අඹේවෙල ගොවිපලට චාරිකාවක් (New Zealand Farm)

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
අඹේවෙල ගොවිපලට චාරිකාවක් (New Zealand Farm)

අපි අඹේවෙල ගොවිපලට ගියේ හවස 04.00 ට විතර. අවට පරිසරයේ දේශගුණික තත්වයන් නිතර වෙනස් වෙනවා මේ ප්‍රදේශයේ. නවසීලන්තයෙන් ගෙන්වන ලද විශේෂ තණකොළ සිටුවන ලද අක්කර ගණන් විශාල තෘණ භූමි විශාල ප්‍රමාණයක් මේ ගොවිපල සතුයි. එළදෙනුන්, හාවන් මෙන්ම එළුවන්ද මෙහි සිටිනවා. එළදෙනුන් 6000 පමණ සිටින මේ ගොවිපලේ එක එළදෙනෙකුගේ බර කිලෝ 500ත් 600ත් අතර වෙනවා. ඒ අයත් නවසීලන්තෙන් ගෙන්වලා අභිජනනය කරපු අය. ඒ එක එළදෙනෙකුගෙන් දිනකට කිරි ලීටර් 4ක් දොවා ගන්නවා යන්ත්‍රානුසාරයෙන්.

ගොවිපලට පිවිසෙන මඟ දෙපස ගොඩාක් ලස්සනට මල් වවලා සංචාරක ආකර්ශණය නිතැතින්ම ලැබෙන විදියට තමයි අවට පරිසරයත් නිර්මාණය කරලා තියෙන්නෙ.


12561425.jpg


12561434.jpg


12561439.jpg


12561443.jpg


මේ අයට තණකොළ වගේම ඒ අය වෙනුවෙන් විශේෂයෙන් හදපු තවත් ආහාරයක් ලබා දෙනවා මෙන්න මේ ගොඩනැගිල්ලට මේ දෙනුන් ව ගාල් කරලා.

මෙහි සිටින දෙනුන් එහි ඇතුල් කිරීමේදී තමන්ට අදාළ ස්ථානය වෙත ගමන් කොට එහි සිට කෑම ගැනීමට පුරුදු පුහුණු කර සිටිනවා. ඒ අය ආහාර අරගෙන ඉවර වුණාම තමයි අනිත් අය එන්නෙ. ළමයි එක පෙළට පාසල් යනවා වගේ තමයි කට්ටිය බොහොම පිළිවෙලට එන්නෙ.

12561462.jpg


12561465.jpg


12561476.jpg


12561483.jpg


මේ ඉන්නෙ අභිජනනය කරපු පැටවුන් එයාලා තව ටික දවසකින් වැඩුණු දෙනුන් බවට පත් වෙනවා. ඒ අතර තුර කාළය තුල මෙයාලට ආහාර ගැනීමේ ක්‍රියාවලියේ සිට සියල්ල පුරුදු පුහුණු කරනවා.

12561490.jpg


12561499.jpg


12561505.jpg


12561509.jpg


උදෑසන 08.30 දහවල් 01.30 සහ සවස 05.30 කියන වෙලාවල් වලට තමයි මෙයාලගෙ කිරි ලබා ගැනීම කරන්නෙ. කිරි ගන්න කළින් එයාලව වෙනම ස්ථානයකදි පොඩ්ඩක් නාවලා තමයි යන්ත්‍රාගාරයට ඇතුල් කරන්නෙ.

12561539.jpg


12561547.jpg


12561547.jpg


12561553.jpg


මේ ඉන්නෙ අභිජනනය කරන ලද පැටවුන්. මේ අයව කෑමට හුරු කරලා තියෙන්නෙ. තව ටික කාළයකින් මේ අයත් කිරිලබා ගැනීමේ කාර්‍යන් සඳහා යොදා ගන්නවා. ඒ අතර තුර කාළය තුළ මේ පැටවුන්ට එක පෙළට ගමන් කිරීමේ සිට සියළුම ක්‍රියාකාරකම් පුරුදු පුහුණු කරනවා.

12561564.jpg


Next -->

අලියෙකුට වඩා පොඩ්ඩක් පොඩි පට්ටි ගොනා.
12561785.jpg


මාංශ සඳහා ඇති කරන හාවුන්.
12561792.jpg


කිරි සහ මාංශ සඳහා ඇති කරන එළුවන්
12561798.jpg


තව පිංතූර 40ක් විතර තියෙනවා... වෙලාව ලැබුණම ඒවත් දාන්නම්. විශේෂයෙන්ම පට්ටි ගොන්නු 3 දෙනාගේ පින්තූර :lol: තව එළු පට්ටියේ සහ හාවුන්ගෙ ඒවා.
 

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
rep+++6

කුඩල්ලෝ හිටියේ නැද්ද ?

මුළු tour එකටම දැක්කෙ එක කූඩැල්ලයි. හැබැයි ඌව දැක්කෙත් නුවරෑළියෙදි. අඹේවෙල farm එකේදි නම් එක කූඩැල්ලෙක් වත් දැක්කෙ නෑ මචෝ. :yes:
 

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
wow.....nice machan:) rep+

machan mas walata athi karana hawun kiyanne,ungen ha mas gannawada :shocked::shocked:

එතන හා මස් විකුණනවා 1kg රු. 800/- ක් වෙනවා. පෝලන්තය, නවසීලන්තය වගේ රටවල් වලින් ගෙන්නලා කෘතිම සිංචනය මඟින් බෝ කරපු හාවො තමයි ඉන්නෙ. උන් පට්ට සයිස්. උන්ව දැක්කම කන්න හිතෙන්නෙ කොහොමද මන්දා බං, පුළුන් බෝල වගේ මාරම ලස්සනයි.
 

xeroace

Member
Mar 25, 2013
254
16
0
Everywhere
එතන හා මස් විකුණනවා 1kg රු. 800/- ක් වෙනවා. පෝලන්තය, නවසීලන්තය වගේ රටවල් වලින් ගෙන්නලා කෘතිම සිංචනය මඟින් බෝ කරපු හාවො තමයි ඉන්නෙ. උන් පට්ට සයිස්. උන්ව දැක්කම කන්න හිතෙන්නෙ කොහොමද මන්දා බං, පුළුන් බෝල වගේ මාරම ලස්සනයි.

apoo pawune ban :(
 

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Serama hari ekak hara. Mas kathawa anumatha karanna baha. Wayasata giyama ahinsaka sathun maragena kanne. Ahinsaka sathun marana eka navatthala, a venuwata unge goma walin gas electricity ganna power plants hadanna puluwanne. Ahinsaka sathun wayasata gihilla marenakamma goma ganna puluwanne gas power sadaha.