අයි_ඩොන්ට්_නෝ_වයි_මෙහෙම_වෙන්නේ_ඇයි ?

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අයි_ඩොන්ට්_නෝ_වයි_මෙහෙම_වෙන්නේ_ඇයි ?

    ඉරාජ්ට එක හැන්දකින් බෙදලා අද ගයාන්ට තවත් හැන්දකින් බෙදන්නේ ඇයි?

    “අහංකාර නගරේ
    සුරඟනක් ද ඔබ ළඳුනේ
    තරමට ඉඟත් බෝම පොඩි
    ළැමත් බෝම ඇති
    දිගැස් තියෙන ළඳුනේ…”

    තාරුණ්‍යයට ඔහු කතා කළේ ඒ විදියට. යොවුන් පෙළ අද ඒ ගී හඬේ රිද්මයට රොක් වෙලා. ඔහු ඉරාජ් වීරරත්න. සම්ප්‍රදායික හෙළ ගීත කලාවෙන් මිදී ඔහුටම විශේෂ වූ ශෛලියක් අනුගමනය කරමින් ඒ ඔස්සේ මතුවුණු ඉරාජ් ඇත්තටම අලුත් විදියට හිතලා පතලා නවමු ආකාරයෙන් සංගීතයේ විවිධ අත්හදා බැලීම් කරන තරුණයෙක්. එමගින් විවිධ ඉසව් සොයා යාමේ පිපාසයක් ඔහුට තියෙන්නේ. ඔය ඉතින් තාරුණ්‍යයේ හැටිමනේ.

    මීට වසර ගණනාවකට කලින් රසඳුන විශේෂාංගයෙන් මා කියවූ ඒ ඉරාජ් අද බොහෝ ඉදිරියට ඇවිල්ලා. සංගීතයේ ආධ්‍යාත්මය සොයන අය “ගේමක් දීලා…” වැනි ගීත නිසා ඔහුට එතරම් කැමති නැති වුණත් ඉරාජ්ගේ නිර්මාණ ත්‍රිත්වයක්ම හොලිවුඩ් මියුසික් ඇන්ඩ් මීඩියා එවෝඩ්ස් හරහා ලෝක සම්මානයටම පාත්‍ර වීමෙන්, ඉරාජ් නැමැති අපේ කාලයේ තරුණ හදවතේ ස්පන්දනය ලෝකයම දැනෙන හැටි අප හැමෝම දැක්කා. “අපි වෙනුවෙන් අපි…” වගේ අති විශිෂ්ට නිර්මාණ බිහි කිරීමෙන් ඒ තාරුණ්‍යයේ දෝංකාරය ජනතාවගේ හදවත් වලට තව තවත් සමීප වුණා. මතක මන්දිර තනා කීව ඒ රස කතාව තාමත් අපිට මතකයි, ඒ ගීතය මුල්ම සැරේට ඇහුවාම, ඊට කළින් විරහ වේදනාව තම ජීවිතයේදීම අත් දැකලා තිබුණ අහිංසක පෙම්වතුන් ඉකි බිඳපු හැටි කොහොම අමතක කරන්නද?

    ඒත් ඒ ඔබගේ ආදරණීය ගායක ඉරාජ්ට කණ කොකා හැඬලුවේ “සිත්තිමනීලා” ගීතයත් එක්කයි. ඉරාජ්ම කියන විදියට ජාතීන් අතර එකමුතුව ඇති කිරීමේ ඒ පරම සුන්දර සිහිනය දෝතට අරගෙන තමයි එයා ඒක හදල තියෙනේ. කවදාවත්ම සිංහල තරුණයෙක්ට මුස්ලීම් යුවතියකට ආදරය කරලා විවාහ වෙන්න දෙන්නේ නෑ නෑ නෑමයි කියමින් දෑතින් ලැමට ගහ ගනිමින් කෑ ගහන මුස්ලීම් අදිසි හස්තය ඉදිරියේ ඉරාජ්ගේ සිත්තිමනීලා ගීතය තහනම් කරලා ඉරාජ්ගේ කට වහන්න බලධාරීන්ට මහ වෙලාවක් ගියේ නෑ. වැලන්ටයින් දිනයට පසු දින මේ වගේ සිංහල-මුස්ලීම් ආදර අන්දරයක් ගැන කතා කරන්න වීමත් දෛවයේ සරදමක් නේද?

    ගයාන් පෙරේරා විසින් “භවතු සබ්බ මංගලං…” ගාථාවට අගෞරවයක් වන ලෙස ටිකෙන් ටික ගීතයේදී යොදා ගැනීම ගැන “බැලුම්ගල” වැඩසටහන ඔබ අසන්නට ඇති. අන්න ඒකෙදි නිලූප ඉරාජ්ගෙන් අහනවා සිත්තිමනීලා ගීතය ගැන. ඒත් ගයාන් පෙරේරා වගේ නෙමෙයි, ඉරාජ්ගේ තියෙන නිහතමානීත්වය කියන්නේ ඒ ගීතය තහනම් කරලත් ඒ ගැන ඉරාජ් කාටවත් දොස් කිව්වෙ නෑ, ඒක සාධාරණීකරනය කරමින් කෑ ගැහුවෙත් නෑ.

    ඉරාජ්ගේ ගීතයට මුස්ලීම් යාඥාවක් යොදා ගැනීම හරියි කියල මං කියන්නේ නෑ, ඒක හරිද නැද්ද තීරණය කරන්න ඕනැ මුස්ලීම් අයනේ. මොකද මුස්ලීම් යාඥාවේ අයිතිය තියෙන්නේ ඒ ආගමිකයන්ට, ඒවගේම මුස්ලීම් යාඥාවක් යොදා ගත්තේ නැති වුණාට ගීත නිර්මාණය කිරීමට තව ඕනෑ තරම් දේවල් තියෙනවා. අන්න ඒ වගේම “භවතු සබ්බ මංගලං” ගාථාව යොදාගත් “ටිකෙන් ටික” ගීතය ගැනත් තීරණය කරන්න ඕනෑ බෞද්ධයින්. බැලුම්ගල වීඩියෝවේදී භික්ෂූන් වහන්සේලා ඒ ගැන කතා කරපු හැටියටනම් උන්වහන්සේලා ඒකට විරුද්ධ බවයි දකින්න ලැබුණේ. ඉතින් ඒක හරිද වැරදිද කියල තීරණය කරන්න මේ අපි කවුද? එසේම ක‍තෝලික ආගමික ගයාන්ට බෞද්ධ ගාථා ගැන කොහොමවත් තීරණය කරන්නත් බෑනේ.

    ඒ කතාව ටිකකට අල්ලලා දාමු , තියෙන ගැටලුව තමයි…, “ටිකෙන් ටික” ගීතය සාධාරණීකරණය කරමින් ගයාන් පෙරේරාට එක හැන්දකිනුත්, “සිත්තිමනීලා” ගීතය තහනම් කර ඉරාජ් වීරරත්නට තවත් හැන්දකිනුත් බෙදන්නේ ඇයි කියන එක. ඒකෙන් පේන්නේ ඉස්ලාම් ආගම දේවත්වයෙන් පුදලා බුද්ධාගමට කුඩම්මාගේ සැලකිලි දක්වනවා කියන එක නේද?… යාළුවනේ ඔයාලගේම හදවතට තට්‍ටු කරල ඒ කාරණාව ගැන මොහොතක් හිතන්න අපිට වැරදුනේ කොතනද කියල…

    මලිත්ට ගහනකොට චංචලා ඉකි බිඳින්නේ චංචලා මලිත්ට එයාගෙ හදවතින්ම ආදරය කරන හින්දයි. අන්න ඒ වගේම ඉරාජ්ට මේ වුණ අසාධාරණය දකිද්දී…. ඊටත් වඩා අද ගයාන්ගේ සින්දුව වෙනුවෙන් පෙනී සිටින බොහොමයක් ඉරාජ්ගේ රසිකයින් එදා ඉරාජ්ව තනිකරලා අත පිහිදගත්ත හැටි මතක් වෙද්දී සංගීත ලෝලීන් වන අපිටත් බොහොම වේදනාවක් දැනෙන්නේ අපිත් ඉරාජ් නැමැති ඒ තාරුණ්‍යයේ හඬට බොහෝම ආදරය කරන නිසයි. එදා අන්තවාදයට බයේ ඉරාජ්ට එක හැන්දකින් බෙදලා, අද බෞද්ධයෝ ටික බයිට් එකට අරගෙන ගයාන්ට තවත් හැන්දකින් බෙදන්නේ ඇයි?…

    අයි ඩොන්ට් නෝ වයි මෙහෙම වෙන්නේ ඇයි ?
     
    • Like
    Reactions: EHDEHD

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ඉරාජ්ගේ සිත්තිමනීලා නම් මම ඈහුවෙත් මේ ගයාන්ගේ සීන් එක නිසා තමා..... ඉරාජ්ට එහෙම නම්, ගයාන්ට වෙනම හැන්දකින් බෙදන එක වැරදි තමා..... හැබැයි, මම නම් කියන්නේ, ඔය ගීත දෙකම, තහනම් කරලා වැඩක් නෑ..... මොකද සංගීතය කියන්නේ විශ්ව භාෂාවක්..... ඒකට ඔහොම ආගම් ඈදගෙන, වැට කඩුළු දාගෙන වැඩක් නෑ...... :no:
     
    • Like
    Reactions: DJnet

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඉරාජ්ගේ සිත්තිමනීලා නම් මම ඈහුවෙත් මේ ගයාන්ගේ සීන් එක නිසා තමා..... ඉරාජ්ට එහෙම නම්, ගයාන්ට වෙනම හැන්දකින් බෙදන එක වැරදි තමා..... හැබැයි, මම නම් කියන්නේ, ඔය ගීත දෙකම, තහනම් කරලා වැඩක් නෑ..... මොකද සංගීතය කියන්නේ විශ්ව භාෂාවක්..... ඒකට ඔහොම ආගම් ඈදගෙන, වැට කඩුළු දාගෙන වැඩක් නෑ...... :no:

    :cool:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පුද්ගලිකව මම ත් අකමැතියි..

    රටයි,ජාතියයි, ආගමයි කියන්නෙ තමන්ගෙ අම්ම වගේ දෙයක්..
    ඒක නිකන් තමන්ගෙ අම්මව මොඩ් කරල, මිනි ගව්මක් අන්දල, අඩි උස සපත්තු දෙකක් දාලා, කොන්ඩේ ටින්ට් කරල පට්ට සෙක්ස් ලුක් එකක් අරගෙන මොඩිෆයි කරනවා වගේ වැඩක්..
    කව්ද කැමති තමන්ගෙ අම්මව කවුරු හරි කෑල්ල කරල ගන්නවට එහෙම කරනවට?

    කැමති උන් මගේ රෙප් කපපල්ලා, මට බැනපල්ලා..
     
    • Like
    Reactions: jmdchamal

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඉරාජ්ගේ සිත්තිමනීලා නම් මම ඈහුවෙත් මේ ගයාන්ගේ සීන් එක නිසා තමා..... ඉරාජ්ට එහෙම නම්, ගයාන්ට වෙනම හැන්දකින් බෙදන එක වැරදි තමා..... හැබැයි, මම නම් කියන්නේ, ඔය ගීත දෙකම, තහනම් කරලා වැඩක් නෑ..... මොකද සංගීතය කියන්නේ විශ්ව භාෂාවක්..... ඒකට ඔහොම ආගම් ඈදගෙන, වැට කඩුළු දාගෙන වැඩක් නෑ...... :no:

    මම කියන්නෙත් එකම තමයි බන්, තහනම් කරනවනම් ඒ සිංදු දෙකම තහනම් කරන්න ඕනේ, එහෙම නැත්තන් සිංදු දෙකම තහනම් නොකර ඉන්න ඕනේ.
     
    රෙප් කැපුවා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    පුද්ගලිකව මම ත් අකමැතියි..

    රටයි,ජාතියයි, ආගමයි කියන්නෙ තමන්ගෙ අම්ම වගේ දෙයක්..
    ඒක නිකන් තමන්ගෙ අම්මව මොඩ් කරල, මිනි ගව්මක් අන්දල, අඩි උස සපත්තු දෙකක් දාලා, කොන්ඩේ ටින්ට් කරල පට්ට සෙක්ස් ලුක් එකක් අරගෙන මොඩිෆයි කරනවා වගේ වැඩක්..
    කව්ද කැමති තමන්ගෙ අම්මව කවුරු හරි කෑල්ල කරල ගන්නවට එහෙම කරනවට?

    කැමති උන් මගේ රෙප් කපපල්ලා, මට බැනපල්ලා..

    :frown::frown: පල පල.... උඹේ රෙප් කපන්න අපිට වැඩේමයි..... මට පෙන්නේ උඹ මේ රෙප් එකතු කරගන්න කරන වැඩක් වගේ......!! :P :lol:
     
    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,584
    1,459
    113
    Sri Lanka
    ඉරාජ්ගේ සිත්තිමනීලා නම් මම ඈහුවෙත් මේ ගයාන්ගේ සීන් එක නිසා තමා..... ඉරාජ්ට එහෙම නම්, ගයාන්ට වෙනම හැන්දකින් බෙදන එක වැරදි තමා..... හැබැයි, මම නම් කියන්නේ, ඔය ගීත දෙකම, තහනම් කරලා වැඩක් නෑ..... මොකද සංගීතය කියන්නේ විශ්ව භාෂාවක්..... ඒකට ඔහොම ආගම් ඈදගෙන, වැට කඩුළු දාගෙන වැඩක් නෑ...... :no:

    :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මම කියන්නෙත් එකම තමයි බන්, තහනම් කරනවනම් ඒ සිංදු දෙකම තහනම් කරන්න ඕනේ, එහෙම නැත්තන් සිංදු දෙකම තහනම් නොකර ඉන්න ඕනේ.

    :no::no: මම නම් කියන්නේ ඔය සිංදු දෙකම තහනම් කරලා වැඩක් නෑ...... මිනිස්සු කොහොමත් අහනවා තහනම් කරා කියලා ඒක නවතින්නේ නැහැනේ...... ඕකට කරන්න ඕනා ඔච්චරටම ඕනා නම්, ගායකයෝ දෙන්නට, ඔය කෑ ගහ ගන්න හේතු වෙච්ච ටික අයින් කරලා, සිංදුව කියන්න කියන එක...... :yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :frown::frown: පල පල.... උඹේ රෙප් කපන්න අපිට වැඩේමයි..... මට පෙන්නේ උඹ මේ රෙප් එකතු කරගන්න කරන වැඩක් වගේ......!! :P :lol:

    ඒ කියන්නෙ උඹ කැමතියි මම අර කියපු විස්තර ටිකට..:shocked::shocked::shocked:
     
    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    Mamanam oya sindu dekema wereddak dakinne ne machan.
    Mama Buddhist. Mama Iraj ge sinduth ahanawa. Gayange awath ahanawa.
    Iraj aiya nam sirama Dial eka! mama aasama charithayak thama. :D