අඹ ගහට වෙලා තියෙන දේ

Misc_User

Active member
  • Jun 9, 2018
    273
    133
    43
    පහළ තියෙන්නෙ අපේ මිදුලෙ තියෙන අඹ ගහේ කොළයක්. ගහ ගොඩක් ලොකු නෑ. ප්‍රධාන අතු දෙකක් තියෙනවා. ඉන් එක් අත්තක, පොඩි අතු වලයි, කොළ වලයි, සමහර කොළ වල නැටි වලයි පහළ පොටෝ එකේ තියෙන විදියේ සුදු පාට ගැටිති තියෙනවා.

    කවුරුහරි දන්න කෙනෙක් කියනවද මේ පරපෝෂිකයෙක්ද, මොකක්ද කියලා?
    අතු, කොළ ඉවත් කිරීමකින් තොරව මේ අත්ත බේර ගන්න විදියක් තියෙනවද?

    ස්තූතියි!

    AJc5JmQ-S-ih83SyZmVfFUzexoX45wFoPB336UvIJT4Uih9_14OudWApY6-2l3bsPuAr1TR7RX_sfg8=w1350-h940
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    ado ohoma oya dakkamai. 🤢🤮
    eka aththaka witharak nam ikmanata e aththa kapala puchchala danna.
    laga govijana ekak thiyenawanam ekata me photo eka pennala behethak ahan gahatama gahanna ikmanata.

    samaharawita meyalata image ekath ekka mail ekak dammoth help ekak dei. but parakku karanna epa.
    https://www.ceylonagri.lk/contact-us/
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අපේ රටේ වගාවේ අවසානයද??

    මේ ඉන්නේ සුදු මැස්සා .(අනුවර්තනය වෙන්න කියාපු බඩුව)දැන්ම ගිහින් බලන්න ඔගොල්ලන්ගේ පොල් ගහේ , තැබිලි ගහේ,පේර ගහේ ,අඹ ගහේ, නයි මිරිස් ,තක්කාලි ගහේ මේගොල්ලෝ ඉන්නවද කියලා ,තැඹිලි ගහ නම් දැනටමත් කොල කහ වෙලා විනාස වෙලා ඇති .

    තාම ලොකුම හානිය තියෙන්නේ කලුතර දිස්ත්‍රික්කයේ .

    හානිය .

    පත්‍රයේ යුශ උරා බොමින් පත්‍රයේ යටි පැත්තේ රංචු වශයෙන් මකුළු දැලක් වගේ බැදගෙන ජීවත් වෙනවා.පත්‍රයට වන හානියෙන් ගහ,අස්වැන්න බාල වෙනවා .virus රෝග ඉතාම වේගයෙන් පතුරනවා.මෙයා ආව කියන්නේ වගාව ඉවරයි .

    (එහෙම කියන්නේ මෙයත් එක්ක අවුරුදු ගානක් පොර බැදලා නයි අන්තිමට නයි මිරිස් වගාව අතහැරලා දාපු ගොවියෙක් විදිහට )

    අනුවර්තනය .

    මෙයා කලින් හිටියේ නයි මිරිස් ,තක්කාලි වගේ වගාවල.කිසිම කාබනික , රසායනික පලිබෝධනාශකයකින් පාලනය කරන්න බෑ.මොනවා ගැහුවත් ටික දවසකින් ආයිත් එනවා.ඒ කාලේ මෙයා පියැබුවෙ අඩි 4ක්,5ක් උසට විතරයි .ඒ කාලේ අඩි 9ක් උස insect proof net එක ගැහුවානම් වගාව වටේට මෙයාගේ හානිය අවම කරගන්න පුලුවන් .
    හැබැයි අද මෙයා අඩි 50,60 පොල් ගස් වලටත් ගිහින් .පොලවේදි අපිට කරගන්න බැරිඋන දේ කොහොමද අඩි 50,60 දී කරන්නේ .??

    පාලනය .

    පොල් සංවර්ධන මණ්ඩලය කියනවා මෙයාව Marshall 20, Actara, Verteco,BMPC වලින් පාලනය කරන්න පුලුවන් කියලා .(එහෙම පුලුවන් උනානම් අද ගොඩාක් නයි මිරිස් ගොවියෝ යන්නේ Benz වල)
    එකත් පොල් ගහකට ගහන්න ගස් නගින මනුස්සයාට PPE Kit එකක් ගස්සලා නග්ගන්න ඕනී.නැත්තං ටික කාලෙකින් මිනිහා මැරෙනවා මේවා ඇගට වැදිලා .

    ඇත්තටම ලෝකේ කොහෙවත් මෙයාව 100% පාලනය කරන්න බෙහෙතක් නෑ.මෙයාගේ සීග්‍රයෙන් අනුවර්තනය වීමේ හැකියාව නිසා.
    ක්‍රම කිහිපයක් තියෙනවා පාලනයට .
    *Polly tunnel තුල වගාව .
    *අධික පීඩනයකින් ජලය ඉසීම.
    *කොහොඹ තෙල් ඉසීම
    *ස්වාභාවික විලෝපිකයන් මගින් .

    ඔයාගේ පොල් ගහක වගේ ඉන්නවනම් පුලුවන් උසක නම් pressure gun එකකින් වතුර ගහන්න,
    (එලිමහන් )තක්කාලි නයි මිරිස් වගේ නම් හෝස් එකකින් වතුර දාන්න .(මල් හැලෙන්නත් පුලුවන් )
    කොහොබ තෙල් සබන් වතුරෙන් දියකරලා ඉහින්න.
    සීනියාස් වගේ මල් ගස් හිටවන්න.ඒවාට එන කෘමීන් මේ අයව ආහාරයට ගන්නවා.
    පුලුවන් තරම් කුරුල්ලන් ව වගා බිමට ගෙන්වා ගන්න එගොල්ලොත් මේ අයව ආහාරයට ගන්නවා .

    අපේ රටට මෙයා ආව කියන ඉන්දියාවේ මෙයාව පාලනය කරන්නේ විලෝපිකයෙක් මගින්.

    පොල් සංවර්ධන මණ්ඩලය කියන විදිහට අපිත් ලංකාවට එයාව ගේන්න උත්සහ .(තාම උත්සහ )
    ගෙනාවත් එයාව එකපාරට අපේ පරිසර පද්දතියයට මුදා හරින්න බෑ.අවම අවුරුද්දක් වත් අත් හදා බැලීම් කරන්න ඕනි ඒ වැඩෙට.

    ඒ වෙද්දී අපේ වගාවල් බොහොවිට විනාස වෙලා.අවසාන වශයෙන් කියන්නේ මේක පාලනයට රාජ්‍ය අනුග්‍රහයක් අත්‍යාවශ්‍යයි.

    මේක ගොවියන්ට කරන්න පුලුවන් දෙයක් නෙවෙයි පොල් සංවර්ධන මණ්ඩලය ,කෘශි නිලධාරීන් ,
    බලධාරීන් , තමන්ගේ කාර්ය කරපියව්...

    FB

    අපේ රටේ වගාවේ අවසානයද??

    D6CNRFQ.jpeg
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,665
    113
    ඔය පිටි මකුණා නෙවෙයි. අපේ අඹ ගහෙත් ඔහොම තිබුනා. අතින් කපන්න පුළුවන් හරියෙ තියෙන අතු කපලා දැම්මා. ටික කාලෙකින් උන් වඳ වෙලාම ගියා. සුදු කැරපොත්තා හරි පොත්තා වගේ අමුතු නමක් ඕකුන්ට තියෙන්නෙ. දිමියො කූඹි තමයි ඕකුන්ව එක තැනකින් තව තැනකට ගිහින් දාන්නෙ. ඔය සත්තු ජරා කරන ඒවා දිමියො කනවලු.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඔය සත්තු ජරා කරන ඒවා දිමියො කනවලු.
    මාර්ටින් වික්‍රමසිංහ ගේ අපි නොදන්න සත්තු වගේ නමක් තියෙන පොතකින් තමා මේ සතා ගැන දැනගත්තෙත්.. පොතේ නම් මූට කියන්නේ ලෑටියා කියල.. කුඹි දිමියෝ එහෙම ගිහින් උගේ ඇන්ටනා වලින් ලෑටියගේ පුක කිතිකවනවලු.. එතකොට ඌ මොකක්ද ශ්‍රාවයක් යවනවලු.. කුබි ඕක කන්න ආස නිසා මිනිස්සු එලදෙන්නු තියාගන්නවා වගේ මුන්ව පෝෂණය කරගෙන බලා ගන්නවලු...:)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,094
    113
    මාර්ටින් වික්‍රමසිංහ ගේ අපි නොදන්න සත්තු වගේ නමක් තියෙන පොතකින් තමා මේ සතා ගැන දැනගත්තෙත්.. පොතේ නම් මූට කියන්නේ ලෑටියා කියල.. කුඹි දිමියෝ එහෙම ගිහින් උගේ ඇන්ටනා වලින් ලෑටියගේ පුක කිතිකවනවලු.. එතකොට ඌ මොකක්ද ශ්‍රාවයක් යවනවලු.. කුබි ඕක කන්න ආස නිසා මිනිස්සු එලදෙන්නු තියාගන්නවා වගේ මුන්ව පෝෂණය කරගෙන බලා ගන්නවලු...:)
    @erozan වෙන්නත් පුලුවන් නම නන්. ඌත් ඔහොමනෙ රනිල ගාව ඉන්නව කියන්නෙ.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    පහළ තියෙන්නෙ අපේ මිදුලෙ තියෙන අඹ ගහේ කොළයක්. ගහ ගොඩක් ලොකු නෑ. ප්‍රධාන අතු දෙකක් තියෙනවා. ඉන් එක් අත්තක, පොඩි අතු වලයි, කොළ වලයි, සමහර කොළ වල නැටි වලයි පහළ පොටෝ එකේ තියෙන විදියේ සුදු පාට ගැටිති තියෙනවා.

    කවුරුහරි දන්න කෙනෙක් කියනවද මේ පරපෝෂිකයෙක්ද, මොකක්ද කියලා?
    අතු, කොළ ඉවත් කිරීමකින් තොරව මේ අත්ත බේර ගන්න විදියක් තියෙනවද?

    ස්තූතියි!

    AJc5JmQ-S-ih83SyZmVfFUzexoX45wFoPB336UvIJT4Uih9_14OudWApY6-2l3bsPuAr1TR7RX_sfg8=w1350-h940
    සබන් කුඩු ටිකක් දියකරලා සැරට හිටින විදිහට ඕකුන්ට ස්ප්‍රේ කරපන් හරිගියා මගේ කර්තකොලොම්බන් ගහේ. ඔකුන් පොත්තෙන් යුෂ උරා බොනවා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,665
    113
    මාර්ටින් වික්‍රමසිංහ ගේ අපි නොදන්න සත්තු වගේ නමක් තියෙන පොතකින් තමා මේ සතා ගැන දැනගත්තෙත්.. පොතේ නම් මූට කියන්නේ ලෑටියා කියල.. කුඹි දිමියෝ එහෙම ගිහින් උගේ ඇන්ටනා වලින් ලෑටියගේ පුක කිතිකවනවලු.. එතකොට ඌ මොකක්ද ශ්‍රාවයක් යවනවලු.. කුබි ඕක කන්න ආස නිසා මිනිස්සු එලදෙන්නු තියාගන්නවා වගේ මුන්ව පෝෂණය කරගෙන බලා ගන්නවලු...:)
    :yes::yes:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඔය පිටි මකුණා නෙවෙයි. අපේ අඹ ගහෙත් ඔහොම තිබුනා. අතින් කපන්න පුළුවන් හරියෙ තියෙන අතු කපලා දැම්මා. ටික කාලෙකින් උන් වඳ වෙලාම ගියා. සුදු කැරපොත්තා හරි පොත්තා වගේ අමුතු නමක් ඕකුන්ට තියෙන්නෙ. දිමියො කූඹි තමයි ඕකුන්ව එක තැනකින් තව තැනකට ගිහින් දාන්නෙ. ඔය සත්තු ජරා කරන ඒවා දිමියො කනවලු.
    Aththa kathawa api kukullu, harak farm karanawa wage dimiyo okunge farm danawa. eetapasse unge ena juice ekak un bonawa.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,665
    113
    Aththa kathawa api kukullu, harak farm karanawa wage dimiyo okunge farm danawa. eetapasse unge ena juice ekak un bonawa.
    කූඹි 10ක් විතර වට වෙලා බිම තියෙන බත් ඇට බිස්කට් කෑලි එහෙම අරන් යන්නෙ. ඒ වගේ මුන්ව උස්සගෙන පැතිරිලා නැති අතු වලට ගෙනියනවා මම හොඳට බලන් ඉඳලා තියෙනවා. මම ඊට කලින් හිතන් හිටියෙ දිමියො මුන්ව කනවා කියලා. සීන් එක දැනගත්තට පස්සෙ දිමියො ගැන කලකිරුනා.