අලුත්_නීතියක්_කියන්නේ

Jan 18, 2012
14
11
0
අලුත්_නීතියක්_කියන්නේ

ඔන්න එකෝමත් දවසක එකෝමත් එක වේලාවක ආසියාවේ ථෙශ්චර්යමත් රටේ සිදුවූ අපූරැ කතාවක් මේ ආකාරයට ඔබ වෙත ගෙන එමි

දිනය - ඊයේ
වෙලාව - සවස 6.30

දුප්පත් මගේ මොටර් සයිකලයෙන් තාත්තා දුන් රැපියල් 100 න් දෙයියනේ කියල තෙල් ගහගෙන ආතල් එකේ ටවුන්එකේ ගෙදර ඉදන් එනකොට හරියටම පාසලක් ඉදිරිපටදී පොලිස්ය විසින් මා නවත්වන ලදී.. හෙල්මට් පැලද සිටි මා සතුව සියලු අවශය ​ලිපි ලේඛන තිබුනු.. මට රැ.500/- ක දඩ කොලයක් ලැබුනු හේතුව මම නොදන්නා අලුත් වරදකි..

එහි වරද ලෙස සදහන් වූයේ - සමාන්තර ධාවනය....

වැඩි දුර පැහැදිලි වීමට මේ රෑප සටහන බලන්න...


20gjsec.jpg


A - මම
B - පිටිපසින් පැමිණි බයිසිකල් කරැ



මෙහෙමයි වුනේ.. මම මගේ සාමාන්‍ය වේගය 30 විතර (SCOOTY PEP ) එමින් සිටියා. ඉන්පසු ඉදිරියෙන් ගිය DIMO බට්ටා රථය නිසා මම එය පසුපසින් 20 විතර ආවා.. එක් වර පිටිපස්සෙන් සියලු වාහන ඉස්සර කරමින් පැමිණි මෝටර් බයිසිකල් කරැවෙකු මා ඉදිරියෙන් ගිය බට්ටාය ඉස්සර කිරීමට ගොස් ඉදිරියෙන් වාහන පැමිණෙන නිසා මා හා සමාන්තරව මීටර් කිහිපයක් ගමන් කිරීමට සිදුවූවා ඒ අවස්තාවේදී තමයි පොලීසිය විසින් අප දෙදෙනාව විසිල් එකක් ගසා නවත්වන ලද්දේ.. කිමිම කරැනු සෙවීම කින් නොඅනතුරැව ඉතා ඉක්මණින් අප දෙදෙනාට රැපියල් 500/- දඩ කොල දෙක හිමිවූවා..

විශේෂයෙන් සදහන් කරමි... උඹලා කවදාවත් දඩ කොලයක් කන්න යනකොට බල්ලො වගේ දෙකට තුනට නැවිල ආයාචනා කරන්න යන්න එපා ... Grade පිට දඩ කොලේ අරං පලයල්ලා

මාගේ පැනය - ඉස්සර කිරීමේදී එසේ නම් සියලුම වාහන සමාන්තර ධාවනයක නොවේද යෙදෙන්නේ ... :lol::lol::lol::lol:

මේ අපි ... මේ විදියට හොද හයිපයි කාර් දෙකක් ගියානං මොන සමාන්තර නීති ද නේද....


ඉතිං මේ සමාන්තර ධාවනය නැමැති වරද කො​හේ තිබ්බ නීතියක් දැයි මම අහන්න කැමතියි...

මහින්ද අබේසුන්දර පවසන ලෙස හයිවේ එකේ 110 වඩා වේගයෙන් ගියත් දඩ කොලයක් ලැබේ... ඒ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ජනතාවට ඈති ආදරය නිසා කියලා ඔබ සිතනවාද...

හයිවේ එකේ ආදායම මදි නිසා එය තර කර ගැනීමට මේ හයිස්පීඩ් නීතිය ගෙනාවා නේද... මේ ලගකදී හයිවේ එකේ ගිය පොරකගෙන් සිදුවූ රිය අනතුරක අලාභය ලෙස රැපියල් ලක්ෂ 2 2/1 ක සුදු මුදලක් අය කර ගෙන තියෙන්නේ අපිට ආදරේ ට නේද....

කූඩ නීතියක් ගෙනාවේ ගොවියා ණය කාරයෙක් කරේ අපිට ආදරේට නේද මාමේ...

දුප්පත් පුස් බයිසිකලේට ඩයිනමෝ නීතිය ගෙ​නාවේ අපිට ආදරේට නේද රත්තරං මාමේඒදා වේල කන්න නැතිව ඉන්න දුප්පත් මිනිහගේ පුස් බයිසකලේනුත් මුන් හූරගෙන කනවා


මේ ආශ්චර්යමත් රටේ ඉපිදුනු අප කෙතරම් වාසනාවන්තද.. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අපේ ඉරාජ් අයියා කියනවා වගේ

පොලිසිය ..... ලංකාවේ..... පොලිසිය
මේ ව​ගේ පොලීසියක් අ​පිට ඊළග ආත්මේදිත් ලැබේව....
අනේ ... අපේ ... පොලිසීය....


මහින්ද මාමේ .. දුප්පත් මිනිසුන්ගේ වේදනාව දුක.. තේරෙන්නැති ගල් හිත කවදා උණු වේයිද මාමේ....








 
Mar 7, 2009
2,028
97
0
lankawe
OKA BAN me anduwa apu da idala api kana parippuwak duppath aoita bike ekak padinnath me rate idak ne.. dont worry frnd.. mewa gana kiyala wadak ne.. apita mehema neethiyak gana danuwath kalata bohoma thankss lokka... rep++
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol::lol::lol: උබට පිස්සු බන්,ඒ රටේ ඉන්න සමහර මෝඩයන්ට ඔනෙ දේකට පලි ඒ රටේ පාලකයවලු.
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම එක දවසක් පොලිස් කාරයෙක්ව බය කරල මාරු වෙලා ගියා. පොලිස් කාරයගෙ නම & ඇඳුමෙ ගහල තියන නම්බර් එක අහල බොරුවට ෆෝන් එක අරගෙන ඒකෙ ටයිප් කරගන්නව වගේ පෙන්නුව. ඊට පස්සෙ කියුව උසාවි දාන්න කියල, මගෙ ලෝයර් මේක බලාගනී කිව්ව. පොලිස් කාරය ඇහුව දැන් මොනවද උසාවියෙදි කියන්නෙ කියල. මම කිව්ව අසභ්‍ය වචනයෙන් බැන්න කියල කියනව කියල. තව මම වැරැද්දක් කලෙත් නෑ කියනව කියුව. පුලුවන් නම් හැප්පිලා බලමු කිව්ව. පොලිස් කාරය මට යන්න කිව්ව, ලයිසන් එකත් අතටම දුන්න. :D :D

    ඒ වුනාට තව දවසක් ඔය වැඩේ කරන්න ගිහින් පොලිස් කාරයෙක් මාව උසාවි දැම්ම. :( අඳුරන අන්කල් කෙනෙක්ට කියල උසාවි යන්නෙ නැතිව බේරුනා. :D
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ලංකාවෙ පොලිසිය කියන්නෙ ලංකාවේ දුෂිතම ආයතනය ලංකාවෙ දුෂිතම ආයතනය කියන්නේ ලෝකයේ දුෂිතම ආයතනයත් මේක වෙන්න ඇති :D මුන් ගේ නිල ඇදුමත් විකුනන් කන ඡරාම ඡාතියක් සමාඡයේ කිසි පිලිගැනීමක් නෑ අහිංසක මිනිස්සුන්ගෙන් ගන්න ඡරාවෙන් තමයි මුන් යැපෙන්නෙ එ සල්ලි වලින් මුන්ගේ පරම්පරාවෙ උදර පොෂනය කරන්නෙ එහෙම කරන එවුන්ට කවදාවත් හරියන්නේ නෑ ඉස්සෙල්ලාම මුන්ට කතා කරන්න උගන්වන්න ඔනේ මෙ වගේ සමාන්‍ය මිනිස්සු තමයි මුන් අල්ල ගන්නේ හොද සල්ලි කාරයෙක් හරි දේශපාලකයෙක් ඉස්සරහ බල්ලෝ වගේ .
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඉතින් බන් අපි කොහොමත් ට්‍රැෆික් එකක යනකොට එහෙම නේ යන්නේ.. සමහර විට බයික් 3 පවා එහෙම යනවනේ ..
    දවසක් මම යාලුවෙක් එක්ක බයික් එකේ යද්දී පොඩි සීන් එකක් උනා..
    පැදගෙන ගියේ යාලුවා ...
    මූ කහ ඉරක් උඩ ඉස්සර කරා ...බලද්දී ඉස්සරහ පොලිස් ඉන්නව බලාගෙන ...
    අපිට ඉස්සරහින් ත්‍රීවිල් එකක් ගියා .
    මූ කරේ මොකක්ද දන්නවද ...
    පොලිස් කාරයා කවර් වෙන විදියට ත්‍රීවීල් එක ඔවෙර්ටෙක් කරා...
    ඒ සිස්ටම් ඒක තමයි ඔය වගේ වෙලාවට බේරෙන්න ලේසිම විදිය..
    එළවන් එන්නෙත් නෑ
     
    Jan 18, 2012
    14
    11
    0
    උඹලා පොලිස් කාරයෝ ඉස්සර දෙකට තුනට නැවිල බල්ලෝ වගේ වෙන්න එපා ..... Grade පිට ඉදපල්ලා... දඩය කොලයක් දුන්නොත් සර් බෑර් අනේ සර් කියන්න එපා ... නොන්ඩි වෙන්න එපා බල්ලොන්ට.... දඩ කොලේ අරං වරෙන්