අරව පැකට් 10 යි...

paralk

Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    මම දවසක් ටවුන් එකේ තියන ටිකක් ලොකු කඩයකට ගියා සිල්ලර බඩු ටිකක් ගන්න, ඒ කඩේ සිල්ලර වෙලඳාම වගේම තොග වෙලඳාමත් කෙරෙනව, ඈත ගම්වල මුදලාලිල තමන්ගෙ පොඩි කඩේට ඕනි සිල්ලරබඩු ටික මෙතනින් අරන් යනව,
    මම ගිය දවසෙ මේ කඩේ හිටියෙ මුදලාලිත් තවත් කඩයකට බඩු ගෙනියන්න ආපු මුදලාලි කෙනෙකුත් කඩේ වැඩ කරන පොඩි කොල්ලෙකුත් විතරයි, මේ කොල්ල අවුරුදු 14ක්,15ක් විතර පෙනුමතියන හොඳට දුවල පැනල කෑගහල වැඩ කරන කටකාර ඇම්ඩෙක්. මම යනකොටම බඩු ටික චෙක් කරන්න ගත්ත, කොල්ල බඩු තොගේ බල බල කියනව, මුදලාලි "හරි" කියනව,

    කොල්ල - සන්ලයිට් කැට 15යි...
    මුදලාලි - හරි...

    කොල්ල - ලය්ෆ්බොය් 10යි...
    මුදලාලි - හරි...

    කොල්ල - ලක්ස් කැට 10යි...
    මුදලාලි - හරි...

    කොල්ල - සිග්නල් පෙට්ටි 10යි...
    මුදලාලි - හරි...

    කොල්ල - සුදු කැකුලු 10යෙ කවර 10යි...
    මුදලාලි - හරි...

    කොල්ල - රතු කැකුලු 10යි...
    මුදලාලි - හරි...
    කොල්ල - පරිප්පු...
    .
    .
    .
    කොල්ල - තේ කොල පැකට් 20යි...
    මුදලාලි - හරි...

    කොල්ල - අරව පැකට් 10යි...
    මුදලාලි - අරව! මොනවද යකෝ අරව ?
    කොල්ල - අර අරව...
    මුදලාලි - ආහ්, හරි, 10යි...

    හැබෑට මොනවද මේ අරව...?(අදිසි උපකාරකය - ගංජ නෙමෙයි, වැඩිහරියක් එන්නේ රෝසපාට පැකට්වල)
     
    • Like
    Reactions: dgvirajm

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ලෝකේ පුරා තියන සේරම නුගුණ වැඩ ලංකාවේ තියනවා. පාරේ තැන තැන පොඩි එකාගේ ඉදන් දුෂණය කරනවා. එත් නියම නමින් භාණ්ඩය ඉල්ලුවොත් කට්ටියගෙම හිරි ඔතප් බිඳෙනවා. ඒ වචනේ කියන්න හරි ලැජ්ජයි. ලංකාවේ සන්ස්කුරුතිය (සංස්කෘතියක් නැහැ) මේක තමයි.
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    අරවා...

    අපේ පැත්තේ කඩදාසි කවර වල දාලා දෙන දේවල් ද ?

    හැබැයි කාර්ගිල්ස් වල නම් එහෙම නෑ...