අලුත් පරපුරේ ඩොලර් කාක්කෝ

banda065

Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    අලුත් පරපුරේ ඩොලර් කාක්කෝ

    -උපුටා ගැනීමකි-

    බුද්ධාගමටයි හාමුදුරුවොන්ටයි පොත් ලියාගෙන ගහපල්ලා. බයිබලේටයි කුරාණයටයි අත තිබ්බ දාට තමයි රැඩිකල් උන් හොම්බෙන් යන්නෙ. 🤔😜😂

    රැඩිකල් යැයි සිතා සිටින ඇත්තන් සහ රැඩිකල් නොවන සාම්ප්‍රධායික මිනිසුන් යන දෙපාර්ශවයම විශ්වාස කරමින් සිටින මුලාව නම් රැඩිකල් කම යනු නිර්භීතභාවයක් බවය. රැඩිකල් බව සහ රැඩිකල් මිනිසුන් අමුතු බව අප කවුරුත් පිළිගත යුතු ඇත්තකි. එහෙත් ඔවුන් බිියගුල්ලන්ය.

    ඔවුන් විවේචනය කරන්නේ තමන්ගේ අම්මා තාත්තා අයත් ආගම පමණි. තමන්ගේ අම්මා තාත්තා අයත් සංස්කෘතිය පමණි. තමන්ගේ අම්මා තාත්තා අයත් සමාජය පමණි. අම්මෙක් තාත්තෙක් තමන්ගේ දරුවන් මොනවා කීවත් දුක දරාගෙන අසා සිටිනවා විනා දරුවන්ව මරන්නට යන්නේ නැත. ඒ ඉවසීම නිසා වන තමන්ගේ ආරක්ෂාව නිර්භීත භාවයක් සේ වටහා ගන්නා මේ රැඩිකල් යැයි කියාගන්නා මිනිසුන් ගෙදරදී විඳි අත්දැකීම සමාජයට මුදා හරින්නට එති. එහෙත් ඔවුන් කිසිම කිසි විටක තමන්ට නෑ කමක් ඇති ආගමට දහමට සහ සංස්කෘතියකට හැරෙන්නට වෙනත් කිසිවකට අත නොතියති.

    බුදු දහම විවේචනය කරන සිංහලකමට ගරහන විවේචනය කරන රැඩිකල් පඩත්තලයින් සියලූම දෙනා සිංහල බෞද්ධ පවුල් තුලින් පැවැත එන දරුවන්ය. ‍ඔවුන්ගේ රැඩිකල් සන්තාන රේඩාර් තරංග වලට හසු වන්නේ බුදුන් පමණි. භික්ෂූන් පමණි. තෙල් මල් පහන් පමණි. බෝධි පුජා සහ බෝ ගස් පමණි. සිංහල කම පමණි. බෞද්ධ කම පමණි. සැබෑ රැඩිකල් මතවාදය යනු සමස්ත සමාජ ස්තරයම විනිවිද දැකීමය. ආගම් නම් ආගම් සියල්ල විනිවිද යෑමය. ජාතීන් නම් ජාතීන් සියල්ලම විනිවිද යෑමය.

    එසේ නැතිව මේ රැඩිකල් පිරිස් තමන්ගේම ආගමට ජාතියට අම්මාගේ තාත්තාගේ සංස්කෘතියට අවමන් කරන්නේ ඇයි. මොවුන් බයය. ඔවුන් බෞද්ධ සංස්කෘතිය සහ භික්ෂුත්වය විවේචනය කරන්නේ ඉස්ලාම් දහම හෝ කතෝලික දහම හෝ හින්දු දහම 100% ක්ම නිවැරදි යැයි සිතාගෙනද. ඒවායේ පූජකවරු 100% ක්ම නිවැරදි යැයි සිතාගෙනද. සෑම ආගමකම මෙන්ම ආගමික සංස්කෘතියකම අඩුපාඩු නැතුවා නොවේ. පන්සලේ මල් පහන් පුජා කරන එකත්, බෝධි පුජා පවත්වන එකත්, ආධාර එකතු කර පන්සල් දියුණු කරන එකත් වැරදි බව මොවුන් කියන්නේ පල්ලි වල ඉටිපන්දම් දැල්වෙන බව නොදැනද.

    හාමුදුරුවෝ බෙන්ස් එකෙන් නිවන් වඩිතැයි කියන්නේ වෙනත් ආගමික පුජක තුමන්ලා පයින් යනවා යැයි සිතාගෙනද. නැත. මොවුන් මේ සියල්ලල හොදින් දනියි. එහෙත් බුදු දහමට සහ සිංහල කමට ගරහන්නේ බෞද්ධයින්ගෙන් බොහෝ දෙනා මේවා දැක දැක නිහඩව සිටිනා නිසාය. ඉස්ලාම් දහම ගැන හෝ මුස්ලිම් ජාතිය ගැන හෝ කුරානය ගැන හෝ පල්ලිය සහ බයිබලය ගැන මොවුන් මේ විවේචන නොකරන්නේ ඒවා කලොත් හොම්බෙන් යන්නට වෙන නිසාය. ඇත්තටම මේ බියගුළු රැඩිකල් නාකි ඉලන්දාරීන් චන්ඩින් සේ අඩෝ කියන්නේ අතිශයින් මෘදු සමනල් හඩකිනි. ඉතින් එන්න මේ මල් පැණි ඔබටය. බොන්න. අපිට විතරක් බනින්න. නැත්තං කන්න වෙයි. අනුකම්පාව හිමිවේවා....

    - සමන් එදිරිමුණි -
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    ඉතින් එන්න මේ මල් පැණි ඔබටය. බොන්න. අපිට විතරක් බනින්න. නැත්තං කන්න වෙයි. අනුකම්පාව හිමිවේවා....
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,103
    1
    28,637
    113
    ඇත්ත කතාව . ඔය රැඩිකල් කියාගන්න හුගක් උන්ගෙ අක්මුල් හෙන අවුල්. හොදම උදාහරණය තමයි සන්නස්ගල . උන්ට සමාජෙත් එක්ක තියෙන වෛරය පිට කරන්නේ සහ තමන් සමාජයේ පොරක් කියල කැපිල පේන්න හදන්නෙ ඔය රැඩිකල් කියාගෙන අවිහිංසක ධර්මය වන බුද්ධාගමට සහ සිංහල සංස්කෘතියට පහරදීමෙන්.