අලුත් කොඩිය සහ කලිසම

athumusic

Active member
  • Sep 19, 2017
    270
    194
    43
    අලුත් කොඩිය සහ කලිසම

    අනේ සින්හයෝ දැන්වත් අහගන්න හිටියා ඇතිය දැන් කොඩියෙන් බැහැ ගන්න අපේ රටට ඔබ හිමි නෑ දැන ගන්න හිටි කාලයට ඉස්තූතිය පිළිගන්න

    අපේ රටේ ආගම් ගැන දැන ගන්න ඒවා මෙහෙ නොවේ හොඳ හැටි විමසන්න ඒ හින්දාම ඒවා අත හැර ගන්න කාලය ඇවිල්ලා හොදටම දැන ගන්න

    කලිසම් අඳින්නේ කොහොමද දැන් කාලේ ඒවත් රටට හිමි නෑනේ හැම කාලේ ඒවා ගලවන්න දැන් නම් හොඳ කාලේ කලිසම නැතුව ඉන්නට වේවිද රාලේ

    එක එක තාලයේ පඬිවරු බිහිවන්නේ නෙක නෙක අදහස්ය ඒ අය පවසන්නේ කාලයක්ම තිබුනත් අත හැර ගන්නේ අලුත් තාලයට යා යුතු බව දන්නේ


    කොඩියේ සිංහයා නෑ දැන් ඇහැරෙන්න ඒකට කාගේ හෝ මූණක් දා ගන්න
    කලිසම නැතුව ඉන්නට වෙයි දැනගන්න කොහොමත් ඉතින් කාලය හරි ඇහැරෙන්න
     
    Last edited: