අරුම පුදුම කුහරය තවමත් අබිරහසක්

demee

Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    අරුම පුදුම කුහරය තවමත් අබිරහසක්

    අරුම පුදුම කුහරය තවමත් අබිරහසක්


    සයිබීරියාවේ අද්භූත කුහරය හෙලිකොප්ටරයක් යොදානිමින් ඡායාරූපයට නැගූ පර්යේෂකයන් පිරිසක් පවසන්නේ එය විස්තර කළ නොහැකි තරම් අද්භූත ස්ථානයක් බවයි. විද්‍යාඥයන්ට මෙය අධ්‍යයනය කිරීම මහත් දුෂ්කර කාර්යයක් වී තිබේ. මේ නිසාම එම කුහරය හඳුන්වන්නේ ලෝකයේ කෙලවර ලෙසිනි.
    මෙය උල්කාපාතයක් වැටීමෙන් ඇතිවූ විශාල කුහරයක් බව ඇතැම් පර්යේෂකයෝ කියති. තවත් පිරිසක් පවසන්නේ පිපිරීමකින් ඇතිවූ ස්ථානයක් බවයි. තවත් පර්යේෂකයන් පිරිසක් පවසන්නේ පොළොව යට තිබූ අයිස් තොගයක් දියවී යාමෙන් මේ කුහරය සෑදී ඇති බවයි. අතීතයේ මේ ස්ථානයේ තිබූ විලක් රොන් මඩ හා පස් තැන්පත් වීමෙන් එහි ජල කොටස රොන් මඩට මැදි වී අයිස් බවට පත්වන්නට ඇති බවත් පසුව මේ අයිස් දියවී දැවැන්ත කුහරයක් සෑදෙන්නට ඇති බවත් තවත් විද්‍යාඥයන් පිරිසකගේ මතයයි.

    කෙසේ වෙතත් ජලයෙන් පිරී ඇති මේ කුහරයට වැටෙන සියල්ල විනාශ වී යයි. කුහරයේ ගැඹුර මෙතෙක් සොයාගෙන නැත. මේ ස්ථානයේ වායු වර්ග බහුලව ඇති බවත් එතැනින් මීතේන් පිටවන බවත් විද්‍යාඥයෝ කියති.












    http://www.lankadeepa.lk/articles/251150/
     

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    පිටසක්වල ජීවීන් සිටින ප්‍රදේශයක් විය හැකියි ප්‍රවේශමෙන්:love::love:
     
    • Like
    Reactions: demee

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කුහරයේ ගැඹුර මෙතෙක් සොයාගෙන නැත.

    හඳට,සිකුරුට,අඟහරුට යානා යවපු රුසියාවට මේ පෘථිවියේ තියෙන කුහරයක ගැඹුර හොයන්න බැරිලු.