අලින්ට වෙඩි තියන්න ඕනි නම් උඩවලවේ උද්‍යානය තමයි 😎🤘

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113

    උඩවළවේ ජාතික වන උද්‍යානය
    ජාතික වන උද්‍යානය තුළ දී වැට ආසන්නයේ අද හවසත් හිටි අලියාට වෙඩිතබා ඝාත*ය කරයි.
    මේ වන විට සියලු පාලනයෙන් ගිලිහුණු උඩවළවේ ජාතික වන උද්‍යානය තුළ සෑම අලියෙක්ම වෙඩි කා තුවාල වී ඇත.
    දිනපතාම සතුන්ට ජාතික වන උද්‍යානය තුළදීම කිසිදු බයක් සැකක් නැතිව වෙඩි තබා යන විටත් සියලු නිලධාරීන් මුනිවත රකී.
    යමක් ඇහුවොත් රටේ නැති අඩු පාඩු කියා කන් පුරවයි.

    මේ අලියා ම*න්නේ උඩවළවේ දහය කණුව ආසාන්නයේ පලු ගසට මදක් ඈතිනි.
    මෙලෙස පාරේ සිට හෝ වන උද්‍යානයේ සිට ජාතික වන උද්‍යානය තුළ සිටින සතුන්ට වෙඩි තබා ඝාතනය කරන්නට අවසර දුන්නේ කවුද
    එසේ නොමැති නම් නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් මර නින්දේද
    අද හවස වෙඩිතබා ඝාතනය කල උඩවළවේ තවත් සද්දන්තයෙක් ගේ ඉරණම ඌ උපන් භූමියේදීම මෙලෙස විසඳීම කෙතරම් කනගාටුවක් කලකිරීමක් ද?
    උඩවළවේ අලින් නිසා දිනකට රුපියල් කෝටියකට ආසන්න මුදලක් හොයන මේ දිනවල කන්න බොන්න නැතිව තම උපන් බිමේම මෙලෙස ඝාතනය කර මරා දමන තෙක් පාලකයන් උන්ගේ කුණුහරුප පිරුනු කතා කියමින් හිතලු කියමින් විහිළු සපයමින් ඉන්නේ ඇයි.
    එක පැත්තකින් අලි රකිනවා කියමින් තවත් පසෙකින් අලි වැඩි කියා නොකියා මරන්* අණ කරයි.
    ඒ කෙසේ වෙතත් ජාතික වන උද්‍යානයේ තුළ උන්ගේම නිජබිමේ පැහැදිලිව පෙනෙන තැනක ප්‍රසිද්ධියේ මෙලෙස අලින් ඝාතනය කිරීමට හැකියාව අනුග්‍රහය ලබා දුන්නේ කවුද
    මෙය තවත් එක මරණයක්ම පමනි.
    පඩි ලැබේ,කතා තිබේ,දුක් ගැනවිලි තිබේ,ප්‍රශ්න තිබේ,ඔච්චරය.
    රටක් විදිහට විළිලැජ්ජා විය යුතුය.සතෙකු තමන් උපන් බිමේ මෙලෙස අකාලයේ වෙඩි තබා ඝාතනය කිරීමට මිනිසුන් පෙලබවූවන් ගේ ඉරනමත් එසේම විසඳෙන බව විස්වාසය.
    Copied: U.S.Weerathunga
    2025 04 04
     
    captain.jack.sparrow

    Active member
  • Apr 6, 2025
    67
    160
    33
    මම නම් මුවෝ ගෝන්නු කුකුලෝ මාළු මරනවට අකමැතියි. හැබැයි අලියා ගැන නම් මොකුත්ම කියන්නේ නෑ. මොකද ඕකා මස් කන්න මරුවා වෙන්න බෑ නේ. අපි හිතනවට වඩා ගොඩක් දුක් විඳිනවා ඔය පැති වල මිනිස්සු. ගෙදර තාත්තව අලි ගහල මැරුවොත් ඒ පවුලට ගොඩක් ඒමක් ම නෑ. සමහරු වගා කරන්නේ ගෙදර තියෙන රත්තරන් බඩු, වාහන ඉඩම් උකස් කරලා. ඒවා එක දවසින් විනාස කරාම කේන්ති යනවා ඇති.
     
    • Like
    Reactions: sarika406

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,492
    49,866
    113
    සේදවත්ත
    ඕවට ආමි එකෙන් දාල දඩයම් කරන උන් ත්‍රස්තවාදීන් ලෙස සලකා වෙඩිතැබීමට අවසර දුන්න නම් ඉවරයි. නිකං කැම්ප් වලට වෙලා කකා බිබී ආතල් ගන් නැතිව 8මැන් ටීම් කෑලේට දාල ඔය වගේ ඔපරේශන් වලට දාන්න ඕනේ . එයාලගේ ජොබ් එක සැගව සිට පහරදීම හෝ ග්‍රහනයට ගෙන පොලිසියට බාරදීම. ඔය වනජීවී උන්ට ඕක කොරන්න බෑ බට තුවක්කු තියන් .
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    pudumai Udwalawe wedi tibba kiwwama. oya paare godak welawata kadawal karana ayama kema dala Ali genna gannawa suddonta fruits wikunala business kara ganna.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මම නම් මුවෝ ගෝන්නු කුකුලෝ මාළු මරනවට අකමැතියි. හැබැයි අලියා ගැන නම් මොකුත්ම කියන්නේ නෑ. මොකද ඕකා මස් කන්න මරුවා වෙන්න බෑ නේ. අපි හිතනවට වඩා ගොඩක් දුක් විඳිනවා ඔය පැති වල මිනිස්සු. ගෙදර තාත්තව අලි ගහල මැරුවොත් ඒ පවුලට ගොඩක් ඒමක් ම නෑ. සමහරු වගා කරන්නේ ගෙදර තියෙන රත්තරන් බඩු, වාහන ඉඩම් උකස් කරලා. ඒවා එක දවසින් විනාස කරාම කේන්ති යනවා ඇති.

    සැලැස්මක් නැතුව කැලෑ වල මිනිස්සු පදිංචි කරපු එකේ පල විපාක
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,976
    2,335
    113
    Birmingham
    Me rate eken giyoth Api thamai Ali as deken dakapu anthima set eka.
    Hena gahanna one Ali marana unta.

    මම නම් මුවෝ ගෝන්නු කුකුලෝ මාළු මරනවට අකමැතියි. හැබැයි අලියා ගැන නම් මොකුත්ම කියන්නේ නෑ. මොකද ඕකා මස් කන්න මරුවා වෙන්න බෑ නේ. අපි හිතනවට වඩා ගොඩක් දුක් විඳිනවා ඔය පැති වල මිනිස්සු. ගෙදර තාත්තව අලි ගහල මැරුවොත් ඒ පවුලට ගොඩක් ඒමක් ම නෑ. සමහරු වගා කරන්නේ ගෙදර තියෙන රත්තරන් බඩු, වාහන ඉඩම් උකස් කරලා. ඒවා එක දවසින් විනාස කරාම කේන්ති යනවා ඇති.

    Ali inna kalawata giyapu Minissuda waradi, e kale idan Hitapu Ali da waradi :angry:
    ------ Post added on Apr 6, 2025 at 12:27 PM
     
    • Like
    Reactions: sarika406