මම Wife ගෙ උපන්දිනේට පාටියක් දාන්න හිතන් ඉන්නවා.දණ්ඩ නීති සංග්‍රහයෙ හැටියට ඕකට අයුතු ජන රාශිය කියලා මාව අල්ලන් යන්න පුලුවන්ද?දන්න කෙනෙක් කියලා දෙන්න.පොලිස් මාද්‍ය ප්‍රකාශකගෙ කථාවක් අහලා බයේ ඉන්නෙ
එහෙම උනාය කියා හදිසියකට පැමිණිල්ලක් දමන්නට යන්නට බැරිය.පැමිණිලි භාර ගැනීමට ඇති ස්ථානයේ(නම සඳහන් නොකරන්නේ අදාල උත්තමයින්ගේ නිළ ඇඳුම සම්පුර්ණයෙන් හෝ කොටසක් හෝ අවසර නැතිව බාවිතා නොකල හැකි බවට නීතියේ සඳහන් ආකරයට ඔවුන්ගේ නම හෝ නමින් කොටසක් හෝ බාවිතා කිරීම වරදක් බවට අර්ථ දැක්වීමට ඉඩ ඇති නිසාය.)පැමිණිලි ලිවීමට කඩදාසි නැත.ඒ නිසා ඉස්සරහ කඩයට ගොස් රුපියල් 50ක කඩදාසි රැගෙන ආ යුතුය.ඒ නියෝගය අවසන් වන්නේ ආ එන ගමන් ගෝල්ඩ්ලීෆ් 20 පැකට් එකකුට් අරන් එන්න යනුවෙනි.මේ කරදර ඔලුවේ දමා ගන්නවාට වඩා පාටිය අතහැර දැමීම සුදුසුය.මට තව අවුරුදු 50කටවත් උඩකින් පැන දිවි නසා ගැනීමේ උවමනාවක් නැත.
138 වගන්තියට අනුව සාදයක් ප්‍රචණ්ඩත්වයට පත් වූ විට එම රැස්වීම “අයුතු ජන රාශියක්“ වන්නෙ නම්, ප්රචණ්ඩ තත්වයට සාදය පත්වූයේ පොලිස් නිලධාරීන් එහි පැමිණි පසු නම්, “අයුතු ජන රාශිය“ යටතේ මුලින් ම අත්අඩංගුවට ගත යුත්තේ පොලිස් නිලධාරීන් ය. මක්නිසාද අන් අය චේතනාන්විතව “අයුතු ජන රාශියක්“ සිදු කොට නැත, පිටස්තරයන් විසින් සාදය එලෙස පරිවර්තනය කර ඇත.
ජනතාව අයුතු ජන රාශියකට පෙළඹවීමේ වරද මත පොලිස් නිලධාරීන්ව අත්අඩංගුවට ගත හැක.
එපමණක් ද නොව, සාමකාමී රැස්වීමක් පැවැත්වූ පෞද්ගලික දේපලකට අධිකරණ වරෙන්තුවක් නොමැතිව අනවසරයෙන් ඇතුල්වීම යටතේ ද ඔවුන් වරදක් කළා යැයි සැකපිට අත්අඩංගුවට ගත හැක.
නීතිය දන්නේ තමන් පමණකැයි සිතා කතා කිරීමෙන් මාධ්‍ය ප්‍රකාශක මහත්තයා ළඟදීම අයවැයටත් වඩා ආතල් එකක් ජනතාවට ලබා දී ඇන ගන්නවා ඇත.

මම Wife ගෙ උපන්දිනේට පාටියක් දාන්න හිතන් ඉන්නවා.දණ්ඩ නීති සංග්‍රහයෙ හැටියට ඕකට අයුතු ජන රාශිය කියලා මාව අල්ලන් යන්න පුලුවන්ද?දන්න කෙනෙක් කියලා දෙන්න.පොලිස් මාද්‍ය ප්‍රකාශකගෙ කථාවක් අහලා බයේ ඉන්නෙ




