අලුත් වැස්ස…..

archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
3462q9h.jpg


කලකට පසු
වහින වැස්සේ
සුවය විදිමි මම
සිරව සඳලුතලයක
ගිනිගත් කොලොම්පුරවර……

වැසි දියෙන් පෙඟී
රත්වුනු ගොඩනැඟිලි
ගිනියම් තාරපාර
දුඹුරු හුමාලයක්
සෙමින් අහසට නගයි
නාස්පුට උනුහුමින්
කිතිකැවී යයි…..

දිවයන මිනිසුන්
නලා හඬවන වාහන
වයිපරයට පිස දැමෙන වතුර
උතුරන කුනුකාණු
නාවර පෙරන ගොඩනැගිලි
කැලඹුනු කාක්කෝ
එහෙමෙහෙ විසිවන
උඩුසුලඟට හසුව….

ගමට වහින වැස්සේ
ගස්වැල් තුටින් නැටුවා
කුරුලු කොබොයියෝ
තුටු ගී ගැයුවා
ගොවියෝ දෙවියන්ට පින් දුන්නා
තාමත් පැහැදිලි මතකය

ඒ උනුසුම් සුවය විදින්නට
මේ මහ වැස්ස අස්සේ
ගම යන්ට හිතයි මට…..
 
  • Like
Reactions: nwnbs and nisha500

subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
සත්තකින්ම,
කොළඹට වහිද්දි කොහෙවත් යන්නත් හිරිකිතයි.

ඒත් වහින වෙලාවක ගමක ඉදන් වැස්ස දිහා බලන් ඉන්නත් ආසයි.

අපූරු නිර්මාණයක්
 

nisha500

Member
Jan 30, 2010
2,155
248
0
oyage nirmanaya apoorui.wassa gana me vidiyata mata hithune oyage me nisadasa kiyewwata passe.harima lassai.aluth sithuwillak.++
 

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ලස්සනයි අයියේ.. චිත්ත රූප මැවීම උපරිමයි !
    අයියා තමයි අපේ "පොඩි මහගම සේකර"
    ජය !​
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    වැස්සේ තෙමුනා වගේත් හිතුනා... පය තියා යන්න බෑ කියාත් සිතුනා... ඇත්තටම හිතින් ගමට ගියා.

    අපූරුයි සොයුර.
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ලස්සන නිර්මාණයක් සහෝ
    මටත් ගමට යන්න හිතුණා
     
    Last edited:

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    තාමත් රසබර පද පෙලක්..

    ගමේ අසිරිය විඳපු කෙනෙකුට විතරයි මෙහෙම ලස්සනට චිත්ත රූප අපේ දෙනෙත් අභියස කවියකින් වුනත් මවන්න පුලුවන් වෙන්නේ....


    අපි පුංචි සන්ධියේ ගොඩාක් රසබර කවි බිහිවුනේ ගම තේමා කරගෙන..

    ඒවායේ තිබුන අපුර්වත්වය හා ඇඟට දැනෙන කම මා ඔබේ පද තුලින් ගත හා සිත පුරා නැවත ආරෝපනය කර ගත්තා කීවොත් නිවැරැදියි..


    සහෝදරයට ජය...
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    කාලයක් තිස්සේ ගිනියම් වුන පොලොවට වැසි ඇද හැලනකොට එන නැවුම් සුවද විදින්න මම හරිම ආසයි.

    අපූරු සිතුවිල්ලක්...:)
     

    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    ow ayye,
    gamaka wasse suwaya widapu kenekta e wasse suwaya,lassna widinna me kolaba ahasen baa.gamakata watena nawum wasse suwadha me nagaraye wahina wasse enne naa.

    lassana nirmanayak saho,obata jaya
     

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    ඔබ ගේ මේ නිර්මාණය මාව අවුරුදු ගණනක් ඈතට අරං ගියා යාළු....
    මාත් ඉස්සර වැස්සේ අසිරිය කොයි තරම් නම් වින්දාද.....
    අලුත් වැස්සට තෙමෙන්න එපා.... කියලා අම්මා කෑ ගහද්දී මිදුලට පැනලා තෙමි තෙමී වත්ත වටේ දුවපු ඒ අතීතය.....
    ටිකක් ලොකු වුණාම අලුත් වැස්ස දිහා බලාන ඒ සුන්දරත්වය හදවතින් විඳපු අතීතය....
    අලුත් වැස්ස කියලා බලන්නේ නැතිව යාළුවෙක්ගේ ගෙපල කැපීමේ උත්සවයකට හුටු හුටුවේ නැගලා හැතැම්ම 30-40 ක් ගිය අතීතය.....
    අලුත් වැස්ස කියලා බලන්නේ නැතිව අලුත් මනමාලී වත් දාගෙන අම්මලා ගෙන් පලු යන්න බැණුම් අහගෙන හුටු හුටුවේ නැගලා රට වටේ නෑගම් ගිය අතීතය...
    එළියෙ වහිනවද... පායනවද දන්නේ නැතිව ඔෆීසියෙ පුටු රත්කරමින් ඉන්න ගමන් තෙමිලා ආපු සගයෙක් ගෙන් එළියෙ වහිනවද මචං... කියලා අහන වර්ථමානය

    සිත අවධි කල නිර්මාණයක් මචං...

    නියමයි...
     

    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    හරිම සුන්දර නිර්මානයක්. ගම නගරය හා බද්ධ උන අෙප් ජීවිත ඒ මතින් සොබාදහම විදින අපූරුව. අදත් මම නම් වැහිබිංදු වැටෙන දිහා බලා ඉන්න හරිම අාසයි. ගමක ඉපදිලා ලේකෙ හැමතැනම අැවිද්දත් ඒ ගෙදර ඉස්සරහ වෙල් යායට වැස්ස වහින කොට දැනෙන අසිරිය අපෙ හිත්වල අැදිල තියෙන හැටි කොහොම අමතක කරන්නද. පුංචි කාලයෙ වැස්සෙ නැටුව හැටි. රබර් යායෙ ගස්යටට වෙලා වැස්සෙම දං බේවිටියා කඩපු හැටි. කොයිතරම් සුන්දර අතීතයකට අරන් ගියාද ඔබ අපව. ස්තූතියි! රසික. ඔබට ජය පතනව.