අර්ජුන කළුතරට කුසලානයෙන් නායක්වය දෙයි
අර්ජුන කුසලානයෙන් කළුතරට නායක්වය දෙයි
ප්රධාන පුවත 2010 පෙබරවාරි 25 වෙනි බ්රහස්පතින්දා, 10:20
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී අර්ජුන රණතුංග මහතා ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ කුසලානය ලකුණ යටතේ කළුතර දිස්ත්රික්කයට තරග වැදීම සදහා මීට ස්වල්ප මොහොතකට පෙර නාම යෝජනා පත්රයට අත්සන් තැබීය. ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධාන කාර්යාලයේදී එම පක්ෂයේ ලේකම් විජිත හේරත් මහතා සහ අනෝමා ෆොන්සේකා මහත්මිය ඉදිරියේදී රණතුංග මහතා මෙලෙස නාම යෝජනා පත්රයට අත්සන් තැබීය. රණතුංග මහතා ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ කළුතර දිස්ත්රික් කණ්ඩායම් නායකයා ලෙස මැතිවරණයට ඉදිරිපත් වේ.
ප්රධාන පුවත 2010 පෙබරවාරි 25 වෙනි බ්රහස්පතින්දා, 10:20





