අරගලයට සුදානම්
ග්‍රීන් බ්ලඩ් සංවිධානය
සිරිකොත
www.greenbloodunp.com
www.facebook.com/UNPGreenBlood
twitter.com/unpGreenBlood
www.facebook.com/groups/greenblood
එකසත් ජාතික පක්ෂයේ තරුණ සංසදය වන Green Blood සංවිධානයේ අපි, බොහෝ කාලයක් ඉදිරියේ ඇති අඳුර දෙස බලා සිටියෙමු. තත්පරයක් නෑර මේ ගෙවෙන්නේ අපේ සහ රටේ වටිනා කාලය බව අප දැන සිටියෙමු.
නමුත් සංවිධානයක් ලෙස සමාජගත වීමටනම් නිමිත්තක් තිබිය යුතුය. මියගියවුන්ද, නිදා සිටින්නන්ද, පිලිබඳව අප සවිඥානික විය යුතුය. පවතින සමාජ ආර්ථික දේශපාලන ව්‍යුහය පිළිඹදව සබුද්ධික විය යුතුය.කිමෙක්ද යත්, අප නිර්මාණය කර ඇත්තේ රැකියාවන්, සිවිල් බලයන් හෝ අහාර සඳහා දේශපාලනය කරන්නන් නොවන නිසාය.
ලංකාවේ තරුණ තරුණියන් වඩවඩාත් අදේශපාලනික වනවිට, දැනුම වෙනුවට සනීපයද පොත පත වෙනුවට හෙරෝයින්ද ආදේශ වනවිට, රට ඉදිරියේ ඇති අවදානම වෙනුවෙන් දේශපාලනයේ යෙදෙන්නන් අප බිහිකර සිටිමු. රැකියාව බලය සහ සමාජ තත්ත්වය සඳහා නොයෙක් බලකායන් වටා රැස්වන බොල් ජීවිත වෙනුවට අරමුණ වෙනුවෙන් වැඩකරන ජීවයෙන් පිරි තරුණ පිරිසක් අප සතුය.
පසුගිය කාලයේම එළකිරි සාමාජිකයන්ගේ දේශපාලන මතය දෙස බලා සිටි අප, එක් දෙයක් සතුටින් ප්‍රකාශ කරමු.
ඒනම් Sadun Buwa, maxboysl, වැනි එළකිරි හි පැරණි සාමාජිකයින් බොහොමයක් ඍජුවමද
We_Love_Mahinda, N_Sriyantha වැනි නවක සාමාජිකයින් බොහොමයක් වක්‍රවද අවශ්‍යය මතය සමාජගත කරමින් සිටින බවය.
කෙසේ හෝ අපේ ඉලක්කය සාමාන්‍ය ශ්‍රී ලාංකීය මනුෂ්‍යයාය
ඔහු පුදුමාකාර ලෙස නින්දට ගොස් ඇති බව අප දනිමු.
ඔහු සෑම විටම සිහිනයක් දකී. එය සැබෑ නොවන සිහිනියකි. කුසගින්නේ සිටින ඔහුට සිහිනය ආහාරයකි.ඔහු දේශපාලන දැනුම අතින් අතිශයින්ම දුප්පත්ය, රැවටෙන සුළුය, මර්ධිතය.නමුත් සිහිනය ඔහුව ජීවත් කරයි. ඔහු අවදි වන බව දැනුනු වහාම සාමය, නිදහස, සංවර්ධනය නමැති නැළවිලි ගීතය සක්වලින් එහා සිට ගැයෙනු ඇත.
මේ උත්සාහය, දිලිසෙන සිහින දකිමින් නිදන ඒ මනුෂ්‍යයා අවදිකිරීම වෙනුවෙන්ය.
මේ අරගලය නැළවිලි ගී කියනවුන් පරාජය කරනු වෙනුවෙන්ය.
අවදි වූ ඔහුට පෙනෙනු ඇත්තේ හාත්පස වැසිකිලි වලවල්ය. ඔහු අපට දොස් පවරනු ඇත. පහර දෙනු ඇත.
මෙතෙක් කල් ඔහුව නිදි කරවූ අය වෙනුවෙන් නැළවිලි ගී කියූ අය වෙනුවෙන් හඬ නගනු ඇත. නමුත් අප ඔහුට මෙසේ කියමු ....!
සහෘදය නැගිටින්න ....!
මේ වැසිකිලි වලවල් වසා දමමු.
එවිට අපි හැමෝටම මැරෙන තුරු අවදියෙන් සිටිය හැකිය.