අර්ශස් රෝග තත්ත්වය ගැන දැනගනිමු

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අර්ශස් රෝග තත්ත්වය ගැන දැනගනිමු

    am-2.jpg


    අර්ශස් කියන නම මේ ලෙඩේට යොදන්නේ සාමාන්‍ය ව්‍යවහාරයේදී. ඊට යෙදෙන වෛද්‍ය නාමය රක්තරීතාභය යන්නයි. ඉංග්‍රීසියෙන් ද
    Piles

    යන ග්‍රාම්‍ය නාමයත් Haemorrhoid යන වෛද්‍ය වහරත් මේ ලෙඩේට ව්‍යවහාර වෙනවා. Piles යන්න ඉතාලි භාෂාවෙන් බිඳී ආ වදනක්. ඉතාලි
    භාෂාවෙන් බෝලය හැඳින්වීමට යොදා ගැනෙන්නේ මේ නමයි.

    hemorrhoids_1714.jpg


    අර මනුස්සයට හරියට කේන්ති යනවා. දෙන්න ඕන කොහිලකටු තම්බල” එවැනි කියමනක් ඔබත් අසා ඇතිවාට සැක නැත. අර්ශස් රෝගීන්ට වැඩියෙන් කේන්තියන බවට ද මතයක් ඇත. අර්ශස් රෝගය අද සමාජයේ බහුලව දක්නට ලැබෙන රෝගී තත්ත්වයක් බවට පත්වී ඇත. සමාජයේ සියයට හතළිහකට වැඩි පිරිසක් මේ රෝගය නිසා පීඩා විඳින බව හෙළි වී ඇත. බටහිර රටවල මෙම ප්‍රතිශතය මීටත් වඩා වැඩිය.

    අර්ශස් ඉතා කරදරකාරී රෝගී තත්ත්වයකි. බොහෝ දෙනෙකු රෝගය සඳහා ප්‍රතිකාරවලට යොමු වන්නේ රෝගය උත්සන්න අවස්ථාවට පත් වූ විටය. එයට හේතුව වන්නේ ගුද මාර්ගය ආශි‍්‍රතව ඇතිවන මෙම රෝගය සඳහා වෛද්‍යවරයකු වෙත යාමට රෝගීන් දක්වන ලජ්ජාශීලී බවය; අකමැත්තය. මුල් අවස්ථාවේදීම අර්ශස් රෝගයට ප්‍රතිකාර ගැනීමෙන් රෝගය නිසා ඇතිවන සංකූලතාවලින් මිදීමට ද රෝගය නිසා සිදුවන අපහසුතාවලින් වැළකී සිටීමට ද අවස්ථාව ලැබේ.

    අර්ශස් යනු කුමක් ද යන්න පිළිබඳව පළමුව අපි විමසා බලමු. අපගේ ගුද මාර්ගයේ ආරක්ෂාව වෙනුවෙන් ගුද මාර්ගය කෙළවර පිහිටා ඇති කොටස් හඳුන්වනු ලබන්නේ ගුද කොට්ට නමිනි. එම ගුද කොට්ට නිර්මාණය වී තිබෙන්නේ ශ්ලේෂ්මල පටලයකින් වට වුණු තරමක් ඉලිප්පුණු සුමුදු පටකවලිනි. ගුද කොට්ට 3 ක් ගුද මාර්ගය කෙළවර පිහිටා ඇත. මෙම ගුද කොට්ට තුළ එම ප්‍රදේශයට රුධිරය සපයන රුධිර නාලිකාවන්ගෙන් ද ශිරාවාහිනීවලින් ද නිර්මාණය වූ දැලක් පිහිටා ඇත.

    මේවා සෑම අයකුගේම ශරීරයේ පිහිටා ඇති අතර ඒවා පිහිටන්නේ ආරක්ෂාවටය. රුධිර නාලිකා සහ ශිරාවලින් නිර්මාණය වූ එම දැල විශාල වී ගුද කොට්ට එළියට පැමිණෙන අවස්ථාව අර්ශස් රෝගය ලෙස හඳුන්වනු ලැබේ. ගුද කොට්ට තුළ ඇති ශිරා වාහිනී විස්ථාරණය වූ විට එයින් තරලයක් එළියට පැමිණ පිම්බී පිපිරීමකට ලක්වේ. ඉන් පසුව රුධිරය වහනය වීමක් සිදු වේ. මෙහිදී රුධිරය වහනය වන්නේ විස්ථාරණය වූ රුධිර වාහිනී වලින් නොව, එම ප්‍රදේශයට රුධිරය සපයන රුධිර නාලිකාවලිනි.

    අර්ශස් රෝගය උත්සන්න වූ විට තද රතු පැහැති රුධිරය විදින්නාක් මෙන් ශරීරයෙන් පිටවන්නේ මේ නිසාය. රක්තහීනතාවයට පත්වන තෙක් වුවද රුධිර වහනය සිදුවිය හැකිය. අර්ශස් රෝගය ලෙස හඳුන්වනු ලබන්නේ ගුද මාර්ගය කෙළවර ඇති ගුද කොට්ට ආශි‍්‍රතව ඇතිවන ගැටලුවක් බව දැන් පැහැදිලිය.

    අර්ශස් රෝගය ඇතිවීමට හේතු වන සාධක කීපයක්ම ඇත. ඉන් ප්‍රධාන වන්නේ මලබද්ධයයි. යමෙකු මලබද්ධයෙන් පෙළෙන විට එම පුද්ගලයාගේ මලපහ වන්නේ ගනවය. එසේම මහා අන්ත්‍රය තුළ මල ඉතා සෙමෙන් ගමන් කිරීමට ද මල ගනවීම හේතුවකි. එසේ මල ඉතා සෙමෙන් ගමන් කිරීම නිසා මලපහ කරන විට තැටමීමට සිදුවේ. එවිට ගුද මාර්ගය කෙළවරට අධික පීඩනයක් යෙදවේ. එවිට ගුද කොට්ටවල ශිරාවාහිනීවලින් රුධිරය ඉහළට යාම අඩාළ වේ. එවිට රුධිර වාහිනී විස්ථාරණය වීමට පටන් ගනී. එහි ප්‍රතිඵලය වන්නේ ශිරා වාහිනී ඉදිමී පුපුරා යාමය.

    ගුද මාර්ගය අවට පිහිටා ඇති ශරීරයේ ඉහළට රුධිරය ගෙන යන ශිරා වාහිනී, කිසියම් ගැටිත්තක් පිළිකාවක් වැනි දෙයක් නිසා ද අවහිර වීමට ද ඉඩ ඇත. එවිට ද ගුද කොට්ට ඉදිමී අර්ශස් රෝගය මතුවීමේ හැකියාව ඇත. එයින් පැහැදිලි වන්නේ ගුද මාර්ගය අවට ඇතිවන පිළිකාවක් හෝ වෙන යම් ගැටිත්තක් නිසා ද අර්ශස් රෝගය ඇතිවීමේ අවධානම ඇති බවය.

    ගුද මාර්ගයෙන් රුධිරය වහනය වීමක් සිදුවේ නම් වහාම වෛද්‍ය වරයකු හමුවට යා යුත්තේ ඒ නිසාය. එම රුධිර වහනය සාමාන්‍ය අර්ශස් රෝගය නිසා සිදුවන්නක් ද නැතහොත් පිළිකාවක් වැනි භයානක හේතුවක් නිසා සිදුවන්නක් ද යන්න පැහැදිලි කර ගැනීම ඉතා වැදගත්ය. ඒ සඳහා පරීක්ෂණ ඉක්මන් කළ යුතුය. වයස අවුරුදු 45 ඉක්ම වූ පුද්ගලයකුගේ ගුද මාර්ගයෙන් රුධිරය වහනය වන්නේ නම් ඉහත කාරණාවලින් කුමක් නිසා එය සිදුවන්නේ ද යන්න වහා සොයා බැලිය යුතුය.

    වයස අවුරුදු 45 නොඉක්මවුවද පරම්පරාවේ අයකුට ගුද මාර්ගය අවට පිළිකා රෝගී තත්ත්වයක් තිබී ඇත්නම් ඒ පිළිබඳව වඩාත් සැලකිලිමත් වීම වැදගත්ය. මෙහිදී සඳහන් කළ යුතු වැදගත් කරුණක් වන්නේ ගුද මාර්ගය අවට පිළිකාවක් නිසා අර්ශස් රෝගය ඇතිවීම සහ ගුද මාර්ගය අවට පිළිකාවක් නිසා රුධිරය වහනය වීම ඉතා සුලභ තත්ත්වයක් නොවන බවය.

    අර්ශස් රෝගයේ අවස්ථා 4 ක් ඇත. පළමු අවස්ථාවේදී සිදුවන්නේ ගුද මාර්ගයෙන් රුධිරය වහනය වීම පමණි. එසේ රුධිරය වහනය වන්නේ ගුද කොට්ට පුපුරා යාම නිසාය. අර්ශස් රෝගයේ දෙවැනි අවස්ථාවට පත්වූ විට ගුද මාර්ගයෙන් රුධිරය වහනයත් සමඟම අර්ශස් ගෙඩි ලෙස ගුද කොට්ට එළියට පැමිණිමක් සිදුවේ. මෙහිදී එළියට පැමිණෙන අර්ශස් ගෙඩි මලපහ කිරීමෙන් පසුව කිසිඳු ගැටලුවක් නැතිව ශරීරය තුළට නැවත ගමන් කරයි.

    රෝගයේ තුන්වැනි අවස්ථාවේදී මලපහ කරන විට එළියට පැමිණෙන අර්ශස් ගෙඩි අතින් අල්ලා ශරීරය තුළට තල්ලු කරන තෙක් ඒවා ගමන් කරන්නේ නැත. මලපහ කරන විට එළියට පැමිණෙන අර්ශස් ගෙඩි අතින් අල්ලා තල්ලු කළ ද ශරීරය තුළට ගමන් නොකරන අවස්ථාව අර්ශස් රෝගයේ හතරවැනි අවස්ථාවය.

    අර්ශස් රෝගයේ මුල් අවස්ථා තුනේදී ශරීරයෙන් රුධිරය වහනය රක්තහීනතාවය ඇතිවන තෙක්ම සිදුවිය හැකිය. 4 වැනි අවස්ථාවේදී එළියට පැමිණෙන අර්ශස් ගෙඩි නැවත ඇතුළට ගමන් නොකිරීම නිසා එම ගෙඩි වලට රුධිරය ගමන් කිරීම නැවතේ. රුධිර සැපයීම ඇනහිටි විට එම ගෙඩි නරක් වී විනාශ වීමට ඉඩ ඇත. පසුව අර්ශස් ගෙඩි පැසවා එම ශ්‍රාවය රුධිරයට එක්වී අක්මාවට ගමන් කළ හැකිය. එහි ප්‍රතිඵලය අක්මාවේ සැරව ගෙඩි නිර්මාණ වීම විය හැකිය. මෙය ඉතා භයානක තත්ත්වයකි. එබැවින් අර්ශස් රෝගයේ මුල් අවස්ථාවේදීම එය හඳුනාගෙන ප්‍රතිකාර කිරීම වැදගත්ය.

    අර්ශස් රෝගයට ගොදුරු නොවී සිටීමට අපට ක්‍රියා කළ හැකිය. එහිදී වඩාත් වැදගත් වන්නේ හොඳ වැසිකිළි පුරුදු පවත්වාගෙන යාමය. බොහෝ දෙනෙක් වැසිකිළියේ වැඩි වේලාවක් ගත කිරීමට පුරුදු වී ඇත. එය ඉතා වැරදි ක්‍රියාවකි. ඇතැමුන් වැසිකිළියේදී පොත් පත්තර කියවීමට පුරුදු වී ඇත. මේවා ඉතා වැරදි සහගත පුරුදුය. වඩාත් සුදුසු වන්නේ වැසිකිළියට ගොස් මලපහ පිට වූවා යැයි තමන්ට දැනුණු විගස වැසිකිළියෙන් ඉවත් වීමය. බොහෝ වේලාවක් වැසිකිළියේ ගත කිරීම අර්ශස් රෝගය ඇතිවීමට හේතුවක් විය හැකිය.

    අර්ශස් රෝගය ඇතිවීමට හේතු වන මලබද්ධය ඇතිවීමට බලපාන තවත් හේතුවක් ඇත. එය ගුද මාර්ගයේ එක්තරා පිහිටීමක් නිසා ඇතිවන තත්ත්වයකි. ගුද මාර්ගය කෙළවර සැකසී ඇත්තේ එක්තරා ආනතියකිනි. එම ආනතියට හේතු වන්නේ ගුද මාර්ගය කෙළවර ඇති එක්තරා පේෂියකි. එම පේෂිය නිසා ගුද මාර්ගයේ ඇතිවන ආනතිය තියුණු එකක් නම් (Acute angle) මලපහ වීම අපහසු වේ. මලපහ වීම අපහසු වන විට ඒ සඳහා වෙර යොදා තැටමීමට අවශ්‍ය වේ. එය අර්ශස් රෝගය ඇතිවීමට හේතුවකි.

    අපගේ ශරීරයේ උදර ප්‍රදේශය සංවෘත කොටසකි. එයට අයත් වන ප්‍රාචීරය ක්‍රියා කරන්නේ පිස්ටනයක් ක්‍රියාකරන ආකාරයටය. අප තදින් හුස්ම ගන්නා විට ප්‍රාචීරය පහළට ගමන් කර තෙරපී සිටී. මලබද්ධය ඇති විට තදින් හුස්මක් ගෙන සෙමෙන් පහළ දැමිය යුතුය. හුස්ම ගන්නා විට උදරය තෙරපී මල පහළට ගමන් කිරීමට උපකාරී වේ.

    හුස්ම පහළට හෙළන ගමන් යටි බඩ තද කරන විට ඉහතින් සඳහන් කළ ගුද මාර්ගය අසල ඇති පේෂියේ තියුණු ආනතිය නැතිවී එම පේෂිය දිග හැරේ. එවිට මලපහ කිරීමට පහසු වේ. එබැවින් මලබද්ධයෙන් මිදීමට ඉහතින් දැක්වූ හුස්ම ගැනීමේ ක්‍රම වැනි ක්‍රම භාවිත කළ හැකිය.

    ගන්නා ආහාර හොඳින් විකා කෑම මලබද්ධයෙන් මිදීමට උපකාරී වන තවත් එක් ක්‍රමයකි. කෑම හොඳින් හපන විට මුඛයේ සිදුව හෝමෝනවල ක්‍රියාකාරිත්වය නිසා ද මුඛයේ ඇති ස්නායුවල ක්‍රියාකාරිත්වය නිසා ද අන්ත්‍රවල ක්‍රියාකාරිත්වය වැඩි වේ. ක්‍රීඩා කරන පුද්ගලයින් විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩකයින් බොහෝ විට චුවින්ගම් සපනු ඔබත් දැක ඇති. එසේ චුවින්ගම් සපන්නේ විලාසිතාවකට යැයි ඇතැමුන් වරදවා සිතන අවස්ථා ඇත.

    ඔවුන් එසේ චුවින්ගම් සපන්නේ වෛද්‍ය උපදෙස් මතය. එසේ චුවින්ගම් සපන විට මුඛය නිතරම ක්‍රියා කරන විට අන්ත්‍ර හොඳින් ක්‍රියාත්මක වේ. එවිට මල අන්ත්‍රවල පහළට තල්ලු වී යයි. එවිට මලබද්ධය නැති වේ. එබැවින් මලබද්ධය ඇති පුද්ගලයින් චුවින්ගම් සැපීමේ වරදක් නැත. යුරෝපීය රටවල ගී‍්‍රස්ම කාලයේදී දහදිය ලෙස ශරීරයෙන් විශාල ජල ප්‍රමාණයක් පිටවන නිසා ආහාර දිර වීමට මල අන්ත්‍රවල ගමන් කිරීම අපහසු වීම නිසා මලබද්ධය ඇතිවේ. එය අර්ශස් රෝගයට අත වැනීමකි. නිතර කිසියම් දෙයක් සපන විට අන්ත්‍ර ක්‍රියාත්මක වී මලපහ කිරීම පහසු වේ.

    අර්ශස් රෝගයෙන් මිදී සිටීමට ජලය හොඳින් පානය කිරීම කෙතරම් වැදගත් ද යන්න දැන් පැහැදිලිය. කිලෝග්රෑම් 60 ක් බර සාමාන්‍ය පුද්ගලයකු අඩුම තරමින් දිනකට ජලය ලීටර් 3 ක් පානය කළ යුතුය. ඊට වැඩියෙන් ජලය පානය ද සුදුසු නැත. එසේම එම ජල ප්‍රමාණය ශරීරයට ලබාදිය යුත්තේ දවස පුරා විටින් විටය.

    මල පහසුවෙන් අන්ත්‍ර දිගේ ගමන් කිරීමට නම්, මල ගනව නොව මෘදුව තිබීම අත්‍යවශ්‍ය වේ. එසේම ප්‍රමාණයෙන් වැඩිය තිබීම ද අත්‍යවශ්‍යය. ඒ සඳහා සුදුසුම පිළියම වන්නේ ජලය පානය සහ කෙඳි සහිත ආහාර ගැනීමය. ප්‍රධාන ආහාරයකට පසුව පලතුරු ද ආහාරයට ගැනීම මල පිටවීම පහසු කරවන්නකි. වඩාත් වැදගත් වන්නේ ඕනෑම ආහාරයක් වේලාව ගෙන හොඳින් විකා කෑමය. මලබද්ධයෙන් මිදී අර්ශස් රෝගයට ගොදුරු නොවී සිටීමට එවැනි ආහාර පුරුදු ඉතා වැදගත්ය.

    අර්ශස් රෝගයට කිසියම් පාරම්පරික බලපෑමක් ද ඇති බව පැහැදිලියි. මවට හෝ පියාට අර්ශස් රෝගය ඇත්නම් දරුවනට එම රෝගය ඇතිවීමේ හැකියාව වැඩිය. එබැවින් මවුපියනට අර්ශස් රෝගය ඇත්නම් දරුවන් අර්ශස් රෝගයේ අවදානම් සාධක වලින් මිදී සිටීමට පියවර ගැනීම වැදගත්ය. එමඟින් රෝගයෙන් මිදීමේ හැකියාව ඇත.

    අර්ශස් රෝගය සඳහා ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාර අද ඇත. එබැවින් දුක් විඳීමට අවශ්‍ය නැත. අර්ශස් රෝගයේ පළමු අවස්ථාවේදී රුධිරය වහනය වීම නැවැත්වීම සඳහා එන්නත් භාවිත වේ. දෙවැනි අවස්ථාවේදී රුධිරය වහනය වන රුධිර වාහිනී සහිත ගුද කොට්ට වලට රබර් පටි යොදනු ලැබේ. එවිට රුධිර වහනය නවතී. එයින් ද රෝගය පාලනය නොවේ නම් ශල්‍යකර්මයක් මඟින් අර්ශස් ගෙඩි කපා ඉවත් කරනු ලැබේ.

    අර්ශස් රෝගය නිසා වේදනා විඳි සමය දැන් අවසන්ය. නවීන උපකරණ මඟින් සිදු කෙරෙන ශල්‍යකර්ම මඟින් අර්ශස් රෝගයට ඉතාම සාර්ථකව පිළියම් යෙදිය හැකිය. මෙහිදී Dopler වැනි තාක්ෂණික උපකරණ භාවිත කරමින් සිදු කරන ශල්‍යකර්මය මඟින් ඉතා සාර්ථක ලෙස අර්ශස් රෝගයට ප්‍රතිකාර කළ හැකි අතර එක් දිනකින් රෝහලෙන් පිටව යාමට ද හැකියාව ඇත. මෙම නවීන තාක්ෂණයෙන් ප්‍රතිකාර කළ විට නැවත අර්ශස් ඇතිවීමේ හැකියාව සියයට හතරකටත් වඩා අඩුය.

    අර්ශස් රෝගීන් බොහෝ දෙනෙක් ඉන්නේ තම රෝගය සඟවාගෙනය. එමඟින් ඇතිවන වේදනාව දරාගෙනය. එවැනි අවස්ථාව තවත් ගැටලුවක් මතු වූ විට කේන්ති යාමට ඉඩ ඇත. එසේ නැතිව අර්ශස් රෝගය සහ කේන්ති යාම අතර සෘජු සම්බන්ධයක් ඇතැයි සිතිය නොහැකිය. අර්ශස් රෝගීන්ට කොහිල සුදුසු යැයි කියන්නේ කෙඳි සහිත ආහාරයක් වන කොහිල මලබද්ධය අඩු කිරීමට බොහෝ උපකාර වන නිසාය.

    am-3.jpg

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    good thread
    ස්තුතියි සහෝ

    Gud post Bro ....

    You must spread some Reputation around before giving it to crazybuddy again.
    ස්තුතියි සහෝ

    good post. matath oya prasne thibuna. dan eeka control karagena inne,
    ස්තුතියි සහෝ.. බෙහෙත් තියෙනවද ඒවට.. නැත්නම් ඔපරේෂන් කරනවද..?

    good post
    ස්තුතියි සහෝ