ලෑලි වලින් හිතුවට වඩා දැමේජ් එකක් උනා. මම කලින් කිව්වනේ අපි ලිස්ට් එකක් හැදුවා කියලා, ඒ ලිස්ට් එකේ තිබ්බ දේවල් එක්ක තමා ඊලග ගේම තියෙන්නේ. ඒ ඔක්කොම තියෙන්නේ ශේහාරගේ බැග් එකේ. මොනවට හරි කියලා මගේ අතේ තිබ්බේ ඉලෙක්ට්‍රික් බැටරි ඩ්‍රිල් එකයි ටෝච් එකකුයි විතරයි. ඉස්සරහා හිටිය එකා එලියට බහිනවා මම චායාව වගේ දැක්කා. තව තුන් දෙනෙක් ඉන්න ඕනා වාහන දෙකෙ. පිටිපස්සෙ වාහනනේ දෙපැත්තේම එයාර් බැග් දිප්ලෝයි වෙලා තිබ්බා. ඒ නිසා උන් දෙන්නටම සිහිය තිබ්බේ නැ. ඉස්සරහ ඩ්‍රයිවර්ට සිහිය නැ උගේ ඔලුවෙන් ලේත් එනවා ලයිට් එලියට දැක්කා. ඉස්සරහා වාහනේ පසෙන්ජර් සිට එකේ හිටිය එකා තමා එලියට බැස්සේ, උ ආවොත් කරන්න දෙයක් නැති නිසා මම දුවගෙන උ ලගට ගිහින් ඔලුවටම දුන්නා ඩ්‍රිල් එකේ මිටෙන්. ඒ ජීවිතේටම එකෙකුට් ආයුදෙකින් ගැහුවමයි.උ බිම වැටුනා කෙහෙල් කොටයක් වගේ. ඒ ඇහිල්ලටම ශේහාරත් ආවා. සිද්දිය විස්තර කරන්න දෙයක් නැ කෙල්ලට වැඩේ තේරුනා බැග් එකේ තිබ්බ බදු ටික ඔක්කොම එලියට අරගෙන වැඩ පටන් ගත්තා.