අලි මිනිස් ගැටුමට මෙහෙම කරන්න බැයිද?

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    cable yana kanuwa , kakulak thiyala peralala danawa bn aliya..
    👇
    කනුව ලගට යන්න බෑ නේ බන්. ඊට ඈතින් කම්බි එල්ලෙන්නේ.
    දැනට තියන ලගම විසඳුම මෙහෙම කරලා බැලුවනම් හරි

    කේබල් ටිකක් යනවා ඉතින්
     
    • Like
    Reactions: NRTG

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    ඕකට මෙහෙම කලොත් පොඩි shape එකක් තියෙයි කියල හිතනව. හැබැයි ලංකාවෙ මිනිස්සු එක්ක ඒක පවතින කාලය කොහොම වෙයිද දන්නෙ නෑ. අලි එන area එකේ laser system එකට ඒක touch උනොත් රතු පාට ගින්දර පාටට හුරු light එකකුයි sound එන siren එකකුයි වදින්න තිබ්බ නං උන් ගොඩක් දුරට ඕකට බය වෙනව. ඕක අලි වැටවල් දාල තියෙන පාරවල් දිගේ නන් ගහන්න බැරි වෙයි හොරු ගලවන් යන නිසා. අඩුන තරමෙ මිනිස්සු ඉන්න area එකට. නැත්තන් ගොව්තැන් කරන areas වලට දාන්න පුළුවන් නං ගොඩ. Electricity එක ගන්න ඕන පොඩි solar එකකින් අදාල කනුවට දාල
     
    • Like
    • Love
    Reactions: NRTG and Any.key

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,446
    113
    එකමත් එක රටක
    දැනට තියන ලගම විසඳුම මෙහෙම කරලා බැලුවනම් හරි

    කේබල් ටිකක් යනවා ඉතින්
    ඇයි අර bio fence එක ත් කරන්න පුලුවන්.
    කටු ගස් zig zag විදියට තාප්පේ වගේ හිටවන්න පුලුවන්.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඕකට මෙහෙම කලොත් පොඩි shape එකක් තියෙයි කියල හිතනව. හැබැයි ලංකාවෙ මිනිස්සු එක්ක ඒක පවතින කාලය කොහොම වෙයිද දන්නෙ නෑ. අලි එන area එකේ laser system එකට ඒක touch උනොත් රතු පාට ගින්දර පාටට හුරු light එකකුයි sound එන siren එකකුයි වදින්න තිබ්බ නං උන් ගොඩක් දුරට ඕකට බය වෙනව. ඕක අලි වැටවල් දාල තියෙන පාරවල් දිගේ නන් ගහන්න බැරි වෙයි හොරු ගලවන් යන නිසා. අඩුන තරමෙ මිනිස්සු ඉන්න area එකට. නැත්තන් ගොව්තැන් කරන areas වලට දාන්න පුළුවන් නං ගොඩ. Electricity එක ගන්න ඕන පොඩි solar එකකින් අදාල කනුවට දාල
    අනිවා හොරු ගලවනවා ඒකට කරන්න දෙයක් නැද්ද
     
    • Like
    Reactions: NRTG

    Dln

    Junior member
  • Jul 20, 2023
    70
    48
    18
    මෙහෙම අලි වැටවල් දාන්න බැරිද ?

    FR2v6kU.jpg
    මේක nothing බං අලියට. Tika dwsak gihin මූ kotayak arana with uda kambiyata atharinwa. nttm ee koten oya kambi aath krla ynwa. නිකං වැටට වඩා නං සාරථකයි හැබැයි
     
    • Wow
    • Like
    Reactions: NRTG and Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඇයි අර bio fence එක ත් කරන්න පුලුවන්.
    කටු ගස් zig zag විදියට තාප්පේ වගේ හිටවන්න පුලුවන්.
    හැදෙන්න කාලයක් යනව්නේ එතකන් ආරක්ෂා කර ගන්න පුළුවන් වෙයිද
     
    • Like
    Reactions: NRTG

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,933
    10,179
    113
    මම දකින විදියටනම්, සත්තුන්ට වෙනම කොටසක් වෙන කරන්න ඕන සහ ඒව ඇතුලෙ කිසිම මිනිස් ක්‍රියාකාරකමක් වෙන්නම බෑ සහ ජනගහනය වගේම සත්ත්ව ගහනයත් පාලනය කරන්න ඕනෙ.
    දකින දකින කැලේ කපල ගම්මාන හදන්න දෙන්න හොඳ නෑ.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    සමහර පැති වල කාණු කපන එක කරනවා. "අලි අගල" කියලා කියන්නෙ. ඒ වුණාට අලියත් ට්‍රයි කරන්නෙ මොකක් හරි තැනකින් පැනගන්න.
    වැඩේ හරියට කළොත් හරියයි. කොන්ත්‍රාත් ගත්ත එවුන් බාගෙට කරපුවාම වෙන්න ඇති අලියා තැනක් ඉතුරු වෙන්නෙ.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    ඕක කපනව කියලා කොච්චර දුරක් කපන්න ද ?

    ලංකාවේ උන්ට හරියට රක්ෂිත ටිකවත් වෙන් කරල වැටක් ගහගන්න බැරි එකේ කොහොමද අගල් කපන්නේ.

    පන්සල් වටේටත් ඔහොම කානුවක් කපන්න වෙනවා @Riduna Pumka 2.0
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,985
    40,873
    113
    අලින්ට මොළේ තියෙනව බන්. ගස් උගුල්ලන් ඇවිල්ලා දානවා. පස් බැම්ම කඩලා පාර හදගන්නත් පුළුවන්
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ප්‍රශ්නේ තියෙන්නේ සීමිත සම්පත් වල. ඉඩම් සීමිතයි. අලි ගහණය සහ ජනගහණය කියන දෙකම වැඩි වෙනවා. මිනිස්සූ පරිභෝජනය කරන ඉඩම් ප්‍රමාණය වැඩි වෙනවා. සමහර වෙලාවට රක්ෂිත ප්‍රදේශ පවා නීති විරෝධී විදිහට මිනිස්සූ අල්ලා ගන්නවා.

    කරන්න පුළුවන් දේ තමයි වනජීවීන්ට වෙන් කරපු භුමිය හරියට සලකුණු කරන ඒක. තැන් තැන් වල කැළෑ නෙවෙයි. සත්තුන්ට ඒවා අතර යන්න සුදුසු කොරිඩෝ, විශේෂයෙන්ම අලි වගේ සත්තුන්ට. කොරිඩෝ මිනිසුන්ට යන්නත් පුළුවන්. හැබැයි ස්ථිර ඉදිකිරීම් හෝ වගාවන් කරන්න බැරි වෙන්න ඕන. ඒවා ඇතුලේ ප්‍රමුඛතාවය සත්තුන්ට. පාරක් යනවා නම් ඒ හරහා සත්තුන්ට යන්න දීලා මිනිස්සූ යන්න ඕනි කියන ලෙවල් එකට.

    හැබැයි ඔහොම කළාට අලි ගම් වදින එක නවත්තන්න බෑ. මොකද ඕකේ ඇතුලේ තියන සම්පත් (ආහාර) සීමිත හින්දා අලි ගහණය වැඩි වෙද්දී උන් ගම් වලට වගා වලට එනවා.

    ඒකට කරන්න පුළුවන් එකම දේ ඒ භූමියේ සම්පත් වලට ගැලපෙන ප්‍රමාණයට අලි ගහණය සීමා කරන එක. මේක කරන විදිහ තමයි විවාදාත්මක. හැබැයි හක්කපටස් කළා කොච්චි වලට හැප්පිලා මරෙනවට වඩා නම් මානුෂික ක්‍රම තියෙයි.

    මිනිස්සුන්ට ඉතිරි වෙන ඉඩම් වල ඵලදායිතාව වැඩි ආකාරයට ප්‍රයෝජනයට ගන්න හැටි උගන්නන්න වෙනවා. තනි තනි ගෙවල් හදන එක නවත්තලා තට්ටු නිවාස වලට යන්න වෙයි. කෘෂිකර්මය උනත් අඩු ඉඩම් ප්‍රමාණයකින් වැඩි ඵලදාවක් ගන්න ක්‍රම යොදා ගන්නා වෙයි.

    එහෙම නැතිව වැටක් ගහලා,අගලක් කපලා, වෙඩි දාලා අලි පාලනය කරනවා කියන එක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.
     
    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,480
    2,027
    113
    මෙහෙම අලි වැටවල් දාන්න බැරිද ?

    FR2v6kU.jpg
    ම‍ේකත් ලංක‍ාවේ සමහර තැන් වල තියෙනවා. මම හිතන්නෙ Budget එක වැඩියි. ඔය එ‍ල්ලෙන කම්බි ගොඩක් දාන්න ඕන. හැම තැනටම දාන්න feasible නෑ

    ලංකාවේ Government එක or වගකිවයුතු අය ඔය ප්‍රශ්නයට වෙන් කරන Budget එක මදියි ඒකයි ගැටලුව. තාක්ෂනේ මෙච්චර දියිනු කාලේ Hightech වැටක් ගහන්න බැරිද?. හොඳ ගානක් ඔය ප්‍රශ්නෙට වියදම් කර‍ොත් sustainable solution එකක් දෙන්න පුලුවන්. අපේ උන් low budget කනු, කම්බි දාන්නෙ. ඉති ඕව කඩන් අලි එනවා.

    අත්තල මුත්තල හිටපු කාලේ අලි එලවපු හැටියි, ජෛව කතායි කියන්නෙ නැතුව. හොඳ ගානක් වෙන් කරල. කනුව ඉන්දන තැනත් ගැඹුරට ලොකු වලක් කපල. සුපිරි concrete එකක් දාලා. කම්බි layers 5, 6ක් දාලා දිගටම වැට ගැහුවනම් ඉවරයි. මුන් එහෙම සුපිරි වැට ගහන්නේ ලොකු projects වටේට විතරයි. අපි කවදාවත් අහල තීනවද එහෙම project එකකට, ලොකු companies කරන farm වලට අලි පැනලා තියෙනව කියලා. නෑනේ?.නෑනේ?.

    මේ ඉංදියාවෙ

    ------ Post added on Nov 26, 2023 at 7:13 AM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,229
    1
    61,635
    113
    Mother Earth
    කටු ගස් හිටවන එක තමයි මම හිතන්නෙ විසඳුම. maintain cost එකක් යන්නෙත් නෑ. අනික ස්වභාවිකයි. තල් ගස් වගේ ඉන්දන්න පුළුවන් නම් හරි. කෝ එක බල්ලෙක්වත් නෑනේ මේවා ක්‍රියාත්මක කරන්න. පැතුම්ට කියපන්කො. @riduna pm

    ම‍ේකත් ලංක‍ාවේ සමහර තැන් වල තියෙනවා. මම හිතන්නෙ Budget එක වැඩියි. ඔය එ‍ල්ලෙන කම්බි ගොඩක් දාන්න ඕන. හැම තැනටම දාන්න feasible නෑ

    ලංකාවේ Government එක or වගකිවයුතු අය ඔය ප්‍රශ්නයට වෙන් කරන Budget එක මදියි ඒකයි ගැටලුව. තාක්ෂනේ මෙච්චර දියිනු කාලේ Hightech වැටක් ගහන්න බැරිද?. හොඳ ගානක් ඔය ප්‍රශ්නෙට වියදම් කර‍ොත් sustainable solution එකක් දෙන්න පුලුවන්. අපේ උන් low budget කනු, කම්බි දාන්නෙ. ඉති ඕව කඩන් අලි එනවා.

    අත්තල මුත්තල හිටපු කාලේ අලි එලවපු හැටියි, ජෛව කතායි කියන්නෙ නැතුව. හොඳ ගානක් වෙන් කරල. කනුව ඉන්දන තැනත් ගැඹුරට ලොකු වලක් කපල. සුපිරි concrete එකක් දාලා. කම්බි layers 5, 6ක් දාලා දිගටම වැට ගැහුවනම් ඉවරයි. මුන් එහෙම සුපිරි වැට ගහන්නේ ලොකු projects වටේට විතරයි. අපි කවදාවත් අහල තීනවද එහෙම project එකකට, ලොකු companies කරන farm වලට අලි පැනලා තියෙනව කියලා. නෑනේ?.නෑනේ?.

    මේ ඉංදියාවෙ

    ------ Post added on Nov 26, 2023 at 7:13 AM

    ඔය project එක fail. උන් කම්බි වලින් පැනල යනවා.
    ------ Post added on Nov 26, 2023 at 8:32 AM