අඹේවෙල ගොවිපලට චාරිකාවක් (New Zealand Farm)
අපි අඹේවෙල ගොවිපලට ගියේ හවස 04.00 ට විතර. අවට පරිසරයේ දේශගුණික තත්වයන් නිතර වෙනස් වෙනවා මේ ප්රදේශයේ. නවසීලන්තයෙන් ගෙන්වන ලද විශේෂ තණකොළ සිටුවන ලද අක්කර ගණන් විශාල තෘණ භූමි විශාල ප්රමාණයක් මේ ගොවිපල සතුයි. එළදෙනුන්, හාවන් මෙන්ම එළුවන්ද මෙහි සිටිනවා. එළදෙනුන් 6000 පමණ සිටින මේ ගොවිපලේ එක එළදෙනෙකුගේ බර කිලෝ 500ත් 600ත් අතර වෙනවා. ඒ අයත් නවසීලන්තෙන් ගෙන්වලා අභිජනනය කරපු අය. ඒ එක එළදෙනෙකුගෙන් දිනකට කිරි ලීටර් 4ක් දොවා ගන්නවා යන්ත්රානුසාරයෙන්.
ගොවිපලට පිවිසෙන මඟ දෙපස ගොඩාක් ලස්සනට මල් වවලා සංචාරක ආකර්ශණය නිතැතින්ම ලැබෙන විදියට තමයි අවට පරිසරයත් නිර්මාණය කරලා තියෙන්නෙ.
මේ අයට තණකොළ වගේම ඒ අය වෙනුවෙන් විශේෂයෙන් හදපු තවත් ආහාරයක් ලබා දෙනවා මෙන්න මේ ගොඩනැගිල්ලට මේ දෙනුන් ව ගාල් කරලා.
මෙහි සිටින දෙනුන් එහි ඇතුල් කිරීමේදී තමන්ට අදාළ ස්ථානය වෙත ගමන් කොට එහි සිට කෑම ගැනීමට පුරුදු පුහුණු කර සිටිනවා. ඒ අය ආහාර අරගෙන ඉවර වුණාම තමයි අනිත් අය එන්නෙ. ළමයි එක පෙළට පාසල් යනවා වගේ තමයි කට්ටිය බොහොම පිළිවෙලට එන්නෙ.
මේ ඉන්නෙ අභිජනනය කරපු පැටවුන් එයාලා තව ටික දවසකින් වැඩුණු දෙනුන් බවට පත් වෙනවා. ඒ අතර තුර කාළය තුල මෙයාලට ආහාර ගැනීමේ ක්රියාවලියේ සිට සියල්ල පුරුදු පුහුණු කරනවා.
උදෑසන 08.30 දහවල් 01.30 සහ සවස 05.30 කියන වෙලාවල් වලට තමයි මෙයාලගෙ කිරි ලබා ගැනීම කරන්නෙ. කිරි ගන්න කළින් එයාලව වෙනම ස්ථානයකදි පොඩ්ඩක් නාවලා තමයි යන්ත්රාගාරයට ඇතුල් කරන්නෙ.
මේ ඉන්නෙ අභිජනනය කරන ලද පැටවුන්. මේ අයව කෑමට හුරු කරලා තියෙන්නෙ. තව ටික කාළයකින් මේ අයත් කිරිලබා ගැනීමේ කාර්යන් සඳහා යොදා ගන්නවා. ඒ අතර තුර කාළය තුළ මේ පැටවුන්ට එක පෙළට ගමන් කිරීමේ සිට සියළුම ක්රියාකාරකම් පුරුදු පුහුණු කරනවා.
Next -->
අලියෙකුට වඩා පොඩ්ඩක් පොඩි පට්ටි ගොනා.
මාංශ සඳහා ඇති කරන හාවුන්.
කිරි සහ මාංශ සඳහා ඇති කරන එළුවන්
තව පිංතූර 40ක් විතර තියෙනවා... වෙලාව ලැබුණම ඒවත් දාන්නම්. විශේෂයෙන්ම පට්ටි ගොන්නු 3 දෙනාගේ පින්තූර
තව එළු පට්ටියේ සහ හාවුන්ගෙ ඒවා.

rep+