අල්ලාහ්ගේ කැමැත්තද මේ? | Masha’Allah?
අල්ලාහ්ගේ කැමැත්තද මේ? | Masha’Allah?
[[ෆේස්බුක් මිතුරකු වන ඩෙස්මන්ඩ් මොරිස්ගේ ඉල්ලීමකට මෙය පළකරමි]]
මේ බ්ලොග්කරු ‘වඩා විශාල ප්රශ්නයක් වී ඇති’ මුස්ලිම් ළමා විවාහ ගැන නොලියන්නේ ඇයි? මේ එක් සහෘදයෙකුට ඇති වී තිබෙන ගැටළුවකි. ඔහු ප්රශ්න කිරීමෙන් නොනැවතී තීන්දුවද දෙයි. බ්ලොග්කරු බෞද්ධයන්ට විරුද්ධය; ඉස්ලාම් භක්තිකයන්ට පක්ෂය.
හිහ්! හිහ්! හිහ්! වසර ගණනාවකට ඉහත, සියළු ආගම් සමඟ ඇති ‘එකවුන්ට් ක්ලෝස් කළ’ බ්ලොග්කරුට මේවාට හිනාවෙන එක විතරය කරන්නට ඇත්තේ. බ්ලොග්කරු පක්ෂ දේශපාලනය කිරීමට කිසිම අදහසක් නැති නිසා කාගෙවත් හිත රිදෙනවාය කියා ඇත්ත කියන්නට බයක්ද නැත.
මුලින්ම බ්ලොග්කරුට බෞද්ධයන් සමඟ කිසිම ගැටළුවක් නැත. ගැටළුව ඇත්තේ බෞද්ධ නමට
මුවාවී හැම ජඩ කමක්ම කරන තක්කඩියන් සමඟය. මෙය සියළු ආගම් සම්බන්ධව අදාළය. වැරැද්ද ඇත්තේ ආගම් වල නොවේ; ඒවා තමන්ගේ වාසියට හරවා ගන්නා කපටින් ගේය.
ඉස්ලාම් ධර්මය ගැන ලේඛකයාට ලොකු අවබෝධයක් නැත. ඔහු යම් පමණකට හෝ දන්නේ දැනට ප්රායෝගිකව භාවිතාවන ඉස්ලාම්/මුස්ලිම් වත් පිළිවෙත් ගැන පමණය. මේවායින් කීයක් කුරාණයේ කියා ඇත්ද කියා ඔහු නොදනී. දැන ගත්තද ඔහුට එහි වෙනසක් නැත. හරි වැරැද්ද කුමක්දැයි තේරුම් ගන්නට අවබෝධයක් ඇති මිනිසා පොතක ඇති පාඨයකට යටවිය යුතු නැත. අල්ලාහ් දෙවියන් වහන්සේ විසින් ලෝකය මවන ලද්දේ නම්, මිනිසුන්ට අනෙක් සතුන්ට නැති මොළයක් ඔහු දෙන්නට ඇත්තේ එනිසා විය යුතුය. ඉහළ බුද්ධියක් ඇති මිනිසා ගාල පිටුපස යන හරකකු විය යුතු නැත.
READ MORE http://taboosubjects-mirrored.blogspot.com/2013/12/mashaallah.html