ප්‍රවීණ ආයුර්වේද වෛද්‍යවරු ඉන්නවා නැත්තේ නෑ, දේශීය වෙද මහත්තුරු/හාමිනේලා තරමටම රෝග නිර්ණය අතින් දක්ෂ අය ඉන්නවා. නමුත් ඖෂධ සංයෝග නිර්මාණය අතින් දේශීය වෙද හාමුදුරුවරු/මහත්තුරුන්ට/හාමිනේලා එක්ක කරට කර ඉන්න කවුරුත් නෑ. එච්චරටම දේශීය වෛද්‍ය ක්‍රමය අද්විතීයයයි.
නමුත් බොහෝ ආයුර්වේද වෙද මහත්තුරුන්ගෙ/නෝනාලගේ ප්‍රශ්නේ තියෙන්නෙ බටහිර දොස්තර ක්‍රමය අනුකරණය වුණ ඉන්දියන් ආයුර්වේද ක්‍රමය ප්‍රගුණ කිරීමයි. ඒතෙන්දි රුධිර පීඩනය මනින්න බටහිර උපකරණ ගන්නවා. රෝගියාව පරික්ෂා කරන්න බටහිර දොස්තරලා වගේ වෙලා ගන්නවා (හැබැයි ඉක්මනින්ම රෝගීන් පරීක්ෂා කරන බටහිර දොස්තරලාත් නැතුවා නොවේ, කොල්වින් සමරසිංහ, රංජනී ගමගේ කියන්නෙ එහෙම ප්‍රකට දෙන්නෙක්, තවත් ඉන්නවා) . දේශීය වෙදකමේ ඒක මනින්නෙ නාඩි ගැහෙන තරම හිතින්/දැනීමෙන් මැනලා නැත්තම් කේන්දරෙන්. එතකොට බාහිර උපකරණ වෙන මොකුත් ඕන නෑ. අනික අහන ප්‍රශ්න ගාණ අවමයි. දෙන උපදෙස් අවමයි. ඉක්මනින්ම බේත් දීලා එවනවා. අන්න ඒ වගේ වෙනස් කම් තියෙනවා.