අරගලය තුළින් මතුවූ සැබෑ නායකයින්
ඔක්තෝබර් 26 වනදා සිදුවූ ව්‍යවස්ථා කුමන්ත්‍රණය සිදුවූ වහාම සටහනක් තබා මා කියා සිටියේ අරගලය තුලින් සැබෑ නායකයන් මතුවනු ඇති බවය.
සැබෑ අරගලය වූයේ පළමුවෙන්ම ප්‍රජාතන්ත්‍රවිරෝධී කුමන්ත්‍රණය පරාජය කිරීමය. එම අරගලයට, පිරිසක් සැබෑ ලෙසම මැදිහත්වූ අතර තවත් කණ්ඩායම් කිහිපයක්ම වෙනත් වෙනත් ක්‍රීඩාවල යෙදෙමින් සිටියා. ඒ අතරින් මටනම් පුද්ගලිකවම අප්‍රසන්නම මිනිසුන් වූයේ මේ අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් තමන්ගේ පුද්ගලික න්‍යායපත්‍ර ක්‍රියාවට නගන්නට මාන බැළුවන්ය.
රටක් අර්බුදයකට මුහුණපා තිබියදී තම කණ්ඩායම බරපතල තත්වයකට මුහුණදී සිටියදී ඒ කිසිවකට වඩා තම පුද්ගලික න්‍යායපත්‍රය ඉදිරියෙන් තබා කුහකලෙස ක්‍රියා කරන්නන් කිසි දිනෙක රටකට හොඳ නායකත්වයක් සපයන්නේ නැත. එමෙන්ම අභියෝගාත්මක අර්බුද වලදී තීරණාත්මකලෙස මැදිහත් නොවන්නන්ද හොඳ නායකයන් වන්නේ නැත.
රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයට හෙණවැදී හෝ තමන්ට පොට පෑදෙනකම් බලාසිටි අවස්ථාවාදී කුහකයින් ජනතාවගේ සැබෑ නායකයින් ලෙස කිසි දවසක ජනතා හිතවාදී දේශපාලනයේ යෙදෙන්නේද නැත.
දේශපාලනය ගැන තියුණු අවබෝදයක් හෝ විචක්ශණ භාවයක් නොමැති සාමාන්‍ය පාක්ෂික බැතිමතුන් මේ අවස්ථාවේ කිසියම් ප්‍රමාණයකට නොමග ගොස් සිටින බවක් පෙනෙයි. ඒ අනුව ඔවුන්ගෙන් යම් ප්‍රමාණයක් බොල් පිලිම පසුපස යමින් සිටිනව. ඒත් ඔවුන්ටද ලඟදීම වෘක සම පොරවාගෙන සිටින බැටළුවා හඳුනාගැනීමට පිලිවන්වේවි.
ඒත් සැබෑ නිර්නායකයන්ට අනුව නම් අරගලය විසින් මතුකල සැබෑ නායකයන් වන්නේ ඔය පහලින් ඉන්න අයයි.
හේතු පාඨ:
1. පාඨලී චම්පික - අරගලය වෙනුවෙන් මතවාදී භූමිකාව සකස් කිරීම සහ අරගලයට බිම් මට්ටමේ ජීවය කැවීම.
2. අනුර කුමාර - අරගලයට සදාචාරාත්මක ශක්තිය ලබාදීම සහ ඒ වෙනුවෙන් ජනතා මතවාදය සකස් කිරීම.
3. කරූ ජයසූරිය - පුද්ගලික න්‍යායපත්‍ර වෙනුවට සැබෑ කණ්ඩායම් හැඟීමෙන් අරගලයට පන පෙවීම.
(ලුතිනන් කර්නල් චන්න කරුණාරත්න)