අයවැය එනකම් වාහන ගන්න එපා
රථවාහන වලට පනවා තිබූ බදු වැඩි කිරීම සහ එමගින් රථ වාහන මිල වැඩි කිරීම වත්මන් රජයට එල්ල වූ විශාල චෝදනාවකි. කෙසේ වෙතත් සාමාන්‍ය ජනතාවට සිහිනයක්ව තිබෙනා වාහන සිහිනය තව දුරටත් සිහිනයක් නොවී යථාර්තයක් වීමට යන බවට වන පුවතක් වාර්තා වෙනවා.
ඒ අනුව මෙවර අයවැයෙන් පසු කුඩා ප්‍රමාණයේ මෝටර් රථවලට සහ විදුලි මෝටර් රථවලට පනවා ඇති බදු අඩු කිරීමට මුදල් ඇමැති මංගල සමරවීර අවධානය යොමුකර ඇතැයි වාර්තා වේ.
හරිත පරිසරයක් ගොඩනැඟීමේ ජාත්‍යන්තර සංකල්පයට අනුව ඉන්ධන මගින් ධාවනය වන වාහන භාවිතය අවම කිරීම මුදල් ඇමැතිවරයා මෙම පියවර ගැනීමට හේතුව බව ද මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අනුව විදුලි කාර් සඳහා සහ එන්ජින් ධාරිතාව සී. සී. 800 මෝටර් රථ සඳහා බදු ඉවත් කිරීමට අවධානය යොමුකර ඇත. මෙලෙස කුඩා සහ විදුලි මෝටර් රථ මිල අඩු කර ඒවා භාවිතය බහුල කිරීම රජයේ අරමුණ බව ද වාර්තා වේ.
Source

puluwan nam thawa wedi karao apita podi ewa ganna