අරුන්ධික

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඇත්තද මේ අරුන්ධික හා උගේ බල්ලෝ සෙට් එකට බණ්ඩාරවෙල කොල්ලෝ ටික නෙලලා කියන්නේ? උන් බලෙන් චන්ද පොළකට රිංගන්න ගිහින්ලු ගුටි කාලා තියෙන්නේ. ඔය පැත්තේ ඉන්න අය ඉන්නවා නං අප්ඩේට් එකක් දෙන්න. :D:D:D
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,490
    28,289
    113
    බදුල්ලේදී අරුන්දික ඇතුලු මැරයින්ට පහරදී

    බදුල්ලේදී අරුන්දික ඇතුලු මැරයින්ට පහරදී එළවා දමයි

    ඡන්දය පැවැත්වෙමින් තිබෙන බණ්ඩාරවෙල ධර්මපාල විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයට බලහත්කාරයෙන් ඇතුල්වීමට සූදානම් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතාටත් ඔහුගේ මැරකණ්ඩායමකට හා නිල් බලකායේ මැර කණ්ඩායමට ප්‍රදේශවාසීන් විසින් පහරදී එලවා දමා තිබේ.

    මීට සුළු වේලාවකට පෙර ධර්මපාල විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයට මැර කණ්ඩායම ඇතුල් වීමට උත්සාහ දරා තිබේ. එම අවස්ථාවේදී එතනට පැමිණි එජාප මහඇමති අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතාගේ ආධාරකරුවන් පිරිසක් විසින් අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ඇතුලු මැර කණ්ඩායමට පහර දී එලවා දමා තිබේ.

    මේ වනවිට මොනරාගල හා බදුල්ල දිස්ත්‍රික්කයට ආණ්ඩුවේ මැර කණ්ඩායම් යොදවා ඡන්ද දායකයින් බියවැද්දීමේ උත්සාහයක් පවතින බව මැතිවරණ නිරීක්ෂණ සංවිධානද වාර්තා කරයි.

    - Lankatruth
     
    Last edited: