අමු සිංහලෙන් IT ඉගැන්වීමේ පිස්සු විකාරය..

WaterMelon

Active member
  • Aug 1, 2017
    377
    182
    43
    අමු සිංහලෙන් IT ඉගැන්වීමේ පිස්සු විකාරය..

    අමු සිංහලෙන් IT ඉගැන්වීමේ පිස්සු මළ විකාරය...


    ‍ලොක්කි අඬනවා. හෙට වාර විභාගේ අයි.ටී ලු. මෙලෝ දෙයක් මතක නැහැල්ලු. එයාට ගෙදර පරිඝණකයේ සාමාන්ය විදිහට වැඩ කරගන්න පුළුවන් බව මම දන්නවා.



    ‍ඉතින් මොකද්ද අවුල?



    බැලින්නම් අයි.ටී නෙමෙයි අවුල. 'සිංහල'. මමත් පෙළපොත පිටුවක් දෙකක් කියෝලා ආපහු මෙනෙහි කලා.



    මෙලෝ මලදානයක් මතක් වෙන්නෙ නෑ. හැඩසව් කිරීම.. එකෙල්ල කිරීම...අනුකුරුහුරුව...කෝෂ පරාසය....අනුප්‍රයෝග ස්ථරය...අභිභූතත්වය.......


    ‍මේවා හදලා තියෙන්නේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරු... ගුරු උපදේශකලා වගේ ලොකු කට්ටිය නිසා මෙහෙම හදන්න හොඳ හේතු ඇති. අපි වගේ දුහුනන්ට ඒවා නොතේරෙන නිසා මෙ වගේ සිල්ලර ප්‍රස්න මතුවෙනවා.


    1. අයි.ටී පාසැල් විෂය නිර්දේශයේ අරමුණ අයි.ටී ඉගැන්වීමද? සිංහල ඉගැන්වීමද?
    ඔය දෙකම එකට කරන්න ගිහින් මෙච්චර පහසු සහ රසවත් විෂයක් දරුවන්ට තිත්ත කසායක් කර ඇති බව තවමත් වැටහිලා නැද්ද?

    මම හිතන විදිහට අයි.ටී වලට ඉහළ ලකුණු ගන්නේ නිර්මාණශීලී දරුවන් නෙමෙයි. අර අමුතු වචන හොඳට කටපාඩම් කරන්න පුළුවන් දරුවන්. ඉතින් රටකට හරියයිද?


    2. මේ පෙළපොත් ලියපු මහත්වරු කොම්පියුටර් පාට්ස් කඩේකට ගිහින්
    'මට දෘශ්‍ය චිත්‍රක අනුකුරුහුරුවක් දෙන්න' කියලා හෙම ඉල්ලනවද? නෑ නේද? ඉතින් කිසිම කෙනෙකුට මුළු ජීවිතේටම අවශ්‍ය නොවන වචන සියගානක් බලහත්කාරයෙන් කුඩා දරුවන්ට කටපාඩම් කරවීමෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ?



    මේ සිංහල ඉංග්‍රිසි පටලැවිල්ල අස්සේ අළුත් යමක් හිතන්න තරම් නිරවුල් බවක් පුංචි මොළවලට තියෙයිද?


    3. මෙ යොදලා තියෙන සිංහල වචනත් නිවැරදි ඒවද? අයි.ටී වලට අදාලව තිබෙන සියළුම ඉංග්‍රිසි යෙදුම් වලට අපි කොහොමහරි සිංහල වචන දානවා (මරලා හරි ගන්නවා) කියන ඇම්මෙන් දාපු වචන ගොඩයි නේද? ලොකු ඒවනං තේරෙන්නෑ. ස්කෑනරයට දාලා තියෙන්නේ 'සුපරීක්ෂකය' කියලා. ඒකෙන් තමා ඉතුරු ටික හිතාගත්තේ


    4. අපි ඉස්කෝලෙ යන දවස්වල අයි.ටී ඉගැන්නුවේ නැහැ. ඉස්කෝලෙන් අයින් වෙලා ඩිප්ලෝමා කඩවලින් තමයි ඉගෙන ගත්තේ. ඒවයෙදි ඔය අතරික්සීම්..තුළබැඳියාවල් වගේ අමු සිංහල නැතුව සාමාන්‍ය සිංහලෙන් ලෙසටම ඉගැන්නුවනේ. ඒවා ඉගෙනගෙන උගන්නපු ගුරුවරුත් කොරවෙන සයිස් වැඩ අපි කලානේ. ඒක නෙමේද වෙන්න ඕනේ?


    5. අපේ සාම්ප්‍රදායික අධ්‍යාපනයේ තියෙන්නේ දරුවන්ට තියා වැඩිහිටියන්ටවත් අනවශ්‍ය, ( හදිසියේවත් අවශ්‍ය වුනොත් සුළු ගූගල් සර්ච් එකකින් පහසුවෙන් සොයාගත හැකි) තොරතුරු මිලියන ගානක් කිසි තේරුමක් නැතුව පුංචි මොළවලට පුරවන එකයි. මේ අපරාධය අයි.ටී වලත් කරන්නේ ඇයි?


    6. සිංහල ඉගැන්නීම සිංහල භාෂා ඩිපාර්ට්මන්ට් එකට දීලා, ඔය සරළ ඉංග්‍රිසි වචනත් එක්ක සාමාන්‍ය සිංහලෙන් අයි.ටී විතරක් ඉගැන්නුවොත් නරකද?


    fb
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,493
    8,690
    113
    රූකඩ රාජ්ජේ
    දැන් ඉංග්‍රීසි උගන්වනවා කියන්නෙත් අමුතු විදියකට නේද? ඉංග්‍රීසි අකුරුවලින් සිංහල ශබ්ද එන විදියටලු .....
     

    terminator.101

    Well-known member
  • Feb 12, 2009
    703
    62
    63
    සිංහල රට
    ඇත්ත කතාව බං. මමත් IT උගන්නනවා. සිංහල කියා දෙන එක තමා එපාම වැඩේ. මම නම් දැන් කරන්නෙ ඒවා ඉංග්‍රීසියෙන්ම කියා දෙන එක. විභාගෙට ඉංග්‍රීසි වචන ලිව්වට අවුලක් නෑ හරියට අකුරක් වත් වරද්දන්නෙ නැතුව ලියනවා නම්. සිංහලෙන් තියෙන ඒවා කියවන්න ගියාම හිතෙනවා මේ මොන වඳුරු කුනුහරුපද කියල :growl:
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,829
    3,004
    113
    මංහසුරුව- Router
    උපලැකි- Attributes
    උපලැකියාන- Record
    සැනෙලි මතකය- Flash Memory
    අට්ටි දත්ත ව්‍යුහය- Stack
    සුපරීක්ෂකය- Scanner
    අංකිත කැමරාව- Digital Camara
    ඇඹරි යුගල- Twisted Pair
    ප්‍රකාශ තන්තු- Fiber Optics
    ක්ෂුද්‍ර සකසනය- Micro processor
    වාරක මතකය- Cache Memory
    සසම්භාවී ප්‍රවේශ මතකය- RAM
    දෘඩ තැටිය- HDD
    ඝන තත්වය- SSD
    භූතාර්ථ- Entity
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,053
    35,989
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මංහසුරුව- Router
    උපලැකි- Attributes
    උපලැකියාන- Record
    සැනෙලි මතකය- Flash Memory
    අට්ටි දත්ත ව්‍යුහය- Stack
    සුපරීක්ෂකය- Scanner
    අංකිත කැමරාව- Digital Camara
    ඇඹරි යුගල- Twisted Pair
    ප්‍රකාශ තන්තු- Fiber Optics
    ක්ෂුද්‍ර සකසනය- Micro processor
    වාරක මතකය- Cache Memory
    සසම්භාවී ප්‍රවේශ මතකය- RAM
    දෘඩ තැටිය- HDD
    ඝන තත්වය- SSD
    භූතාර්ථ- Entity



    යාලුවේ ඔයාගෙ පරිගනකයේ තියෙන්නෙ ඝන තත්වය ද දෘඩ තැටිය ද ?

    මගේ තියෙනෙන්නෙ ඝන තත්වය :)
    වඩාත් වේගවත්...

    මූසිකය රැහැන් රහිත එකක් යාලුවේ
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    යාලුවේ ඔයාගෙ පරිගනකයේ තියෙන්නෙ ඝන තත්වය ද දෘඩ තැටිය ද ?

    මගේ තියෙනෙන්නෙ ඝන තත්වය :)
    වඩාත් වේගවත්...

    මූසිකය රැහැන් රහිත එකක් යාලුවේ

    ඝන තත්ව තැටියක් ලෙස නිවැරදි විය යුතුයි
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,829
    3,004
    113
    යාලුවේ ඔයාගෙ පරිගනකයේ තියෙන්නෙ ඝන තත්වය ද දෘඩ තැටිය ද ?

    මගේ තියෙනෙන්නෙ ඝන තත්වය :)
    වඩාත් වේගවත්...

    මූසිකය රැහැන් රහිත එකක් යාලුවේ

    මගේ තියෙන්නේ දෘඩ තැටියක් යාලුවේ ඒක නිසා මගේ පරිගනකය සාපේක්ෂව මන්දගාමීයි රැහැන් සහිත මූසිකයක් සහ යතුරු පුවරුවක් තියෙන්නේ ඝට්ටන මුද්‍රකයකුත් තියෙනවා
     

    WaterMelon

    Active member
  • Aug 1, 2017
    377
    182
    43
    අභිභූතත්වය කියන්නෙ මොකක්ද බං ?


    මේ පුරුෂ තෙම කිපෙනසුලු වූයේ ක්‍රෝධයෙන් අභිභූත වූයේ ක්‍රෝධවශයට පැමිණියේ වෙයි. හෙ වැලිත් කොඳුපලස් අතුල මොළොක් ...

    රූපාරම්මණයන් නො ඉවසනුයේ (එයින් අභිභූත) වෙයි. ශබ්දාරම්මණයන් නො ඉවසනුයේ වෙයි. ගන්ධාරම්මණයන් නො ඉවසනුයේ වෙයි.

    මච්ඡෙරමල පරියුට්ඨිතාය පජාය - මසුරුමලෙන් අභිභූත වූ සත්ත්‍වයන් අතුරෙහි (ස්වකීය සම්පත් අන්‍යයන් හා සාධාරණ බව

    රාගයෙන් රත් වූ රාගයෙන් අභිභූත වූ රාගයෙන් වළඳනා ලද්දා වූ පුද්ගල තමහට වධ පිණිස ද, මෙරමාහට වධ පිණිස ද,



    :shocked::shocked:
     

    Sootin Ayya

    Active member
  • Mar 8, 2017
    149
    37
    28
    :lol::lol::lol: නූතන එළකිරි ප්‍රජාතන්ත්‍රවාදය විරුද්ද මත මර්දනය, :lol::lol::lol:


    Capture.jpg



    කල්ලි වාදයට එහා ගිය යමක් එළකිරියට අවශ්‍යයි...
    මගේ අම්මේ, තාත්තේ, සහෝදරයා, සහෝදරිය ඒ වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කරන්න.
    මාතෘ භූමියට ජයවේවා...
    කිරියට ජය වේවා....
    මට ජයවේවා

    ජයෙන් ජයම වේවා...!!


    xwn0Ayl.png