අරවින්ද තවත් කට නොවසයි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    2011 වසරේදී පැවති ලෝක කුසලාන ක්‍රිකට් අවසන් මහා තරගය පාවාදුන්නේ යැයි හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශය ගැන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට පරීක්ෂණයක් ආරම්භ කරන්නැයි තමන් ඉල්ලා සිටින බව එවකට ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ සභාපති ලෙස කටයුතු කල අරවින්ද සිල්වා මහතා සඳහන් කරයි.

    තවදුරටත් මෙම සිදුවීම ගැන තමන් කට වහගෙන නොසිටින බවට තීරණය කළ බවත් හිටපු ක්‍රීඩා ඇමති වරයාට මෙම ප්‍රකාශය කිරීමට වසර 09ක් ගත කිරීම ගැන තමන් පුදුම වන බවත් ඔහු පැවසීය.



    හිටපු ඇමතිවරයා විසින් එල්ල කරන ලද චෝදනාව ඉරපතල එකක් බවත් ඒ ගැන ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය වහා විමර්ශණයක් ආරම්භ කල යුතු බවත් එවන් පරීක්‍ෂණයකදී රහස් රැසක් හෙලි කරන්නට තමන් සූදානම් බවත් ඔහු සදහන් කලේය.

    ස්වර්ණවාහිනිය සමගින් ඔහු මෙම අදහස් පල කලේය.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,906
    40,708
    113
    අරවින්දට හෙලි කරන්න ඉතුරු වෙලා තියෙන රහස් මොනවද? මෙතන එහෙම පවාදීමක් කුමණ්ත්‍රනයක් තිබ්බෙ නැත්නම් රහස් තියෙන්නත් බෑ.
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    වික්කා කියල ඔප්පු වුණොත් ලංකාවට වගේම ඉන්දියාවටත් ලැජ්ජයි. පොදුවේ ක්‍රිකට්වලට වගේම ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන අප සැමටම ලැජ්ජයි. වැරදිකරුවන්ට දඩුවම් ලබා දිය යුතුමයි. නොවික්කා කියල ඔප්පු වුණොත් ලජ්ජා නහර නැති අලුත් ගමගේ නමැති දේශපලුවා දත් විලිස්සාගෙන සිනා සිසි ඇමතිකමේ රස බලමින් තව දුරටත් පාලිමෙන්ට් එකේ වැජබෙයි. ඒ නිසා අරවින්ද නොවික්ක නම් ඩිෆෙන්ස් නැතිව හොද හුක් ෂොට් එකක් ගහන්න ඕන සදා මතක හිටින්න.