අල්ටිමේට් බ්ලඩ් ට්‍රාන්ස්ෆියුෂන් මෙතඩ්

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20136243 said:
    ඇඟිල්ලක්, අතක් පයක් කැපුණම වගේ වෙලාවකද ? එතෙන්දිත් ඕක වගේ ඖෂධ තමයි පාවිච්චි කෙරෙන්නේ. හැබැයි කැපිච්ච තැන ලේ බ්ලොක් කරල ඉවර වෙලා.
    ටිකක් ලොකු අනතුරක් වෙලා ගොඩක් ලේ ගියොත් එතකොට ඉක්මනට ලේ දෙන්න වෙනවනේ. එහෙම වෙලාවට අර ක්‍රමයත් ඕනේ වෙනව නෙ.

    තැලසීමියාව වගේ ලෙඩකට ඕක පාවිච්චි කරන්න පුලුවන්ද බන්, පුළුවන් නං සෑහෙන වටිනව නෙ.
     
    ටිකක් ලොකු අනතුරක් වෙලා ගොඩක් ලේ ගියොත් එතකොට ඉක්මනට ලේ දෙන්න වෙනවනේ. එහෙම වෙලාවට අර ක්‍රමයත් ඕනේ වෙනව නෙ.


    රජකාලේ යුද්ධ වලදි එහෙම අනතුරු වලදි කැඩුම් බිඳුම් වෙද මහත්තුරු මේ හා සමාන ඖෂධ යොදලා සොල්දාදුවො සනීප කරවලා තියෙනවාය කියල වයසක වෙද මහත්තුරු කියනවා.

    ඕක ඉතිං විමර්ශනය කරන්න ඕනා දෙයක්.

    තැලසීමියාව වගේ ලෙඩකට ඕක පාවිච්චි කරන්න පුලුවන්ද බන්, පුළුවන් නං සෑහෙන වටිනව නෙ.

    පාණ්ඩුව කියල සිංහලෙන් කියන්නේ ඔකට තමා, සිංහල බේත් ගන්න තැලිසීමියා ලෙඩෙක් නම් හම්බු වෙලා නෑ.

    දැනටමත් ඉන්දියාවේ පාවිච්චි කරනවා. හැබැයි තනි ඖෂධයක් විදියටම නැතුව වෙන වෙන සංයෝග සමඟ කලවමේ.
     
    Last edited:

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඉදිරියේ රාළ;20136228 said:
    ප්‍රවීණ ආයුර්වේද වෛද්‍යවරු ඉන්නවා නැත්තේ නෑ, දේශීය වෙද මහත්තුරු/හාමිනේලා තරමටම රෝග නිර්ණය අතින් දක්ෂ අය ඉන්නවා. නමුත් ඖෂධ සංයෝග නිර්මාණය අතින් දේශීය වෙද හාමුදුරුවරු/මහත්තුරුන්ට/හාමිනේලා එක්ක කරට කර ඉන්න කවුරුත් නෑ. එච්චරටම දේශීය වෛද්‍ය ක්‍රමය අද්විතීයයයි.

    නමුත් බොහෝ ආයුර්වේද වෙද මහත්තුරුන්ගෙ/නෝනාලගේ ප්‍රශ්නේ තියෙන්නෙ බටහිර දොස්තර ක්‍රමය අනුකරණය වුණ ඉන්දියන් ආයුර්වේද ක්‍රමය ප්‍රගුණ කිරීමයි. ඒතෙන්දි රුධිර පීඩනය මනින්න බටහිර උපකරණ ගන්නවා. රෝගියාව පරික්ෂා කරන්න බටහිර දොස්තරලා වගේ වෙලා ගන්නවා (හැබැයි ඉක්මනින්ම රෝගීන් පරීක්ෂා කරන බටහිර දොස්තරලාත් නැතුවා නොවේ, කොල්වින් සමරසිංහ, රංජනී ගමගේ කියන්නෙ එහෙම ප්‍රකට දෙන්නෙක්, තවත් ඉන්නවා) . දේශීය වෙදකමේ ඒක මනින්නෙ නාඩි ගැහෙන තරම හිතින්/දැනීමෙන් මැනලා නැත්තම් කේන්දරෙන්. එතකොට බාහිර උපකරණ වෙන මොකුත් ඕන නෑ. අනික අහන ප්‍රශ්න ගාණ අවමයි. දෙන උපදෙස් අවමයි. ඉක්මනින්ම බේත් දීලා එවනවා. අන්න ඒ වගේ වෙනස් කම් තියෙනවා.

    එල මචං ගොඩක් පින් විස්තරේට. දැන් හරිම අමාරුයි හොයා ගන්න පාරම්පරික වෙදකම් කරන අය නම්. එත් වෙදගම වගේ ගම් තියනවා තවම 70 ගණන් වල වෙදමහත්තුරුම පදිංචි කරවපු. මේ දේවල් කොච්චර වටිනවා උනත් පෙලබෙන්නේ බොහොම අඩුවෙන්. එකට හේතුව කියන්න තේරෙන්නේ නැහැ හරියටම. එක්කෝ මුදල් මතම නාහෙන සමාජ ක්‍රමේකට හුරු වෙලා නිසා වෙන්න පුළුවන්. එක්කෝ ඉංග්‍රීසි වෙදකමේ වගේ බහුතරයක් රෝග ලක්ෂණයට ප්‍රතිකාර කරහම ඉක්මනින් රෝග ලක්ශනේ නැති වෙලා යන නිසා වෙන්න වගේ පුළුවන්. එක්කෝ ඉංග්‍රීසි වෙදකම ලෝකේ පුරාම පැතිරිලා තියන නිසා වෙන්න පුළුවන්. එක්කෝ කලින් කිවුවා වගේ බෙහෙත් මාෆියාවක් නිසා වෙන්නත් පුළුවන්. මොනවා උනත් මේ දේවල් ගැන දැනුවත් වෙලා ඉන්න එක වටිනවා මචන්. පුළුවන් නම් උඹ දන්නා විශ්වාසවන්ත තැන ටිකක්කුත් දාපන්. නැත්තම් හොර වෙද්දුන්ට අහු වෙලා තවත් මිනිස්සුන්ගේ විශ්වසේ නැති වෙන එක වෙන්නේ.
     
    Last edited:
    එල මචං ගොඩක් පින් විස්තරේට. දැන් හරිම අමාරුයි හොයා ගන්න පාරම්පරික වෙදකම් කරන අය නම්. එත් වෙදගම වගේ ගම් තියනවා තවම 70 ගණන් වල වෙදමහත්තුරුම පදිංචි කරවපු. මේ දේවල් කොච්චර වටිනවා උනත් පෙලබෙන්නේ බොහොම අඩුවෙන්. පුළුවන් නම් උඹ දන්නා විශ්වාසවන්ත තැන ටිකක්කුත් දාපන්. නැත්තම් හොර වෙද්දුන්ට අහු වෙලා තවත් මිනිස්සුන්ගේ විශ්වසේ නැති වෙන එක වෙන්නේ.

    ප්‍රසිද්ධියේ දාන්න බෑ, ඕන නම් ගම් පළාත කිව්වොත් ඒ පැත්තෙ ලඟම තැනකින් වෙද මහත්තයෙක් හෝ වෙද හාමිනේ කෙනෙක් හොයල දෙන්න උදව් කරන්න නම් පුළුවනි.