අල්ලමු බිමට ලී

Ditzone

Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home
    අල්ලමු බිමට ලී

    මේක කලින් මම thread එකක දාල තිබ්බ එකක් කට්ටියට ඕන වෙයි කියල මෙහෙම දාන්නේ.මේ රෙද්දවල් අස්සේ මේවා දානවා කියල බනින්න නම් එපා බන්.වෙලාවක් තිබ්බ කාලෙක ට්‍රයි කරපං
    මේක 10x12 කාමරයක්.දැනට ලී අල්ලලා අවුරුදු 4ක් වෙනවා තාම මුකුත් අවුලක් නෑ.


    20170220_183523.jpg


    ඕක හදල තියෙන්නේ පැලට් වලට එන ලී වලින්.හොද අලුත් පැලට් හොයා ගනින් මචං.පැලට් එකේ තත්වේ අනුව තමයි කල් පැවැත්ම තීරණය වෙන්නේ.
    පැලට් ලී ටික ගලවල එක සයිස් එකට ගා ගන්න ඕනේ


    IMG_20170114_WA0001.jpg

    මේකෙන් තමයි ලී ගෑවේ.ගත්තේ රෙන්ට් එකට


    පොලව බදාම කපල තියෙන්න ඕනේ මචං.පොලව හොදට සුද්ද කරලා.හාඩ්වෙයාර් වල තියනවා මචං ෂිට් එකක් හරියට McFoil වගේ එත් එකේ ඇලුමිනියම් ෂිට් එක නෑ.එකේ ෆොටෝ එකක් හොයා ගන්න නෑ බන් :(



    ඕක බිමට දාන්න ඕනේ පොලවේ වතුර වගේ උනන ඒවා ලෑලි වල ගැවෙන්නේ නැති වෙන්න.පස්සේ උබ කැමති ඩිසයින් එකකට ලෑලි ගහන්න පුළුවන්.මම නම් කොන්ක්‍රීට් ඇන ගැහුවේ.ඕනේ නම් විදලා රෝල් ප්ලග් දාන්නත් පුළුවන්.

    හදා ගෙන එන ගමන් :rolleyes:
    IMG_20170123_WA0001.jpg



    ලෑල්ලේ යටටයි දෙපැත්තටයි කෙමිෆික්ස් ගම් ගාන්න ඕනේ එතකොට ලෑලි ඔක්කොම හොදට සෙට් වෙනවා.

    පේන්ට් කරන්න කලින්
    IMG_20170128_WA0004.jpg



    ඔක්කොම ගහ ගත්තට පස්සේ හොදට වැලි කොළ වලින් කපා ගෙන පේන්ට් එක ගැහුවට පස්සේ අවුලක් නෑ.පේන්ට් එකත් හොදට තියනවා නම් වතුර එහෙම හැලුනට අවුලක් නෑ.මම පොලව වතුර වලින් මොප් කරනවා එත් කිසිම අවුලක් නෑ.ඔය පැලට් ලී වලට බෙහෙත් එහෙම ගහල තියෙන්නේ එක නිසා ගුල්ලෝ ගහන කතන්දර නෑ.
    ඔය දැම්මේ මම කරපු විදිහ උබලගේ අයිඩියාස් දාලා හොද විදිහකට කරපන්.
    මොනවා හරි තියනවා නම් අහපන් දන්න විදිහට කියල දෙන්නම්.

    දැනට ලී අල්ලලා අවුරුදු 4ක් වෙනවා තාම මුකුත් අවුලක්.මේ අද ගත්ත පොටෝ එකක්
    IMG-2596.jpg




    ඩිසයින් ටිකක් පහල ලින්ක් එකෙන් බල ගන්න.

    https://goo.gl/SoS7gA
     

    Ditzone

    Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home
    mama stair case damma kubuk
    lake wala mud walata set wechcha eka

    patta ganak giya wage supirma cool kakulata

    කුඹුක් වලට නම් ලොකු ගානක් යනවා.මේකේ ඔක්කොටම මට ගියේ 10,000 වගේ
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    මචං පට්ට.

    A) පැලට් ⁣කොහෙන්ද ගන්නේ? කියද ගනන්?
    B) මේ කැල්ලට පැලට් කියක් ගියාද?
    C) ඇණ පේන්න නැති වෙන්න මොකද කරන්න ඔනා?
    D) චරු සුරුස් සද්ද එන්නැනේද?
    E) ඇද ගහන්නැදද?
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,585
    10,146
    113
    මේ ලී ජාතියෙන් ද අර බීම කේස් හදන්නෙ (රට අඹ ලෑලි) මේක ඇද වෙන්නෙ නැද්ද?
     

    Ditzone

    Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home
    Waturata ada gahana scene wage nadda bn.?
    Jaras baras gaga awidinna wei bol unot

    ලෙවල් එකට ලෑලී සෙට් එක තියල හරියට ගම් දැම්ම නම් ඇද ගහන්නේ නෑ මචං
     

    Ditzone

    Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home
    මචං පට්ට.

    A) පැලට් ⁣කොහෙන්ද ගන්නේ? කියද ගනන්?
    B) මේ කැල්ලට පැලට් කියක් ගියාද?
    C) ඇණ පේන්න නැති වෙන්න මොකද කරන්න ඔනා?
    D) චරු සුරුස් සද්ද එන්නැනේද?
    E) ඇද ගහන්නැදද?

    A) මම නම් ගත්තේ ගෙවල් පැත්තේ ලොකුවට ප්‍රින්ටිං කරන පොට් එකකින්.ගොඩක් ඉම්පොර්ට් කරන තැන් වල තියනවා.නැත්නම් පැලියගොඩ,කැලනිය,කිරිබත්ගොඩ අවටින් හොයා ගන්න පුලුවන්.ගනන් නං එක එක තැන් වල එක එක ගනන් මම නම් ගත්තේ මතක විදිහට ඒකාලේ 80ත් 100ත් අතර.
    B) සමා වෙන්න හරියටම ගාන මතක නෑ.
    C) වුඩ් පොටි කලර් එක මැච් කරලා ගාන්න ඕනේ.එතකොට පෙන්නේ නෑ.
    D)නෑ කිසි සද්දයක් නෑ.අර Foil එක දාන්නේ සද්දේ නැති වෙන්න නැත්තං වැලි කැට වල සද්දේ එනවා.
    E) නෑ හරියට ගම් දාලා ලී ටික එකින් එකට ෆිට් වෙන්න ගැහුවනම් ඇද ගහන්නේ නෑ.
     

    Ditzone

    Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home
    මේ ලී ජාතියෙන් ද අර බීම කේස් හදන්නෙ (රට අඹ ලෑලි) මේක ඇද වෙන්නෙ නැද්ද?

    ලීය නම් රට අඹ තමා මචං හැබැයි බීම කේස් හදනවද දන්නේ නෑ
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    වේයෝ ගහන සීන් එන්නේ නැද්ද?
    නඩත්තු ලේසිද?

    ටයිල් ටයිටේනියම් වලට වඩා හොදයිද?

    කාමරේ සීතලට තියෙනවද?

    වඩේ හොදයි ලස්සනයි.