අලව්දීන් අහමඩ් මුවාත් නමැත්තා සම්බන්ධ ව&#3536

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අලව්දීන් අහමඩ් මුවාත් නමැත්තා සම්බන්ධ ව&#3536

    සුගිය පාස්කු ඉරිදා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ අලව්දීන් අහමඩ් මුවාත් නමැත්තා සම්බන්ධ වැඩි විස්තර ඊයේ සිදු කෙරුණ ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය විය.
    කොළඹ ප්‍රදේශයේ ප්‍රකට ප්ලාස්ටික් බඩු කර්මාන්ත ශාලාවක හිමිකරුගේ පුතෙකු වන මුවාත් පස් දෙනෙකුගෙන් යුත් පවුලේ 4 වෙනියා බවත් ඔහු නීති විද්‍යාලයට සමත්වී අධ්‍යාපනය ලබන්නට සූදානම්වි සිටි අයෙකු බවත්
    මෙහිදී හෙළිවිය. එසේම ෂැංග්‍රිලා බොම්බකරු ඉල්හාම්ගේ බිරිය මෙන්ම මුවාත්ගේ බිරියද බොම්බ ප්‍රහාර අවස්ථාවේ ගැබිනියකව සිටි අතර ඇය මීට දින 10 කට පෙර දරුවා ප්‍රසූත කර තිබේ. මින් ඉහත මුවාත්ගේ ගුවන් නියමු පුහුණුවක යෙදෙන සහෝදරයෙක් සහ ජාත්‍යන්තර පාසලක ගුරුවරියක වන සහෝදරියක් අත්අඩංගුවට ගත් බව මට්ටක්කුලිය පොලිසිය දන්වා තිබුණ මුත් ඔවුන් මුවාත්ගේ

    ත්‍රස්ත ක්‍රියා ගැන තොරතුරු දැන සිටියේ නැත.

    කොළඹ ප්‍රදේශයේ ප්‍රකට ප්ලාස්ටික් බඩු කර්මාන්ත ශාලා හිමි මුවාත්ගේ පියා අහමඩ් ලෙබ්බේ අලව්දීන් (59) යන අය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවේ ඊයේ (I4) සාක්ෂි දෙමින් මෙසේ පැවසිය.
    "මගේ පුතා අධ්‍යාපනය ලැබුවේ විදේශගතවයි. නීති උපාධිය ලබාගත්තේ මීට මාස හයකට ඉස්සරවෙලා. එයා මරාගෙනමැරෙන බෝමබය පුපුරුවාගන්නා විට කොළඹ නීති විද්‍යාලයට සුදුසුකම් ලබා සිටියා. එතකොට එයාගේ බිරිඳට දරුවා ලැබෙන්න හිටියේ. දැන් දරුවට දවස් දහයයි.
    මම ව්‍යාපාරිකයෙක්. අංක 121/3, මධ්‍යම පාර, මට්ටක්කුලිය ලිපිනයේ ජීවත් වෙන්නේ. මම විවාහකයි. මට දරුවෝ පස් දෙනෙක් හිටියා. මෙම සිද්ධියෙන් මියගියේ මගේ හතරවැනි පුතා. ඔහු විවාහ වෙලා හිටියේ කල්මුණේ සයින්දමරුදු ප්‍රදේශයේ සිටියා සෙයිදුන් අඳුල් කියන කෙනා එක්ක. පුතා විවාහ වෙලා දැනට අවුරුද්දයි මාස දෙකක්
    වෙනවා. පුතාගේ වයස අවුරුදු 22යි.
    එයාගේ බිරිඳට දරුවෙක් ලැබෙන්න හිටියා. පුතා මෙම මරාගෙන මැරෙන ප්‍රහාරය සිදුකරද්දි එයාගේ බිරිඳට දරුවා ලැබෙන්න ආසන්නයෙන් හිටියා. ඊට දින කිහිපයකට පස්සේ
    තමයි දරුවා ලැබුණේ. ඒ පහුගිය 05 වැනිදා. දැන් දරුවට දවස් 10යි.

    පුතා රැකියාවක් කළේ නැහැ. මගෙ ෂෙඩ් එකක වැඩ බැලුවා. මාසෙකට වියදමට මං 30000 සල්ලි දුන්නා.නීතිය ඉගෙන ගත්තා. එයාගේ නීති උපාධි ප්‍රදානෝත්සවය තිබුණේ 2018 ඔක්තෝබර් මාසේ. එයා කොළඹ ලෝ කොලේජ් එකට පාස් වෙලා හිටියේ.
    එයා මේ අවුරුද්දේ ලෝ කොලේජ් යන්න තමයි හිතාගෙන හිටියේ. පුතා කසාද බැන්දට පස්සේ තමයි සයින්දමරුදු ගියේ. හිටපු ගමන් එයා කොළඹ එනවා. ඒ ආවාම දවස් දෙක තුනක්

    ගෙදර ඉඳලා යනවා. අන්තිමට එයා අපිව බලන්න ආවේ අප්‍රේල් මස 14 වැනිදා. මගේ ලොකු දුවට ඒ කියන්නේ පුතාගේ අක්කට 13 වැනිදා බබෙක් ලැබුණා.
    එයා ආවේ අක්කගේ ළමයා බලන්නයි. එදා දවසම අපිත් එක්ක ඉඳලා රෑ නමයට විතර කල්මුණේ යන්න බස් එක ගන්න කියලා කොළඹ ගියා.එයා එයාගේ බිරිඳට ලැබෙන්න හිටිය දරුවට ඇඳුම් පවා හදලා තිබුණේ. ඊට පස්සේ පුතා අපිට කතා කළේ නැහැ.
    නමුත් සිද්ධිය වූ දවසේ උදේ 11.30ට විතර පුතාගේ බිරිඳ මගේ ලොකු පුතාට කතා කරලා අහලා තිබුණා එයා ආවාද කියලා. එතකොට පුතා කිව්වා මෙහේ ආවේ නැහැ කියලා.'මම මඩකලපුවේ ඉන්නේ මම ආපු වාහනේ කැඩුණා” කියලා වට්ස්ඇප් කෝල් එකක් අරගෙන එයාගේ බිරීඳට කිව්වා කියලා එයා ලොකු පුතාට කියලා තියෙනවා. ඊට පස්සේ අපි හොයලා බැලුවා. අපිට තොරතුරක් ලැබුණේ නැහැ. ඊට පසුවදා සී.අයි.ඩී. එකෙන් මට කතා කළා.
    පසුව මම සී.අයි.ඩී. එකට ගිහින් ප්‍රකාශයක් දුන්නා. මගේ පුතාගේ පින්තුරයකුයි රියැදුරු බලපත්‍රයයි මට පෙන්නුවා. මම ඒක අඳුනගත්තා. මගේ පුතාගේ හිස කොටස අද මම හඳුනා ගත්තා"

    මුවාත්ගේ ඥාති සහෝදරයා වූ මොහොමද් ස්ව අහමඩ් (28) මෙසේ සඳහන් කළේය.
    'එයාව අන්තිමට මම දැක්කේ අප්‍රේල් මාසේ 14 වැනිදා. මගේ බිරිදට දරුවා ලැබුණා. දරුවා බලන්න තමයි එයා ආවේ. මල්ලි දෙවැනි මස්සිනාට ලියුමක් එවලා තිබුණා. අපි ඒක දැක්කේ 22 වැනිදා. සිද්ධියෙන් පස්සේ දවසේ. ඒ ලියුමේ තිබුණේ "මාව හොයන්න එපා. මම මීට පස්සේ එන්නේ නැහැ. අම්මයි තාත්තයි හොඳට බලා ගන්න. මට ප්‍රාර්ථනා කරන්න කියලයි.”
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,588
    717
    113
    38
    සුවසිලන්තය

    meee blast eka karagatthu eunta hondatama mole koloppan kiyala meken peenawa munge oluwawal athulata acid dalada ban
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ

    meee blast eka karagatthu eunta hondatama mole koloppan kiyala meken peenawa munge oluwawal athulata acid dalada ban

    සිරාවටම බං...මොන ජීවිතද කියලා හිතෙනවා....අපි සල්ලි නැතුව නහිනවා.....මුන් සල්ලි තියාගෙන නහිනවා.... :lol::lol::lol:
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    මිනිස්සු මොනවහරි දෙයක් අල්ල ගත්තම තමන්ට මොනවද අත ඇරෙන්නේ කියලා හිතන්නේ නෑ.
    ඔළුවට වැටෙන්නේ ඉක්මනට ස්වර්ගෙට යන්න වෙනත් ආගම් වල මිනිස්සුන්ව මරාගෙන මැරෙන්න ඕනේ කියන දේ.හැමදාම ඕක මෙනෙහි කරන මිනිහගේ ඔලුවේ වැඩ කරන්නේ ඒ දේ විතරයි.තමන්ගේ මතයේම ඉන්න තව කට්ටිය වැඩි වෙන තරමට ඒ මතය තහවුරු වෙනවත් වැඩියි.
    ඒක අල්ල ගත්ත මිනිහට තමන්ගේ පවුලේ අය, ළමයි, ඉපදෙන්න ඉන්න ළමයි, අධ්‍යාපනය, වත් පොහොසත් කම්, සිය ගානක් මිනිස්සුන්ගේ ජීවිත හැම දෙයක්ම අත ඇරෙනවා.
    මේ මිනිස්සු අල්ල ගත්ත දේවල් වල වැරැද්දයි තියෙන්නේ.ඒත් එයාලා හිතන්නේ ඒක හරි කියලා.