පොඩ්ඩක් හිතාන් උබට හොදට ෆිට් යාළුවෝ
එක්ක බොනවා. සමහර විට වුගේ වෙන යාළුවෝ ගෙනාවා අපි එක්ක සෙට් කරන්න. මට වූ එක්ක කොමන් දෙයක් එක පාර හොයාගන්න. බැරි නම්
මට වූ එක්ක කතා කරන්න බැහැ. නේ. එතොට මාව නිකනම එතනින් කැපෙනවා. ඒක මාගේ යාළුවාටත් අවුල්.
මේක හදාගන්න කොහොමද බන්. බොරුවට හරි. මිනිස්සු එක්ක ෆිට් වෙලා කතා බාහා කරන්නේ. කොහොමද.
මම ගොඩාක් සොසල්. නැහැ. මගේ මට්ටමෙන් ඉගෙනගත්ත එක වයසේ සෙට් එක එක්ක ලේසියෙන් සෙට් වෙන්න පුළුවන්. හැබැයි වෙන ටයිප් අවොත් කෙස් හෙනම අවුල් බන් එක. අරුන් හිතන්නේ මම ලොකු සීන් කියලා. දීගෙන කතා කරන එක නෙමේ රැස්පෙක්ට් එකක් තියාගෙන මනුෂ්‍යයෙක් වගේ කතා කරන. ඒක. ඕනේ. ඒ වයිබ් එකට මුව් වෙන්න.
මටත් ඕක ඉස්සර තිබුණා. Introvert වුණාම same energy නැති කෙනෙක් එක්ක කතා කරන්න කම්මැලි ගතියක් දැනෙනවනෙ. එ්කට මම නම් කරේ කතා කරන්න දේවල් එකතු කරගන්න එක. නිකන් ඉන්න වෙලාවට හැම දෙයක් ගැනම හොයල දැනුවත් වෙයන්. Social media වල, YouTube එකේ එහෙම තියෙන educational content බලහන්. රටේ, ලෝකෙ විවිධ පැති ගැන දැනුවත් වෙයන්. ඕනම දෙයක් ගැන යම් ප්‍රමාණයකට හරි comfortable විදිහට කතා කරන්න පුළුවන් විදිහෙ දැනුමක් එකතු කරගනින්.
එහෙම වුණාම ඔය බය නිකන්ම යනවා. මොකද මනුස්සයෙක් තමන්ගෙ නම මේකයි කිව්වා කියල හිතපන්කො. එ්කම අැතිනෙ. සමහරවිට එ් නම තියෙන ප්‍රසිද්ධ කෙනෙක් ගැන කතා කරන්න පුළුවන්. මනුස්සයෙක් තමන්ගෙ ගම කිව්වා නම් එ් ප්‍රදේශය, අඩු ගාණෙ දිස්ත්‍රික්කය ගැන මොකක් හරි දන්න දෙයක් කතා කරන්න පුළුවන්. අව්ව, වැස්ස, කාලගුණය ගැන පවා එච්චරයිනෙ.
අනික පොඩ්ඩක් light-hearted වෙයන්. මිනිස්සු ගොඩක් දෙනා (විශේෂයෙන්ම සමාජ, රැකියා, අධ්‍යාපන මට්ටමෙන් පහළ කියල සැළකෙන අය) lectures වගේ අහගෙන ඉන්න කැමති නෑ. එ් නිසා උන්ට කතා කරන්න අවස්ථාව දියන්. විහිළුවක් වගේ කරල serious නැතිව කතා කරද්දි ලේසියි.
වැදගත්ම දෙයක් තමයි ඕනවට වඩා personal දේවල් හාරන්න එපා. මේක විශේෂයෙන්ම 2000 ට කිට්ටු හෝ ඊට පස්සෙ පොඩි අය එක්ක ගණුදෙනු කරද්දි වටිනවා. මනුස්සයෙක්ගෙන් අැහුවම, උට උත්තර දෙන්න අවුලක් නැති ප්‍රශ්න විතරක් අහපන්. අනික තමයි outing එකක් එක්ක අහපන්. සරල උදාහරණයක් විදිහට උඹ කෙනෙක් දැක්කාම "අා අද කොහෙද යන්නෙ?" කියල අහන් නැතිව "ආ ක්ලාස් අාවද" වගේ දෙයක් අැහුවාම උන්ට immediately ඔව් කියන්න පුළුවන් උත්තරයක් තියෙනවනෙ. උන්ට එතකොට ඕන නම් නෑ කියල වෙන දේකට අාවා කියන්න පුළුවන්. කියන්න අකමැති නම් ඔව් කියල නිකන් ඉන්න පුළුවන්. එහෙම වුණාම අර prying ගතියක් දැනිල එපා වෙන් නෑ.
දේශපාලනය, අාගම වගේ Controversial topic එකකට යනවා නම් නිතරම තමන්ගෙ stand එක තියාගෙන, හැබැයි අනිත් කෙනාගෙ මතයටත් ගරු කරල කතා කරන එක හොඳයි. කෙළින්ම against යනවා, වාද කරනවට වඩා common ground සීන් එකයි, එතන ඉන්න කාටත් පිළිගන්න පුළුවන් දේවල් ටිකක් හොයාගෙන එ්වා focus කරන එකයි හොඳයි. කවුරු හරි කතා කරද්දි strong මතයක් දානවා නම් එ්ක උටම explain කරන්න දෙන එකයි හොඳම දේ. යමක් විස්තර කරන්න ඉඩ දුන්න ගමන් ගොඩක් අයට එ්ක කරගන්න අමාරු නිසා controversial ගතිය අඩු වෙනවා.
ඔය ටික තමයි සාමාන්‍යයෙන්. අනික ඉතින් මම නම් කියන්නෙ people pleasing ඕනවට වඩා බලෙන් කරන්නත් එපා බං. තමන්ට කෙනෙක් අල්ලන්නෙම නැත්තම් එ්කට ටිකක් ඉඩ දීලා තමන් පැත්තකට වෙන්නත් ඕන. හැමෝම වෙනස්නෙ. තමන්ට සෙට් නැති උන් එක්ක බලෙන් හොඳ වෙන්න හදලා fake වාතයක් වෙනවට වඩා සෙට් නැති උන්ට ඉබේම හැලෙන්න දෙන එකත් හොඳයි. කාට හරි උඹත් එක්ක fit වෙන එකේ වටිනාකමක් තියෙනවා නම් බලෙන් පැනලා සෙට් වෙන්න හදන එක උන්ම කරනවනෙ. උඹ මහන්සි වෙන්න ඕන නෑ.