මෙතනදීත් අපි ඇත්තටම ටිකක් මෝඩ වැඩක් කලේ. නමුත් අපිට වෙනින් කිසිම විසඳුමක් තිබුනේ නෑ.කන්ද වටෙන් යන්න හැකිද කියල අපි දන්නේ නෑ.
අපි ගංගොඩ දුම්රිය ස්ථානයෙන් පරික්ෂා කරලා බැලුව ඒ වෙලාවට දුම්රියක් ඒ හරහා යනවද කියන එක. කෝච්චියක් උඩට එන්න තිබුනත් අපිට සැලකියයුතු කාලයක් තිබුන.
නමුත් ඇත්තටම හිතනවට වඩා කෝච්චි බිංගෙයක් ඇතුලේ පට්ටම කළුවරයි.
අපි මොබයිල් ෆෝන් වල ටෝච් එලිය පොඩ්ඩක්වත් ප්රයෝජනයක් වුනේ නෑ බිංගේ ඇතුලෙදි. බිංගේ ඇතුලේ මුළු ගමන පුරාවටම කලුවර විතරමයි.
කිහිප අවස්තාවකම අපි හැමෝම වගේ සිල්පර කොටන් සහ ගල් වල කකුල් පැටලිලා වැටුනා.
ඒ වගේම අපි ඔක්කොම වගේ එලියට එද්දී ඇඟේ තැන් තැන් වල දැලි වගේ කළු පාට වැදිලා.
හැබැයි ඉතින් එකේ පොඩි සුන්දර, ත්රාසජනක, මිහිරි අත්දැකීමක් නැතුවම නෙමෙයි.
පට්ට ත්රෙඩ් එක.. එලමකිරි..
අපිත් මීට අවුරුදු විස්සකට විතර කලින් අලගල්ලෙ නැග්ගා..අපේ නෑදෑයො වගයක් ඉන්නව ඔය ස්ටේෂන් එකට පහල මාවනැල්ල-රඹුක්කන පාරේ. ඉතින් ඒ ස්ටේෂන් එක වෙනකනුත් සෑහෙන දුරක් නැග්ගා.. අපි ගියේ පෙබරවාරි 4 නිදහස් දවසේ. ඒ කාලෙ ඒ පැත්තෙ අය පුරුද්දක් විදිහට හැම නිදහස් දවසකම ඔය අලගල්ලෙ නගින්න පුරුදු වෙලා හිටියා. අපිත් ඔය බිංගේ ඇතුලෙන් යන්න ගිහින් කකුල් කපාගෙන තුවාල වෙලා හෙන වාත වුනා. අපේ සෙට් එකේ දෙන්නෙක් විතරක් ඇතුලෙන් ගියා. අපි පිටින් ගියේ.. ඔය බිංගේ හදන්න කලින් කෝච්චි ගිහින් තියෙන්නෙ බිංගේට එලියෙන් තියෙන පොඩි ඒරියා එකෙන්. පස්සෙ තමයි කෝච්චියක් එහෙම පෙරලුනාට පස්සෙ බිංගේ හදල තියෙන්නෙ. පට්ට බන්.. උඹේ පොටෝස් ටික දැක්කට පස්සේ ආයිත් යන්න ආස හිතුනා...



You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.







