අලුත් චන්ද්‍රයෝ 12 ක්

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    අලුත් චන්ද්‍රයෝ 12 ක්

    අලුත් චන්ද්‍රයෝ 12 ක්

    image_06204426ad.png

    අප සෞරග්‍රහ මණ්ඩලයේ ඇත්තේ ග්‍රහලෝක අටකි. ප්ලූටෝ ග්‍රහලෝකයක් ලෙස සැලකෙන්නේ නැත. ප්ලූටෝ සැලකෙන්නේ කුරු ග්‍රහයකු ලෙසය. සෞරග්‍රහ මණ්ඩලයේ නවවැනි ග්‍රහලොවක් ඇතැයි තාරකා විද්‍යාඥයන් බොහෝ දෙනකුගේ අදහස වී ඇත.
    අද ඊයේ නොව, මෙම අදහස වසර කිහිපයක් පැරැණිය. විද්‍යාඥයන් විශ්වාස කරන මෙම නවවැනි ග්‍රහයා ‘ප්ලැනට් එක්ස්’ යනුවෙන් සහ ‘නිබුරු’ යනුවෙන් නම් කෙරේ.
    එය සොයා ගැනීම තාරකා විද්‍යාඥයන්ට අභියෝගයක් වී ඇත. නවවැනි ග්‍රහයකු ඇති බවත්, එම ග්‍රහයා ඇත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ යෝධයා වන බෘහස්පති අසල බවත් සැක කරමින්, එම නව වැනි ග්‍රහයා සෙවීමේ කටයුතු සිදුවෙමින් පවතී.
    නව වැනි ග්‍රහයා කෙසේවෙතත්, එම ග්‍රහයා ගැන සොයමින් සිටියදී, තාරකා විද්‍යාඥයන්ට බෘහස්පතිට අයත් චන්ද්‍රයන් 12 දෙනකු සොයා ගැනීමට හැකිවිය. එම චන්ද්‍රයන් 12 දෙනාගෙන් එක් චන්ද්‍රයකු ඉතා සුවිශේෂී එකක් යැයි ද පැවැසෙයි.
    ඒ අනුව, බෘහස්පතිගේ චන්ද්‍රයන් ගණන 79 ක් බවට පත් වෙයි. එපමණක් නොව, අප සෞරග්‍රහ මණ්ඩලයේ වැඩිම චන්ද්‍රයන් ඇති ග්‍රහයා බෘහස්පති වෙයි. කලින් දකින්න නොලැබුණු මෙම චන්ද්‍රයන් 12 දෙනා සොයා ගැනීමට විද්‍යාඥයන්ට හැකි වී ඇත්තේ තාක්ෂණයේ දියුණුව මුල්කොට ගනිමිනි.
    මෙම චන්ද්‍රයන් 12 දෙනා සොයා ගැනීම සිදුවූයේ පසුගිය 2017 වසරේ සිටය. ඒ සඳහා පෘථිවියේ ස්ථාපිත අති ප්‍රබල දුරේක්ෂ රැසක් යොදා ගැනීම සිදුවිය.
    ඒ අතරින් ද දකුණු ඇමෙරිකාවට අයත් චිලී රාජ්‍යයේ, සෙරෝ ටොලෝලෝ ඇමෙරිකන් තාරකා විද්‍යා නිරීක්ෂණාගාරයේ දුරේක්ෂය කැපී පෙනෙයි. මෙම දුරේක්ෂයේ ඇති විශේෂත්වය වන්නේ, ඈත අඳුරු විශ්වයේ ග්‍රහ වස්තූන්ගෙන් නිකුත් වන සියුම් ආලෝකය පවා පහසුවෙන් හසුකර ගනීමට හැකිවීමය.
    ඬේලිමේල් ඇසුරිනි.
     
    • Like
    Reactions: donkosala and saja

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    ඉස්සර මට මතක විදියට සෙනසුරුට තමා වැඩිම හඳවල් ගාණක් තිබුණෙ.. ඒකත් විසි ගාණක්

    බ්‍රහස්පතිට තිබුනෙ 16ක්ද කොහෙද..

    දැං බලපල්ලකො :rolleyes:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඉස්සර මට මතක විදියට සෙනසුරුට තමා වැඩිම හඳවල් ගාණක් තිබුණෙ.. ඒකත් විසි ගාණක්

    බ්‍රහස්පතිට තිබුනෙ 16ක්ද කොහෙද..

    දැං බලපල්ලකො :rolleyes:

    බලපන් ..තෝ වයසට ගිහින් තියෙන තරම
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ප්ලූටෝ ආයෙත් ග්‍රහලෝකයක් කියල ගනං ගත්ත නං හොඳයි බං :( තාමත් සෞරග්‍රහ මණ්ඩලේ ග්‍රහලෝක 8යි කියද්දි නිකං හිතට මොකක්ද අමුත්තක් දැනෙනව :( 9 තමා හරි ගාන :(
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    ප්ලූටෝ ආයෙත් ග්‍රහලෝකයක් කියල ගනං ගත්ත නං හොඳයි බං :( තාමත් සෞරග්‍රහ මණ්ඩලේ ග්‍රහලෝක 8යි කියද්දි නිකං හිතට මොකක්ද අමුත්තක් දැනෙනව :( 9 තමා හරි ගාන :(

    Rick and morty එකේ episode එකක් මතක් උනා. :P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Cartoon එකක්. ඒකෙ එක episode එකක Rick ගෙ තාත්තා වාද කරනවා ග්‍රහලෝකයයක් එහෙම අයින් කරන්න පුළුවන්ද කියලා.

    big bang theory වගේ එකක්ද ? :shocked: හොයල බලන්න ඕනෙ thanks
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ANTHAWADI UNA NAME BN.ADA12K KIYAI THEWA WEEK EKEN OKA AYE WADI WAI SO OWA GANA KOCHRA HEWWATH HOYALA KELAWARK NA KIYALA MAMA KIYANNE BN.MINISSUGE BUDDIYA KOCHRA WARDANAYA UNATH API HITAPU THNAMAI BN.NIKM MIRIGUWAK PASSE DUWANWA..........JUST MY THOUGHT:sorry::sorry::yes::yes::yes:

    එක එකාගෙ ආසාවනෙ බං. එහෙම නං බැඳල ලමයි හදන එකත් වැඩක් නෑනෙ බං. ඒ වුනාට උන් ආසයි බඳින්න වෙඩිං ගන්න පොටෝ ශූට් යන්න පෝරුවට නඟින්න බබ්බු හදන්න. ඒ වගේ ඉතිං මේවට ආස උන් සෙට් එකකුත් ඉන්නවනෙ බං. උන්ගෙ ආසාව ඉශ්ට කරගන්න ක්‍රමයක් තියෙන්නත් එපැයි. දුක නිමා කරගන්න ඕව විතරක් නෙමේ අපි කරන ගොඩක් දේවල් වැඩක් නෑ තමයි. ඒත් ඔය පරීක්ශන වලිං වෙන වෙන ප්‍රයෝජන තියෙනවනෙ බං. ඔය හොයාගන්න ලෝක අධ්‍යයනය කල්ල පොලොව ගැන අලුත් දේවල් දැනගත්තෑකි. ඒ දැනගන්න දේවල් වලිං භූමිකම්පා වගේ දේවල් ගැන දැනුම වැඩිවෙනව. ඔය සේරම එකතු වෙන්නෙ කවද හරි භූමිකම්පා පුරෝකථනය කරන්න පුලුවන් වෙන තත්වෙටනෙ. භූමිකම්පාවක් පුරෝකථනය කල්ල වුනත් කොහොමත් වයසට ගිහිං විඳෝල කුණුවෙලා මැරිල යන්න ඉන්න දාහක් දෙදාහක් බේරගත්ත කියල දුක නැති කරන්න වැඩක් නැති වෙන්න පුලුවන්. ඒත් වැඩක් නෑමයි කියල කියන්න බෑනෙ බං. ඕවට ආස උන්ට ඕක සියල්ල තේරුම් ගන්න කරන උත්සාහයකට වඩා රස විඳින කලාවක් :yes:
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    කේන්දර නැකැත් බලන උන්නැහැලාටත් ප්‍රොසීජර් එක වෙනස්කරන්න වෙයි වත්ද?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    එක එකාගෙ ආසාවනෙ බං. එහෙම නං බැඳල ලමයි හදන එකත් වැඩක් නෑනෙ බං. ඒ වුනාට උන් ආසයි බඳින්න වෙඩිං ගන්න පොටෝ ශූට් යන්න පෝරුවට නඟින්න බබ්බු හදන්න. ඒ වගේ ඉතිං මේවට ආස උන් සෙට් එකකුත් ඉන්නවනෙ බං. උන්ගෙ ආසාව ඉශ්ට කරගන්න ක්‍රමයක් තියෙන්නත් එපැයි. දුක නිමා කරගන්න ඕව විතරක් නෙමේ අපි කරන ගොඩක් දේවල් වැඩක් නෑ තමයි. ඒත් ඔය පරීක්ශන වලිං වෙන වෙන ප්‍රයෝජන තියෙනවනෙ බං. ඔය හොයාගන්න ලෝක අධ්‍යයනය කල්ල පොලොව ගැන අලුත් දේවල් දැනගත්තෑකි. ඒ දැනගන්න දේවල් වලිං භූමිකම්පා වගේ දේවල් ගැන දැනුම වැඩිවෙනව. ඔය සේරම එකතු වෙන්නෙ කවද හරි භූමිකම්පා පුරෝකථනය කරන්න පුලුවන් වෙන තත්වෙටනෙ. භූමිකම්පාවක් පුරෝකථනය කල්ල වුනත් කොහොමත් වයසට ගිහිං විඳෝල කුණුවෙලා මැරිල යන්න ඉන්න දාහක් දෙදාහක් බේරගත්ත කියල දුක නැති කරන්න වැඩක් නැති වෙන්න පුලුවන්. ඒත් වැඩක් නෑමයි කියල කියන්න බෑනෙ බං. ඕවට ආස උන්ට ඕක සියල්ල තේරුම් ගන්න කරන උත්සාහයකට වඩා රස විඳින කලාවක් :yes:

    උඹත් ඉතිං එළකිරියට ඇවිල්ල කුණු වෙවී ඉන්නව :lol: (කයිවාරු ගගහ ඉන්නව)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ANTHAWADI UNA NAME BN.ADA12K KIYAI THEWA WEEK EKEN OKA AYE WADI WAI SO OWA GANA KOCHRA HEWWATH HOYALA KELAWARK NA KIYALA MAMA KIYANNE BN.MINISSUGE BUDDIYA KOCHRA WARDANAYA UNATH API HITAPU THNAMAI BN.NIKM MIRIGUWAK PASSE DUWANWA..........JUST MY THOUGHT:sorry::sorry::yes::yes::yes:

    බුදු හාමුදුරුවෝ හිටිපු කාලේ අවබෝදයක් තිබ්බේ නෑ විශ්වය ගැන හොයල මිනිස් ජනාවාස පුළුල් කරන්න පුළුවන් කියල... ඒ කලේ කිව්ව දෙවල් දැන් valid නෑ..