මේ කතාවෙන් පස්සේ මමත් ශේහාර්ත් හෝටලෙන් එලියට ඇවිත් ටැක්සි එකකින් ආපහු අපි හිටිය හෝටලේට ආවා. එනගමන් ෂෙහාර කිව්වා දේට මට හිනාත් ගියා, එයා හිතන් ඉදලා තියෙන්නේ බිම විධුරුවේ වස හෝ මත බේත් තියෙන්න ඇති කියලා. නමුත් මට එහෙම දෙයක් හිතුනේ නැ මොකද දැන්ම අපිව මරල හෝ පැහැරගෙන මුන්ට ලැබෙන දෙයක් නැති නිසා. නමුත් බිම වීදුරුවේ රහසක් තිබ්බා කියලා මම දැනගත්තේ යුගොරෝව් ඒ දිහා බලාගෙන හිටපු හැටියට. අනිවාර්යෙන් ඒ වෙලාවේ උ අපේ ඇගිලි සලකුණු ගත්තා. එක මට තෙරුනා
සාමාන්‍ය දෙකයි පනහේ හොරෙකුට අපේ ඇගිලි සලකුණුවලින් වැඩක් නැ. පොලිසිය එක්ක ගනුදෙනු තියන එකෙකුට තමයි ඇගිලි සලකුණු වැදගත් වෙන්නේ. එක්කෝ යුගොරෝව් පොලිසියේ එකෙක්, එහෙම නැතිනම් ඌ අපි හිතනවට වඩා ජාවාරම්කාරයෙක් කියලා ෂෙහාරා කියනකොටයි මට මීටර් උනේ ඇත්තටම මු පොලිසියේ නම්, අහක යන රෙද්දකට මාට්ටු වීමක් වෙනවනේ කියලා. මොනවා උනත් තාම ගනුදෙනුවක් උනේ නැති නිසා අපි දෙන්න ඒ දවසත් නිකන් ගත කළා, හවස 6ට විතර කෝල් එකක් දීලා අහමඩ් කිව්වා ඩිල් එක කරන්න කැමතියි, ප්‍රශ්නයක් නැ කියලා.