උඩවළවේ ජාතික වන උද්‍යානය
ජාතික වන උද්‍යානය තුළ දී වැට ආසන්නයේ අද හවසත් හිටි අලියාට වෙඩිතබා ඝාත*ය කරයි.
මේ වන විට සියලු පාලනයෙන් ගිලිහුණු උඩවළවේ ජාතික වන උද්‍යානය තුළ සෑම අලියෙක්ම වෙඩි කා තුවාල වී ඇත.
දිනපතාම සතුන්ට ජාතික වන උද්‍යානය තුළදීම කිසිදු බයක් සැකක් නැතිව වෙඩි තබා යන විටත් සියලු නිලධාරීන් මුනිවත රකී.
යමක් ඇහුවොත් රටේ නැති අඩු පාඩු කියා කන් පුරවයි.
මේ අලියා ම*න්නේ උඩවළවේ දහය කණුව ආසාන්නයේ පලු ගසට මදක් ඈතිනි.
මෙලෙස පාරේ සිට හෝ වන උද්‍යානයේ සිට ජාතික වන උද්‍යානය තුළ සිටින සතුන්ට වෙඩි තබා ඝාතනය කරන්නට අවසර දුන්නේ කවුද
එසේ නොමැති නම් නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් මර නින්දේද
අද හවස වෙඩිතබා ඝාතනය කල උඩවළවේ තවත් සද්දන්තයෙක් ගේ ඉරණම ඌ උපන් භූමියේදීම මෙලෙස විසඳීම කෙතරම් කනගාටුවක් කලකිරීමක් ද?
උඩවළවේ අලින් නිසා දිනකට රුපියල් කෝටියකට ආසන්න මුදලක් හොයන මේ දිනවල කන්න බොන්න නැතිව තම උපන් බිමේම මෙලෙස ඝාතනය කර මරා දමන තෙක් පාලකයන් උන්ගේ කුණුහරුප පිරුනු කතා කියමින් හිතලු කියමින් විහිළු සපයමින් ඉන්නේ ඇයි.
එක පැත්තකින් අලි රකිනවා කියමින් තවත් පසෙකින් අලි වැඩි කියා නොකියා මරන්* අණ කරයි.
ඒ කෙසේ වෙතත් ජාතික වන උද්‍යානයේ තුළ උන්ගේම නිජබිමේ පැහැදිලිව පෙනෙන තැනක ප්‍රසිද්ධියේ මෙලෙස අලින් ඝාතනය කිරීමට හැකියාව අනුග්‍රහය ලබා දුන්නේ කවුද
මෙය තවත් එක මරණයක්ම පමනි.
පඩි ලැබේ,කතා තිබේ,දුක් ගැනවිලි තිබේ,ප්‍රශ්න තිබේ,ඔච්චරය.
රටක් විදිහට විළිලැජ්ජා විය යුතුය.සතෙකු තමන් උපන් බිමේ මෙලෙස අකාලයේ වෙඩි තබා ඝාතනය කිරීමට මිනිසුන් පෙලබවූවන් ගේ ඉරනමත් එසේම විසඳෙන බව විස්වාසය.
Copied: U.S.Weerathunga
2025 04 04
