අලි ගැන තියෙන කැක්කුම

dilann

Well-known member
  • Jul 6, 2018
    67,350
    166,718
    113
    එකමත් එක රටක
    ඒයි ඒයි. තමුසෙ බෞද්ධ විදිහට පෙනී ඉන්න කෙනෙක් බව අමතක වුණාද?
    ඔහොම බෑ. දන්නැති වුණත් දන්නවා වගේ ඉඳලා ගේම ගහන්න ඕනෙ bro.
    බුදුන් ලෝකයේ නැටුම් ගැයුම් ප්‍රතික්ෂේප කරාද ?
    නොකළ යුතු දේවල් කියලා කිව්වද ?
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    වැරදි තමයි..
    මම කිව්වේ හරි වැරැද්ද නෙවෙයි. ගැලපෙන්නේ නැති දේවල්.

    මට කියපන් බුද්ධ පුජාව වෙනුවෙන් කකුල් මස් ගන්නම ෆාම් එකක් තියාගෙන ඉන්න එක උබට අනුව ගැලපෙනවද ? නැත්නම් ලෝකේ කුකුල් ෆාම් නැති වෙලා නැ නේ කියලා උබ ඒක අවුලක් නෑ කියලා ගන්නවද ?
    බුද්ධ පූජාවට ගන්නම කුඹුරු වෙන්කරලා බුද්ධ පූජාව තියනකොට අවුලක් නැද්ද ? අනික පෙරහැ‍රේ කොතනද අලියා මරලා පෙරහැර පවත්වලා තියෙන්නේ ? බුදුන් වෙනුවෙන් අලි මරනවා උඹ දැකලා තියෙනවාද ? උඹේ කුකුල් ෆාම් ලොජික් එකයි පෙරහැරේ අලියන එකයි දෙකක් බන් ..
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,718
    113
    එකමත් එක රටක
    එතකොට හීලෑ අලි ගිහි අයිති අය ළග තිබිලා පෙරහැරට ගේන එක අවුල් නෑ නේ එහෙම බලද්දී. පෙරෙහෙරටම හැදුවා නෙවෙයි නෙ.
    හිලෑ අලි කිව්වේ දන්වැල් දාන්නේ නැති, හේන්දුවක් පාවිච්චි කරන්න ඕන නැති අලි ද ?

    බුද්ධ පූජාවට ගන්නම කුඹුරු වෙන්කරලා බුද්ධ පූජාව තියනකොට අවුලක් නැද්ද ? අනික පෙරහැ‍රේ කොතනද අලියා මරලා පෙරහැර පවත්වලා තියෙන්නේ ? බුදුන් වෙනුවෙන් අලි මරනවා උඹ දැකලා තියෙනවාද ? උඹේ කුකුල් ෆාම් ලොජික් එකයි පෙරහැරේ අලියන එකයි දෙකක් බන් ..
    දෙකම හිංසාව තමයි බන්.
    ලෝකේ සත්ව හිංසා වෙන්ව. බුදුන් වෙනුවෙන් ගෞරව කරන්න් කියල් සතුන්ට හිංසා කරන එක ගැලපෙන්නේ නැ .

    කුබුරු තියාග්ත්තම මොකද වෙන්නේ ?
    කාටත් කරදරයක් නෑ නේ.
    ------ Post added on Aug 25, 2023 at 9:03 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    හිලෑ අලි කිව්වේ දන්වැල් දාන්නේ නැති, හේන්දුවක් පාවිච්චි කරන්න ඕන නැති අලි ද ?
    උබ කියපු ලෝජික් එක අනුව අවුල තියෙන්නේ පෙරහැර වෙනුවෙන් අලි පන්තියක් නඩත්තු කරන එකනේ.
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,718
    113
    එකමත් එක රටක
    උබ කියපු ලෝජික් එක අනුව අවුල තියෙන්නේ පෙරහැර වෙනුවෙන් අලි පන්තියක් නඩත්තු කරන එකනේ.
    අලියෙක් / වෙන මොකෙක් හරි සතෙක් පිඩාවට පත්කරන එක බුදුන්ට ගෞරව කරන්න කියලා.

    ඔන්න ඉතින් අලිය ක්මත්තෙන්ම කැලේ ඉදන් ඇවිත් මල් කඩාගෙන පුජා කරන්න යනවනම් කමක් නෑ ..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    මෙතනත් තියෙන්නේ ඒ වගේ දෙයක් මිසක් අලියා පව් කතාවක් නෙවෙයි.
    අලි ටිකක් ජිවිත් කාලෙම හිරකරගෙන ගැටගහන් නඩත්තු කරනවා බුදුන්ගේ ධාතුව වඩම්මන එක වෙනුවෙන්.
    නික්න්මට හිතල බලපං බුදු හාමුදුරුවෝ හිටියොත් ඔය වගේ සත්තු ටිකක් තියාගෙන ඉන්න එක ගැන මොනව කියයි ද ? :rofl:
    ☝️☝️
    අලියෙක් / වෙන මොකෙක් හරි සතෙක් පිඩාවට පත්කරන එක බුදුන්ට ගෞරව කරන්න කියලා.
    ලොජීක් එක මාරු වෙලා වගේ නේ.
     
    • Haha
    Reactions: S_M_S

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    කොහෙද බුදුන්ගේ දානය වෙනුවෙන් සතුන් හැදුවේ ?
    මොන ඉතිහාස කතාවෙද උබ එහෙම එකක් අහල තියෙන්නේ ?
    බුදුන්ට දානය වෙනුවෙන් බත් එන්නේ දිළු්‍ය ලෝකයෙන් නෙවයෙිනේ .. කුඹුරු වලින්නේ .. කුඹුරු කරද්දී උඹ කියන්නේ කිසිම සතෙක් මැර‍ෙන්නේ නෑ කියලද ?

    කුබුරු තියාග්ත්තම මොකද වෙන්නේ ?
    කාටත් කරදරයක් නෑ නේ.
    ------ Post added on Aug 25, 2023 at 9:03 PM
    කිසිම සතෙකුට හිංසාවක් නොවීද බන් කුඹුරු වැඩ කරන්නේ ? බුද්ධකාලේ කුඹුරු වැඩවලට කෙළින්ම ගවයා යොදාගත්තා . ඒක සත්ව හිංසාවක් නෙවෙයිද බන් ? ඌ කැමැත්තෙන්ද කුඹරු හාන්න , කොළ මඩින්න එන්න ඇත්තේ ? ඕක තමයි කිව්වේ උඹේ ලොජික්වලට අනුව බුදුන් වහන්සේට දානේ වළදන්න වෙන්නෙත් නෑ , හුස්ම ගන්න වෙන්නෙත් නෑ අන්තයට ගියොත්.
     
    • Like
    Reactions: S_M_S

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    අනික පෙරහැ‍රේ කොතනද අලියා මරලා පෙරහැර පවත්වලා තියෙන්නේ ?
    පෙරහැරවල් වල මොකද ලංකාවේ අලි මරල නැත්තේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,718
    113
    එකමත් එක රටක
    ☝️☝️

    ලොජීක් එක මාරු වෙලා වගේ නේ.
    ඉතින් දෙකම එකම අදහස බන්.

    මට නිකමට කියපන්,
    බුදුන්ට ගෞරව කරන්න කියලා අලියෙක් ට දන්වැල් දැල් කකුල් ගැටගහල, හෙන්ඩුත් තියාගෙන ඌව අපිට ඕන පාරේ බලෙන් අවිද්දන එක ගැලපෙනවද නැද්ද උබට අනුව ???
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    අලියව මරල පුළුන් පුරවල දැන් කියනවා රාජා හිටපු හොඳම අලිය ලු . :P

    raja-elephant-museum.jpg
    උඹට පිස්සුද නැත්නම් හැටිද ? කවුද බන් රාජා ඇතා මරලා පෙරහැර කෙරුවේ?
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මට මතක විදියට කොහේදී හරි ඇහිලා තියෙනවා වගේ මතකයි "භික්ෂුවක් විසින් සතුන් නඩත්තු කිරීම කැප නෑ" කියලා , ඒත් තැන හරියටම කියන්න මතක නෑ , පුළුවන් නම් හොයලා බලලා මටත් කියන්න මචන්

    සත්තු හදන භික්ෂුන් කියන්නේ තමන් අසරණයන්ට පිහිට වෙනවා කියලා, ඒත් ඒ භික්ෂුන් කියන අසරණයි කියන සතා බොහෝ වෙලාවට ලෝකේ ඉන්න හොඳම ජාතියක බල්ලෙක් හෝ වෙනත් වටිනා සතෙක් මිසක් අභාධිත ජිවත් වෙන්න සරණක් අවැසි සතෙක් නොවන්නේ මොකද කියන එකයි ප්‍රශ්නේ, ඕවා කතා කරන්න ගිහින් අපේ හිත් දුෂණය කරගන්න ඕන නැති නිසා ඔය වගේ සිද්ධි නොදැක්කා වගේ ඉන්නවා

    එස් එම් එස් දාපු සූත්‍ර පාඨයෙන් අපිට ඕක තේරුම්ගන්න උත්සහ කරන්න පුලුවන්. ඕක මම ස්වාමීන්වහන්සේ නමක් ගෙන් කෙටියෙන් ඇහුවා. කතාව පටන්ගත්තෙම එකනම් ශාසනානුකූල නැහැ කියන වාක්‍යයෙන්. කුඩා ශික්ෂා පද සමගත් ගැටීමක් තියනවා කිව්වා. මට වැඩිදුරට ඒ ගැන කතාකරන්න බැරි උනා ඒ ස්වාමීන්වහන්සේට වෙන වැඩක යෙදුන්න තිබුණ නිසාත් සිග්නල් මදි නිසාත්. වැඩි යමක් දැනගත්තොත් දාන්නම්.
     
    • Like
    Reactions: hi.dushan and S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,718
    113
    එකමත් එක රටක
    බුදුන්ට දානය වෙනුවෙන් බත් එන්නේ දිළු්‍ය ලෝකයෙන් නෙවයෙිනේ .. කුඹුරු වලින්නේ .. කුඹුරු කරද්දී උඹ කියන්නේ කිසිම සතෙක් මැර‍ෙන්නේ නෑ කියලද ?
    කුබුරු කරද්දී නෙවෙයි අවිදිද්දීත් සත්තු මැරෙනවා.
    නිගන්ටනාතපුත්ත වගේ උන් තමයි එහෙම නොදැනුවත් කමින් වෙන හිංසා ගැන හිත හිත හිටියේ.

    මම කිව්වේ දැනුවත්ව සතෙක් හිරකරගෙන ඉන්න එක.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    ඉතින් දෙකම එකම අදහස බන්.

    මට නිකමට කියපන්,
    බුදුන්ට ගෞරව කරන්න කියලා අලියෙක් ට දන්වැල් දැල් කකුල් ගැටගහල, හෙන්ඩුත් තියාගෙන ඌව අපිට ඕන පාරේ බලෙන් අවිද්දන එක ගැලපෙනවද නැද්ද උබට අනුව ???
    කොටින්ම උබ ඕක ගැලපෙනවද නෙද්ද කියල බලන්න කාලේ නාස්ති කරන එකත් බුද්ධ දේශනාවට අනුව නොගැලපෙන දෙයක් මොකද

    නොපමාව කුසල් රැස් කරන්න කියල, හිස ගිණි ගත් කෙනෙක් එක නිවන්න මහන්සි වෙනවා වගේ නිවන් යන්න මහන්සි වෙන්න කියලනේ දේශනා කරේ.

    මේක ගිහි අය ඒ අයගේ බුද්ධ පුජාවක් පවත්වන දෙයක් එහෙම ගිහි අයට සාපේක්ෂව ඔතන නොගැලපෙන දෙයක් නෑ
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,718
    113
    එකමත් එක රටක
    කොටින්ම උබ ඕක ගැලපෙනවද නෙද්ද කියල බලන්න කාලේ නාස්ති කරන එකත් බුද්ධ දේශනාවට අනුව නොගැලපෙන දෙයක් මොකද

    නොපමාව කුසල් රැස් කරන්න කියල, හිස ගිණි ගත් කෙනෙක් එක නිවන්න මහන්සි වෙනවා වගේ නිවන් යන්න මහන්සි වෙන්න කියලනේ දේශනා කරේ.

    මේක ගිහි අය ඒ අයගේ බුද්ධ පුජාවක් පවත්වන දෙයක් එහෙම ගිහි අයට සාපේක්ෂව ඔතන නොගැලපෙන දෙයක් නෑ
    ඒ කියන්නේ උබට අනුව එහම අලියෙක් හිර කරන් තියාගෙන ඉන්න එක අවුලක්නෑ .
    එහෙනම් එච්චරයි. :rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    ඒ කියන්නේ උබට අනුව එහම අලියෙක් හිර කරන් තියාගෙන ඉන්න එක අවුලක්නෑ .
    එහෙනම් එච්චරයි. :rofl:
    මට අනුව නෙවේ ගිහි අය රකින සිලයට අනුව
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,718
    113
    එකමත් එක රටක
    මට අනුව නෙවේ ගිහි අය රකින සිලයට අනුව
    මම ඇහුවේ උබේ අදහස.

    එතකොට ගිහි උන්ට සතෙක් මරණ එකෙන් මෙහා හිංසා කරන එකේ අවුලක් නැද්ද බුදු දහමට අනුව ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    මම ඇහුවේ උබේ අදහස.
    මගේ අදහස දැනගන්න වෙන්නේ මට පෙරෙහෙරක් සංවිධානය කරන්න ලැබුනොත් තමා.
    එතකොට ගිහි උන්ට සතෙක් මරණ එකෙන් මෙහා හිංසා කරන එකේ අවුලක් නැද්ද බුදු දහමට අනුව ?
    ඕකට බං @greenthunder උබව කෝට් කරලම උත්ත්තරයක් දීල තිබ්බ.
     
    • Like
    Reactions: S_M_S

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113

    මම ඇහුවේ උබේ අදහස.

    එතකොට ගිහි උන්ට සතෙක් මරණ එකෙන් මෙහා හිංසා කරන එකේ අවුලක් නැද්ද බුදු දහමට අනුව ?

    දළදා පෙරහැර වෙනයි බුද්ධාගම වෙනයි පටලව ගන්න එපා.දළදා පෙරහර කියන්නේ බුද්ධාගමේ උත්සවයක් නෙවෙයි, ඒක රාජ්‍ය උත්සවයක්.
    හැම රටකම තිබිලා තියනවා ඒ රටේ රජ්ජුරුවන්ට තමන් ගේ රජකමට තියෙන සුදුසුකම පෙන්නන්න පුළුවන් මොකක් හරි භාණ්ඩයක්. ඊජිප්තුව පාරාවෝ රජ්ජුරුවන් එයාගෙ රාජත්වය පෙන්නුවේ එයාගෙ ceptre ඒකෙන්.
    අන්න ඒ වගේආගමික භාණ්ඩයක් වුණත් දළදාව කියන්නේ ලංකාවේ රාජ්‍යත්වයේ සංකේතය. වෙන රටවල් වල වගේම ලංකාවෙත් කන්සෙප්ට් එකක් තිබුණා දලදාවේ අයිතිකාරයා තමයි රටේ රජ්ජුරුවෝ කියලා ඒක හින්ද තමයි ඉස්සර ආක්‍රමණවලදී රජා අහුවුනත් දළදාව අහුවෙන්න ඉඩ දුන්නෙ නැත්තේ.

    තමන් ගාව තමයි දළදාව තියෙන්නේ කියන එක සාමාන්‍ය මිනිස්සුන්ට පෙන්නන්න රජ්ජුරුවෝ කරපු ප්‍රදර්ශනයෙ විකාශනයක් තමයි ඔය දළදා පෙරහැර කියන්නේ.
    දළදා පෙරහැර නිකං එංගලන්තෙ coronation ceremony එක වගේ ාජ්‍යය උත්සවයක් මිසක් ආගමික උත්සවයක් නෙවෙයි.
    ඔබතුමා ට මං ඉස්සෙල්ලත් කිව්වා බුද්ධාගම වෙනයි දළදා පෙරහැර වෙනයි එහෙමද එහෙම නෙමෙයි ද? මේක ගැන ඔයාගේ අදහස කියන්නකො.
     
    Last edited:

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    කුබුරු කරද්දී නෙවෙයි අවිදිද්දීත් සත්තු මැරෙනවා.
    නිගන්ටනාතපුත්ත වගේ උන් තමයි එහෙම නොදැනුවත් කමින් වෙන හිංසා ගැන හිත හිත හිටියේ.

    මම කිව්වේ දැනුවත්ව සතෙක් හිරකරගෙන ඉන්න එක.
    බුදුන් දැනුවත්ව හිටියේ නැද්ද බන් කුඹුරු වැඩ කරන්න හරකා යොදාගන්නවා කියලා ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,718
    113
    එකමත් එක රටක

    ඔබතුමා ට මං ඉස්සෙල්ලත් කිව්වා බුද්ධාගම වෙනයි දළදා පෙරහැර වෙනයි එහෙමද එහෙම නෙමෙයි ද? මේක ගැන ඔයාගේ අදහස කියන්නකො.
    දළදාව කියන්නේ බුද්දාගමේ දෙයක්.

    ඕකට බං @greenthunder උබව කෝට් කරලම උත්ත්තරයක් දීල තිබ්බ.
    උබෙන් මොකක් හරි ඇහුවම වෙන එකෙක් ගැන කියවන්න එපා බන්.

    බුදුන් දැනුවත්ව හිටියේ නැද්ද බන් කුඹුරු වැඩ කරන්න හරකා යොදාගන්නවා කියලා ?
    මම අහල නෑ බුදුන් වෙනුවෙන් හරක් තියන් හිටිය කියලා. උබ කොහේද එහෙම අහල තියෙන්නේ ?
    උබ ඔය කියන විදයට දානේ ගේන්නේ ඇස්ව කරත්තේ දාගෙන නම් එකත් එපා පයින් කරන්න ඕනේ වගේ කියන්න පුලුවන්.

    මෙතන එහෙම එකක් නෙවෙයි. මේ අලියෙක් හිර කරගෙන තියන් ඉන්නේ බුදුන්ට ගෞරව කරන්න.
    ------ Post added on Aug 25, 2023 at 10:22 PM