2012 දී අයිස්ලන්තයේ ගිනිකන්දක් බලන්න ගිය සංචාරක කණ්ඩායමකට මේක වෙලා තියෙන්නේ. කැඳ නැගල ආපහු එනකොට විවේකාගාරයක බස් එක නවත්තුවම මේ කාන්තාව ඇඳුම් මාරුකරගෙන makeup දාගෙන තියනව. සංවිධායකයොන්ට මීටර් වෙලා තියනව කලින් හිටපු මනුස්සයෙක් බස් එකේ නැහැ කියල. නැතිවෙච්ච කෙනාගේ නම කතා කරනකොට නම උච්චාරණය කරලා තියෙන්නේ වෙනස් විදිහට. පස්සේ නැති වෙච්ච කෙනාගේ හැඩ හුරුකම් කියල කට්ටිය මෙයාව හොයන්න පටන් අරගෙන. එතකොටවත් මේ ගැනු කෙනාට මීටර් වෙලා නෑ මේ හොයන්නේ එයාවම කියල. අන්තිමේ හෙලිකොප්ටරුත් අවට පස්සේ තමයි නඩේ එකෙක්ට මීටර් වෙලා තියෙන්නේ හොයන කෙනා ඒ අය එක්කම එකතු වෙලා එයාව හොයනවා කියල.

