොවේ. ඇනකොන්ඩා චිත‍්‍රපටයේ ජෙනිෆර් ලෝපෙස් පසුපස හඹා යන යෝධ ඇනකොන්ඩාටත් වඩා මේ සර්පයා විශාලයි.” සර්පයාගේ අස්ථි පරීක්ෂා කිරීමට පැමිණි ඇමෙරිකාවේ ෆ්ලොරීඩා සරසවියේ පුරාවිද්‍යාඥ ජොනතන් බ්ලොක් පවසයි.
    වසර ගණනක් තිස්සේ සර්ප විශේෂඥයින් වාද විවාද පැවැත්වූවා, සර්පයකුට කෙතරම් විශාලව වැඩෙන්නට හැකි ද කියා. සර්ප විශේෂඥයින් අතරින් ප‍්‍රමුඛයෙක් ලෙස සැලකෙන ඇමෙරිකාවේ නිව්යෝක් නුවර කොනෙල් විශ්ව විද්‍යාලයේ සර්ප විශේෂඥ හැරී ගී‍්‍රන් තීන්දු කර ඇත්තේ සර්පයෙකුගේ උපරිම දිග අඩි 40 ක් (මීටර් 12.3ක්) පමණ විය හැකිය කියායි. ඒත් මේ අලූත් සොයා ගැනීමත් සමඟ එම න්‍යායත් වෙනස් වී තිබෙනවා.
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    තරුවක් කෑමට ගන්නා තරුවක්


    1.jpg



    තරුවක් තවත් තරුවක් කෑමට ගන්නා දර්ශනයක් අපට ගෙන එන්නට ලෝක තාරකා විද්‍යාඥයන් පිරිසක් සමත් වී තියෙනවා. තාරකා විද්‍යාඥයන් මේ සමර්ථකම කර ඇත්තේ චිලි රටේ පිහිටුවා ඇති යුරෝපීය දකුණු අභ්‍යවකාශ නිරීක්ෂණාගාරයේ ඇති දුරේක්ෂවල ආධාරයෙන්. මේ පින්තූරවලින් දක්වෙන්නේ ඒ අවස්ථා කීපයක්. තරුවක් තවත් තරුවකින් පෝෂණය වෙනවා දැක්වෙන පැහැදිලි පින්තූර පෙළක් පළ වූ මුල් ම වතාව මෙයයි.

    මේ තරු දෙක එකිනෙකට සැතැපුම් මිලියන 92ක් එකිනෙකට ඈතින් තිබුණත් කුඩා තරුව ලොකු තරුව කෑමට ගන්නා හැටි ඔබටත් දැන් මේ පින්තූරවලින් නිරීක්ෂණය කරන්න පුලූවන්.

    යුගල තාරකා වන මේවා නම් කර ඇත්තේ එස්එස් ලෙපෝරිස් SS Leporis කියායි. මේවා පිහිටා ඇත්තේ ලෙපුස් Lepus ඛැචමි තරු පන්තියේයි. මේ තරු දින 260කට වරක් එකිනෙකා වටා භ‍්‍රමණය වෙන ඒවායි.
    මේ තරම් පැහැදිලි ලෙස ප‍්‍රතිබිම්බ ලබා ගෙන ඇත්තේ යුරෝපීය දකුණු අභ්‍යවකාශ නිරීක්ෂණාගාරයට අයත් පැරනල් නිරීක්ෂණාගාරයේ දුරේක්ෂ හතරකින් හසු කරගත් ආලෝකය ආධාරයෙන්. ඒ දුරේක්ෂ රඳවා ඇත්තේ අඩි 8600ක් උස කන්දකයි. මේ පින්තූර හබල් අභ්‍යවකාශ දුරේක්ෂයෙන් ගත් පින්තූරවලට වඩා පනස් ගුණයකින් පැහැදිලි පින්තූර ලබා ගැනීමට ඔවුනට හැකි වී තිබෙනවා.

    ‘අපට දැන් මේ දුරේක්ෂ හතරම එකට යොදා ගෙන හසුකර ගන්නා ආලෝකයෙන් ඉතා පැහැදිලි පින්තූර ඉතා ඉක්මනට ගන්නත් පුලූවන්. ඒ විතරක් නොවෙයි, ඒ තරු එකිනෙකා වටා භ‍්‍රමණය වනවා පමණක් නොව ඒ තරු දෙකෙන් විශාල තරුවේ ප‍්‍රමාණය මැන ගන්නත් පුලූවන්.’ නිකලස් බ්ලයින්ඞ් කියයි. ඔහු තමා මේ වැඩසටහන ඉදිරිපත් කරන පිරිසේ නායකයා.

    මෙහි විශාල තරුව එය ගිල ගන්නා සතුරු තරුවට වඩා සිසිල් එකක්. දැන් එහි ස්කන්ධයෙන් අඩකටත් වඩා ගිල ගෙන අවසන්.
    ‘අපි දැනගෙන සිටියා මේ යුගල තාරකාවල අමුත්තක් තියෙන බව. එහි එකක ද්‍රව්‍ය ගලා ගෙන ගොස් අනෙකට එකතු වෙනවා’ නිකලස්ගේ සගයා වූ හෙන්රි බොෆින් කියනවා. ‘අපි මේ ස්කන්ධ ගැල්ම දුටුවේ මින් දුටුවාට වඩා වෙනස් ආකාරයටයි. රතු යෝධයා කුඩා වී ඇති ආකාරයත් සතුරු තරුව විශාල වී ආකාරයක් පැහැදිලිව පෙනෙනවා.’ ඔහු තවදුරටත් කියනවා.

    තාරකා විද්‍යාඥයන් දැන් සිතන්නේ මෙහිදී සිදුවන්නේ යෝධ තරුවෙන් හමන සූර්ය සුළං මගින් ගලා යන ද්‍රව්‍ය උනුසුම් තරුව මගින් හසුකර ගැනීමක් කියායි.
     
    • Like
    Reactions: Oshaka

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අනාගතයේ ආලෝකය නිපදවන බැක්ටීරියා ලාම්පු



    4.jpeg



    අප සාමාන්‍යයෙන් කරන්නේ රෝග කාරක බැක්ටීරියා අපේ නිවෙස්වලින් පන්නා දැමීමයි. ඒත් අනාගතයේ දී මේ බැක්ටීරියා වර්ග හෙවත් ක්ෂුද්‍ර ජීවී විශේෂ මිලියන ගණනක් යොදා ගෙන නිවෙස් ආලෝකමත් කර ගන්නට අපට හැකි වේවි.

    පිලිප් ඉලෙක්ට්‍රොනික් සමාගම ‘ජීව-ආලෝක’ bio light ක‍්‍රමයක් නිපදවා තියෙනවා. ඒ මගින් විදුලිය භාවිත නොකර ඔබට ඔබේ කාමරය ආලෝකවත් කර ගන්න පුලූවන්. එයින් විහිදෙන ආලෝකය සෞම්‍ය දීප්තියක් ඇති එකක්.
    මේ ලාම්පුවට ඇතුළත් වන්නේ වීදුරු කුටී පෙළක්. ඊට යොදා ගෙන ඇත්තේ කලාමැදිරියන් හා ? බදුල්ලන් ආලෝකය නිකුත් කිරීමට යොදා ගන්නා ජෛවසන්දීප්ත ක‍්‍රමයට සමාන එකක්. මේ වීදුරු බඳුන්වල ඇත්තේ ජෛවසන්දීප්ත බැක්ටීරියා විශේෂයක්. ඒ තුළට මීතේන් වායුව යැවූ විට දීප්තියක් නිකුත් කෙරෙනවා. මෙහිදී යොදා ගන්නේ නිවසේ අපද්‍රව්‍යවලින් නිපදවෙන ජීව වායුවයි.

    එංගලන්තයේ කේම්බි‍්‍රජ් විශ්වවිද්‍යාලයේ ශාක ජීව විද්‍යාඥ ජිම් හේස්ලෝෆ් කියන්නේ මෙය තිරසාර ආලෝක සැපයුමට හොඳ ක‍්‍රමයක් කියායි. ඔහුගේ අදහස මේ ක‍්‍රමය නිවෙස්වලට වැද්දගන්නට හැම කෙනෙකුම කැමති වෙන එකක් නැහැ. ඒත් වැඩි වියදමක් නැතුව මගතොට ආලෝකවත් කරන්න නම් මෙය හොඳින් ම ගැළපෙන බවයි.
    පිලිප් ආයතනය විශ්වාස කරන්නේ මෙය දැන් අප භාවිත කරන විදුලිය පිරිමහින විදුලි බුබුළුවලට වඩා ඉදිරි පියවරක් ලෙසයි. ‘නිවසේ බලශක්ති භාවිතය අවම කරන ගෘහෝපකරණ තැනීමටත් සමස්ත ප‍්‍රජාවටම ප‍්‍රයෝජනවත් වන ඔවුන්ගේ අවශ්‍යතා සපුරා ලන නව උපකරණ තැනීමත් සැලසුම්කරුවන් ලෙස අපේ වගකීමක් වෙනවා.’ පිලිප්ස් ආයතනයේ ක්ලයිව් වැන් හියර්ඩන් කියනවා.
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    දෑස් අහිමි සෙබළාට දිවෙන් පෙනීම ලැබුණු හැටි

    2.jpg



    වයඹදිග එංගලන්තයේ ලිවර්පූල්හි පදිංචි ක්‍රෙග් ලන්ඞ්බර්ග්ගේ වයස අවුරුදු 24 යි. එයා බි‍්‍රතාන්‍ය ජාතික තරුණයෙක්. ක්‍රෙග්, බි‍්‍රතාන්‍ය හමුදා සේවයට බැඳිලා ගියා ඉරාකයට. හමුදා මෙහෙයුම්වල යෙදෙද්දී 2007 අවුරුද්දේදී ඉරාකයේ බස්රා නුවරදී සතුරන්ගේ රොකට් ප‍්‍රහාරයකට ගොදුරු වූ ඔහුගේ දෑස් අහිමි වුණා. ඔහුට ආයේ කවදාවත් ඔහුගේ ඇස්වලින් පෙනීම ලැබෙන්නේ නැහැ. ඒත් දුක් වෙන්න කාරි නැහැ. නවීන තාක්ෂණය ක්‍රෙග්ගේ උදව්වට ආවා. නවීන තාක්ෂණයේ පෙරැුළියක් සිදු කරමින් අලූත් මෙන්ම අපූරු ක‍්‍රමයකට ක්‍රෙග්ට යළි පෙනීම ලබා දීමට හැකිවී තිබෙනවා. දැන් ක්‍රෙග්ට පෙනීම දෙන්නේ ඔහුගේ ඇස් නොවේ, දිවයි.

    දැන් දිව උපයෝගී කර ගෙන ලාන්ස් කෝප්රල් ක්‍රෙග් ලන්ඞ්බර්ග්ට වචන කියවන්න පුළුවන්. හැඩතල හා රූප හඳුනාගන්න පුළුවන්. ඒ විතරක් නොවේ, කාගේවත් උදව්වක් නැතිව තනිවම එහෙමෙහෙ යන්න පුළුවන්. මේ වනතෙක්ම ඔහුගේ සහායට හිටියේ හොඳින් පුහුණුව ලත් බලූ සුරතලෙක්. නමුත් මේ අලූත් හැකියාව ඔහුට හිමිකර දුන්නේ ඇමෙරිකා එක්සත් ජන පද හමුදාවේ හිටපු මේජර් ජනරල්වරයකු වූ ගේල් පොලොක් ප‍්‍රමුඛ තාක්ෂණවේදීන් කණ්ඩායමක් තැනූ අලූත්ම තාලේ උපකරණ කට්ටලයක් මගින්. ඔවුන් මේ නව උපකරණය හැදුවේ අන්ධ පුද්ගලයන්ගේ ජීවිතවලට ආලෝකයක් ලබා දීමේ අරමුණ ඇතිවයි.

    දිවෙන් පෙනීම ලබා දෙන මේ නව උපකරණ කට්ටලයට අයත් වෙනවා, අව් කන්නාඩියකට සවි කළ සූක්ෂම වීඩියෝ කැමරාවක් හා ‘ලොලිපොප්’ එකක් වගේ දිව මතුපිට තැබිය හැකි සංවේදකයක්. කැමරාවෙන් ලබා ගන්නා සුදු හා කළු පික්සල (රූපයක් මවන කුඩා තිත්) වලින් තමයි, දිව මත තබන සංවේදකය යොදාගෙන මේ උපකරණය භාවිත කරන්නාගේ මනසේ ඇඳෙන චිත‍්‍රයට අවශ්‍ය උත්තේජකයන් සපයන්නේ. අව් කන්නාඩියේ සවි කර ඇති කැමරාවෙන් ගන්නා රූප විදුලි සංඥා මගින් දිවේ ඇති උපාංගය මගින් දිවට දැනෙන්න සලස්වනවා. ඒවා දිවට දැනෙද්දී කිතිකැවෙනවා වගේ අපූරු හැඟීමක් ඇති වෙනවා. රූපයෙන් රූපයට ඒ දැනීම වෙනස් වෙනවා. ඒ අනුව මොළයට පණිවුඩ යැවෙනවා දකින්න ලැබුණු දේ මොකක්දැයි කියලා. ඒ අනුව ඒ ද්‍රව්‍යය මොකක්ද හා එය වටේ ස්වභාවය කොහොමදැයි අවබෝධයක් ගන්න ක්‍රෙග්ට හැකියාව ලැබෙනවා. මේ නව උපකරණය හඳුන්වා ඇත්තේ ‘බ්‍රේන්පෝට්’ කියලයි. බ්‍රේන්පෝට් උපකරණ කට්ටලය භාවිත කිරීමේ වාසනාව හිමි ප‍්‍රථම බි‍්‍රතාන්‍ය ජාතිකයා ද වන්නේ ක්‍රෙග් ලන්ඞ්බර්ග්. ඒ සඳහා ඔහුව තෝරා ගනු ලැබුවේ බි‍්‍රතාන්‍යයේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශය විසිනුයි.
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ලෝකයේ විශාලතම කෘමියා


    krumiya.jpg



    මේ යෝධ කෘමියා ඉන්නේ නවසීලන්තයේ. නවසිලන්තයට අයත් ලිට්ල් බැරියර් දූපතේ වනාන්තරබදව වෙසෙන මේ යෝධ කෘමියා දින දෙකක් තිස්සේ වෙහෙස වී සොයා ගත්තේ ඇමෙරිකාවේ කොලරාඩෝවල සිට මෙහි පැමිණි මාක් මොෆෙට් කියන වනජීවී ලෝලයායි. 53 හැවිරිදි හිටපු වනජීවී නිලධාරියකු වූ ඔහුගේ අතේ සිටිද්දී මේ අපූරු සතා කැරට් අලයක් එහෙම පිටින් ම කෑවා. අලේ බර ග්රෑම් 71ක්. ඌ ගේකුරුල්ලකුට වැඩිය බරයි. මීයකු වාගේ තුන්ගුණයක් බරයි.
    වෙටා නම් වූ මේ සත්ව ගෝත‍්‍රයට සතුන් විශේෂ 70ක් විතර අයත් වෙනවා. මේ අල්ලා ගෙන ඉන්නේ ගැහැනු සතෙක්. උගේ ඇති බිත්තරත් එක්කයි මේ තරම් බර වෙන්නෙ.
    මේ වේටා සත්ව විශේෂය අනෙක් සත්ව විශේෂවලට වඩා කුලෑටියි. උන් ආහාරයට ගන්නේ ශාක, වෙනත් කුඩා කෘමි සතුන් හා පලතුරු වර්ගයි.
    පළඟැටියකුට සමාන මේ සතා මේ තරම් ලොකු වෙන්නට හේතුව ඒ දූපතේ මොවුන් අල්ලා ගෙන ගොදුරු කර ගන්නා විලෝපිකයන් නැති වීමයි.
    මේ සතාගේ පියාපත් විදා හළ විට අඟල් හතක් විතර දිගයි. මේ සතා මේ කුඩා දූපතට සීමා වුනත් මේ වෙටා වර්ගයේ ප‍්‍රමාණයෙන් කුඩා සත්ව විශේෂ 70ක් පමණ නවසීලන්තය පුරා විසිරී ජීවත්වෙනවා. මේ යෝධ කෘමීන් නවසීලන්තයේ ප‍්‍රධාන භූමියෙන් වඳ වී ගියේ මෙහි පැමිණි යුරෝපීයයන් මීයන් මේ දූපතට හඳුන්වා දීමත් සමගයි.
     
    • Like
    Reactions: IPman

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ලංකාවට හඳුන්වාදුන් ස්මාර්ට් මීටර් ක්‍රමය


    smeter.jpg



    විදුලි පාරිභෝජනයේදී පාරිභෝගිකයටත් සේවාදායකයාටත් විශේෂ වාසි හා පහසුකම් ලබාගත හැකි ව්‍යාපෘතියක් ලෙස “ස්මාර්ට් විදුලි මීටරය” ක්‍රමය විදුලි හා බලශක්ති අමාත්‍යාංශය විසින් පසුගියදා හඳුන්වා දුන්නා.

    මෙමඟින් තමන්ගේ විදුලි පරිභෝජනය පිළිබඳ පැයෙන් පැය දත්ත ලබාගත හැකි අතර ජංගම දුරකථනයෙන් හෝ පරිගණකය හරහා අන්තර්ජාලයට ඇතුළුවී එම මොහොතේ ඇති තමන්ගේ බිල්පත බලාගැනීමටද හැකි වෙනවා.

    විදුලි කාන්දුවක් වැනි අවස්ථාවකදී ස්මාර්ට් මීටරය මඟින් විදුලි ආයතනය වෙත දත්ත ලබාදෙන අතර එවැනි හදිසි අවස්ථාවකදී ක්ෂණිකවම එස් එම් එස් පණිවුඩයක් මඟින් පාරිභෝගිකයා දැනුවත් කිරීමට පහසුකම් තිබෙනවා. තවද අවශ්‍ය නම් විදුලි ආයතන හරහා ස්මාර්ට් මීටරයට විධානයක් ලබාදී විදුලිය විසන්ධි කිරීමටද පුළුවන.
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අකලේ කඩාවැටුනු පරිඝණක තරුව


    Arfa.gif


    මයික්‍රොසොෆ්ට් වෘත්තිමය සහතික ලත් ලොව ලාබාලතම තැනැත්තිය ලෙස නම් වූ පකිස්තානයේ අර්ෆා කරීම් පසුගියදා මියගොස් ඇතැයි වාර්තා වේ.
    ජනවාරි 14දා මියගිය ඇය 16 වියේ පසුවූවාය..
    සති ගණනාවක් පුරාවට රෝහල් ප‍්‍රතිකාර ලබා සිටි ඇය, පසුගිය දෙසැම්බර් මාසයේ 22 දා කෝමා තත්ත්වයකට වැටී සිටි බව පකිස්තානු මාධ්‍ය වාර්තා කරයි.
    ජනවාරි 15 දා ලාහෝර් අගනුවර පැවති ආගමික වතාවත් වලින් පසුව අර්ෆා ගේ දේහය ඇගේ ගම වන ෆයිසාලාබාද් හි රාම් දෙවාලි වෙත ගෙන යනු ලැබිණි.
    අර්ෆා රෝගාතුරව සිටියදී ඇගේ වෛද්‍ය ප‍්‍රතිකාර වලට ගෙවීම සඳහා ඉදිරිපත් වූ මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස්, සිය ශෝකය ප‍්‍රකාශ කර ඇත.
    මයික්‍රොසොෆ්ට් වෘත්තිමය සහතිකය ලබන විට අර්ෆා නව වියේ දැරියෙකි.
    වසර 2006 දී බාසිලෝනා නුවර පැවති තාක්‍ෂණික සමුළුවක් සඳහා ඇයට මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් ඇරයුම් කර තිබුණු අතර, මේ සඳහා සහභාගී වූ 5,000ක් පමණ පිරිසක් අතුරින් එකම පකිස්තානු ජාතිකයා වූයේ ඇයයි.
    සිය දක්‍ෂතා වෙනුවෙන් ඇයට පකිස්තානයේ සිවිල් සම්මාන දෙකක් ද හිමිවිය.
    අර්ෆා සිහිවීම සඳහා ස්මාරකයක් ද ඉදිකිරීමට නියමිත බවත්, කරච්චි හි පිහිටි IT Media City, Arfa Karim IT Media City ලෙස නම්කිරීමටත් නියමිත බව විදෙස් වාර්තා සඳහන් කරයි.
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ලොව ප්‍රථම රාත්‍රියේ පිපෙන ඕකීඩ් මල්

    orchid.jpg



    ඕකීඩ් යනු දහවලෙහි පිපෙන මල් වර්ගයකි.නමුත් ලොව ප්‍රථම රාත්‍රියේ පිපෙන ඕකීඩ් මල් වර්ගයක් පැපුවා නිව් ගිනියා දූපතට ආසන්නයේ පිහිටි නව බ්‍රිතාන්‍ය දූපතෙන් සොයාගැනීමට විශේෂඥයන් පිරිසක් සමත්ව ඇත. එහිදී මෙම නව සොයාගැනීම ලෝකයට හෙලිදරව් කෙරිණි. එය ඕකීඩ් වර්ගයක්මද යන්න සොයාබැලීමට යම් කලක් ගතවිය.

    ලොව ඕකීඩ් විශේෂයන් 25000 කට අධික ප්‍රමාණයක් පැවතුණ මුත් ඒවා සියල්ලක්ම පාහේ දහවලට පිපෙන ඒවා විය. එබැවින් මෙම නව ඕකීඩ් විශේෂයට තවත් විශේෂ තැනක් හිමිවී ඇත.“බුල්බොපියම් නොට්නිනම්“ ලෙසින් හඳුන්වන මෙම විශේෂය අභිජනනය කිරීමට උත්සහ කරන බව පැවසේ.
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    වාතයෙන් ජලය නිපදවීමට ඕස්ට්‍රේලියානුවෙක් සමත්වෙයි

    ew.jpg





    වායුගෝලීය වාතය උපයෝගී කරගනිමින් අතිශය විශ්මිත ජල සැපයුම් පද්ධතියක් නිපදවීමට ඕස්ට්‍රේලියානු විද්‍යාඥයකු වන Edward Linacre සමත්ව ඇත. සාමාන්‍ය වායුගෝලීය වාත අතරින් ද්‍රව ජලය කාර්යයක්ෂම ලෙස එකතුකරගත හැකි මෙම නිර්මාණය දැඩි නියඟයට හසුවුනු ගොවි බිම් හිමියන්ට සහනයක් වනු ඇත.

    එමෙන්ම මෙම නිර්මාණය වෙනුවෙන් මේ වසරේ හොඳම නව නිපැයුම සඳහා වන James Dyson සම්මානයෙන් ද පිදුම් ලැබීමට Edward Linacre සමත් විය.

    Airdrop නමින් හැඳින්වෙන් මෙම පද්ධතිය ශුෂ්ක වගා බිම් සඳහා අඩු වියදම්, අඩු ශක්තියක් වැය වන වඩා කාර්යක්ෂම විසඳුමක් වනු ඇතැයි නිෂ්පාදකයින් පවස යි.

    මෙම නිර්මාණය සඳහා ඔහු යොදාගෙන ඇත්තේ Namib නම් කුරුමිණ් විශේෂය නියං කාල වලදී නොනැසී පැවතීම සඳහා යොදාගන්නා තාක්ෂණයට සමාන තාක්ෂණය කි.
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    වීදි අතර සිතුවම් වූ ලොව දැවැන්තම ත්‍රිමාණ චිත්‍රය

    bigimage.jpg



    ලන්ඩනයේ කනේරි වෝෆ් හි වීදි අතර අපූරු ත්‍රිමාණ සිතුවමක් නිර්මාණය කරමින් ලොව දැවැන්තම ත්‍රිමාණ සිතුවම ලෙස නව ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවීමට ලන්ඩන් කලාකරුවකු සමත්ව තිබේ.
    Reebok සමාගමේ ඉල්ලීමකට අනුව කලාකරු ජෝ හිල් විසින් වර්ගමීටර් 1160.45 ක විශාලත්වයකින් යුත් දියඇල්ලකින් සහ කඳු ප්‍රපාත පෙන්නුම් කරන මෙම අපූරු ත්‍රිමාණ සිතුවම නිර්මාණය කර ඇත.
    “ලන්ඩනයේ කලාකරුවකු ලෙස නගරයේ හදවත මධ්‍යයේ මෙවැනි කලා නිර්මාණයක් සිදුකිරීමට ලැබීම සැබැවින්ම විශේෂයි. එමෙන්ම ත්‍රිමාණ නිර්මාණ පළමුවෙන්ම ආරම්භ වූ බ්‍රිතාන්‍යය වෙත මෙවැනි වාර්තාවක් හිමිකරදීමට ලැබීමත් සතුටක්” සිය නිර්මාණය පිළිබඳව අදහස් දක්වමින් ජෝ හිල් ප්‍රකාශ කර තිබේ.