අලගල්ලේ ගිරි ශිඛරය
උඩරට දුම්රිය මගේ කඩුගන්නාව දුර්ගයේ උසම කඳු පර්වතය.
එළකිරියේ අපේ සාමාජිකයන්ට ආයුබෝවන් කියන ගමන් පුංචි සංචාරක හූයක් ලියන්න හිතුන.
අලට කන්න බැරි අලගල්ලේ කන්ද
බතට කන්න බැරි බතලේගල කන්ද
හුනට කන්න බැරි හුන්නස්ගිරි කන්ද
මේ කඳු තුනට නායක සමනල කන්ද
පැරණි සිංහල කවියක් එහෙමත් තියෙනවනේ. ඉතින් මේ අලගල්ල කන්ද ගැනයි අද කියන්නේ.
උඩරට දුම්රිය මාර්ගයේ යනවිට රඹුක්කන සහ කඩුගන්නාව අතර තියෙන ඉහල කෝට්ටේ පොත්තපිටිය කියන සුන්දර ගම්මානයේ තමයි මේ කන්ද පිහිටලා තියෙන්නේ.
මේ කඳු පර්වතය හා බැඳුනු බොහොම රසවත් ඉතිහාස ජනප්‍රවාදයක් තියෙනවා......ඒ මෙහෙමයි.
1948 ඉංග්‍රීසි යටත් විජිත පාලනය අවසන් කරලා ලංකාවට බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස් කිරීමේ උත්සවය ඒ අවුරුද්දේ පෙබරවාරි 04 වෙනිදා කොළඹ නිදහස් චතුරශ්‍රයේ තියන්න සුදානම් වෙනකොට, හතරලියද්ද කෝරළයේ රාවයක් පැතිරුනා අලගල්ල මුදුනට ඒ අවස්තාව දකින්න හැකි බවට.
ඉතින් අවට ගම්මාන වල ගොඩක් මිනිස්සු එදා උදේ පාන්දරින්ම අලගල්ල නැග්ගලු ඔය අවස්තාව බලන්න හිතාන.
ඒත් සමහරු ඔය විහිලුව ගණන් ගත්තේ නැතිලු.කොහොම වෙතත්, ඔය කන්ද මුදුනට මාවනැල්ල, කෑගල්ල එහාට කිසිම දෙයක් පෙනුනේ නැති නිසා අර කන්ද නැගපු උදවිය බොහොම ලැජ්ජාවෙන් , කලකිරීමෙන් ආපහු එද්දී ඔය ගමන නොගිය උදවියට ඒ සිද්ධිය ජීවිත කාලෙම කතා කරන්න පුළුවන් රසවත් සිද්ධියක් වුනාලු.
ඉතින් ඔන්න ඔහොම අදටත් ඒ අවට ජනයා මේ සිදුවීම සිහිපත් කරන්න හැම අවුරුද්දකම පෙබරවාරි 04 වෙනිදට පවුල් පිටින් පොඩි දරුවන්වත් කැන්දගෙන අලගල්ල නගිනවා.
මම අලගල්ල 03 වතාවක් නැගල තියේ.මේ තමා මුලින් ගිය ගමන. ඊළඟට මගේ කන්තෝරුවේ යාළුවො එක්ක සහ අන්තිමට තනියම.
හැබැයි ඒ අවස්තාවන් තුනේදී පරිසර තත්ත්ව 03 තමා මට අත්විඳින්නට ලැබුනේ.
මේ පලවෙනි වතාවේ අපි ගියේ මුළු රටටම වගේ දැඩි වියලි කාලගුණයක් තිබ්බ කාලයක.
වලාකුලු වලින් තොර වියලි, දැඩි අව් රශ්මියක් සහිත,සුලන් සහිත කාලයක්.
ඉතින් ගමන ගැන පොඩි විස්තරයක් කියන්නම්. මේ ගමන ගියේ අපේ ගමේ මිත්‍රයෝ එක්ක.
ගම්පහ දුම්රිය ස්ථානයෙන් උදේ පාන්දර පොඩි මැණිකේ බදුල්ල දුම්රියෙන් නැගල ඉහල කෝට්ටේ දුම්රිය ස්ථානයට එද්දී උදේ 08 පහුවෙන්න ඇති.
ඊට පස්සේ එතන ඉඳල පොත්තපිටිය කියන ගම්මානයට ගියා උදේ සහ දවල් කෑම අරගන්න.
අපි ගියේ ගොඩක් වියලි කාලෙක නිසා වැඩිපුර වතුර අරගෙන ගියා.
ඉහල කෝට්ටේ දුම්රිය ස්ථානයෙන් බැහැල එතන ඉඳල පොත්තපිටිය ගමට යන මග වැටිලා තියෙන්නේ ලොකු නැග්මක් එක්ක. වටේ පිටේ පරිසරය බොහොම පැහැදිලිව දිස් වුනා.
උදේ උනත් බොහොම දැඩි රස්නයක් තමා තිබුනේ.
හරියටම අලගල්ල නගින පාර වැටිලා තියෙන්නේ පොත්තපිටිය තේ කර්මාන්තශාලාව අසලින්.
එතනින් ගම්මානය හා තේ වතුමැදින් ගිහින් ඊට පස්සේ අලගල්ල රක්ෂිත ඇතුලෙන් වැටුණු අඩි පාර දිගේ ලොකු නැග්මක් නගින්න වෙනවා.
තේ වතු මැදින් උඩටම
මෙතනින් තමා අපි කැලෑවේ අඩි පාරට වැටුනේ...මෙතන ඉඳල දිගටම උඩට නැග්මක් තියෙන්නේ...පායන කාලයක් නිසා එක කුඩල්ලෙක් වත් හිටියේ නෑ.
ඊට පස්සේ ලොකු මාන කන්දක් නැගල අවසානයට ලොකු ගල් පොත්තක් සහිත කුහරයකින් තමා මුදුනට යන්න තියෙන්නේ. ගමනේ වඩාත් අපහසු, තීරණාත්මක කොටස තමයි මෙතන.
මෙතනට කියන්නේ සිංහ කට කියල.
වන වැස්ම ඉවර වෙනවත් එක්කම ලොකු මාන කන්දක්......අව්ව නිසා තරමක් වෙහෙස දැනුනා.
ඔය ඈතින් පෙන්නේ සිංහ කට.ඕක මැදින් තමා උඩට යන්න තියෙන්නේ...
සිංහ කට මැදින් උඩටම
සිංහකට මැදින් ගල දිගේ උඩට බඩගාලා කොහොම හරි උඩට නැග ගත්තා.එදා පෝය දවසක් නිසා තවත් පිරිස් කිහිපයක්ම අලගල්ල නගින්න ඇවිත් තිබුන.
නමුත් ගොඩක් වෙලා කන්දේ මුදුනේ ඉන්න අපහසු බවක් දැනුන මොකද තදින්ම අව්ව වැටුණු නිසා.
ඔය විදිහට කන්ද මුදුනේ අවට සිරි නරඹල අපි එතනින් පිටත් වුනේ කන්දේ අනිත් පැත්තේ තියෙන පූජා ගල සහ පන්සල බලන්න යන්න.
අන්න ඒකට යන්නත් පොඩි කඹයක් අධාරයෙන් පොඩි ගල් පොත්තක් බහින්න තියෙනවා.
මේ විදිහට පූජාගල බලා අපි පිටත් වුනා..
කැලේ මැදින් පැය කාලක්, විතර යද්දී අපිට ඈතින් පූජාගල පන්සල දකින්න ලැබුන. මේ පන්සල හදල තියෙන්නේ හිටපු සබරගමු පළාත් ඇමති කෙනෙක් වුනු මහීපාල හේරත් විසින්.
පූජගල පන්සල හා පිහිටුවා ඇති බුදු සිරිපතුල...
එතනින් පස්සේ අපි ආපු දිසාව නැතුව ගංගොඩ පාරෙන් පහලට බහින්න පටන් ගත්තා. ඒ පාර තමයි පූජගලට එන්න තියෙන නියම පාර.
කන්ද උඩට එන්න තැනින් තැන කොන්ක්‍රීට් පඩි සකස් කරලා තියෙනවා.නමුත් බෑවුම් ගතිය වැඩියි.
ඔහොම දිගටම ඇවිත් හවස 03 විතර අපි කැලේ මැද තැනක නතර වුනා දවල් කෑමට.
එතනින් පස්සේ අපේ ඊළඟ නැවතුම වුනේ ගංගොඩ දුම්රිය ස්ථානය.එතන ඉඳල දුම්රිය මාර්ගයේ ඉහලට ආපහු යන්න ඕනේ ඉහල කොට්ටෙට.
උඩරට මාර්ගයේ උඩට යද්දී ගංගොඩ හා ඉහල කෝට්ටේ දුම්රිය ස්ථාන අතර තමයි ලංකාවේ දෙවෙනියට දිගම බිංගෙය හමු වෙන්නේ.දැනට 01 තියෙන්නේ හැටන් සිංගිමලේ බිංගෙය.
නමුත් දකුණු දුම්රිය මාර්ගයේ බෙලිඅත්ත කොටස විවෘත කෙරුවට පස්සේ මේ දෙකම දෙවෙනි තුන්වෙනි තැනට වැටෙනවා.
මේ රේල්ලුව දිගේ යද්දී එක තැනකදී අපිට පූජාගල යි අලගල්ලයි දෙකම එකට දකින්න ලැබුනා.මේ පින්තුරේ හොඳට බැලුවොත් පන්සල පොඩියට පේනවා.
බිංගෙය ආසන්නයටම ඇවිදින්.
මෙතනදීත් අපි ඇත්තටම ටිකක් මෝඩ වැඩක් කලේ. නමුත් අපිට වෙනින් කිසිම විසඳුමක් තිබුනේ නෑ.කන්ද වටෙන් යන්න හැකිද කියල අපි දන්නේ නෑ.
අපි ගංගොඩ දුම්රිය ස්ථානයෙන් පරික්ෂා කරලා බැලුව ඒ වෙලාවට දුම්රියක් ඒ හරහා යනවද කියන එක. කෝච්චියක් උඩට එන්න තිබුනත් අපිට සැලකියයුතු කාලයක් තිබුන.
නමුත් ඇත්තටම හිතනවට වඩා කෝච්චි බිංගෙයක් ඇතුලේ පට්ටම කළුවරයි.
අපි මොබයිල් ෆෝන් වල ටෝච් එලිය පොඩ්ඩක්වත් ප්‍රයෝජනයක් වුනේ නෑ බිංගේ ඇතුලෙදි. බිංගේ ඇතුලේ මුළු ගමන පුරාවටම කලුවර විතරමයි.
කිහිප අවස්තාවකම අපි හැමෝම වගේ සිල්පර කොටන් සහ ගල් වල කකුල් පැටලිලා වැටුනා.
ඒ වගේම අපි ඔක්කොම වගේ එලියට එද්දී ඇඟේ තැන් තැන් වල දැලි වගේ කළු පාට වැදිලා.
හැබැයි ඉතින් එකේ පොඩි සුන්දර, ත්‍රාසජනක, මිහිරි අත්දැකීමක් නැතුවම නෙමෙයි.
තීරණාත්මක බිංගේ සංචාරය ආරක්ෂිතව අවසන් කරමින් එලියට ආවා.
බිංගේ පහු කරලා තවත් මීටර් 200 විතර ඉස්සරහට එද්දී අපිට ඇහුන අර එනවයි කියපු දුම්රිය ඉහල කෝට්ටේ වෙත ලඟා වෙනවා.
අපි ඊට පස්සේ දුම්රිය මාර්ගයේම තවත් උඩට ගිහින් ඉහල කෝට්ටේ අලගල්ල ඇල්ල,
එහෙම නැත්තම් දෙකිඳ ඇල්ල පහලට වැටෙන පාලම ගාවින් පොඩ්ඩක් උඩට ගිහින් ඇඟේ පතේ මහන්සිය නිවෙන්නත් එක්ක හොඳට නාලා හවස කෝච්චියේ නැවත ගෙවල් බලා ගියා.
බතලේගල හා ඌරාගල කඳු...
උතුවන්කන්ද පැත්තෙන් ඉර අවරට යන හෝරාවේදී අපි නැවත ගෙවල් බලා පිටත් වුනා.
ඔන්න ඔය විදිහට අපේ අලගල්ල සංචාරය නිමා වුනා.බොහොම වෙහෙසකර ගමනක් වුනාට ඇත්තටම සුන්දර ගමනක්.බිංගේ ඇතුලෙන් ගිය ගමනත් අමතක නොවෙන අත්දැකීමක්....
ඉතින් ආයේ මේ වගේ තවත් සංචාරක නූලක් අරගෙන එන්නම්....
එහෙනම් එළකිරි ඔක්කොටම ජය වේවා.