අලුත් සර්පයෙක්:රාවණාගේ මැඩිල්ලා (Aspidura ravanai)

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    අලුත් සර්පයෙක්:රාවණාගේ මැඩිල්ලා ( Aspidura ravanai )

    රාවණාගේ මැඩිල්ලා ( Aspidura ravanai )


    Untitled-5-22.jpg



    ශ්‍රී පාද අඩවියෙන් අලුත් සර්ප විශේෂයක් සොයාගෙන. ඒ විශේෂය නව විශේෂක් ලෙස දැන් නම් කරලයි තියෙන්නේ. මේ සර්පයා මැඩිල්ලන් කියන සර්ප වර්ගයට අයත් සර්පයෙක්. අලුත් සර්පයාව නම් කරලා තියෙනේ අපේ පුරාවෘත වල සිටින රාවණා රජු සිහිවීම පිණිස රාවණාගේ මැඩිල්ලා කියන නමින්. විද්‍යාත්මක නම තමා Aspidura ravanai. ඉංග්‍රීසි නම Ravana's rough-sided snake. තව විශේෂයක් තමා මේ Aspidura කියන ගනය(Genus) ලංකාවට පමණක් ආවේණික වූ ගනයක් වීම. මේ මැඩිල්ලෝ කියන්නේ නිර්විෂ සර්පයින්. ඒ අනුව දැන් ලංකාවේ සර්ප විශේෂ ගණන 104ක්.
    මේ සොයාගැනීමට දායක වූ විද්‍යාඥයින් වෙන්නේ:
    L. J. මෙන්ඩිස් වික්‍රමසිංහ
    දුලාන් රංග විදානපතිරණ
    H.K.දුෂාන්ත කණ්ඩම්බි
    R. ඇලෙක්සැන්ඩර් පයිරන්
    නෙතු වික්‍රමසිංහ


    Untitled-6-9.png



    වැඩි විස්තර සඳහා :-
    http://www.rivira.lk/online/2017/11/19/132879
     
    Last edited:

    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    මෙම වර්ගය වතුර අඩියෙ ඉන්නෙ.(මීට සමාන සත්වයෙක්) මම දැකල තියෙනවා
     
    • Like
    Reactions: HSW

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    තෙත් කලාපයෙ ඉන්න සර්පයෙක්.. දැකල තියෙනව වගෙ මතකයි
    Tfs!
    9+
     
    Last edited:
    • Like
    Reactions: HSW

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මෙම වර්ගය වතුර අඩියෙ ඉන්නෙ.(මීට සමාන සත්වයෙක්) මම දැකල තියෙනවා

    මැඩිල්ලෝ කියන්නේ නම් පාංශු වාසි සර්පයෝ මචං. sure ද දැක්කේ මැඩිල්ලෙක් කියලා? කොහේදි ද දැක්කේ? ඔයා දැක්කේ දිය වර්ණයෙක් හෝ කුණුදිය කළුවෙක් හෝ දිය ගොයෙක් වෙන්ඩ පුළුවන්. උන් ජලජ පරිසරයට අනුවර්තනය වුන සර්පයෝ.


    දිය වර්ණයා/ කඩොලා

    800px-Olive_Keelback_water_snake_%28Atretium_schistosum%29_from_Sri_Lanka.jpg



    කුණුදිය කළුවා


    800px-Cerberus_rynchops_sundarban.JPG



    දිය ගොයා/ රෙදි නයා


    Acrochordus%2Bgranulatus%2BStephen%2BZozaya%2B2.jpg
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    oya uda inna jathiye un innawada ban lankawe. dekkama ega hiri watenawane

    ඔක්කොම ලංකාවේ ඉන්න අය තමා. සර්පයෝ ගැන ඉගෙන ගනිද්දී බය ගතිය ඇරිලා යනවා. මෙතන දාලා තියෙන කුණුදිය කළුවා සුළු විෂ, ඒ ඇර අනික් ඔක්කොම නිර්විෂ. සුළු විෂ අයගෙනුත් මිනිස්සුන්ට හානියක් නෑ.
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඔක්කොම ලංකාවේ ඉන්න අය තමා. සර්පයෝ ගැන ඉගෙන ගනිද්දී බය ගතිය ඇරිලා යනවා. මෙතන දාලා තියෙන කුණුදිය කළුවා සුළු විෂ, ඒ ඇර අනික් ඔක්කොම නිර්විෂ. සුළු විෂ අයගෙනුත් මිනිස්සුන්ට හානියක් නෑ.

    manda ban man aasama nathi saththu jaathiya :growl:
    maranna nam kemathi ne eth. maga arinawa meet nowenna waga bala gannawa. :baffled:


    nayata nam asai :P
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113

    manda ban man aasama nathi saththu jaathiya :growl:
    maranna nam kemathi ne eth. maga arinawa meet nowenna waga bala gannawa. :baffled:


    nayata nam asai :P

    ගොඩක් ම අපි සර්පයෝ ගැන නොදන්නා හින්දා තමා උන්ට බය වෙන්නෙත්, අකමැති වෙන්නෙත්. දැන් ඔයාම කියපු නයාට ආසයි කියන කතාව බලන්ඩකෝ. ගොඩක් මිනිස්සු නයාට බය නෑ, මරන්ඩ හදන්නෙත් නෑ. මොකද ඒ නයෙක් කියල අඳුරගන්න හින්දා. උඝ්‍ර විෂ නයාට බය නැති උනාට වෙන දන්නේ නැති ඕනම අහිංසක සර්පයෙක් දැක්ක ගමන් මරලා දානවා.
    මමත් ඉස්සර නයා, ගැරඬියා, ඇහැටුල්ලා, අහරකුක්කා වගේ අඳුරන්ඩ පුළුවන් සර්පයින්ට ඇර අනික් උන්ට පුදුම විදියට බයයි. විශේෂයෙන් පොඩි සර්පයෙක් දැක්කහම හිතන්නේ අහලා තියෙන කතාවල වගේ උඝ්‍ර විෂ සර්පයෙක් වෙන්ඩ ඇති කියලා. ඒ හින්දම තමා සර්පයෝ ගැන ඉගෙනගන්ඩ තීරණය කළේ.
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    තෙත් කලාපයෙ ඉන්න සර්පයෙක්.. දැකල තියෙනව වගෙ මතකයි
    Tfs!
    9+
    :yes::yes::yes:
    මේ විශේෂය නම් දැනට වාර්තා වෙලා තියෙන්නේ ශ්‍රී පාදයේ බටහිර බෑවුමෙන් විතරයි. මැඩිල්ලෝ තෙත් කලාපයේ සහ අතරමැදි කලාපයෙන් තමා හම්බවෙන්නේ. කොහෙන්ද දැක්කේ? මම තාම එකෙක් ඇහැට දැකලා නෑ.
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ප්‍රශ්ණයක් ඇහුවා පොලොව ගුල්ල කියල සර්පයෙක් ඉන්නවා නේද කියලා. මේ ඒකට උත්තරය.

    පොලව ගුල්ලා කියල නමක් මම කොතැනකවත් දැකලා නෑ. සමහරවිට ප්‍රාදේශීයව භාවිතා කරන නමක් වෙන්ඩ පුළුවන්.


    ගල් ගුල්ලා කියලා නම් ඉන්නවා ආඳේක්. moray eel

    800px-Fangtooth_moray.jpg


    තව බිම්උල්ලා/ තුඩුල්ලා/ වල්ගා ඇබයා කියන නම් වලින් හදුන්වන Shieldtail සර්පයෝ ඉන්නවා. උන්ගේ වලිගෙ අග පැතලි පලිහක් වගේ වෙලා තියෙන්නේ.

    Mahabaleshwar-shieldtail-subspecies-mahableshwarensis.jpg



    තව පස් අස්සේ ඉන්න ගැඩවිලෙක් වගේ පෙනුම තියෙන කණඋල්ලා කියල වර්ගයක් ඉන්නවා.

    rbramunuskauai12074.jpg


    තව දෙපත් නයාට වටඋල්ලා කියලාත් කියනවා

    rw-097-BlotchedPipeSnake1.png


    ඔය උඩ කියපු සර්පයෝ ඔක්කොම පාංශුවාසී නිර්විෂ සත්තු.

    පොලොව ගුල්ල කියල සර්පයෙක් අහලා තියෙනවා නම් ඒ උඩ ඉන්න අයගෙන් එක්කෙනෙක් ද නැද්ද කියල පොඩ්ඩක් කියන්ඩ.