ඒකනේ කියන්නේ පිස්සන් කොටුවේ ඉන්නේ හොඳ සිහිය තියෙන අය වෙලා අපිට පිස්සුද දන්නේ නෑ නේ


උඹට කවද හරි එහෙම නොවෙයි කියල උඹට සහතික වෙන්න පුලුවන්ද ?අල්සයිමර් කියන්නෙ නං මහ කාලකන්නි ලෙඩක් බං
ඒ හැදුනාම සියදිවි නසාගන්න වත් හිතෙන්නැති වුනොත් අනාතයිනෙ
![]()


අපේ සීයගෙ සහෝදරය බැඳල හිටපු කෙනාආච්චි ඉස්සර අපේ ගෙදර එනව
ගෙදර නැන්දම්මයි ලේලියි රණ්ඩු
ඒ නිසා සමහර දවස් වලට අපේ ගෙදරින් තමා කන්නෙත්. මුල කාලෙ මාර හොඳට හිටිය. මං විහිලුවක් කලා කියල සෙරෙප්පුවෙනුත් ගහන්න හැදුව මං දිව්ව
පස්සෙ පස්සෙ කාලයක් යද්දි අපේ ගෙදර ඇවිල්ල ඒ ආච්චිගෙ මනුස්සයට බනිනව
ඒ වෙනකොට සීය මැරිල අවුරුදු 10කටත් වැඩියි
මේ මනුස්සය බිබී නාස්ති කරනව කියල
පස්සෙ පස්සෙ අපේ ආච්චි ගැන අහනව. අපේ ආච්චිත් මැරිල එතකොට අවුරුදු ගානක්. අපි ඉතිං කියනව ඒගොල්ලො මැරිල ගොඩක් කල්නෙ කියල. එතකොට හිනාවෙනව අපි විහිලු කරනව කියල හිතල
ඔහොම ටික කාලයක් හිටිය. දවසක් අපේ ගෙදර එනව කියල අපේ ගෙට හැරෙන පාර පහු කල්ල ඊට එහාපැත්තෙ පාරෙ වෙන ගෙදරකට යනව
වෙලාවට අම්ම දැකල කතා කරල ගෙන්නගත්ත කිව්ව පාර වැරදුනාලු හැමදාම අාව ගිය පාර
ඊට පස්සෙ ටික ටික අපිවත් අමතක වුනා
ගෙදර අයව අමතක වුනා
කතා කරන්න බැරිවුනා
කන්න බොන්න අමතක වුනා
කැව්වොත් කනව නෑව්වොත් නාවනව
අපි දවසක් ගියා පොසොන් දවසක එහෙ හදපු මිහින්තලේකුත් බලන්න එක්ක ඒ ආච්චිව බලන්න
කාමරේ අපායක් වගේ ගඳේ බෑ
ජරා කරගන්නෙත් එකම තැනලු. ඇඳුමක් වත් අඳින්න ඕනෙ කියල සිහියක් නෑ
ඔහේ බුදියං ඉන්නව මනුස්සයෙක් වුනාට යන්ත්‍රෙයක් වගේ කිසිම හැඟීමක් නෑ කතා කලාට බලන්නෙ නෑ
එහෙම ඉඳල මැරිල ගියා
අපේ සීයගෙ අක්ක කෙනෙක්ටත් ඕකම වුනා. ඒ අාච්චි නං වැඩිය ආවෙ ගියෙ නැති නිසා මේ වගේ ටික ටික මතකෙ නැතිවෙනව අත්වින්දෙ නෑ
මට බය කවද හරි මටත් ඔහොම වෙයිද කියල
![]()
අපි මේ හොඳ සිහියෙන් ඉන්නව කියල අපි හිතාගෙන ඉඳීවි.


ඉතිං මොකද බං බලං ඉන්න එවුන්ටනෙ අප්පිරිය හිතෙන්නෙ
තමන්ට මොකුත් හිතෙන්නෙ නෑ
කක්ක නිකං අයිස්ක්‍රීම් වගේ![]()
ඉතිං මොකද බං බලං ඉන්න එවුන්ටනෙ අප්පිරිය හිතෙන්නෙ
තමන්ට මොකුත් හිතෙන්නෙ නෑ
කක්ක නිකං අයිස්ක්‍රීම් වගේ![]()
ඒ වුනාට මං කවදාවත් ඒ තත්වෙට පත් වෙන්නෑ 
තමන්ට එහෙම වෙලා කියලවත් තමන්ට තේරෙන්නේ නැතුව ඇති නේඅපි මේ හොඳ සිහියෙන් ඉන්නව කියල අපි හිතාගෙන ඉඳීවි.

අනුරාදයනම් වයසට ගියහම ගෑනු කකුල් ගැන කියවයි. ලොල්මට මැවිලා පේනවා.

කලින් ආච්චියෙක් උන්නා හොල්මන් දිෂ්ටි ගැනමයි කතාව. හිටපු ගමන් කුණුහරුපෙන් බයිනවා හොල්මන් වලට. බිත්තිය දිගේ මිනිස්සු යනවලු. කකුල් අත පය අබරනවලු. දේවාලෙක මතුරනවලු ගුරෙක්..![]()
පවු ඉතින් අපිත් ඔහොම වෙයි වයසට යනකොට.![]()

අපො බන් අපේ අල්ලපු ගෙදරත් ඉන්නව අවුරුදු 60ක විතර ගෑනු කෙනෙක්.
ඉන්නේ මුනුබුරාත් එක්ක.
උදේ එලිය වැටුණු වෙලේ ඉඳන් රෑ නිදාගන්නකම් අරුට බයින එක කරන්නේ

දැන් උඹට එහෙම වෙන්න යනව කියල දැනගත්තොත් උඹ ගානක්වත් නැතුව ඉන්නවද එහෙම වුනාට පස්සෙ ගානක් නෑ කියල![]()
එහෙම වෙන්න යනවා කියල කොහොමද දැනගන්නේ
අවුරුදු 60ට වැඩි අයට වෙන්නෙ ගොඩක් වෙලාවට
60 පැන්නට පස්සෙ අසාමාන්‍ය ලෙස අමතක වෙනව වගේ නං ශුවර් නෑ
පරම්පරාවෙ කවුරු හරි ඉන්නවනං තවත් ශුවර් නෑ 
බාගෙට වීගෙන යද්දි හෙව්වෑකි බංඅවුරුදු 60ට වැඩි අයට වෙන්නෙ ගොඩක් වෙලාවට
60 පැන්නට පස්සෙ අසාමාන්‍ය ලෙස අමතක වෙනව වගේ නං ශුවර් නෑ
පරම්පරාවෙ කවුරු හරි ඉන්නවනං තවත් ශුවර් නෑ
![]()
නෑ බන් මම කිවේ අපිට එහෙම උනාට අපිටම තේරන එකක් නෑ නේද. මොකෝ අතේ පයේ තුවාලයක් වගේ නෙවේ නෙ. අපිට එහෙම වෙලා කියල තේරුන එකත් අමතක උනොත් මොකෑ වෙන්නේ
මම කැමති කාත් කවුරුවත් බලං ඉන්නැති තැනක තනියම මැරෙන්න
අපො බන් අපේ අල්ලපු ගෙදරත් ඉන්නව අවුරුදු 60ක විතර ගෑනු කෙනෙක්.
ඉන්නේ මුනුබුරාත් එක්ක.
උදේ එලිය වැටුණු වෙලේ ඉඳන් රෑ නිදාගන්නකම් අරුට බයින එක කරන්නේ
