අරක්කු ජාතිය...#VAT69

Elakiri Pora

Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    අරක්කු_ජාතිය_#VAT69

    මේක ටිකක් ආදි කාලේ බාර් එකක වෙච්ච කතාවක්.. මේ කියන කාලෙ ඔය බාර් එකේ අරක්කු දාල තිබුනෙ Vat (අරක්කු දාන පීප්ප) වලලු... ඉතිං ඔය බාර් එකේ අරක්කු ඉල්ලන්නෙත් Vat Number එකෙන්ලු... ඒ කියන්නෙ Vat 68, Vat 69, Vat 70 ඔය වගේ කියලලු... ඔන්න පොරක් හිටියලු මේ බාර් එකට නිතර යන එන... අරක්කු කාපර්ලු.. කොටින්ම කියනවනම් මිනිහ ඕනෙම අරක්කු වීදුරුවක් තොල ගාල බලල කියනවලු මොන Vat එකේ අරක්කු එකක්ද ඒක කියල... ඔන්න පොර දවසක් ඇවිල්ල වේටර් කෙනෙක්ට කිව්වලු...

    "මල්ලි මට Vat 69 එකෙන් 100ක් දෙන්න"

    හුටා එදා Vat 69 ඉවර වෙලාලු... මේ වේටර් කොල්ල දන්නෙ නෑලු මේ යකාට සුපිරි අරක්කු ටේස්ට් එකක් තියෙනව කියල... ඉතිං මූ කරපු වැඩේ Vat 68 එකෙන් 100ක් දාගෙන ගිහින් දුන්නලු... අර පොරත් ටිකක් තොල ගාල බලල කියනවලු...

    "අපෝ මල්ලි මේක මේ Vat 68 නෙ, මේක හරියන්නෙ නෑ මට 69 එකෙන් ගේන්න"

    Vat 69 එක ඉවරයිනෙ ඉතිං කොහෙන් දෙන්නද... වේටරුත් ඉතිං ආයෙ ගිහිල්ල Vat 70 එකෙන් 100ක් ගෙනත් දුන්නලු... මූ ආයෙත් බීල කියනවලු...

    "අපෝ මල්ලි මේක 70 නෙ"

    අනේ ඉතිං වේටර් ආයෙත් ආපහු ගියාලු... යන ගමං වේටර්ගෙ ටිකිරි මොලේට හොඳ අදහසක් ආවලු... පොර කරපු වැඩේ 68 එකෙන් 50කුයි 70 එකෙන් 50කුයි දාල කලවම් කරල ගෙනත් දුන්නලු... අර යකා ආයෙත් බීල බලල කියනවලු...

    "අපෝ මල්ලි මේක මේ 68 එකයි 70 එකයි කලවම් කරලනෙ"

    දැන් වේටර්ට මාරම අවුලලු... මේ යකාට කොහෙන් කියල 69 එකෙන් දෙන්නද... ඉවර වෙලා කියන්නත් බෑනෙ... පොර විකාර වෙලා කල්පනා කර කර යද්දි රිසෙප්ෂන් එකේ වැඩ කරන "මොනිකා" කියන ගෑනු ලමයව ඉස්සරහට හම්බුනාලු... මොනිකා ඇහුවලු මුගෙන් අවුල මොකක්ද කියල... මූත් ඉතිං විස්තරේ කිව්වලු කෙල්ලට... කෙල්ල හිනාවෙවී මූට කිව්වලු....

    "අයියෝ සුළු දෙයක්නෙ මට දෙන්නෙකො ග්ලාස් එක"කියල මේකි ග්ලාස් එක ඉල්ලගෙන ඒකට මුත්‍රා කරල දුන්නලු...

    මූත් දැන් අර මුත්‍රා ග්ලාස් එක අරගෙන ගිහිල්ල අර බොන්න ආපු පොරට දීල බලාගෙන ඉන්නවලු මොකද කියන්නෙ කියල... පොර ටිකක් බීල වේටර්ගෙන් අහනවලු...

    "මේ... ඒක නෙවෙයි මල්ලි අර මොනිකා තවම මෙහෙ වැඩද...?????"
     
    Last edited: