මගේ අදහස නම් මේක හොඳ දෙයක් කියල.
මෙතැන මාළු අමුවෙන් කාල පෙන්වන්නේ මිනිස්සුන්ට මාළු කන්න ධෛර්යයමත් කරන්න. දිලිප් වෙදආරච්චි කියන්නේ හිටපු ධීවර ඇමති කෙනෙක්. මිනිස්සු මාළු කන්න බය වුනාම ධීවරයින්ට යන එන මන් නෑ.මේ වගේ දෙයක් කරන්න ඕනේ. පොදුවේ අපේ රටේ නායකත්ව ලක්ෂණ තියෙන අය හරිම අඩුයි.
මේ වගේ දේවල්වලට අපේ රටේ වගේම පිටරටවලත් උදාහරණ තියෙනවා. මෑත කාලේදී පවිත්‍රා ඇමතිතුමිය චීන කොරෝනා කෙල්ල ඉම්බෙත් චීනෙට අපේ තියෙන ගෞරවයේ සoඥාවක් විදිහට.
මහින්ද කැබිතිගෝල්ලෑවේ බොම්බේ පිපිරුණු ගමන් ආරක්ෂක උපදෙස් නොතකා එතෙන්ට ගියේත් තමන්ගේ පවුල් නැතිවෙච්ච මිනිස්සුන්ව ධෛර්යයමත් කරන්න.
රනිල්-සිරිසේන ආණ්ඩුව පිහිටවපු 2015 අවුරුද්දේ පළවෙනි යූ.එන්.පී ජනරැළිය සිරිසේන හිටපු ඇමති නගින්න දෙගිඩියාවෙන් ඉන්දැද්දී, රනිල් එතුමාට වෙඩි නොවදින ජැකට් එකක් අන්දලා රනිල් ඒ මොකවත් නැතුව වේදිකාවෙන් බැහැලා මිනිස්සු ළඟටම ගිහිල්ලා සිරිසේන මහත්තයට අත් උස්සල පෙන්නුවේ ජන රැලිය ආරක්ෂිතයි ඔබතුමාට බයවෙන්න දෙයක් නෑ කියලා පෙන්වන්න.
ගණේමුල්ලේ ගෑණු ළමයෙකුට HIV හැදිලා කියලා ඒ ළමයට ඉස්කෝලෙට එන්න එපා කියලා ගමේ මිනිස්සු කොන්කරද්දී රන්ජන් ඒ ලමයාව ප්‍රසිද්ධියේ ඉම්බේ මිනිස්සුන්ගේ HIV බය නැතිකරන්න.
ඉතිං ඔයවගේ ගොඩක් කථා තියෙනවා.වැදගත්ම දේ හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා නොබලා හඳ දිහා බලන එක. අපේ රටේ නායකත්වය තියෙන නායකයෝ ඉන්නේ හරිම අඩුවෙන්.ඉතින් එහෙම එකේ මේ වගේ දේවල් අගය කරන්න ඕනේ.
ඔය අතරේ ඉන්නවා සමහරු මිනිස්සු නොමඟ යවන නායකයෝ.ඇමෙරිකාවේ ට්‍ර්ම්ප් ඒ වගේ කෙනෙක්.මාස්ක් ඕනේ නෑ මේක චයිනීස් වෛරස් එකක් කියල කියපු උන්නැහේට කෝවිඩ් හැදිලා මාස්ක් දාන්නවුණා.අන්තිමට චන්දෙනුත් පැරදුණා.