අර්ජුන සනත්ට දුන් පිළිතුර
වර්තමානයේ තරම් ක්‍රීඩාව දේශපාලනීකරණය වූ තවත් වකවානුවක් නෑ
ක්‍රිකට් දේශපාලනීකරණය ඇති බවට රට පුරා පොදු මතයක් තිබුනද සනත් ජසූරිය මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කලේ ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලනීකරණය වී නොමැති බවය, එය එතුමාගේ ආණ්ඩුවට කඩේ යෑමේ ගතිය යම්තාක් දුරට ඉස්මතු කරන්නක් විය.
සනත් ජයසූරිය මහතා එසේ කීවත් එයට පිළිතුරු ලෙස ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා පැවසුවේ වර්තමානයේ තරම් ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලනීකරණය වූ තවත් වකවානුවක් ශ්‍රී ලංකා ඉතිහාසයේම නොමැති බවය.
මේ කරුණු කාරණා දෙකම කරළියට පැමිණියේ අද පාර්ලිමේන්තුවේදී පැවති ක්‍රීඩා අමාත්‍යාංශ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේදීය.
අර්ජුන රණතුංග මහතා මේ සඳහා උදාහරණයට ගත්තේ කදිම නිදසුනකි, එනම් ඔහු ප්‍රකාශ කර සිටියේ සනත් ජයසූරිය මහතා ජාතික කණ්ඩායමේ සිටියදීම දේශපාලනයට පිවිසීම ක්‍රීඩාව දේශපාලනීකරණය වීම මැනවින් පිලිබුඹු වන කරුණක් බවයි.
Source: RealGossipLanka.com