වාහනය පදවා තරුණයා
හැප්පුවේ ඇමති චම්පිකයි..
මෙන්න ඇසින් දුටු සාක්‍ෂි..
ගහන්න එපා මම පාඨලී චම්පික, මගේ වරද මම පොලිසියට බාර වෙනවා කියලා..
ෆේස් බුක් පෝස්ට් දාලා තියෙනවා කියලා ගෙදර අම්මටයි, තාත්තටයි රෝහලේ ඉන්න දරුවා බලන්න දීලත් නැතිලු..
දැනට කොළඹ ජාතික රෝහලේ අසාධ්‍ය තත්වයෙන් ප‍්‍රතිකාර ලබන තරුණයා ඇමති පාඨළි චම්පික රණවක විසින් පැදවූ ජීප් රථයේ ගැටෙනු තමන් ඇසින් දුටු බවත් ඇමතිවරයා හඳුනාගත් බවත් එම අනතුර සිදුවන අවස්ථාවේ එහි සිටි පුද්ගලයෙකු පවසයි.
අනතුර සිදුකර ඇමතිවරයා පලා යන්නට උත්සාහ කල බවත් තමන් හා තවත් පිරිසක් එක්ව එම රථය හඹා ගොස් නවතා බලද්දී එය පැදවූයේ ඇමති රණවක විසින් බවත් ඔහු පවසයි.
පසුව පොලීසියට වෙනත් රියදුරෙකු ඉදිරිපත් කර තම පැමිණිල්ල පවා වෙනස් කර ඇති බවද ඔහු මෙසේ කියා සිටියේය.
‘‘එයා ඇක්සිඩන්ට් එක වෙච්ච තැන පාරෙන් චුට්ටක් වෙලා නවත්තන් ඉදලා පොඞ්ඩක් බලලා එකපාරට එයා පැනලා යන්න හැදුවා. ෆලෝ කරලා ගිහින් අල්ලනකන් දන්නෑ එයා පාඨලී රණවක කියලා මොකද එයා ගාඞ්ස්ලා, ඩ‍්‍රයිවර්ස්ලා කවුරැුත් නැතුව සාමාන්‍ය මිනිහෙක් විදියට ගියේ වාහනේ. අපි ගිහිල්ලා ෆලෝ කරලා එයාව නවත්තගෙන දොර ඇරලා මම ඩ‍්‍රයිවර්ගේ පැත්තේ නෙවෙයි අනිත් පැත්තේ දොර ඇරලා එයාට ගහන්න ගියා මම දන්නෑ කවුද කියලා. ගහන්න යද්දී තමයි එයා කිව්වේ මම පාඨලී චම්පික ගහන්න එපා මගේ වැරුද්ද මම පිලිගන්නවා ඔයා එන්න බොරැුල්ල පොලිසියට මාත් එක්ක යන්න මං බාර වෙනවා කියලා.
එතකොට මං බොරුල්ල පොලිසියට එයත් එක්ක යද්දී මට මොනවා හරි දෙයක් කළොත් හින්දා මම කිව්වා එයාට මට අයි.ඞී එක දෙන්න ඔයාගේ මට ඔයත් එක්ක පොලිසියට යන්න එන්න බැහැ ඔයා මට මොනවා කරයිද කියලා මං දන්නෑ ඔයා මට අයිඞී එක දෙන්න නැත්නම් ගහනවා කිව්වා. එයා ඒ වුනාට අයි.ඞී එක දුන්නෑ මොකුත් කරේ නෑ. ඊට පස්සේ වාහනේ නම්බර් එක බලාගෙන ආවා ණක්-7545 නම්බර් එක බලාගෙන ආවා. ඊට පස්සේ අපි එදාම ? වැලිකඩ පොලිසියට ගියාට පස්සේ පැය ගාණකට පස්සේ තමයි අපේ කට උත්තරෙත් ලිව්වේ ඒක ලිව්වෙත් බිලක වගේ සාමාන්‍යයෙන් බිල් පොතක වගේ අන්තිම කොල දෙකක වගේ තමයි ලිව්වේ. ඊට පස්සේ ඊයේ පොලිසියට ගියාම වාහනෙත් ගෙනල්ලා තිබ්බා වාහනේ නම්බර් ප්ලේට් ඔක්කොම වහලා පොලිසියේ දාලා තිබ්බේ.
පස්සේ අපිට කිව්වා ඒ ඇක්සිඩන්ට් එක කරපු කෙනා බොරැුල්ලේ පොලිසියට බාර වුණා ඊට පස්සේ එයා වැලිකඩ පොලිසියට අරන් ඇවිල්ලා එයාට ඇප දුන්නා කියලා. අර ළමයා අයි.සී.යූ එකේ ඉන්නවා අච්චර එයාට කොහොමද ඇප දුන්නේ. අපි කවුරැුත් දන්නෙත් නෑ කවුද හැප්පුවේ කියලා දන්නෙත් නෑ කියලා කිව්වා. අපි ඇහුවා කවුද ඇක්සිඩන්ට් එක කළේ කියලා. මම ඇසින් දුටු සාක්ෂි නේ. ඊට පස්සේ කිව්වා පොලිසියෙන් නෑ දන්නෑ අපි දන්නේ කොහොමද ඒ ගොල්ලන්ව. මම කිව්වා පාඨලී චම්පික ඇක්සිඩන්ට් එක කළේ ඕගොල්ලො කොහොමද එහෙම කියන්නේ කියලා. ඊට පස්සේ කිව්වා නෑ එහෙම කෙනෙක් නම් නෙවෙයි වෙන එක්කෙනෙක් වෙන්න ඇති එයා ඇවිල්ලා බාර වෙලා එයාට ඇප දුන්නා කියලා ඉතිං එහෙම දෙයක් වෙන්නේ කොහොමද ?
එයා මට කිව්වත් එක්ක මම පාඨලී චම්පික කියලා ඊට පස්සේ මට අදුරගන්න පුළුවන් වුනා මූණෙන්. එයා ඩ‍්‍රයිව් කර කර හිටියේ. එයා තනියෙන් හිටියේ. ඇමතිතුමාමයි ඩ‍්‍රයිව් කරේ. ඇක්සිඩන්ට් එක වුණේ රාජගිරියේ ආයුර්වේදේ ගාව ඉරිදා ? 10ට. එයා බයික් එකේ ඉස්සරහා යද්දි නිසාන් පෙට්රල් එක අනිත් පැත්තේ පාරේ එහා කෙළවරේ ඉදන් මේ පැත්තට දාලා තියෙනවා. දාද්දී බයික් එකේ පිටිපස්සේ වැදිලා. හැපිච්ච ළමයා දැඩි සත්කාරේ ජෙනරල් හොස්පිටල් එකේ. අද අනික එයාව බලන්න දීලත් නෑ ෆේස් බුක් පෝස්ට් දාලා තියෙනවා කියලා ගෙදර අම්මටයි, තාත්තටයි බලන්න දීලත් නෑ එයාව.‘‘
ඊයේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාද අදහස් දක්වමින් පවසා තිබුණේ ආලපාළු ඇමතිවරයා විසින් තරුණයන් දෙදෙනෙකු යටකර ඇති බවයි. එහිදී ඔහු මෙසේද පවසා තිබුණි.
‘‘ආලාපාළු ඇමතිවරයා තනියෙන් වාහනයක් එලවගෙන ගිහිල්ලා දෙදෙනෙක් හප්පලා එක තරුණයෙකුට අද ඉතා අසාධ්‍යයි. නමුත් ඔහුව අත්අඩංගුවට ගැනීමක් නෑ. නීතිය නිසි පරිදි ක‍්‍රියාත්මක වීමක් නෑ. ඔහු හප්පලා එතැන නතර නොකර යන්න ගියා තරුණයෝ වාහනේ පිටුපස හඹාගෙන ගිහිල්ලා නතර කර ගත්තා. එතකොට තමයි මම අහවල් ඇමති කියලා බැස්සේ. විශාල සහතියක් දීලා එතැනින් කොහොම හරි ගැලවිලා ගියා. ඉතින් ඇමතිවරයෙකුය පුළුවන්නම් වාහනේ එලවගෙන ගිහිල්ලා ඕන තරැුණයෙක්ව යටකරගෙන ආරක්ෂා වෙන්න මොකක්ද මේ රටේ නීතිය. හිරුණිකාට නීතිය ක‍්‍රියාත්මක වුනෙත් නෑ ආලාපාළු ඇමතිතුමාටත් නීතිය ක‍්‍රියාත්මක වෙන්නේ නෑ.‘‘
මේ වන කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන තරුණයාගේ නැන්දනියක්ද සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණි.
‘‘චම්පික රණවකගේ වාහනේ තමයි හැප්පිලා තියෙන්නේ. තව ළමයි දෙන්නෙක් එයාගේ පස්සෙන් එලවලා තමයි එයා දාලා ගිහිල්ලා ඊට පස්සේ එලවලා තමයි අල්ලලා තියෙන්නේ. ළමයාවත් ගෙනිහින් තිබුණේ නෑ. අයි.සී.යූ එකේ ඉන්නේ දැන් දවස් තුනක් විතර වෙනවා ඒ ගොල්ලෝ නිකන්වත් බලන්නවත් ආවේ නෑ‘‘ යනුවෙන් ඇය පැවසීය.

kalakanni bike karayo ohomamai