~ ~ අලුතින් TV එකක් ගන්නද ? ~ ~

ftthushara

Well-known member
  • Mar 1, 2011
    5,656
    1,498
    113
    Right Place
    ~ ~ අලුතින් TV එකක් ගන්නද ? ~ ~

    අලුතින් TV එකක් ගන්නද? Expert කරුණු 11ක් Simple විධියට​

    හැමෝම කැමතියි ගෙදරට අලුතින් මොනවා හරි දෙයක් එකතු කරන්න, උත්සව කාලේ වගේම ඊට පසු කාලෙදිත් අපිට ගන්න ආස කරන දේවල් වලින් එකක් තමයි රුපවාහිනි යන්ත්‍රයක් කියන්නේ. ඉතින් ඇද අපි කියන්නට යන්නේ රුපවාහිනියක් මිලදී ගන්නකොට අනිවා හිතන්නට ඕනේ කාරනා කිහිපයක් ගැන.​



    මූලික කාරනා

    1. වර්ගය

    tv-01.jpg


    එකිනෙකාගේ කැමැත්ත වෙනස්. සමහර ඇය ජපන් තාක්ෂනය ආසා කරනවා වගේම , සමහර අය යුරෝපිය කලාපයේ තාක්ෂණයට කැමතියි. වියදම් අඩුවෙන් කරන්න උත්සහ කරන අය, චීන තාක්ෂනය පසුපස යන්නට කැමතියි. එත් මේ සියලු තාක්ෂණ උපදෙස් පිට රටවල් වලින් ආවත් මේ ටීවී එකලස් වෙන්නේ චීනයේ නිසා ඒ තාක්ෂණික උපදෙස් මේවාට වලංගුද කියලත් වෙලාවකට හිතෙනවා.

    ඒ නිසා ඔබට අන්තර්ජාල භාවිතා කරන්නට පුළුවන් නම්, ඔබ කැමති මිලදීගන්න බලාපොරොත්තු වෙන ටීවී එක ගැන පොඩ්ඩක් රිවීව්ස් කියවලා ඉන්න එක හුඟක් නුවණක්කාර වැඩක්. ෆොරම් වල අලවියෙන් පසු සේවාව වගේම භාවිතයේදී අත්විඳින්නට ලැබෙන ගැටළු/ පහසුකම් ගැනත් කියලා තියෙන නිසා අපට අපේ කැමැති දේ වෙත යොමුවෙන්න තියෙන හැකියාව ඉතා ඉහලයි.

    2. ඒජන්තවරු සහ ගෙවීම් ක්‍රම

    tv-02.jpg


    ඔබ කැමැත්තෙන් ගන්න ඉන්න ටීවී එක මේ රටට ගෙන්වන වෙළඳ ඒජන්තවරයා සේවය ලබාදෙන කඩවල් සහ ඒවායින් එකවර මිලදී ගන්නකොට කොතරම් මිලක් අඩුවෙනවද, ඒ වගේම කොටස් වශයෙන් මිලදී ගන්න කොට අපට වාරිකෙකට කොතරම් මුදලක් ගෙවන්නට වෙනවද කියන කාරනා ගැන සැලකිලිමත් වෙන එක බොහොම වටිනවා.

    3. වගකීමේ සහතිකය

    tv-03.jpg


    මිලදී ගන්න කලින් අපි සොයා බැලිය යුතු අනිවා ෆැක්ට් එකක් තමයි මේ. මොකද අපි මිලදී ගන්න භාණ්ඩයේ අලවියෙන් පසු සේවාව ගැන අපි දැනුවත් වෙලා ඉන්න එක අත්‍යාවශ්‍යයි. අලෙවියෙන් පසු සේවාව සමාගමෙන් සමාගමට වෙනස් වෙනවා වගේම සමහර සමාගම් දෙන්නේ 1 අවුරුදු වගකීම පමණක් වන අතර අබාන්ස් වැනි සමාගම් වලින් මුදල් ගෙවීමෙන් අනතුරුව වැඩි කාලයකට වගකීමේ සහතිකය දිගු කරගැනීමේ හැකියාව තියෙනවා.

    ටෙක්නිකල් කාරනා

    1. ඩිස්ප්ලේ ප්‍රමාණ

    tv-04.jpg


    ටීවී එකේ ප්‍රධානම සාධකය තමා තිරය. ගොඩක් අය කැමති පුළුල් තිරයක් තියෙන රුපවාහිනියකට. ප්‍රමාණ වලින් නම් අඟල් 23, 28, 32, 40, 42, 55 වගේ ප්‍රමාණ වලින් ගන්න පුළුවන්.

    2. ඩිස්ප්ලේ වර්ග

    tv-05.jpg


    වර්ග නම් ප්‍රධාන වශයෙන් 4 පමණ තමා තියෙන්නේ Plasma, LCD, LED, OLED ආදී වශයෙන්.

    Plasma ටීවී

    ඔබ තත්වයෙන් ඉහල සහ සිනමාත්මක අත්දැකීම් වලට කැමති, කෙනෙක් නම් ඔබට ගැලපෙනම ටීවී වර්ගය ප්ලාස්මා ටීවී වෙන්න පුළුවන්, ප්ලාස්මා තිර සහිත රුපවාහිනී සාමාන්‍යයෙන් ප්‍රමාණයෙන් විශාලයි වගේම තිරය අතිශය දීප්තිමත් නිසා එක දිගට බලන්නට කුඩා අපහසුවක් තියෙනවා.

    LCD – Liquid Crystal Display

    මේ වර්ගයේ ටීවී හොයාගන්න ලේසියි, භාවිතයට පහසුයි වගේම මිලෙන් සාධාරණයි. ඒ වගේම තමා විදුලිය පිරිමැසීම අතින් ඉහල තත්වයක් තියෙනවා. හැබැයි ඔබ Xbox, Playstation එකක් එක්ක ඔබේ ටීවී එක භාවිතා කරන්න සිටිනවා නම් මේ වර්ගය එතරම් හොඳ විසඳුමක් වෙන්නේ නැහැ. අනික් අවාසිය තමා මෙහි බලන කෝණය මත වර්ණ වෙනස් වෙන නිසා රුපවාහිනිය ඉදිරියේන් සිටින කෙනෙකුට හැරෙන්නට නියම වර්ණ, පැත්තෙන් සිටින කෙනෙකුට පෙනෙන්නේ නැහැ.

    LED – Light Emitting Diode

    LCD ටීවී තිරයේ පිටුපසින් LED බැක් ලයිට් එකක් තියෙන නිසා මේ වර්ගයේ තිරය බොහොම දීප්තිමත් කියං එක අලුත් කාරනාවක් නෙවෙයි. ඔබේ ටීවී එකේ ඔප්ෂන් එකක් විදිහට “Local Dimming” කියන පහසුකම තියෙනවා නම් එය ඔබේ රුපවාහිනියේ වර්ණ වෙනස් වීමේ අනුපාතයට බලපානවා. නිදසුනක් විදිහට ඔබේ තිරය මත තියෙන රුපය කළු නම්, එය කළු ලෙස පෙන්වන්නේ ඒ පසුබිමේ තියෙන LED ආලෝකය අඩුකිරිමෙනුයි. හැබැයි මෙහි විදුලිය වැයවීම නම් ටිකක් වැඩියි.

    OLED – Organic Light Emitting Diode

    මේ ටීවී වර්ගේ නම් අනෙක් ටීවී වලින් පොඩ්ඩක් වෙනස්. මේ තිර වර්ගය විදුලිය ඉතුරු කරන වර්ගයක් වුනත් LCD තරම් විදුලිය ඉතුරු කරන්නට සමත් නැහැ. අනික් කාරනාව තමා මේ ටීවී වර්ගය එක දිගට භාවිතා කරන කොට රුප වල දීප්තිය අඩු වන තත්වයක් තියෙනවා. ඉහල විභේදන අනුපාතයක් තියෙන මේ තිර වර්ගය තුලත් අර නරඹන්නට හැකි කෝණයේ ගැටලුව උද්ගත වෙනවා.

    3. දර්ශන අනුපාතය – Aspect Ratio

    tv-10.jpg


    වර්තමානයේ එන ගොඩක් ටීවී වල Aspect Ratio එක 16:9 වශයෙන් තමා තියෙන්නේ. අපට ලැබෙන සමහර චැනල් පවා එන්නේ මේ දර්ශන අනුපාතයෙන් යුතුවයි. එයට හේතුව තමා පුළුල් පරාසයක් තුල විහිදුනු සිනමාත්මක රුප දකින්නට ලැබෙන්නේ මේ පරාසය තුල වීම.

    මේක ගැන බය වෙන්නට දෙයක් නැහැ. අපිට ඕනෑම් ටීවී එකක් සෙටින්ග්ස් වලින් මේ තත්වය වෙනසක් කරගන්නට පුළුවන්.'

    4. Refresh Rate

    tv-11.jpg


    මෙයින් අදහස් වෙන්නේ තිරය තත්පරයට කී වරක් refresh වෙනවද කියනැ අදහසයි. එය පෙන්වන්නේ හර්ට්ස් (Hz) වලින්. ටීවී පෙට්ටියේ 60Hz, 120Hz, 144Hz, 240Hzආදී වශයෙන් ලකුණු කර ඇති බව ඔබ දකීවි එයින් කියවෙන්නේ අප භාවිතා කරන ටීවී එකේ ඉහත කියවූ අගය තමයි. ඔබ වීඩියෝ ගේම් කොන්සෝල් එකක් භාවිතා කරනවා මේ ටීවී එක සමඟ ඔබට වටින්නේ 120Hz හෝ එයින් උඩ ටීවී එකක්. සාමාන්‍ය භාවිතාවට නම් 60Hz උනත් හොඳටම ප්‍රමාණවත්.

    5. I/O (Input/Output) Ports

    tv-12.jpg


    ඔබ රුපවාහිනියක් මිලදිගන්නකොට පොඩ්ඩක් රුපවාහිනිය පසුපස හෝ පසෙකින් ඇති USB, HDMI, AV ports වගේ දේවල් ගැන පොඩ්ඩක් සැලකිල්ලක් දක්වන්න. මොකද ඔබට හදිසියේ Chromecast, Apple TV, Cable TV box, PEO TV box වගේම ඔබේ portable hard drives වැනි දේවල් සම්බන්ධ කරන්නට උවමනා වූ විට මේ ports ගොඩක් උවමනා වෙනවා.

    6. Smart TV? ඒ මොකක්ද?

    tv-13.jpg


    වෙනත් ටීවී වල වගේ නෙවෙයි ස්මාර්ට් ටීවී හරහා අපට ජාල ගත වෙන්න පුළුවන්, ඒ වගේම එහි Youtube, Netflix වැනි සේවා සඳහා සහය සපයන වා. එමෙන්ම අපට ඒ තුලින් Wi-Fi කනෙක්ෂන් එකක් ස්ථාපිත කරලා ඒ හරහා Skype සම්බන්ධතාවත් ලබාගැනීමේ හැකියාව තියෙනවා.

    මේ වර්ගයේ ටීවී ටිකක් මිලෙන් නම් අධිකයි. එහෙත් අතේ මුදල් යහමින් ගැවසෙනවා නම් මේ වර්ගයේ ටීවී එකක් ගත්තට පාඩුවක් නම් වෙන්නේ නැහැ කවදාවත්.

    7. හිල් සහිත ලාභ බඩු

    tv-14.jpg


    ලංකාවේ බහුතරයක් උත්සහ කරන්නේ අඩු මුදලක් ලබා දීලා වැඩි වටිනාකමින් යුතු දේවල් මිලදී ගන්න. ඉතින් මේ ගැන දන්නා වෙළෙන්දෝ අපනයන කරුවන් කරන්නේ චීනය, වියෙට්නාමය වැනි රටවල් වලින් අඩු මුදලකට ඇති ප්‍රසිද්ධ වෙළඳ නාම වල රුපවාහිනි තොග පිටින් ගෙන්වන එක. එතකොට ලංකාවේ අඩු මිලට විකුනන්න ඉතා පහසුයි. එත් කල් පැවැත්මෙන් නම් එතරම් විශ්වාසයක් තියන්න බැහැ.

    8. දොඩම් ගොඩ බදාගන්න එපා

    tv-15.jpg


    අතේ තියෙන්නේ සල්ලි කියක් උනත් තියෙන ලොකුම ටීවී එක ගන්න උත්සහ කරන්න එපා. ඔබට ප්‍රමාණවත් තරමේ කාමරයක් නැති නම්. ලොකු ටීවී එකක රුපය ඇසට හසුකරගන්න අඩුම තරමේ පොඩ්ඩක් පිටුපසින් වත් ඔබේ ආසනය තියෙන්න ඕනේ. නැතිනම් එයත් හරියට ODC 1st Class ටිකට් එකක් අරන් ෆිල්ම් එකක් බැලුවා වගේ තමා.

    ඒ නිසා ඔබේ කාමරයට ගැලපෙන රුපවාහිනිය නිතරම තෝරාගන්න වග බලාගන්න. එයට මෙන්න මෙය ඔබට හොඳ උදව්වක් වේවි.

    distance.jpg


    Aniwa.lk
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,727
    1
    11,013
    113
    අඩේ එල...මචන්...මේ දවස් වල ටීවී එකට කෙල වෙලා තියෙන්නෙ එකක් ගන්ඩ වෙයිද දන්නෑ...පට්ට වටිනවා මචන්...tfs...
     
    • Like
    Reactions: ftthushara

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    athatama watinawa ban......:yes::yes::yes::yes: thanks machan.........:cool::cool::cool::cool::cool: rep++
    You must spread some Reputation around before giving it to ftthushara again....:(:(:(:(
    passe dennam ban.....
     
    • Like
    Reactions: ftthushara

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    පල් බොරු දාන්න එපා Plasma TV භාවිතයෙන් අයින් වෙච්ච outdated technology එකක්. නිකං මිනිස්සුන්ව අමාරුවෙ දාන්න එපා

    OLED තමා දැනට තියන සුපිරිම display technology එක. ඒ ගැන කියලා තියන එක දැක්කම බඩත් කොර වුනා :rofl:
     
    Last edited:

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    පල් බොරු දාන්න එපා Plasma TV භාවිතයෙන් අයින් වෙච්ච outdated technology එකක්. නිකං මිනිස්සුන්ව අමාරුවෙ දාන්න එපා

    OLED තමා දැනට තියන සුපිරිම display technology එක. ඒ ගැන කියලා තියන එක දැක්කම බඩත් කොර වුනා :rofl:

    එතකොට මචන් Ultra HD කියන්නෙත් අලුතෙන්ම ආපු ටීවී ටෙක්නොලොජි එකක් නේද??:)
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    එතකොට මචන් Ultra HD කියන්නෙත් අලුතෙන්ම ආපු ටීවී ටෙක්නොලොජි එකක් නේද??:)
    UHD or 2K or 4K or 8K කියන්නෙ resolution එක. Display technology එක LED backlit LCD හෝ OLED වෙන්න පුලුවන්. හොඳම එක හොයනවනං OLED 4K Curved එකක් තමා මේ කාලෙ ගන්නවනං ගන්න වෙන්නෙ. තව ටික කාලෙකින් 8K tvත් එනවා කියනවා. අපිටනම් ඕවා සිහින :dull: