අලුතෙන් ස්ටොක් මාකට් එකට ජොයින් වෙන අයට මගෙන් උපදෙස්

redux

Well-known member
  • Feb 19, 2017
    10,973
    18,122
    113
    මම අවුරුදු ගානක් කොටස් වෙළඳ පොලේ ආයෝජන කරලා කප් ගහපු මනුස්සයෙක්. මේ දවස්වල මාකට් එක හොඳටම උඩ ගිහින් කොලපාට වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ගන්න හොඳම වෙලාව

    1. කොටස් කොළ පාට වෙන කොට ගන්න. රතු පාට වෙනකොට විකුනන්න
    2. රුපියල් පනස්දාහේ කෑලි දැම්මට වැඩක් නෑ. තමන් ඉතුරු කරල තියෙන මුදල් ඔක්කොම බැංකුවෙන් අරන්, නැත්තන් නයක් අරන් හරි ආයෝජනය කරන්න. මොකද කොටස් උඩ යන්නේ percentage වලින්. ඉතින් ආයෝජනේ ලොකු වෙන තරමට ලාබෙ වැඩි
    3. කොටසක් තෝරනකොට analysis කරන්න එපා. ඕව එක එකා ඉරිසියාවට කියන කතා. තමන් කැමති අකුරු තුනක් හෝ හතරක් තියෙන වාසනාවන්ත කොටස් ගන්න. මමනම් කරන්නේ "ආනා රූනා රූන කටුස්සා" ගණන් කරලා නවතින තැන තියෙන කොටස ගන්න එක.