අරක්කු බොනවා නම්...

samee_1987

Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    අරක්කු බොනවා නම්...

    අරක්කු බොන විටකදී එහෙමත් නෑත්තම් කස්ටිය සෙට් වෙන වෙලාවල් වලදී බලන්න ඔයත් මෙහෙමද කියල...


    ** අරක්කු පානය ආරම්භ කරන විට
    ඔබ පිරිසක් සමග අරක්කු පානය කරනවානම් අරක්කු පානය ආරම්භ කරන මොහොතේදී සව්දිය පිරීම (සිංහලෙන් කියනවානං චියර්ස්!!! (Cheers)) කළ පසු අරක්කු පානය නොකර ඔබේ වීදුරුව මේසය මත තැබීමෙන් වළකින්න. සෑමවිටම එවැනි අවස්ථාවකදී දෙතොළ තෙමාගැනීම හෝ සිදුකරන්න.

    1. අරක්කු පානයට අතරමැදින් එක්වන විට
    ඔබ අතරමැදින් අරක්කු පානය කරනා අවස්ථාවකට එක්වූයේනම් අරක්කු පානය කිරීමට පෙර අනිවාර්යයෙන්ම සව්දිය පුරන්න. එසේ කිරීමෙන් ඔබ වෙරිවෙන්නේ නැති හෝ ඔබ පානය කරන අරක්කු වෙන විශේෂ රසක් වීම සිදු නොවේ. නමුත් ඔබ ආචාරශීලී අයෙක් බවට අනෙක් අයට හැගේවි.

    2. හැකි සෑම විටම අමිශ්‍ර අරක්කු පානය කරන්න
    අරක්කුවලට කොකාකෝලා, පෙප්සි, ස්ප්‍රයිට් වැනි දෑ මිශ්‍ර කිරීමෙන් එහි ඇති ස්වභාවික රසය වෙනස් වේ. ඔබට අමිශ්‍ර අරක්කු පානය කිරීමට අපහසුමනම් අයිස් වතුර, අයිස් කැට හෝ සෝඩා වැනි දෙයක් සමග මිශ්‍ර කරන්න.

    3. කිසිමවිටක ඔබේ වීදුරුව තනි නොකරන්න
    ඔබ අරක්කු පානය කරනා විට ඔබට නොයෙක් වැඩ රාජකාරි මතකයට පැමිණීම ස්වභාවික සිද්ධියකි. දුරකතන ඇමතුම් ගැනීම, වැසිකිළියට යාමට අවශ්‍ය වීම මේ අතර ප්‍රධාන වේ. මේ සෑම විටකම ඔබ වාඩිවී සිටින ස්ථානයෙන් නැගිටිනවානම් ඔබේ අරක්කු වීදුරුවත් රැගෙන නැගිටින්න. කිසිදු විටක අරක්කු ඉතිරිකළ වීදුරුව මේසය මත තබා එම ස්ථානයෙන් පිට නොවන්න. මෙසේ කිරීම මගින් ඔබේ අරක්කු වීදුරුවට වෙනත් දේවල් කළවම් කිරීමට ඇති ඉඩ ඇහිරීම සිදුවේ.

    4. ඔබේ වීදුරුව ඔබම පුරවාගන්න. අන් අයටත් එසේම සිදුකරන්න ඉඩ දෙන්න.
    ඔබට ගැළපෙන අරක්කු ප්‍රමාණය දන්නේ ඔබ පමණි. එසේනම් ඔබේ අරක්කු වීදුරුව පුරවා ගත යුත්තේ ඔබ විසින්මය. ඔබ තවෙකෙකුගේ තත්වය දන්නේ නැත. එමනිසා අන් අයගේ වීදුරු පුරවාගැනීම ඔවුන්ටම භාර දෙන්න.

    5. කටගැස්ම සහ මිශක භාවිතයේදී සැළකිළිමත්වන්න
    අරක්කු සමග අවශ්‍ය වන ඊළග අංගයනම් කටගැස්මයි. මෙහිදී ඔබ සතුව ඇති අරක්කු ප්‍රමාණය සමග කටගැස්ම ප්‍රමාණයද කළමණාකරණය කරගැනීමේ වගකීම ඔබ සතුවේ. අරක්කු සමග මිශ්‍ර කරනා අනෙක් පාන වර්ගයන් (කොකාකෝලා, ස්ප්‍රයිට්) වැනි දේ සදහාද මෙය මෙසේම වේ.

    6. කටගැස්ම පීරිසියේ ඇති කුඩාම කැබැල්ල සෑමවිටම තෝරාගන්න
    බොහෝවිට මස්, මාළු, බිත්තර, තැම්බූ එළවළු, සමහර පළතුරු වර්ග, කඩල, චීස් යනාදිය කටගැස්ම සදහා භාවිත වේ. මේ කිසිම දෙයකින් බොහෝ විට එකම ප්‍රමාණයේ කෑළි කැපිය නොහැකිය. එමනිසා පීරිසියේ ඇති කුඩාම කැබැල්ල සෑමවිටම තෝරාගන්න. පීරිසියේ ඇත්තේ ප්‍රමාණයෙන් විශාල කැබලිනම් එම කැබලි දෙකට කඩාගැනීම සිදු කළ හැක.

    7. ඔබ පානය කරන්නේ ලෝකයේ ඇති අන්තිම අරක්කු බෝතලය නොවේ
    අරක්කු පානය කිරීම යනු තරගයක් නොවේ. තරගයට අරක්කු බීමෙන් වළකින්න. ඉක්මනින් අරක්කු පානය කිරීම එකකි. තරගයට පානය කිරීම තව එකකි. තරගයට අරක්කු පානය කිරීම සුදුසු නැත.

    8. හැකිතාක් ජලය පානය කරන්න
    අරක්කු පානය කරන අතරදීම ජලය පානය කරන්න. ශීතකළ ජලය පානය කිරීම සුදුසුය. මෙසේ කිරීමෙන් අරක්කු මගින් ශරීරයේ ඇති කරනා විජලනය පාලනය කිරීමට ඔබට හැකිවේ.

    9. අරක්කුවලට ගිජු නොවන්න
    මේසය මත ඇති අරක්කු සියල්ලම ඔබ බීමට අවශ්‍ය නැත. අරක්කු සියල්ලම නොබීවා කියා කිසිවෙක් ඔබට දෝශාරෝපනය කරන්නේද නැත. ඔබට අවශ්‍ය ප්‍රමාණයට අරක්කු පානය කරන්න.


    උස්ස්න ලදී...
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මතකේ තිබේද ඒ යුගේ ..... මාගේ චේතනා......වැටහෙන්නේ දැන්ද ආදරේ ශෝක වේදනා..........
    ඝන අන්දකාරයේ පාළුවේ කිමිදුනා..... තනිවුයේ ඔබ නොවේ ම පවා තනි වුනා........................

    :(
     

    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    මතකේ තිබේද ඒ යුගේ ..... මාගේ චේතනා......වැටහෙන්නේ දැන්ද ආදරේ ශෝක වේදනා..........
    ඝන අන්දකාරයේ පාළුවේ කිමිදුනා..... තනිවුයේ ඔබ නොවේ ම පවා තනි වුනා........................

    :(

    අඩේ,,,මම දුකට බොන්න එපා කියල දාල තිබුනෙ නෑ නේද???
    හෙ හෙ හෙ...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනං මනං බෙහෙත් වලට ඇයි ගෙවන්නෙ සල්ලී.....
    ඕන ලෙඩක් හොද වෙනවා බොන්න විස්කි බ්‍රැන්ඩි....
    Scotland වල තියෙන්නෙ හොදම විස්කි බ්‍රැන්ඩි....
    ලංකාවට ගෙන්වන්නේ ආන්ඩුවෙන් මල්ලී........

    බොමු අපි විස්කි බ්‍රැන්ඩි... මොකටද කොත්තමල්ලි....

    බොන්න නංගි මල්ලී සැවොම විස්කි බ්‍රැන්ඩී.......
    ඔය දුකට සැපට ඔබට පිහිට වෙන්නෙ විස්කි බ්‍රැන්ඩී....
    අපි සෙට් උන කාලේ ෆන් එකක් ගියපු වේලේ....
    මට මතක් වෙනවා ‍අපිත් විස්කි බ්‍රැන්ඩි බීපු තාලේ....

    බූට් දුකට හාට් එකට අපිත් ගත්ත එකම බෙහෙත.....
    මේක බොන්න මචෝ..... විස්කි බ්‍රැන්ඩී.........

    තරුණ කාලෙ සමහර අය කෙල්ලො එක්ක යතී......
    බූට් එකක් වැදුන ගමං ජීවිතේම නැතී..........
    ඔය අරවා මේවා මොකුත් නොකර කාලා බීලා ඉන්නේ....
    මම තාමත් සෙට් උනහම විස්කි බ්‍රැන්ඩි බොන්නේ......
    හෙට මැරුණත් හිතට හොදයි අද ජොලියේ ඉන්නේ....

    බොමු අපි විස්කි බ්‍රැන්ඩි... මොකටද කොත්තමල්ලි....

    බොන්න නංගි මල්ලී සැවොම විස්කි බ්‍රැන්ඩී.......
    ඔය දුකට සැපට ඔබට පිහිට වෙන්නෙ විස්කි බ්‍රැන්ඩී....
    අපි සෙට් උන කාලේ ෆන් එකක් ගියපු වේලේ....
    මට මතක් වෙනවා ‍අපිත් විස්කි බ්‍රැන්ඩි බීපු තාලේ....

    බූට් දුකට හාට් එකට අපිත් ගත්ත එකම බෙහෙත.....
    මේක බොන්න මචෝ..... විස්කි බ්‍රැන්ඩී........

    බොමු අපි විස්කි බ්‍රැන්ඩි මොකටද කොත්තමල්ලි....
    දාගෙන සෝඩා ශැන්ඩි නීට් නං එපා මල්ලි......
    අයිස් කැට දමං මල්ලි තැපැලෙං වදියි මල්ලි.....
    බිව්වම විස්කි බ්‍රැන්ඩි ජොලියක් දාමු මල්ලි...

    බූට් දුකට හාට් එකට අපිත් ගත්ත එකම බෙහෙත.....
    චියර්ස්............... විස්කි බ්‍රැන්ඩී........


    තිතට මත.

     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    tikak wadunamanam puluwan eth patatn gaththu gaman gahanna tharam kick ekak enne na..:no::no:

    මං නං පටන් ගන්නෙම අමුවෙන් තමා. තැන අවුල් නං මික්ස් කරනවා :P
    මික්ස් කරලා ගහන එකෙයි නීට් ගහන එකෙයි ආතල් එක පට්ට වෙනස්
     

    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    යාළුවා;17219725 said:
    මං නං පටන් ගන්නෙම අමුවෙන් තමා. තැන අවුල් නං මික්ස් කරනවා :P
    මික්ස් කරලා ගහන එකෙයි නීට් ගහන එකෙයි ආතල් එක පට්ට වෙනස්

    mokakda brand eka?:dull: