අලවියේ අඩුවක් නෑ!!

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    අලවියේ අඩුවක් නෑ!!

    735043_584476554903265_1497656056_n.jpg


    හලාල් සහතිකය හරහා නිශ්පාදකයන් පාලනය කරන්න හදනවා.
    කිංග්ඩම් ඔෆ් රයිගම්

    මෙරට ප්‍රමුඛ පෙළේ ආහාර නිශ්පාදන ආයතනයක් වන කිංග්ඩම් ඔෆ් රයිගම් ආයතනය හලාල සහතිකය නොගන්නා බවට ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. කිංග්ඩම් ඔෆ් රයිගම් සමාගමේ ගරු සභාපති ආචාර්ය රවී ලියනගේ මහතා 2013 01 06 දින ඉරිදා රන්දිව පුවත්පතට අදහස් දක්වමින් කියා සිටියේ හලාල් සහතිකය නොමැති වීම හේතුවෙන් තම ආයතනයේ නිශ්පාදන අලෙවියේ කිසිදු අඩුවක් සිදුව නොමැති බවයි. වැඩි දුරටත් අදහස් දක්වන ඒ මහතා.

    "රයිගම් ආයතනය හලාල් සහතිකය අරගෙන නෑ. හලාල් නැහැ කියල අපේ අලෙවියේ අඩුවක් සිදුවෙලා නෑ. සමහර දේ සම්බන්ධයෙන් හලාල් සහතිකය ඇති එකෙයි නැති එකෙයි අතර මට සාධාරණ බවත් තේරෙන්නේ නෑ.

    මා දන්න හලාල් සහතිකයෙන් කියන්නේ ඌරු මස්, ඌරු තෙල් හා ඒවා ආශ්‍රිත අමුද්‍රව්‍ය අදාළ නිශ්පාදනයේ අඩංගු නෑ කියන එක. එක වතාවක් ඒ අයගේ සහතික මණ්ඩලයෙන් ඇවිත් ඒ ගැන හරි වැරදි සොයා බැලීමක් කළා. නමුත් අපි ඒක ක්‍රියාත්මක කළේ නැහැ. මොකද අපි හලාල් සහතිකය ගත්තොත් එතැනින් එහාට ඔවුන් අපිව පාලනය කරන්න හදනවා. ඒ කියන්නේ අපි හලාල් සහතිකය ගත්තොත් එතැනින් එහාට අපි අමුද්‍රව්‍ය ගත යුත්තේ හලාල් සහතිකය තියෙන සැපයුම් කරුවන්ගෙන් පමණයි.

    මෙයින් සිද්ධ වෙන්නේ හලාල් සහතිකය හරහා අපේ සැපයුම් ජාලය පාලනය කරන්න උත්සහා කිරීමයි. එහිදී සෘජුව නෙවෙයි මේ දේ සිද්ධ වෙන්නේ. වක්‍ර ආකාරයකට. මේ හරහා අපේ සැලසුම් ජාලය වෙනත් පිරිසක් අතට ගන්නවා. ඒ බාහිර පාර්ශවය තුළින් අපේ අයතනික රහස් පිටට යන්න පුළුවන්. අපි ඒ දෙකටම කැමති නෑ."

    හලාල් වැනි කූට ප්‍රයෝග වලින් සිංහල බෞද්ධ ව්‍යාපාරිකයන් ආරක්ෂා කර ගත යුතුය. ඒ වෙනුවෙන් නිශ්පාදකයන් ද තව තවත් දැනුවත් විය යුතුය. හලාල් සහතිකය ලබා ගැනීමෙන් යම් නිශ්පාදනයක අලෙවිය වැඩි වන බවත් ඊට අමතර පාරිභෝගික වටිනාකමත් හිමි වන බවත් කියන උලමුන්ගේ සාවද්‍ය ප්‍රකාශ වලට ආචාර්ය රවී ලියනගේ මහතා නිසි පිළිතුරක් දී තිබේ. එමෙන්ම හලාල් සහතිකය ලබා ගැනීම හරහා නිශ්පාදන රහස් පිටවීමේ දැඩි අවදානමක් පවතින බවත් ඒ මහතාගේ ප්‍රකාශ වලින් තහවුරු වේ. සිංහල ව්‍යාපාරිකයිනි ඔබේ වටිනා ව්‍යාපාරය කොල්ලකරුවන්ගෙන් රැක ගන්න.

    "කිංඩම් ඔෆ් රයිගම්" සියලු නිෂ්පාදන සදහා ප්‍රමුකත්වය බලදෙමු. මේ උතුම් තීරණයට එළැඹි අතිගරු සභාපති තුමා සහ අධ්‍යක්ෂ මණ්ඩලයටත්, හලාල් සහතිකය අත්හරින ලෙස සමාගමට බල කළ අපේම අපේ ජාතිමාමක සිංහල ‍සහෝදර සහෝදරියන්ටත් ජාතියේ ප්‍රණාමය හිමි වේවා.


    http://www.facebook.com/photo.php?f...039197653.86923.274859899198267&type=1&ref=nf