අලුත් ගේමක් දුන්නා ඩුබායිවල

GameKaraya

Banned
  • Nov 29, 2016
    258
    55
    28
    අලුත් ගේමක් දුන්නා ඩුබායිවල

    අහන්න කැමති අය සෙට් වෙන්න.


    මේ සිද්දිය උනේ ජනවාරි පළවෙනිදා.. දැන් මාසයක් ගිහින් ඉවර නිසා පොස්ට් කරන්න හිතිවා. හැමදාම වගේ මම ඉතින් ගේමේ සල්ලි එහා මෙහා වෙනකන් කතාව දාන්නේ නැනේ. මේ කතාව ලංකාවට ගොඩක් සම්බන්ද නැ. ඕමාන් ඩුබායි තමා කතාවේ ප්‍රදාන මුලස්ඨාන. ඒ වගේම ඉස්සෙල්ලා උඩප්පුවේ කතාවටත් මේක සම්බන්දයි.
    ඉස්සෙල්ලා උඩප්පුවේ සිද්දියෙන් අපි ඩුබායි වලට පැනලා ගියාට පස්සේ, ඩුබායි වලදී අපි ටිකක් විපරම් කළා උඩප්පුවේ බඩු ගෙනාපු බෝට්ටුව ගැන. එක ඕමානේදී කොල්ලකන සිද්දියක් තමා මේ පාර කතාව


    සිද්දිය මෙහෙමයි, අපි උඩප්පුවේ ගෙමෙන් පස්සේ ඩුබායි වලට් පැනලා ගිහින් එහෙ හිටියා, සතියකට විතර පස්සේ අපි ආරංචි කරලා බැලුවා ලංකාවේ තත්වේ.. දුන්නු ගේම් එක නහුතෙටම වැඩකරපු නිසාත්, අරුට පොලිසි යන්නත් බැරි නිසාත් මාව මරන්න හොයන සින් එකක් තිබ්බේ. ෂෙහාරා ගැන නම් කිසි දෙයක් උන් දැනගෙන හිටියේ නැ. (අදටත් කෙල්ලෝ ගැන,) ගිය තැනක් ගැන මේ මිනිස්සු දන්නේ නැ.

    උබලට මතකයිනේ කලින් ගේමේ බෝට්ටුවේ දාලා යවපු උන් ගැන. මට මේ ගැන තවත් හොයන්න ඕනෑකම තිබ්බ. මොකද මුන් කරපු බිස්නස් එකේ හැටියට එක බෝට්ටුවක් විතරක් තියෙන්න හැටියක් නැ.. ඊටත් මුන් බදු ගෙනාවේ කොහොමද, තව කොහෙට යනවද කියලා හොයාගන්න ඕනෑකම තිබ්බ නිසා, සතියකට විතර (ඉස්සෙල්ලා කතාව උබලට කියවන්න දානකොටත් මම මේක ගැන කල්පනා කරගෙන හිටියේ, ඒ වෙලාවේ එක ගැන නොකිව්වේ ප්ලැන් එක ජෝන් බාස්ට යයි කියලා ) එළකිරියේ ඒ කතාවත් පොස්ට් කරලා ඉවර වෙලා මම තව තවත් හෙව්වා මුදු මාර්ගයෙන් ද්‍රග් බිස්නස් එක කරන වෙන හැටි ගැන. සල්ලි යහමින් තිබ්බ නිසා එච්චර අමාරුවක් නැතුවම මට මිනිස්සු කන්ටක්ට් කරගන්න පුළුවන් උනා ඩුබායි වල ඉන්නකොටම. එහෙම හම්බ වෙච්ච එක මනුස්සයෙක් තමා "අහමඩ්". අහමඩ් මට අදුන ගන්න පුළුවන් උනේ ඩුබායි ඉදන් මමයි ශේහාරයි "අල් අයින්" කියන තැනට ටුවර් එකක් ගිය වෙලාවේ. අල් අයින් කියන්නේ එමිරෙට්ස්වල කොනකට වෙන්න තියන කුඩා නගරයක්. මේක බෝඩර් වෙන්නේ ඔමානයට.

    ඕමානයේ "සොහාර්" කියන මුදුබඩ නගරෙක ඉදන් ගොඩබිමෙන් එමිර්ටෙස් වලට ද්‍රග්ස් ගෙන බිස්නස් එකක් ගැන අහමඩ් දැනගෙන හිටියා. මම මගේ තවත් ලාංකික හිතවතෙක් මාර්ගයෙන් අහමඩ් හරහා මේ බිස්නස් එක ගැන අල අයින් ගිය වෙලාවේ කතා කළා. මුලිකවම ටුවරිස්ට්ලා හැටියට අල අයින් ආවා කියලා අගවපු අපි දෙන්නා අහමඩ් එක්ක ග්රෑන්ඩ් ජ්බෙල් කියන හොටලය්දී මේ ගැන දරුණුවට කතා කල, මම පෙනී හිටියේ ද්‍රග් ඩිල් එකක් කරන්න අවශ්‍ය පුද්ගලයෙක් හැටියට. ලංකාව හරහා ඔමානයටත් එතනින් එහාට අනිත් රටවලටත් බෙදාහැරීම් කරන්න උනන්දු බව මමත් ශේහාරත් අහමඩ් එක්ක කතාබහෙන් කියලා හිටියා.

    මේ කතා බහා දවස් දෙකක් සිද්ද උනා. නමුත් අපට කිසිම පුද්ගලයෙක් අදුන ගන්න පුළුවන් උනේ නැ, අහමඩ් අපිව කිසි කෙනෙකුට අදුන්වලා දුන්නේ නැ මුලින්. නමුත් හතරවෙනි දවසේ මම අහමද්ට මුදලින් ඩිරාම් ලක්ෂයක මුදලක් දෙන පොරොන්දුව මත, මට අල් අයින් වලදි තරව්කාරයෙක් හොයලා දෙන්න පොරොන්දු උනා. මම පැහැදිලිවම කිව්වේ මගේ බඩු ලංකාවෙන් මුදු මාර්ගයෙන් ඕමාන් වලට ගෙන්න ගන්න ඕනා කියලා.,

    ගනුදෙනුව කතා කරගත්ත විදියට පස්වෙනි දවසේ උදේම අහමඩ් අපි දෙන්නව එක්කගෙන ගියා "ජබල් හෆිට්" කියන කදුකර ප්‍රදේශයට. මේක ටුවරිස්ට් අට්‍රක්ෂන් එකක්. (තරමක ග්‍රෑන්ඩ් කැනියන් වගේ කාන්තාරයක් මැද්දේ කදු. ) අපි දෙන්නා ගියේ ෆෝර්ඩ් එක්ස්ප්ලෝරර් එකක. අහමඩ් අපිත් එක්ක ගියේ නැ. මිනිහා වෙන වාහනයක ගියේ අපිට ෆලෝ කරන්න කියාගෙන. වාහනය හොටෙල් රෙන්ටල් නිසාත්, එදා උදේ අපිට හම්බ උන නිසාත් මම ශේහාරට කිව්වා කිසි දෙයක් වාහනේ ඇතුලේ කතා කරන්න එපා ලිස්නින් ඩිවයිස් එකක් තියෙන්න පුළුවන් කියලා. සැහෙන දුර ගමනක් නිසාත් එන වෙලාවක් කියන්න බැරි
    නිසාත් කලින් අපි බ්‍රෙක්ෆස්ට් එක්කම ලන්ච් එකත් හෝටලෙන් ඕඩර් කරලා අරගෙන ආවේ. මග දිගට මේවත් කන ගමන් අපි අහමඩ් පස්සෙන් ගියා. බිස්නස් තොරතුරු හැරෙන්න වටේ සිරි විසිතුරු කතාකර කර අපි කිලෝමීටර් 50ක් විතර ආවා.

    ජබල් හෆිට් කියන්නේ තරමක "ග්‍රීන්" නගරයක්. ගහකොළ යම් තරමක තිබ්බත් පුදුම රස්නයක් තිබ්බේ වාහනෙන් එලියට ආවම. ටිකක් පරණ කොන්ක්‍රීට් ගොඩනැගිල්ලක් ලග අපි නතරවෙලා විනාඩි 15ක් වගේ ඉන්නකොට ලෑන්ඩ්කෘසර් දෙකකින් ආව හතර දෙනෙක්. එක්කෙනෙක් හැරෙන්න අනිත් ඔක්කොම අරාබි ඇදුම් ඇදගෙන හිටියේ. පිටිපස්සෙන් ආපු එකේ හිටිය එකා ඇදගෙන හිටියේ යුරෝපිය කලිසම් කෝට් ෆුල් සුට් එකක්. අපි දෙන්නව උටත්, උව අපිටත් අදුන්නලා දුන්නු අහමඩ් අරාබියෙන් මොනවහරි කිව්වා. අපිට එක නොතේරුණත් අරුට හොදට තේරුණා බව මට හොදටම ෂුවර් උනා උත් ආපස්සට ඒ බාශාවෙන් අහමඩ් එක්ක කතා කරපු නිසා. ඒ ක්ෂනිකයෙන්ම පොර මාත් එක්ක ඉංග්‍රීසියෙන් කතා කළා. පොරගේ ඇක්සන්ට් එක අරාබි හෝ රුසියානු උච්චාරනයක ස්වරුපයක් තිබ්බා කියලා මට ඒ වෙලාවේ තේරුනා.


    සන්ග්ලස් එහෙම දාලා හිටපු බුවා එකත් ගලවල මටත් ශෙහරටත් අතට අත දෙන ගමන් විස්තර කතා කලා. මිනිහා මගෙන් ලන්කාව් ගැන අහුවත් මට මිනිහගෙ කතවෙන් තෙරුනා මිනිහා ලන්කාව ගැන දන්නව කියලා. ජිවිතෙට ලන්කවෙදිවත් ජාවරම්කාරයෙක් මිට් නොවුන මට අන්තර්ජාතික පොරක් සෙට් උන එක ගැන හිතෙ පොඩි බයකුත් තිබ්බා. කොහොමහරි මිනිහා මගෙන් අහුව කෙරෙන්න ඔනා කාරනාව. එ වෙලාවෙ හැටියට මට ඔනා වෙලා තිබ්බෙ ලන්කවෙ මගෙ බඩු ගෙන්න ගන්න එක කියලා කිව්වම මිනිහා කොච්චරක් තියෙනවද කොහොමඩ වගෙ ප්‍රශ්න මගෙත් එක්ක කතා කලා.

    මිනිහා මට කිව්වා මිනිහගෙ නම යුගොරොව් කියලා. පැය කාලක විතර කතාවකින් පස්සෙ මමත් ශෙහාරත් ආපහු එන්න අවා. අහමඩ් කිව්වා මිනිහා පහුවෙනිද උදෙම යුගොරොව් එක්ක අල් අයින් එනව කියලා මාව හම්බවෙන්න. මෙ සිද්දියත් ඔලුවෙ තියගෙන අපි දෙන්නා අයෙමත් හෝටලේට ආවා, පුරුදු විදියට අල් අයින් ටවුන් එකේ ඇවිද ඇවිද කාලේ කකා හිටපු අපි දෙන්නා පහුවෙනිදා උදේම අහමඩ්ට කෝල් එකක් දීලා ඇහුවා එන වෙලාව ගැන. උදේ 10 වෙනකොට කිව්වා වගේ මිනිහා හෝටලේට ආවා.

    අහමඩ් එක්ක යුගොරෝව් වගේම ආරක්ෂාවට ඉන්නවයි කියලා හිතෙන දෙන්නෙකුත් එක්ක මිනිහා ආවා. හෝටලේ ලොබි එකේ මිනිහට කතා කරන්න බැ කියලා අල් අයින් හිල්ටන් එකට් පැයකින් එන්න කියලා මිනිහා ගියා. වෙච්ච දේ ගැන කල්පනා කරලා ඒ වෙලාවේම හොටෙල් එකෙන් වාහනයක් ගෙන්නාගෙන මමයි ශේහාරයි හිල්ටන් එකට ගියා. හිල්ටන් එකට් යනකොටම එතැනදී කලින් දැකපු ආරක්ෂකයෝ දෙන්නත් හිටියා. උන් දෙන්නා අපිව එක්කගෙන තුන්වෙනි තට්ටුවේ කාමරේකට එක්ක ගියා. එක එච්චර ලොකු කාමරයක් නෙමෙයි නිසා මට හිතුනා මිනිහා ඉන්නේ මෙතන නෙමෙයි, මේ සාකච්චාවට විතරක් මිනිහා මෙතනට ආවා කියලා. අපි දෙන්නට ඉදගන්න පුටු දෙකක් පෙන්නපු මිනිහා ජනේලයේ වීදුරුව ලගට වෙලා එලිය බලාගෙන ඉන්න ගමන් රුම්බෝයිට එන්න කියලා අපි දෙන්නට බිම විදුරු දෙකක් ගෙනාවා. මේ හැසිරීම චු යන සයිස් එකේ බය දැනෙන සින් එකක්. ඒ වෙලාවේ මරලා කාන්තාරෙට දැම්මනම් බල්ලෙක් දන්නේ නැ අපට වෙච්ච දෙයක්. බිම විදුරු දෙක අල්ලන හැටි ඉදන් බොනකන් අපි දෙන්න දිහා බලාගෙන හිටපු පොර අහමඩ් දිහා බලන ගමන් කිව්වා අපිත් එක්ක ඩිල් එක කරන්න ලෑස්තියි හරියටම වචනයක් දෙන්න පැය 24ක් ඕනා කියලා. සිද්දවෙච්ච දේවල් ඉවෙන් වගේ වැටහුණු මට තෙරුනා බිම වීදුරුවේ රහස. මම බිම් වීදුරුව දිහා බලන් ඉන්නවා දැකපු ෂෙහාර මට තේරුනා හොදටම බයවෙලා ඉන්නේ කියලා. විනාඩි 10ක විතර මේ කතාවෙන් පස්සේ මමත් ශේහාර්ත් හෝටලෙන් එලියට ඇවිත් ටැක්සි එකකින් ආපහු අපි හිටිය හෝටලේට ආවා. එනගමන් ෂෙහාර කිව්වා දේට මට හිනාත් ගියා, එයා හිතන් ඉදලා තියෙන්නේ බිම විධුරුවේ වස හෝ මත බේත් තියෙන්න ඇති කියලා. නමුත් මට එහෙම දෙයක් හිතුනේ නැ මොකද දැන්ම අපිව මරල හෝ පැහැරගෙන මුන්ට ලැබෙන දෙයක් නැති නිසා. නමුත් බිම වීදුරුවේ රහසක් තිබ්බා කියලා මම දැනගත්තේ යුගොරෝව් ඒ දිහා බලාගෙන හිටපු හැටියට. අනිවාර්යෙන් ඒ වෙලාවේ උ අපේ ඇගිලි සලකුණු ගත්තා. එක මට තෙරුනා

    සාමාන්‍ය දෙකයි පනහේ හොරෙකුට අපේ ඇගිලි සලකුණුවලින් වැඩක් නැ. පොලිසිය එක්ක ගනුදෙනු තියන එකෙකුට තමයි ඇගිලි සලකුණු වැදගත් වෙන්නේ. එක්කෝ යුගොරෝව් පොලිසියේ එකෙක්, එහෙම නැතිනම් ඌ අපි හිතනවට වඩා ජාවාරම්කාරයෙක් කියලා ෂෙහාරා කියනකොටයි මට මීටර් උනේ ඇත්තටම මු පොලිසියේ නම්, අහක යන රෙද්දකට මාට්ටු වීමක් වෙනවනේ කියලා. මොනවා උනත් තාම ගනුදෙනුවක් උනේ නැති නිසා අපි දෙන්න ඒ දවසත් නිකන් ගත කළා, හවස 6ට විතර කෝල් එකක් දීලා අහමඩ් කිව්වා ඩිල් එක කරන්න කැමතියි, ප්‍රශ්නයක් නැ කියලා.


    මම අහමඩ් අතේ පණිවිඩයක් යැව්වා, ඩිල් එක කරන විදිය, බඩු ගෙන විදිය, මුදල් ලැබෙන විදිය මට බලන්න ඕනා කියලා. හැරෙන තැපෑලෙන් මේකට උත්තරයක් ආවා යුගොරෝව් ගෙන් එක කීයටවත් කරන්න බැ කියලා. ගෙනියන විදිය, කරන තැන් ගැන මට දැනගන්න බැ කියලා. ඒ උත්තරෙන් මමත් ශේහාරත් සැහෙන්න පසුබැස්සා, මොකද බිස්නස් එක වෙන සයිට් එකකට අපිට ඇක්සස් නැති උනොත් තේරුමක් නැ. දැන් මෙච්චර දේවල් උන එකේ, මු අපිවත් අපි මුවත් අදුනන නිසා අනිවාර්යෙන් ගේමට සෙට් නොවුනොත් අපිට ගැලවිමකුත් නැ.. අපෙන් උත්තරයක් නැති නිසා උදේම අහමඩ් ආවා අපිව හොයාගෙන. මිනිහා කිව්වා ඕමානයේ බෝඩර් එකට එනකන් වෙන විදිය පෙන්නන්න පුළුවනි, නමුත් ඔමානයෙ බෝඩර් එකෙන් එහා බැ කියලා. මොකුත්ම නැති එකේ එකත් ඇති කියලා එකට් කැමති වෙලා අපි දෙන්න එන්නම් කිව්වා එක බලන්න. වැඩේ කෙරෙන්නේ හවස කියලා, වෙලාව දන්වන්නම් කියලා මිනිහා ගියා. එදා දවසත් බලාපොරොත්තු තියාගෙන අපි දවල් කෑම කනකොට අහමද්ගෙන් කෝල් එකක් ආවා හරියට පැයකින් පිටත්වෙලා ජබල් හෆිට් එන්න කියලා. ඒ කියන්නේ පැයකින් පිටත් වෙලා තව පයක් එක හමාරක් යනවා එතනට යන්න. මම හොටෙල් එක හරහා ආයේ තව රෙන්ටල් කාර් එකක් ගෙන්නාගෙන ශේහාරත් එක්කගමනට ලෑස්ති උනා. හවස 3 වෙනකොට අපිට වාහනේ ආවා. එකත් කලින් වගේම ෆෝර්ඩ් එක්ස්ප්ලෝරර් එකක් නමුත් පාට වෙනස්. ඒ කියන්නේ වෙන එකක්. කලින් ගිය විදියටම අපි දෙන්නා ගමන ගියා. 4.45 විතර ඇති අපි ජබල් හෆිට් එනකොට. කලින් විවිදියටම කොන්ක්‍රීට් බිල්ඩින් එක ල
    දී අපිට අහමඩ් හම්බ උනා. වාහනෙන් බැහැලා අපි කොන්ක්‍රීට් බිල්ඩින් එකේ හිටියා පයක් විතර. හවස 6.15ට විතර වාහන දෙකකින් කට්ටියක් ආවා. ඒ වාහන දෙකම ඕමාන් ඉදන් ආපු ඒවා කියලා අපිට තේරුනා. එකේ ආවේ යුගොරෝව්, මෙතැනදී මිනිහා හිටියේ බොහොම සන්සුන්ව. මිනිහා ස්ටෙප් යි ස්ටෙප් මට මැප් එකක් පෙන්නන ගමන් සිද්දිය කිව්වා. වැඩේ ඔමානේ සයිඩ් එකෙන් මට පෙන්නන්න එක්ක යන්න බැ කිව්වා. නමුත් ක්‍රමේ කියන්නම් කියලා මිනිහා පැහැදිලි කළා. මෙන්න මේකයි සින් එක.

    ඔමානයයි, එමිරේට්ස් රටයි බෝඩර් වෙන රටවල් දෙකක්. මේ රටවල් දෙකට ලෑන්ඩ් බෝඩර් ක්රෝසින් පොයින්ට් තුනක් තියනවා, එයින් එකක් තමයි අල් අයින් කියන්නේ. අල් අයින් බෝඩර් ක්රෝසින් එකෙන් ඔමානෙට ගියාම සෙට් වෙනවා පාරක් බෝඩර් එකට් සමාන්තරව "වාඩි සී රෝඩ් කියලා" මේ පාර යන්නේ කෙලින්ම ඕමානයේ මුදුබඩ නගරයක් වෙන "සොහාර්" වලට. මේක වරායක් තියන ටවුන් එකක්. බඩු එන්නේ මේ සිටි එකට තමයි මුදෙන්. මුදු මාර්ගයෙන් රැට ගෙන බඩු ගොඩබිමට ගේන්නේ සොහාර් වලට උඩහින් තියන "ලීවා" කියන පුංචි ගමෙන්. ලීවා වලට ගෙන බඩු අර බෝඩර් එකට සමාන්තරව තියන වාඩි සී රෝද එකට සමාන්තරව එක රෙෆරන්ස් පොයින්ට් එකක් කරගෙන වැලි කදු උඩින් SUV වගේ වාහන යොදාගෙන තමයි මේ අය බෝඩර් ක්‍රොස් කරන්නේ රැට. කොටින්ම මේක එක සයිඩ් එකකට 125-130KM විතර ගමනක්.

    ශිප්මන්ට් එකක් බලන්න කැමතිනම් අපිට රැ 1ට විතර වෙනකන් ඉන්න කිව්වා, ආයේ ටවුන් එකට යන්නවත් ෆෝන් එක යුස් කරන්නවත් බැ කියලා කිව්වා ඉන්නවනම්. මමත් ශේහරත් ඉන්න කැමති වෙලා දිගටම හිටිය. රැ 8ට විතර තන්දුරි චිකන් එක්ක රොටි, තව බිරියානි ගෙනත් දුන්නා කන්න. ඒ ගෙනාවේ යුගොරෝව් එකක් හිටපු මනුස්සයෙක්. මේවත් කාලා අපි දෙන්න වෙනම වාහනයට වෙලා හිටියා. අපි දෙන්නයි, අනිත් වාහන දෙකේ ආපු උනුයි ඇරෙන්න වෙන බලු බල්ලෙක් නැ.. එක හරියට ට්‍රේඉලර් පාක් එකක් වගේ. දවල් සෙනග ටිකක් හිටියත් රැ වෙනකොට මොකෙක්වත් නැ, අපිට කිව්වා මොනම හේතුවකටවත් ලයිට් දාන්න එපා කියලා. අපි එකටත් අවනත වෙලා වාහනේට වෙලා හිටියා. දවල්ට රස්නේ වගේම තමයි රැට සිතල. 9 විතර වෙනකන් ටිකක් රස්නේ තිබ්බත් 10-11 වෙනකොට වෙව්ලන සීතලයි. ඒ නිසාම අපි වාහනෙන් බැස්සෙත් නැ. මට මතක් උනේ උඩප්පුවේ කාපු කට්ට ගැන. ඒවත් කියව කියව මට නින්දත් යන්න ඇති. 1ට විතර අනිත් මිනිස්සු එහාට යනවා මටත් ශේහාරටත් පෙනුනා. වෙලාව බලපුවහම 1ට ලග නිසා අපි දෙන්නත් වාහනෙන් බහාල ගියා එතනට. අහමඩ් කිව්වා බඩු ගෙන වාහන ලග එනවා කියලා.

    පාන්දර 1.10 වගේ වාහන දෙකක් ආවා. කිසිම එළියක් නොතිබ්බ නිසා අදුන ගන්න අමාරු උනත් හද එළියෙන් දැක්කා, ඒවත් අර ඉස්සෙල්ලා වගේම වාහන කියලා. නමුත් මේ දෙකේ පාටක් කියන්න බැරි තරමට දුවිලි. වැලිකදදාසියකට අත තිබ්බා වගේ වාහනේට අත තිබ්බම. එකෙන් මට තේරුනා, මේවා පාරක අපුවා නෙමෙයි කියලා. කාන්තාරේ වැලි කදු උඩින් ආපු වාහන කියන එක ෂුවර්. වාහනවල හිටියේ ඩ්‍රයිවර් එක්ක තව එක්කෙනෙක් විතරයි. ඒ අය කතා කලේ අරාබි. මම යුගරෝව් ගෙන් ඇහුවා, ගෙනාපු දේවල් බලන්න පුලුවනිද කියලා. මිනිහා කිසි ප්‍රශ්නයක් නැ කියලා මාව වාහනවලට එක්ක ගිහින් පෙන්නුවා. ඇග සිතල වෙලා ගියේ ඒවා දැක්කමයි. උදප්පුවේදී පාර්සල් කරපු විදියටම බඩු පාර්සල් කරලා තිබ්බා. ඒ වගේම සල්ලි ගනුදෙනුවක් සිද්ද උනා, පැය බාගයකට විතර පස්සේ දවල් ආපු වාහනවල තිබ්බ පෙට්‍රල් කැන් වගයකින් රැ ආපු වාහනවලට පෙට්‍රල් දාලා ඒවා ආපහු යැව්වා. ගෙනාපු බඩු දවල්වාහනවලට පටෙව්වට පස්සේ යුගරෝව් මගේ ලගට ඇවිත් හිනා වෙලා කිව්වා, දැක්ක දේවල් ඇතිද කියලා. ඒ එක්කම අහමද් කිව්වා ආරක්ෂක හේතු නිසා, දෙගොලටම එකට යන්න බැ , යුගරෝව්ගේ වාහන සේෆ්ලි ක්‍රොස් කරනකන් අල් අයින් වලට මට යන්න දෙන්න බැ කියලා. 2ට විතර ඒ අය පිටත් උනා. අහමඩ් මාත් එක්ක නැවතුනා. 4 වෙනකන් අපි ඒ විදියටම ඉදලා ආවා.


    උදේ පාන්දර හෝටලේට ආව අපි දෙන්නට දවල් වෙනකන් නින්ද ගියා මහන්සියට. දවල් යුගරෝව් කෝල් කරනකන්ම අපිට ඇහැරුනෙත් නැ.. කෝල් කරලා වැඩේ කන්ෆර්ම් කිව්වම මම කිව්වා මට ලංකාවට යන්න වෙනවා නමුත් ෂෙහාර අබු ඩාබි වල ඉන්නවා සති දෙකෙන් මම එනවා වැඩේ සෙට් කරලා කියලා. එදා දවසෙම මම ටිකට් කලා ලංකාවට එන්න, මට ඕනා උනේ ජෙනුයින් විදියට ඕමාන් ගිහින් වැඩේ බලන්න. මම ශේහාරව පහුවෙනිදා අබු ඩාබි යවලා මම ඩුබායි වලින් ලංකාවට ගියා. ලංකාවට ගිය දවසෙම ඒජන්සිකාරයෙක් අල්ලාගෙන ඔමානෙට යන්න විසා ගහගන්න ට්‍රයි කළා. ඔමානෙට විසා දෙන්නේ හරි අපුරු ක්‍රමේකට. ලංකාවේ වගේ නෙමෙයි. එහෙ විසා දෙන්නේ පොලිසියෙන්. එකත් ටුවරිස්ට් විසා බෑ ස්පොන්සර් නැතුව. මේ මල මගුල් කරන්න සති ගානක් යන නිසා. ලංකාවේ ඉන්නත් බය නිසා දවස් දෙකෙන් ආයෙම ඩුබායි ගියා. (ලංකාවේ දවස් දෙකේ ලොකු දෙයක් සිද්ද උනේ නැති නිසා ).. ඩුබායිවල හෝටලේක නැවතිලා ශේහාරව බස් එකේ ගෙන්නගත්තා අබු ඩාබි ඉදන්. (මට හෝටලේ නම කියන්න බැ මොකද එකේ ඩිටෙල් වලින් අපි දැන් ඉන්න තැන හොයන්න පුලුවන් නිසා )

    සති දෙකක් කල් තියන නිසා වෙනදා වගේම මේ පාරත් අපි ප්ලැන් කළා, ගේමක් ගහන විදිය ගැන. එත් මේක අමාරු බව අපි දෙන්නටම තේරුනා. එකක් තමයි, අපි ලංකාවේ නිසා ඔමානෙට විසා ගන්න අමාරුයි. ඒ නිසා අපිට බෝඩර් ක්‍රොස් කරන්න බැ කොහොමත්. දෙවෙනි කරනේ, මේ මිනිස්සු අවි ආයුද පාවිච්චි කරන ජාත්‍යන්තර පොරවල්. මුන් ලංකාවේ වෙලේසුදා වම්බොට්ටා ගානට දාලා වැඩේ කරන්න බැ.. සුපිරි ප්ලැනක් නැතිව මුකුත්ම කරන්න බෑ.. මේවත් ඔලුවේ තියාගෙන අපි දෙන්න කතා කළා රිටර්න් එකට බඩු බලා ආපහු යන වාහන කොල්ල කන්න. එන ඒවා කොල්ලකන එක අමාරුයි. එකක් එන ඒවා ගැන යුගරෝව් ඇහැ ගහගෙන ඉන්නේ. අනික ද්‍රග්ස් අපිට වැඩක් නැ. යන වාහනවල තියෙන්නේ සල්ලි නිසා, ඒවා ලේසියි කියලා හිතුනා. දවස් දෙකක් තිස්සේ දහා අතේ එක එක විදියේ ප්ලැන් ගැහුවත් හරියට සෙට් වෙන එකක් ආවේ නැ.. අන්තිම දශමෙට හරියන්න ඕනා හැමදේම. එක අමාරු වැඩක්.

    බඩු එන දවසක් බලලා වැඩේ කරන්න අපි හිතුවා. ඔමානයේදීම ගේමක් දුන්නොත් අහු වෙන්නෙත් නැ කරන්න දේකුත් නැ. ඒ නිසා හොද වෙන්ටෙජ් පොයින්ට් එකක් බලලා වැඩේ කරන්න හිතාගෙන අපි දෙන්නා පුළුවන් තරම් ඕමාන් බොඩරේට ලග තැනක් බැලුවා. ලග වෙන්න වෙන්න ජනාකීර්ණ අඩුයි. ඒ නිසා විධෙශිකයන් දෙන්නෙක් ඉන්න එක ගැන මිනිස්සු හොයනවා. ඉන්න පුළුවන් හොදම තැන වෙන්නේ ටුවරිස්ට් දෙස්ටිනේෂන් එකක්, එහෙම එකකට තියෙන්නේ අල් අයින් විතරයි. වෙන දෙයක් වෙන්න කියලා ආයෙම අල් අයින් ආවා. මෙදා පාර ප්‍රයිවසි ගොඩක් ඕනා නිසා අපි තෝරාගත්තේ ටිකක් වැඩිපුර සේකියෝ හොටෙල් එකක්. දනට් අල් අයින් හොටෙල් එකේ සැහෙන ඉඩ ප්‍රමාණයක් තියෙන නිසාත් වාහන පහසුව නිසාත් එකේ නවතින්න අපි තීරණය කළා. දවස් දෙකක් යනකන් අපි අහමඩ් ට කිව්වේ නැ නැවත ආපු බවක්. ඒ වගේම අපි හොටෙල් එකෙන් එලියට ගියෙත් නැ. ප්ලැන් එක ගහන්න මුළු කාලෙම ගත කළා. අන්තිමට අපි කල්පනා කලේ මෙහෙම දෙයක්.

    කාලය සීමිත නිසාත්, දැනටමත් ඩිරාම් ලක්ෂයකට කෙල වෙලා නිසාත් ලොකු ගානක් අතේ තිබුනෙත් නැ.. අවශ්‍ය උපකරණ ටික ගන්න එක තමා මුලිකම අවශ්‍යතාවය වෙලා තිබ්බේ. ඒ අතරිනුත් අත්‍යවශ්‍යම බඩු ලැයිස්තුවක් මම කිව්වා ශේහාරට හදන්න කියලා, මිලිටරි ග්‍රේඩ් නයිට්විෂන් බයිනකියුලර් එකක් තමයි අපිට අවශ්‍ය ලොකුම දේ. මේක තමයි හොයාගන්න අමාරුම දේ. අනික ස්පයික් ස්ට්‍රිප් එකක්. ෆිල්ම්වල වගේ ගැජට් ඇත්තටම නැ කියන එක තේරුනේ මෙතැනදී තමා. රිමොට්ලි වාහන නවත්තන ගැජට් තියනවද කියලා හෙව්වම ඒවා සිවිල් මිනිස්සුන්ට යුස් කරන්න ක්‍රමයක් නැ. මේ හැමදේම කරන්න වෙන්නේ අවසර නැතුව රටකට ඇතුල් වෙලා, ඒ නිසා මේ කිසි දෙයක් සරල නැ.. යුරෝප ඇමෙරිකා වගේ ගෙදර ඒමක් නැ මේ රටවල මාට්ටු උනොත්. මේවා ඔක්කොම කල්පනා කරපුවහම ඇග හිරි වැටෙන සින්. ෂෙහාරා හදපු ලිස්ට් එකේ මුලින්ම තිබ්බේ අර බයිනකියුලර් එක. එක හොයන්න මම දවසක් අබුඩාබි වලයි ඩුබායි වලයි ඇවිද්දා, ඔක්කොම තියෙන්නේ ජපන් සිවිල් අයිටම්. එත් මිලිටරි ග්‍රේඩ් එකක් ඒ ඩේපත් එකත් එක්ක සෙට් උනා ඩුබායි වලදී එකම තැනකදී.. එකත් ඩිරාම් 18000ක් කිව්වා, පට්ටා බාන්දේ.. එක ඕනෑම එක නිසාත් වෙන නැති නිසාත් එක ගත්තා. ලිස්ට් එකේ අනිත් දේවල් නම් සාමාන්‍ය දේවල්. ඒ ටිකත් අරගෙන ස්පයික් ස්ට්‍රිප් එක හදාගන්න හිතාගෙන අල් අයින් ආවා.

    අල් අයින්වල හාඩ්වෙයාර් කඩේකට ගිහින් ගත්තා අගල් හතරේ කොන්ක්‍රීට් ඇන.. ඉලෙක්ට්‍රික් ඩ්‍රිල් එකක් එක්ක 22 පදම් කරපු ලි ටිකක්. ක්වික් හාඩ්නර් ටින් එකක්. මේවත් අරන් හොටෙල් එකේ පාකින් එකේ වාහනේ නවත්තල මම රුම් එකට ආවා. හිමිට ශේහාරට කියලා බදු ටික පොඩ්ඩ පොඩ්ඩ රුම් එකට ගෙනල්ල සෙට් උනා වැඩේට. ලි ටික විදලා ඇන ටික දාලා ක්වික් හාඩ්නර් එක දැම්ම.. වැල්දින් කරන්න බැරි නිසා කඩෙන් ගත්තා වගේ බාන්දේ හැදුනා.. ඒ ටිකත් තියලා අයේම මුල් ප්ලැනට ගියා කරන වැඩේ සැලැස්ම ගැන.

    අපි කතා කරගත්තේ, වේලාසන මම බෝඩර් ක්‍රොස් කරලා ශේහාරව ඔත්තු බලලා ටයිම් එකට ෆලෝ කරන්න හිතාගෙන රැ ආපහු යනකොට. එත් මේ ප්ලැන ගහනකොට අපිට මිස් වෙච්ච ලොකු දෙයක් තිබ්බා, ඒ තම කමියුනිකේෂන්. ඒ වැලි කාන්තාරේ නෝමල් ෆෝන් වැඩ කරන්නේ නැ. ටු-වේ රේඩියෝ වැඩ කරන්න බැ ඕපන් ෆ්රිකුවන්සියක. සරලම විසදුම සැටලයිට් ෆෝන් එකක්. මරාගෙන මැරෙන සින් එක, අල් අයින් වල සැට් ෆෝන් එකක් ගන්න පොත එකක් නැ.. ආයෙම දවසක් ඇද්දා ඩුබායි.. එකක් ඩිරාම් 3000 ගානේ දෙකක් ගත්තා ප්‍රිපෙඩ් සිම් දෙකක් එක්ක,. කට්ට කාලා දවසක් චාටර් කාලා ආයෙම ආවා. දැන් පට්ටෙට වියදම්. වැඩේ ගොඩ නොගියොත් නන්නත්තාරයි.

    හරියටම 2018 පටන් ගන්න දවසේ අපිට ඔත්තුවක් ලැබුනා අහමද්ගෙන් එදා ශිප්මන්ට් එකක් එනවා කියලා. ඒ කියන්නේ අපි ලෑස්ති වෙන්න ඕන 31 රැ.. මෙදා ලේසි නැ මිනිස්සුන්ගෙන් වසන්වෙලා මේක කරන එක. එත් ෆෙස්ටිව් සීසන් එක නිසා මිනිස්සුන්ට ගානක් නැති එකත් වාසියකට හිටියා.

    දවසම කට්ට කාලා 31 ඔක්කොම ඕනා කරන දේවල් සෙට් කරගෙන වැඩේට බැස්සා. ( ඇත්තටම එදා මගේ බර්ත් ඩේ එක. ) උදේම ගිහින් යුරෝප්කාර් එකෙන් ලෑන්ඩ් කෘසර් දෙකක් ගෙනාවා රෙන්ට් එකට. එකක් ඩිරාම් 620 ගානේ. ෆුල් ටෑන්ක් පෙට්‍රල් ගහලා වෙනම කැන් දෙකකටත් දැම්මා. ඒවත් වෙන වෙනම දාලා, කලින් සෙට් කරපු ඇන ලෑලි සෙට් එකත් එකකට දාලා. ඒක මම අරගෙන, අනික් කාර් එක ශේහාරට දීලා වැඩේට බැස්සා. හවස කාලා බිලා 6ට විතර මම ජබාල් හෆිට් යන්න පිටත් උනා. මට විනාඩි 10කට පස්සේ ශේහාරට එන්න කියලා. කළුවර වැටෙනකන් කරන්න කිසි දෙයක් නැ. බෝඩර් එක ක්‍රොස් කරන්න බැ කළුවර වෙනකන්. රැ 8ට විතර මම වැඩේ ආරම්බකලා. (කියන්න වචන නැ මචන්. අම්මාපල්ලා මේ දැන් මම මැරිලා යයි මේවා බොරුනම්. අදහන දෙයියෙක් ඉන්නවනම් උබලා කියපන් මේකා කියන්නේ බොරු නම් දැන් හෙන ගහන්න කියලා. කි දෙනෙක් මේක බලනවද, උබලගේ සාපෙ මට වැඩියි මම බොරු කියනවා නම්.)

    රැ වෙනකන් ඉදලා පෙන හැටියට මාත් බෝඩර් එකේ පෙනෙන නොපෙනෙන දුරින් කදු අතරින් හිමිට ඩ්‍රයිව් කළා. ලෑන්ඩ් රෝවර් එක වගේ මේකේ ටෙරෙන් රෙස්පොන්ස් සිස්ටම් එකක් නැති නිසා වැඩේ ටිකක් අමාරු උනත් යන්න ගැටළුවක් නැ.. බෝඩර් එක දිගේ 10 විතර වෙනකන් මම ඩ්‍රයිව් කළා ටිකක් ලොකු කන්දක් සෙට් වෙනකන්. බෝඩර් එකෙන් අනිත් පැත්තේ කිසිම එළියක් නැ. තිත්ත කළුවරයි. ඇතින් අහසේ ප්ලේන් යනවා පේනවා ලයිට් එලි. ඒ හැර තරුයි හදයි විතරයි. කන්ද නිසා සැහෙන තරමක වපසරියක් මට පන නිසා එතනට සෙට් වෙලා ශේහාරට කෝල් එකක් ගත්තා.

    ෂෙහාරා ඉන්නේ අල් අයින් වල අරුන්ගේ තිප්පොල පෙනමානයේ. කෝල් එකට ආන්සර් කරපු ෂෙහාර මට විස්තර කිව්වා.. කට්ටිය සෙට් වෙලා එදා වගේම ඉන්නවා කිවා.වෙනසක් උනොත් කෝල් කරන්නම් කියලා තිබ්බා. මම ආපු දුරයි වෙලාවයි හැටියට දැන් අරුනුත් මේ හරියට ඇවිත් තියන්න ඕනා බව මට තේරුනා. මොකද 1 වෙනකොට අල් අයින් වලට යන්න නම් දැන් උන් මේ හරිය පහු කරන්න ඕනා. මට ඕනා වෙලා තිබ්බේ මුන් බෝඩර් ක්‍රොස් කරන විදිය බලාගන්න. කිටිකිටියේ වෙව්ලන සීතලේ, මම ගත්තා නයිට්විෂන් කැමරාව. එකත් අල්ලන්න බැරි තරම් සීතලයි, පෙට්‍රල් බේරගන්න ඕනා නිසා මම වාහනේ එන්ජිම නවත්තලා තිබ්බේ. එක නිසා තවත් සිතල වැඩියි. නයිට්විෂන් එකෙන් බැලුවහම පෙනුනේ නැ කිසි දෙයක්. නමුත් අයි ආර් ඕන කලාම යම්කිසි අපැහැදිලි දෙයක් පෙන්නගත්තා මගේ දකුනට් වෙන්න. ඒවා යනවද එනවද නිශ්චලද කියල මට තේරුම් ගන්න බැ.. නමුත් ටිකක් බලාගෙන හිටියම තේරුනා ඒ එලි මෙහෙට එනවා කියලා. මට පැහැදිලිව අදුනගන්න තරම් දුර වැඩියි. කැමරාවේ හැටියට ඒවා යාර 500කට එහා තිබ්බේ. ටිකෙන් ටික දීප්තිය වැඩි වෙන නිසා මමත් හැංගිලා හිටියා වෙන දේ බලාගෙන.

    ටිකක් වෙලා ඉන්නකොට එලි ටික මාව පාස් කරගෙන ටික දුරක් ගිහින් බෝඩර් ෆෙන්ස් එක ලගටම ආවා. එතන තනිකරම බෝඩර් වැට, මම කලින් හොයපු විස්තරවල තිබ්බා මේ වැට ඉලෙක්ට්‍රික් කරන්ට් එකක් යන්නේ නැ නිකන් වැටක් කියලා. වාහන දෙකම බෝඩර් එක ලගටම ආවා. ගැවෙන නොගැවෙන තරමට ලං කරලා එක්කෙනෙක් බැස්සා වැටට විරුද්ද පැත්තේ පිටිපස්සේ දොරෙන්. අනිත් වාහනේ හිටිය උනුත් ඒ විදියටම බැස්සා. දෙන්නෙක් වාහනේ උඩට නැගලා Barbed tape එහෙම නැතිනම් අපි කියන රේසර් වයර්. අර කැපෙන බ්ලේඩ් තල වගේ තියන උඩ කම්බි වයර් එක අල්ලලා එක තැනකින් ගැලෙව්වා. ඒ වගේම අනිකත් අනිත් පැත්තෙන් ගැලෙව්වා. අල්මාරියක දොර පියන අරින ගානට මුන් දෙන්නා වැට පළුව බැව්වා වාහනේ උඩට. වාහනේ හිමිට ඉස්සරහට ගෙනිහින් නැවැත්තුවා. දැන් ගේට්ටුව ඇරියා වගේ එතනින් එහා මෙහා යන්න පුළුවනි.

    වැට පළුව දාපු වාහනේ ඉස්සරහට කරලා අනිත් වාහනේ බෝඩර් ක්‍රොස් කළා. දැන් ඌ එමිරෙට්ස්වල. අනිකත් හිමිට රිවස් ගහලා වාහනේ ගත්තා වැට පළුව උස්සන්න පුළුවන් වෙන විදියට උත් එමිරේට්ස් පැත්තට ඇවිත්. මේ විගඩම වෙන අතරේ එකෙක් යේ නැගලා වට ඇමිණුවා. වාහන දෙකම ශේප් එකේ දැන් එමිරේට්ස් වල. මම උන්ට යන්න ඇරලා බැහැලා ගියා වැට ලගට. වැට හිටවලා තියෙන්නේ කොන්ක්‍රීට් බැම්මක් උද බම්බු ගහලා. මුන් කරලා තියෙන්නේ බම්බුව කපලා ස්ලිව් ගහලා. දැන් ගේට්ටුව උස්සලා ඇතුලට ඔබන්න පුළුවන්. පිටින් බලපුවහම හොයන්න බැ . මම තැන GPS එකේ ලකුණු කරගෙන ආපහු වාහනේට ඇවිත් කෝල් එකක් දුන්නා ශේහාරට බඩු එනවා කියන්න. එතකොට වෙලාව ඇති 11.30 ට විතර.



    මෙතන ඉඩ මදිලු.. අකුරු 2000 පැනළලු. පල්ලෙහා පොස්ට් එකේ බලහල්ලා
     
    Last edited:

    GameKaraya

    Banned
  • Nov 29, 2016
    258
    55
    28
    මම හිමිට ඉස්සෙල්ලා හදාගත්තු ඇන ස්පයික් ස්ට්‍රිප් එක දැම්මා උන් ගිය පාරේ එමිරේට්ස් පැත්තට වෙන්න. ඇන ලෑලි 4 ගානේ 8ක් තිබ්බා ටයර් මාර්ක් වලට.මේක කරලා මම වාහනේට වෙලා හිටියා ඇසපිය නොගහා. මොකද බෝඩර් කන්ට්‍රෝල් එකෙන් පැට්‍රොල් යනවද දන්නෙත් නැ. මෙතන ඉදලා මාට්ටු උනොත් ඇට තලාගන්න වෙන්නේ.

    හරියට රැ 12ට එක මල් වෙඩි තොගයක් ඇත අහසේ.. ඕමාන් පැත්තට වඩා අල අයින් පැත්තේ වැඩියි. ඕමාන් මගේ හිතේ දුරයි ටවුන් එකකට. කූමහරි එකත් ගුඩ් ඉයර් කියලා 2018 ලබනකොට මම එමිරේට්ස් ඕමාන් බෝඩර් එකේ ඇග සිතල ගේමක්.. තව පැයක් ඉවසලා හිටියා. මම කිව්වා විදියටම 1.15 වෙනකොට ෂෙහාරා කතා කළා. මිනිස්සු ඒ වෙලාවේ තමා ඇවිත් තියෙන්නේ. දැන් උන් බඩු බානවා කිව්වා වෙනදා වගේම.

    මම කිව්වා ශේහාරට උන්ට යන්න දීලා ඔයත් විනාඩි 10කට විතර පස්සෙන් එන්න කියලා. ශේහාරට මට වඩා හොදට වාහන එලවන්න පුළුවන්කම තිබ්බ නිසා මම දැනන් හිටියා එයාට මේක ගේමක් නෙමෙයි කියලා. කොහොමහරි, 2ට පහක් තියලා ෂෙහාරා කෝල් කරලා කිව්වා උන් පිටත් උනා එයා එන්න යන්නේ කියලා. දැන් තමා අමාරුම හරිය. අපි ලග ආයුද මුකුත් නැ .. උන් ලග මොනවා තියනවද දන්නෙත් නැ. මහා රැ කළුවරේ නොදන්නා රටවල් දෙකක මේ ගෙවන අන්තිම මිනිත්තු කීපයද දන්නෙත් නැ ජිවිතේ. ඒ ත්‍රිල් එක මුසු වෙච්ච බය වෙන මොනවා කරලවත් ගන්න බැ. මට අයෙමත් මතක් උනේ උදප්පුවයි සින්ගපුරුවයි. ඒ ගේම් කොච්චර ලේසිද කියලා හිතුනා මේකට වඩා.

    තව අඩුම තරමේ පැය එක හමාරක් ඉන්න ඕනා. මොකද ගිය වෙලාවම යන්න ඕනනේ එන්න. ඩිග් ඩිග් ගන පපුවෙන් මම බලාගෙන හිටියා වෙන දේ. 3 ඉදන් මම ආයෙම බයිනකියුලර් එකෙන් බලාගෙන හිටියා පාර දිහා. කන්ද උද නිස්දා මට සැහෙන ඇත පෙනුනා. 3.15ට විතර වාහන දෙකක් එනවා යාන්තමට චායාව දැක්කා. එක දැක්කා විතරයි, සතුට, බය එක්ක මුසුවෙච්ච අමුතුම ආතල් එකකින් ඇගම හිරිවැටිලා ගියා. එකටම හරියන්න සිතල. තව තවත් බය දැනෙන්න ගන්නවා.. උන් ආපහු ගේට්ටුවට කිට්ටුකරනකොට මම අතින් දැක්කා තව වාහනයක චායාවක්. ඒ ෂෙහාරා කියලා මට ෂුවර්. නමුත් දැන් මුන් ඇන ලෑලි උඩට ඇවිත් කෙල උනොත් අනිවාර්යෙන් බහිනවා. එතකොට ඇත එන එලිය පේනවා. මට කරගන්න දෙයක් නැ. කිසිම විදියකට මම ඒ අවස්තාව ගැන හිතුවේ නැ..

    විනාඩියක්වත් හිතන්නේ නැතුව මම ශේහාරට කෝල් කරලා කිව්වා වාහනේ ලයිට් ඔෆ් කරන්න ඊට මෙහාට එන්න එපා කළුවරේ.. අනිත් පැත්තට වාහනේ හරවලා පයින් එන්න කියලා බැග් එකත් අරගෙන. ෂෙහාර මට වඩා මීටර් 700ක් 600ක් ඇති. අරුන්ගේ වාහනය ඇති ලෑලිවලට මීටර් 100ක් විතර තියලා. මාව පාස් කරගෙන උන් යන්න ඔන්න මෙන්න තියෙද්දී මම කෝල් එකත් කට් කරලා බලාගෙන හිටියා. උන් ආපු ස්පීඩ් එකට ලෑලි උඩින් ගියා දකුණු පැත්තේ රෝදෙ ලලි ගලවාගෙන හුලන් බැස්සා. ඒ එක්කම වාහනේ අයිනකට උනා, දෙවෙනියට ආපු එකාට කන්ට්‍රෝල් නැ, උ වමට කපද්දී ආයේ ලෑලි උඩින් ගියා උගේ වම්පැත්ත, උටත් කන්ට්‍රෝල් නැතුව ගිහින් ඉස්සරහා එකේ පස්සෙන් ඇන්නා. තිත්ත කළුවරයි වෙච්ච දෙයක් පේන්නෙත් නැ ඉස්සරහා එකේ හෙඩ් ලයිට් විතරක් වැඩ

    මේ සිද්දිය වෙන්න උපරිම යන්න ඇති තත්පර 30ක්. ශේහාරට මම ඉන්න තැනට එන්න යනවා අඩුම විනාඩි 5ක් මේ කළුවරේ. එච්චර වෙලාවක් යනකන් මුන් වාහන වලින් එලියට නොබැහා ඉදියි කියලා හිතන්න අමාරුයි. එත් මට වෙන කරන්න ද්යකුත් නැ. ලෑලි වලින් හිතුවට වඩා දැමේජ් එකක් උනා. මම කලින් කිව්වනේ අපි ලිස්ට් එකක් හැදුවා කියලා, ඒ ලිස්ට් එකේ තිබ්බ දේවල් එක්ක තමා ඊලග ගේම තියෙන්නේ. ඒ ඔක්කොම තියෙන්නේ ශේහාරගේ බැග් එකේ. මොනවට හරි කියලා මගේ අතේ තිබ්බේ ඉලෙක්ට්‍රික් බැටරි ඩ්‍රිල් එකයි ටෝච් එකකුයි විතරයි. ඉස්සරහා හිටිය එකා එලියට බහිනවා මම චායාව වගේ දැක්කා. තව තුන් දෙනෙක් ඉන්න ඕනා වාහන දෙකෙ. පිටිපස්සෙ වාහනනේ දෙපැත්තේම එයාර් බැග් දිප්ලෝයි වෙලා තිබ්බා. ඒ නිසා උන් දෙන්නටම සිහිය තිබ්බේ නැ. ඉස්සරහ ඩ්‍රයිවර්ට සිහිය නැ උගේ ඔලුවෙන් ලේත් එනවා ලයිට් එලියට දැක්කා. ඉස්සරහා වාහනේ පසෙන්ජර් සිට එකේ හිටිය එකා තමා එලියට බැස්සේ, උ ආවොත් කරන්න දෙයක් නැති නිසා මම දුවගෙන උ ලගට ගිහින් ඔලුවටම දුන්නා ඩ්‍රිල් එකේ මිටෙන්. ඒ ජීවිතේටම එකෙකුට් ආයුදෙකින් ගැහුවමයි.උ බිම වැටුනා කෙහෙල් කොටයක් වගේ. ඒ ඇහිල්ලටම ශේහාරත් ආවා. සිද්දිය විස්තර කරන්න දෙයක් නැ කෙල්ලට වැඩේ තේරුනා බැග් එකේ තිබ්බ බදු ටික ඔක්කොම එලියට අරගෙන වැඩ පටන් ගත්තා.

    මුලින්ම ලිස්ට් එකේ අපි ගත්තේ දක්ට් ටේප් රෝල් 10ක් විතර. ඕක තමයි අපේ ලොකුම ආයුදේ. පුළුවන් තරම් හිර කරලා පිටිපස්සේ උන් දෙන්නවා සිඉට් එකට තියලා දක්ට් ටේප් ගැහුවා විනාඩි 2කට. උන්ට හෙළ වෙන්නවත් බැ.. ඉස්සරහා ඩ්‍රයිවර් සිට් එකේ එකාවත් එලෙසම වැඩේ දුන්නා. තුන් දෙනාගේම කටට ටේප් ගහලා අන්තිම එකා ලගට මම කිට්ටු වෙලා බැලුවා. ඌ මැරිලද කියලා. එහෙම උනානම් ෆුල් අප්සෙට්. ශේහාරට කිව්වා වාහන වල තියන ෆෝන් අනන් මනං ගන්න කියල. කිසිම ආයුදයක් තිබ්බේ නැ සිගරට් පැකට් තුනක් විතරයි ලයිටර් දෙකකුයි තිබ්බේ. ෆෝන් හතරක් තිබ්බා. තව සැටලයිට් ෆෝන් එකක් තිබ්බා. ඒවත් අරගෙන ෂෙහාරා මගේ ලගට ඇවිත් ඇහුවේ මැරිලද කියලා. ඒ තමා මෙතෙක් වෙලා එයා කතා කරපු මම උත්තර දීපු පලවෙනි වචනේ. මිනිහගේ බෙල්ලට ඇත තියලා බලපුවහම උට පන. මොනවා උනත් මිනිහෙක් මරණ සිද්දියකට මට අතගහන්න නොවේවා කියලා තමා වැඩේට බැස්සේ. මෙච්චර කාලෙකට කල කිසි දෙකට මිනි මැරුවේ නැ..


    වාහනේ තිබ්බ වතුර බෝතලයක් ගෙන්න කියලා මම මිනිහගේ අත් දෙකම එකට තියල ගැහුවා දක්ට් ටේප්.. මේකත් සිහිය ආපුවහම මාරයා වෙන්න ඉඩ තියන නිසා. මේ සින් වෙනකොට උදේ 4.30යි. සෙල්ලන් නටන්න වෙලාවකුත් නැ මුට සිහිය එන්න මුනට වතුර ගහලා සිහිය ආවම අපි දෙන්නා වාහන දෙකේ පිටිපස්සේ තියන බැග් දිහා බැලුවා. ඒ තමා මෙච්චර කල් කරපු දේවල ප්‍රතිපල. ගණන් කර කර ඉන්න බැ. ඒ නිසා ඒවා එහෙම්මම අපේ බැග් එකකට ඔබාගෙන අපි දෙන්නා වාහනේට අ වා. ලයිට් නොදාම දන්නා මතක විදියට පාරේ ආවා ශේහරගේ වාහනේට එනකන්. එයාව වාහනේට දාලා මම පස්සේ වාහනෙන් ගියා. අපි පිටත් උන තැන කිසි කෙනෙක් නැ. එතනට අපි එනකොට උදේ 6.10යි. කරන්න කිසිම දෙයක් නැ අල් අයින්වල ඉනව කියන්නේ වෙඩි කාලා මැරෙන්න වෙන සිද්දියක්.

    කෙලින්ම වාහනෙන් හෝටලේට ගියපු අපි දෙන්නා. වාහන දෙකම පාක් එකේ දාලා රුම් එකට මලු දෙකත් අරන් ගියා නොදන්නා ගානට. ශේහාරට රුම් එකේ ඉන්න කියලා මම එක රෙන්ටල් කාර් එකක් අරන් ගිහින් ඩ්‍රොප් ඔෆ් තැනට දාන්න බලනකොට උන් ඔපන් කරන්නේ 8.30ට. ඉකෙනවා පැය බාගයක් විතර තියෙනවා.එතනම වාහනේ තියලා ගියා ආයේ ටැක්සියක ගොඩ වෙලා හොටෙල් පාරක් එකට. එතනින් අනිත් වාහනේ අරන් ආයේ ආවා රෙන්ටල් ප්ලේස් එකට. පැය බාගේ හරි. වාහන දෙකම දීල බලන්ඩ් අනන් මනං ගෙවලා ඒවා සේටල් කරගෙන ආයෙම ටැක්සියක හොටෙල් ආවා. ඒ එනකොට ෂෙහාරා බඩු ගණන් කරලා. ඔන්න තිබ්බ ට්‍රේෂර් ලිස්ට් එක.

    ගෝල්ඩ් කොයින් 20
    යුඇස් ඩොලර් 200000
    එමිරේට්ස් ඩිරාම් 100000

    සල්ලි ටික එහෙම්මම දාගෙන අපි ඩුබායි එන්න සෙට් උනා.

    බය වැඩි නිසාම අපි අල අයින් ඉදන් ටැක්සි එකක ආවා ඩුබායි. කිලෝමීටර් 90ක විතර රයිඩ් එකක්. එකත් මාසයක් වගේ දැනුනේ. එදා රැ අපි හිටියේ ඩුබායිවල මැරියට් හෝටලේ. සල්ලි මෙච්චර ගොඩක් රටින් එලියට අරන් යන්න විදියක් නැ.. ලක්ෂ 20ක් වෙනකන් ලංකාවේ බැංකුවකට රෙමිට් කළා. තව ඩිරාම් 5000ක් වෙස්ටර්න් යුනියන් එකෙන් යැව්වා ශේහාරගේ ගෙදරට. ඊට වඩා කරන්න දෙයක් නැ. දවස් දෙකක් විතර හෝටලේ ඇතුලෙම ඉදලා තුන්වෙනි දවසේ ඒ කියන්නේ 4 වෙනිදා ඩුබායි JFT ලෝකර්ස් කියන කම්පැනි එකේ සේෆ් ඩිපොසිට් ලොකර් එකක සල්ලියි කාසි ටිකයි දාලා අපි දෙන්නම ඩුබායි වලින් සින්ගපුරුවට ගියා. අතේ අරන් ගිය යුඇස් ඩොලර් 20000ක් විතර. එතනින් ඒ සල්ලි අයේම ලංකාවේ බැංකුවකට රෙමිට් කරලා දවස් තුනක් හිටියා සින්ග වල.
     
    Last edited:

    GameKaraya

    Banned
  • Nov 29, 2016
    258
    55
    28
    සල්ලි ටික දැන් ඩුබායි වල නැහැ. මේ සල්ලි ඔක්කොම දැන් තියෙන්නේ යුරෝපේ එක්තරා බැංකුවක. ෂෙහාරා ඉන්නෙත් යුරෝපා රටක. වැඩිදුර අද්යාපන කටයුතු කරගෙන ඉන්නවා දැන්. මේ මාසේ මුල තම එයා ගියේ. මම දැන් ලංකාවේ තලවතුගොඩ ගෙදරක ඉන්නේ. මැරෙන්න බයනම් මේවා කරන්නේ නැ වැදූ අම්මට සාප වෙනවා මෙතන කිව්වා වචනයක් හරි බොරු නම් නම් ගම් හැර.. ආයේ මේ වගේ දෙයක් සෙට් උනොත් නොකර ඉන්නෙත් නැ. එහෙම සෙට් උනොත් දාන්නම්. උබලට කිව්වේ මගේ ලොකු කමකට නෙමෙයි, මේ ගහන ගේම් හොයාගන්න බෑ. අහුවෙන දවසක් එනකන් කරනවා.


    වැඩි විස්තරයක් දැනගන්න ඕනානම් [email protected] .


    සාමන්යෙන් මම එළකිරි ඩේලි එන එකෙක් නෙමෙයි. පිඇම් ගහන්න එපා. ඒවා මට බැලෙන්නේ නැ.. කට්ටියටම ජය වේවා. ඔන්න අපි ගියා.



    154px-Twitter_bird_logo_2012.svg.png
    Twitter @GameKaraya
     
    Last edited:
    • Like
    Reactions: Brandy2020

    GameKaraya

    Banned
  • Nov 29, 2016
    258
    55
    28
    කතාව ටිකක් දිගයි. සිංහල ලේසියෙන් ලියන්න පුලුවන් සොට්වෙයර් එකකුත් කියාගෙන යමන්. මම ගුගල් ඉන්පුට් තම යුස් කරන්නේ.
     

    GameKaraya

    Banned
  • Nov 29, 2016
    258
    55
    28
    කට්ටිය බම්ප් එකක් දාලා සෙට් වෙන්න. රේප් දෙන්න ඕනා නැ. කතාව කියෙව්වා නම් ඇති. වගේ හිමිට ලියන්නම්. ඔයාලා බම්ප් එකක් දාලා ත්රෙඅඩ් එක අනිත් අයට බලන්න කරගෙන යන්න. මුල් පොස්ට් දෙකේ මම කතාව දාන්නම්.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,053
    113
    Deniyaya
    එලම
    උබේ තුන් වෙනි කතාව මේ මම බලන.. සුපිරි ඉක්මණට දාපන් අනිත් ටිකත් කලින් වගේ පරක්කු නොකර...:yes::yes:
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    38,386
    33,973
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඕක බලපන් බ්‍රො.. චානුක්ස් බ්‍රො ගෙ වීඩියො එකක්... උබ මෙච්චර ගේම් කාරය ඕක හොයාගන්න අමාරුද... නෙට් එකේ සච් කරෙ නැද්ද ? උබද බන් කූබියෝ පිටපත ලිව්වෙ ?

    https://www.youtube.com/watch?v=0UmT7451fkU&t=582s
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,053
    113
    Deniyaya
    ඕක බලපන් බ්‍රො.. චානුක්ස් බ්‍රො ගෙ වීඩියො එකක්... උබ මෙච්චර ගේම් කාරය ඕක හොයාගන්න අමාරුද... නෙට් එකේ සච් කරෙ නැද්ද ? උබද බන් කූබියෝ පිටපත ලිව්වෙ ?

    https://www.youtube.com/watch?v=0UmT7451fkU&t=582s

    වැඩකට ඇති මිනිහෙක් ගැන කතා කරපන් බන්
     

    GameKaraya

    Banned
  • Nov 29, 2016
    258
    55
    28
    එලම
    උබේ තුන් වෙනි කතාව මේ මම බලන.. සුපිරි ඉක්මණට දාපන් අනිත් ටිකත් කලින් වගේ පරක්කු නොකර...:yes::yes:

    Ela dapan


    ඕක බලපන් බ්‍රො.. චානුක්ස් බ්‍රො ගෙ වීඩියො එකක්... උබ මෙච්චර ගේම් කාරය ඕක හොයාගන්න අමාරුද... නෙට් එකේ සච් කරෙ නැද්ද ? උබද බන් කූබියෝ පිටපත ලිව්වෙ ?

    https://www.youtube.com/watch?v=0UmT7451fkU&t=582s
    එල ටික ටික දාන්නම් මචන්. මුල ඉදන් මතක් කර කර ලියන්න ඕනනේ.
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,570
    6,795
    113