අයිස් ගැන පැතුම්ගෙගෙනප් පුළුල් විග්‍රහයක්

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    අයිස් අයිස්...

    ලෝක මත්ද්‍රව්‍ය වෙළඳාමේ ප්‍රධාන ජාලා 3කි.

    දකුණු ඇමෙරිකාවේ පමණක් වැවෙන කෝකා ශාඛයෙන් නිපැයෙන කෝකෙන් එක් ජාලයකි. ඇෆ්ගනිස්තානයේ යායට වැවෙන පොපි වගාවන්ගෙන් නිශ්පාදනය වන හෙරොයින් දෙවන ජාලයයි. ඖෂධ හා කෘතිම සංඝටක ආශ්‍රයෙන් විද්‍යාගාර වැනි කර්මාන්ත ශාලා වල නිපැයෙන අයිස් හා මත්පෙති වර්ග තෙවන ජාලය යි. දකුණු ඇමෙරිකාවේ කෝකෙන් ජාලයෙන් ලංකාවට සැපයුම් ලබා ගැනීම ඉතා දුෂ්කර වන්නේ ගෝලීය පිහිටීමෙන් ඇතිවූ දුර නිසා ය. විශාල දුරක් යෑමට විවිධ රටවල් ගණනාවක අනීතික මාර්ග සොයා ගැනීම ඉතා වියදම් කටයුත්තක් බැවින් කොකේන් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ සාපේක්ෂව කුඩා ප්‍රමාණ වලින් වන අතර ඒහි මිළ සාපේක්ෂව ඉහළ ය.

    එහෙත් ලෝක හෙරොයින් නිශ්පාදනයෙන් 75% ක් සපුරන ඇෆ්ගනිස්තානයේ සිට ශ්‍රී ලංකාවට හෙරොයින් ලබා ගැනීම එතරම් අපහසු නොවේ. මේ ගෝලීය ජාවාරම් ජාලයේ හෙරොයින් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ද වැදගත් මංසන්ධියකි. මේ ජාවාරම් ජාල පවත්වා ගෙන යන අන්තර්ජාතික වෙළඳපොළ කාර්ටල් විසින් ඒ සඳහා තෝරා ගන්නේ නීතියේ පරමාධිපත්‍ය පිරිහී ගිය රාජ්‍යයන් වෙයි. ලෝකයේ නීත්‍යානුකූලව කෙරෙන යම් භාණ්ඩ නිශ්පාදනයක් සඳහා ආයෝජන කැඳවීමෙදී සළකා බලනු ලබන මිනුම් දක්ඩක් වන Ease of Doing Business Index එකේ ලංකාව සිටින්නේ 100ත් 110ත් අතර තරම් වූ ඉතා පහළිනි. එයට හේතුව ලෙස අකාර්යක්ෂම රාජ්‍ය පරිපාලනයත්, පිරිහුණ නීතියේ පරමාධිපත්‍යත් ප්‍රධාන කොට දැක්විය හැකිය. නීත්‍යානුකූල ව්‍යාපාර වෙනුවෙන් අපේ රට ඉතා පහළ අගයක සිටියත්, නීත්‍යානුකූල නොවන ව්‍යාපාර වලට එවන් පසුබිමක් තෝතැන්නකි. අකාර්යක්ෂම රාජ්‍ය පරිපාලනත්, පිරිහුණ නීතියත් මත්ද්‍රව්‍ය වෙළඳපොළට ආශිර්වාදයන් වෙයි. එබැවින් සේද මාවතේ පිහිටි ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්තානයේ සිට ලෝකයේ අනෙක් ආර්ථික කලාප වලට මත්ද්‍රව්‍ය සැපයෙන ජාලා වල ප්‍රමුඛ මරමස්ථානයක් බව අමුතුවෙන් තේරුම් කල යුතු නොවේ. අයිතිකරුවන් නොමැති කුඩු කන්ටේනර් කලින් කලට මතු වන්නේ ඇයි දැයි දැන් ඔබට මතක් වෙනු ඇත්තේ ය.

    ශ්‍රී ලංකාවට ද මේ මත්ද්‍රව්‍ය විශාල වශයෙන් බෝට්ටු මාර්ගයෙන් පැමිණෙති. ඒවා දේශීය පරිභෝජනය පිණිසම බෙදා හැරෙන්නේ විශාල ජාලයක් මගිනී. මා එංගලන්තයේ සිටියදී කියැවූ Narconomics පොතේ කරුණු ශ්‍රී ලංකාවේ එම ජාලයේම කොටස් කරුවන්ගෙන් විමසා දැන ගැනීමට හැකි වීම කොළඹ සිර ගෙදරදී මා ලද භාග්‍යයක් වූයේ ය.

    මා කුඩා කාලයේ දී ද අනුරාධපුරය බලන්නට යෑමට පෙර ඒ සම්බන්ධ පොතක් කියවා ගොස් , යන යන තැන ඒ පොත ගෙන ගොස් ඒ ඒ නටබුන් සමග විශ්ලේෂණය කර බලන පුරුද්දක් මා හට වූයේ ය. මා මේ ලබන්නේ ද එවන් වූ අත්දැකීමක්ම ය. කොලොම්බියාවේ පබලෝ ඇස්කොබාඅර්, මෙක්සිකෝවේ ඇල් චැපෝ ආදීන්ගේ කතා netflix එකේ නරඹා, මත්ද්‍රව්‍ය වෙළඳපොළේ ආර්ථික විද්‍යාත්මක පැත්ත Narconomics පොතේ අධ්‍යනය කර තිබූ මා හට මේ ලද අත්දැකීම ලංකාවේ කුඩු වෙළඳපොළ කියවා ගැනීමට ලද මහඟු අවස්ථාවක් වූයේ ය. සිර ගෙය නම් විශ්වවිද්‍යාලයක් මැයි මට යළි යළිත් සිහිපත් වූයේත් හිතේ සතුටක් නොවූයේ එය ඉගෙන ගන්නට වූයේ සිරවීම නම් පීඩනය ද හිතේ දරාගෙන වීම නිසා ය. එහෙත් මෙහි වාසිය නම් මා ද ඔවුන්ගේ සහෝදර සිර කරුවෙකු වීමය. ඒ නිසාම ආගන්තුක නොවී නිදහසේ ඔවුන්ගේ හිත් විවෘත කොට මා වෙත දිග හැරීමට ඔවුන් පසුබට නොවුණේ ය.

    ලෝකයේ මත්ද්‍රව්‍ය නොමැති රටක් නොමැත. මා වසර 10 ක් ජීවත් වූ නීතියේ පරමාධිපත්‍ය ඉතාම ඉහළ වූද රාජ්‍ය පරිපාලනය උපරිම කාර්‍යක්ෂම වූ ද කුඩා රාජ්‍යයක් වූ ද සිංගප්පූරුවේ ද මත්ද්‍රව්‍ය තිබේ. මා සිංගප්පූරුවේ සේවය කරන සමයේ ඔවුන්ගේ සිර ගෙදරින් ගෙනා මත්ද්‍රව්‍ය වෙළඳපොළට සම්බන්ධ සිරකරුවන් ට ප්‍රතිකාර පවා කර තිබේ. එනම්, කෙතරම් නීතිය තදින් ක්‍රියාත්මක කල ද මත්ද්‍රව්‍ය වෙළඳපොළ ක්‍රියාත්මක වීම සම්පූර්ණයෙන්ම නතර කළ නොහැක. Ease of Doing Business Index එකේ පලවෙනි රට වන නවසීලන්තයේ ද අයිස් හා මත් පෙති යනු ප්‍රභල සමාජ උවදුරකි. මේ සෑම රටකම මෙන්ම ශ්‍රී ලංකාවේද මේ මත්ද්‍රව්‍ය වෙළඳපොළ ක්‍රියාත්මක වන්නේ සැළසුම් සහගත ජාලා ක්‍රමයකට ය. කුඩු ගෙන්වන මහ ව්‍යාපාරිකයාගේ පටන් පිරමීඩාකාරයට පාර දක්වා ගලා යන ස්ථර 5 ක් පමණ එහි වෙති. කුඩු පරිභෝජනය කරන අවසන් පාරිභෝගිකයා වෙත ඒවා ලැබෙනුයේ මේ ස්ථරයේ පහළින්ම සිටින 5 වෙනියන් වන පාරේ සිටින අවසන් වෙළෙන්දා ගෙනි.

    බොහෝ විට හිර ගෙදර බහුලව සිටින්නේ කුඩු ගැසූ පාරේ රස්තියාදු ගැසූවෝ ය. කුඩු වෙළඳාමේ නිරත 5 වෙනි , හතරවෙනි, තට්ටු වල වෙළෙන්දෝ ද පොලිසියට කුටු වෙති. තුන් වැනි, දෙවැනි තට්ටු වල සිටින්නෝ මදුෂ්ලා , කන්ජිපානිලා වැන්නෝය. පළවෙනි මට්ටමේ සිටින්නෝ කිසිදාක හසු නොවෙති. ඔවුන් බොහෝ විට දේශපාලන බලය සාක්කුවේ තබා ගනිමින් මෙහි නිරත වෙති. ඔවුන් අන්තර්ජාතිකව කුඩු මාෆියාවන් හා කාර්ටල් සමග සෘජුව ගණුදෙනු කරති. ඔවුන් කොටු කර ගැනීම කිසි කලෙක සිදු නොවන්නකි. එය ශ්‍රී ලංකාවේ පමණක් නොව ප්‍රභල රට වල පවා සිදු නොවන්නකි.

    ගෝලීය කුඩු වෙළඳාමේ වාර්ෂික නිශ්පාදනය ඩොලර් බිලියන 350 ඉක්මවති. එවන් වූ විශාල අනීතික කර්මාන්තයක් මැඩීමට රාජ්‍යයන් ශක්තිමත් නොමැත. එවන් ප්‍රභල මාෆියාවක් සමග හැප්පීමට කොළඹ හිර ගෙදර යකඩ කූරු පවා ප්‍රමාණවත් නොමැත. එවන් ශක්තියක් හමුවේ ඒ යකඩ කූරු ඉරටු වැනි යැයි මට සිතෙයි. ඒ ප්‍රභල යාන්ත්‍රණය හමුවේ එයට හසුවූ ජීවිත අපි කොටු කල ද මරා දැමුව ද මේ කර්මාන්තය නොනවතී. පබලෝ එස්කොබාර් මරා දැමීමෙන් හෝ එල් චැපෝ ඇමෙරිකාවේ අධි ආරක්ෂිත හිර ගෙදරකට දැමීමෙන් දකුණු ඇමෙරිකානු කොකේන් වෙළඳපොළ නතර වූයේ නැත. එකෙක් මරා දමන විට එය කර ගෙන යෑමට අනෙක් මොහොතේ තවකෙක් උපදින අපූරු ගර්භාෂයක් ඒ වෙළඳපොළ සතුය. සොත්ති උපාලිලා, තුම්මුල්ලේ පද්මෙලා පටන් කොස්ගොඩ තාරකලා, මාකඳුරේ මදූෂ්ලා දක්වා මරා දැමූව ද ලංකාවේ මත්ද්‍රව්‍ය උවදුරේ අඩුවක් ඇතිවූයේ නොමැත. එකෙක් මරා දමන විට ඒ ගර්භාෂයෙන් තවත් නපුරක් අනික් මොහෙතේ හට ගන්නේ ය.

    එනයින් ශ්‍රී ලංකාවේ පාසල් දරුවන්ගේ බෑග් එකේ අයිස් සෙවීම යනු එක්තරා ආකාරයක විහිළුවකි. මුළු මහත් වෙළෙඳපොළක් ඉන් ඔබ්බට තියෙද්දී, දරුවන්ගේ බෑග් එක යනු ඉන් අන්තිම අවස්ථාවයි. එහි කෙතරම් දුරකට සාර්ථකත්වයක් තිබේ දැයි සිතා ගැනීම අපහසු නැත.

    ශ්‍රී ලංකාව නම් දූෂිත රාජ්‍යයේ පාර්ලිමේන්තුවේ කුඩු මුදලාලිලා සිටිති. මිනිසුන් ඔවුන්ට ඡන්දය දී පත් කර තිබේ. කුඩු වෙළඳාමෙන් ඉපයූ දේ ඡන්දයකදී සිය මිනිසුන් සමග බෙදා හදා ගැනීමට මේ මුදලාලිලා කටයුතු කරයි. ඒ මුදල් බලයෙන් ඔවුන් යලිත් පාර්ලිමේන්තුවට පත් වෙති. මේ විනාශකාරී විශම චක්‍රය නැවැත්වීමට ගත හැකි එකම මාර්ගය ඔබගේම ක්‍රියාකාරිත්වය මිස නිහැඬියාව නොවෙයි. ඔබේ සමාජය නිර්මාණය කර ගත හැක්කේ ඔබටම ය. ඒ වෙනුවෙන් ඔබට කාර්‍යභාරයක් ඇත. ඔබට එය කළ නොහැකි නම්, ඔබට හොඳ සමාජයක් නොලැබේ.

    වගකීම පුරවැසි ඔබේ.

    පැතුම් කර්නර්

    #කොළඹ_හිරගෙදර_ජෑම්ගහ ඇසුරෙන්....
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,619
    100,854
    113
    මා කුඩා කාලයේ දී ද අනුරාධපුරය බලන්නට යෑමට පෙර ඒ සම්බන්ධ පොතක් කියවා ගොස් , යන යන තැන ඒ පොත ගෙන ගොස් ඒ ඒ නටබුන් සමග විශ්ලේෂණය කර බලන පුරුද්දක් මා හට වූයේ ය.

    පැතුම්ගෙ මේක ඇප්ලයි කරපු අනික් චාරිකා මොනවද 👨‍❤️‍💋‍👨
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,692
    15,040
    113
    Milagiriya
    up, thoge puka, pala ponnaya yanna
    maxresdefault(1).jpg
     
    • Haha
    Reactions: SLK_sri and Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654